Friday, July 26, 2013

මාර කේස් එක සුද්දියෙකුට දරුවෙක් හම්බ වෙලා .... !!!

ඊයේ හිමිදිරි පාන්දර මට අද දෙරණ නිව්ස් ඇලටයක් ලැබිණි. ඉන් කියවුණේ එංගලන්තයේ විලියම් කුමාරයාගේ ගෙදර උන්දෑ වන කේට් නෝනා කුමාරයෙක් බිහි කළ බවකි. ඔහු කේම්බ්‍රිජ් කුමාරයාලු. මට නම් එය විනාඩියකට ලොව පුරා සිදුවන දරු උපත්වලින් එකක් පමණි. කේට් සාමාන්‍ය ගැහැනියක් නිසා ඇය මවක් වීම අරුමයක් නොවේ. මගෙන් සල්ලි අය කරගෙන අද දෙරණ එය විශේෂ පුවතක් ලෙස මට එව්වේ ඇයි? ඔවුන් සිතා සිටින්නේ මා බ්‍රිතාන්‍යය පුරවැසියෙකු බව ද? නැතහොත් ඔවුන් සිතා සිටින්නේ ලංකාව තවම පාලනය කරන්නේ බ්‍රිතාන්‍ය රැජින බව ද? එසේත් නැතිනම් ලංකාවේ උගතුන්ට එය අතිශය වැදගත් පුවතක් නිසා, අප වැනි ළං මැඩි සුළුතරයකට තෝරා බේරා නිව්ස් ඇලට් යැවිය නොහැකි නිසා සියල්ලන්ට එවුයේද? එය තවම මට අවබෝධ කරගත නොහැකිය.

15 comments:

නාමල් උඩලමත්ත said...

Imesh Nuwan Bandara
බලන්ට එපායැ ඇමරිකාවෙ හැම චනල් එකක්ම කියන්නෙ මේ කුමාරය ගැන.. සමහරු කියන කතා මෙතන් දෑන්ටත් බෑ... බලාන යද්දි දෙරණ මාරම ඇඩ්වාන්ස් වගේ..

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඇමරිතානේ විතරක් නෙමේ චීනයේ කියුබාවේ රුසියාවේ පවා සියලු චැනල්වල මාධ්‍ය කතා කරන්නේ මේ ගැන තමා. මේක පුදුම හතෙන් එකක්නේ. විවාහක කාන්තාවක් දරුවෙක් බිහි කිරීම සුළුපටු පුවතක් ද අනේ. පිස්සු හැදෙනවා අප්පා මතක් වෙද්දි. ...

නාමල් උඩලමත්ත said...

Imesh Nuwan Bandara මේකේ පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා.. රාජකීය බබගෙ රහස් ගැන පොඩ්ඩක් සර්ච් කරන්ට. මේක බිරිතනියේ නම් මාරම මාර්කටින් ටූල් එකක්.. ඉකනොමික් බූස්ට් එකක්ලු

නාමල් උඩලමත්ත said...

Tarusha Shammika ·
මිතුරනි මම දන්නෙ මාචිචරයි ඉතිහාසයෙ සියලුම අාසියාතිත හා හෙළය තුල පැවති රාජකිය පරන්පරාවලි සමුලඝතනය කර අදටත් ඒංගලන්තය ඔටුන්නට කුමරෙක් ඉපදිම නුතන ලිබරල්වාදය තුලත් මෙ තරමිම කථා කරන්නෙ අැයි?

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඔව් මං දැක්කා sun පත්තරේ අය කේට් වගේ නිළියක් දාලා ඉස්පිරිතාලේ ළඟ රඟලා කියනවා රාජ පැටියා ගැන සියලු විස්තර දැගන්න Sun බලන්න කියලා. ඒ රටේ අයට ඒක හරි. ඒ මිනිස්සු තවම රජ පවුල ගරු කරනවා. ලකාවේ කලු සුද්දෝ වගේ නෙමේ ඔවුන් සම්ප්‍රදායන් ආරක්ෂා කරනවා. රජ පවුලට කිසි බලයක් නැතත් තව මහජන මුදලින් නඩත්තු කරන්නේ රජ පවුල. ඉතින් ඒ නිසා අපට ඒක වැරදියි කියන්න බැහැ. මට ප්‍රශ්නේ ඇයි අපට ඒක විශේෂ පුවතක් වෙන්නේ කියලා?

නාමල් උඩලමත්ත said...

Tarusha Shammika
ඉතිං ඒයාගෙ මුතුන් මිත්තනනෙ මෙ හෙළය මංකොල්ල කාලා මෙ අාගමත් ජාතියත් නැතිකරන්න පිඹුර පත් සකස් කරෙ ඒ නිසාම අපිට මාර සතුටුයි

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta අන්න හරි තරූෂ, ඔයා හරි තැනට ආවා. ඔවුන් අප තුළ බටහිර අධ්‍යාපනය ඔස්සේ අපේ ඉතිහාසය රජ පවුල ගැන ඇති කළ අදහස් මොනවාද? ඒ අතර ඔවුන් සම්ප්‍රදාය ආරක්ෂා කරන්නේ කොහොමද? අපේ නිවට උගත්තු තවම සුද්දා කියපුවා වමාර වමාර අපේ සංස්කෘතිය හර පද්ධති විනාශ කරනවා. ඒ නිසා අපට අහිමි කළ අපේ සම්ප්‍රදායන් ගැන නැවත ආවර්ජනය කරන්න මේ අවස්ථාව යොදාගත හැකි නම් ඉතා අගෙයි.

නාමල් උඩලමත්ත said...

Tarusha Shammika
ඒංගලන්තයට ජාතකවු සංහලයන් යැයි කියාගන්නා අයට තමයි මෙ කාරනය හරිම වැදගත් ඒයාලට රජෙක් උපන්නා මට නන් මාර දුකයි අපගෙ මුතුන් මිත්තන් මතක් වෙලා

නාමල් උඩලමත්ත said...

Sewwandi Gunawardhana he he ow ow big fuss thamai ....

නාමල් උඩලමත්ත said...

Sewwandi Gunawardhana vikarayak thamai meka.

නාමල් උඩලමත්ත said...

Tarusha Shammika ·
නැ නැ ඒහෙම කියන්න ඒපා ඒංගලන්ත රජය හා ඒ ජනතාව ගැන අප සතුටු විය යුතුයි ඔහුන් මොන දෙ වුනත් තම රජාකියන්ට තාමත් ගරැ කරමින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි රාජාකියන් යටතෙ ඉන්න කැමතියි ඒ නිසයි ඒ පෙලපත රැකගන්නෙ ඒ නිසාම මම සුභ පතනවා අපි සර්වඅාගමික හා සහජිවනය කියමින් මුලු රටත් තමන්ගෙ කමත් නැතිකරමින් තම අතිතයට ගරහමින් අාගම පාවාදෙමින් ජාතිය නැතිකරගනිමින් සුද්දන් විමට දැගලමින් සිටින අපුරැව බලන්න හරිම සතුටුයි

නාමල් උඩලමත්ත said...

Chenuka Jayanath ewwahama ewwe ai kiyala ahanawa...ewwe nethuwama ewwe neththe ai kiyala ahanawa...hi hi

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta Chenuka Jayanath, කවුද එවන්න කීවේ? මම නිව්ස් මිසක් ගොසිප් එවන්න කීවේ නැහැ. නිව්ස් සහ ගොසිප් කියන්නේ දෙකක්. ගෑණුන්ට ළමයි ලැබෙන එක නිව්ස් එකක් නෙමේ. බ්‍රිතාන්‍ය රජ පවුලත් මට විශේෂ නෑ. ඉතින් ලෝකේ ළමයි හම්බ වෙන ගාණට නිව්ස් ඇලට් එව්වොත් හොඳට හිටිවී නේද?

Anonymous said...

නියම ඇණයක් වෙලා තියෙන්නේ.පැල් බැඳගෙන හිටියේ ඉස්පිරිතාලේ ලඟයි,පැලස් එක ලඟයි.බනින අයත් ඉන්නවා.නාමල්ලාට බබෙක් හම්බවන කොටත් මෙහෙම වෙයි ලංකාවෙ.අපද ඒ දිසාවට ගමන් කරමින් සිටින බව පෙනේ.

Anonymous said...

නාමල් කිව්වේ ඔයාට නෙමේ.රජ ගෙදර නාමල්ට.

 
සිය රට දේ සිරි සැප දේ !