Sunday, January 22, 2012

අන්තවාදී ආගම් පතුරුවමින් සිටි විදේශිකයන් 161ක් පිටුවහල් කෙරේ. පුවතක්

විවිධ දුෂ්කර ප්‍රදේශවල ඉස්ලාම් භක්තිකයින් අතර අන්තවාදී අදහස් ප්‍රචාරය කළ රංචුවක් වහාම රටින් පන්නා දැමීමමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඔව් හොඳ වැඩක් මේක. කාටවත් අන්තවාදී ආගමික මතවාද කූට උපාය මාර්ගවලින් ජනතාවගේ හිස්වලට පොම්ප කරන්න ඉඩ දියයුතු නෑ.

හැබැයි මේක ඉස්ලාම් ආගමට විතරක් එල්ල වෙච්චි තර්ජනයක්ද? මීට වඩා දරුණු තර්ජනයකට අද වෙද්දි දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙන අහිංසක බෞද්ධයින් මුහුණ දී නැද්ද? විවිධ අන්තවාදී කල්ලි නිකාය රංචුවලට අයත් මූලධර්මවාදීන් විවිධ භින්න ඇද බාමින් නේක භෞතික වරප්‍රසාද ලබා දෙමින් බෞද්ධයින් ඉතා වේගයෙන් ඔවුන්ගේ මධ්‍යස්ථානවලට ඇද ගන්නවා. ලොතරැයි කූඩූ වගේ හැම තැන ම එවුන්ගේ පල්ලි හතු පිපෙන්නැහේ මතු වෙනවා. බුදු දහම පිළිබඳ අසත්‍ය මතවාද මේ අහිංසක බෞද්ධයින්ගේ හිත්වලට පොම්ප කරනවා.

ඒ විතරක් නෙමේ දෙව්දත්ගෙන් පැවත එන ඇතැම් චීවර ධාරීන් පවා මෙරට සම්භාවිත ථේරවාදී බුදු දහමට එරෙහිව විවිධ ආගමික දුරාචාකම්වල නිරත වෙනවා. මේ නිසා සාමාන්‍ය බෞද්ධයින් තුළ සිය ආගමික හර පද්ධති පිළිබඳ සැක සංකා උපදිනවා. ඒ තත්ත්වය අන්තවාදී කල්ලිවලට සරු බිමක් සැකසීමක්. මේ විදිහට බෞද්ධයින් විනාශය කරා දක්ක ගෙන යන කල බෞද්ධ කටයුතු අමාත්‍යංශය යෙහෙන් වැජඹෙනවා. ලේකම්තුමාත් යෙහෙන් වැජඹෙනවා. ජනාධිපතිතුමා පෝයට බණ අහනවා. මහා නායක හිමිවරු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන්ගේ රූපවාහිනි බැහැ දැකීම්වල ගරු රඟපෑම් කරනවා.

ඒ විතරක් නෙමේ උතුරු නැගෙනහිර හිංදු භක්තිකයින් ද මේ විදිහට ම සිය ආගමික රංචුවල දක්ක ගෙන යන්න පෙර කී අන්තවාදීන් කටයුතු කරනවා. දුප්පත්කම, කුළ පීඩනය, නූගත්කම ඔවුන් ඒ සඳහා භාවිත කරනවා. ආණ්ඩුව විධිමත් අධ්‍යයනයක් කළොත් පෙනේවි පහුගිය යුද්ධ කාලය මේ අන්තවාදී රංචුවලට උතුරු නැගෙනහිර සිය මූලධර්මවාදී ආගම් පතුරුවන්න අහිංසක හිංදු ජනතාව සරු බිමක් වී ඇති බව. 1980 විතර හිංදු භක්තික ප්‍රතිශතය අද කීයක් වෙලා ඇද්ද? එහෙත් මේ පිළිබඳ කතා කරන්න කිසිවෙක් නැහැ. ද්‍රවිඩ සංධානය අර අර අහිංසකයින්ගේ හිස් මතින් පාර්ලිමේන්තු ඇවිත් ඒ ජනතාව කොහොම ද තමන්ගේ වහල්ලු විදිහට සදාකල් තියා ‍ගන්නේ කියලා කල්පනා කරනවා.

සිංහල දෙමළ කියන්නේ රටේ ප්‍රධාන ජන කොටස් දෙක. එහෙත් ඔවුන්ගේ ආගමික අයිතිය සුරක්ෂිත කරන්න කිසිම රජයක් පියවර ගන්නේ නැහැ. එහෙත් ඉස්ලාම් ආගම වෙනුවෙන් ඕන දෙයක් කරන් මේ ආණ්ඩු සුදානම්. ඉස්ලාම් භක්තිකයින් බෞද්ධ සිද්ධස්ථාන සංහාරයේ යෙදෙමින් ගෙන යන නින්දිත ක්‍රියා මේ ආණ්ඩුව පේන්නේ නෑ. ඒවට විරුද්ධ කිසිම තීරණයක් ගන්නේ නෑ. මොකද ඒක ආගමික සහජීවනයට හානියක්ලු. එහෙම නම් අර ඉස්ලාම් ආගමික අන්තවාදී රංචුවලට සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයින් නොමග යවන්නත් අයිතියක් තියෙනවා නේද? ඒකට බාධා කරලා උන් ටික රටින් පැන්නීම ආගමික සහජීවනයට බාධාවක් කියලා ඇති අපේ අගමැතිතුමාට නොතේරෙන්නේ?

මම කියන්නේ එවුන් ටික රටින් පැන්නීම නරකයි කියලා නෙමේ. ඒ අයිතිය මේ රටේ අනෙක් ආගමිකයින්ටත් හිමි විය යුතු බවයි. ඒ විදිහට ම මේ රටේ බෞද්ධ හිංදු ජනතාවත් සුරක්ෂිත කරන්න ආණ්ඩුව පියවර ගතයුතුයි කියලයි. හොඳ හෝ නරක ත්‍රස්තවාදය කියලා දෙයක් නෑ කියලා ජනාධිපතිතුමා කලකට පෙර කීවා. ඉතින් හොඳ හෝ නරක ආගමික අන්තවාදයක් තියෙනවා ද කියලා එතුමාගෙන් අපට අහන්න සිද්ධ වෙනවා. සියලු අන්තවාදී ක්‍රියා නතර කළ යුතුයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !