Friday, December 10, 2010

ජනතාවට ඔටු කිරි පොවන්නට ආවොත් . . .

මෙරට එක්තරා නියෝජ්‍ය ඇමතිවරුයෙක් රටේ කිරි හිඟයට අපූරු යෝජනවක් ගෙනැවිත් තිබේ. ඒ මේ රටට ඔටුවන් ආනනය කර ජනතාව ඔටු කිරි බීමට පෙළඹවීමයි. සිංහල ගැමියන් 'හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා'යැයි කියා සිනාසෙන්නේ මේ වගේ අමන වැඩවලට ය. එක අතකින් තමන් වැනි අමනයන්ට ඡන්දය දුන්නේ ජනතාව ඔටුවන් නිසා යැයි ඇතැම් මැති ඇමතිවරු සිතා සිටින බව ද පෙනේ.

ජනතාව දියර කිරි පානයට යොමු කළ ද පිටි කිරි පානයට කිසිසේත් හුරු නොකළ යුතුව ඇති අතර එය අධෙර්යමත් කළ යුතු ය. පිටි කිරි යනු ජනතාව පෝෂණ ගුණ සපිරි කෑම කැයි සිතා ලොකු මිලක් ගෙවා කිරි මැටි ගිලීම වැනි වැඩකි. සෙල්සියස් අංශක 400 පමණ උණු කර පිටි බවට හරවා ඇති පිටි කිරිවල ඇති පෝෂණ ගුණයක් නැත.

මේ නියෝජ්‍ය ඇමතිවරයා රටේ කිරි හිඟයට හේතුව ලෙස දකින්නේ රටේ ගව සම්පත අධික ලෙස ඝාතනය කිරීම ය. එසේ නම් කළ යුත්තේ ගව සම්පත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කර ගව සම්පත රැක ගැනීම මිස ජනතාවට ඔටු කිරි බොන්න යැයි කීම ද? අතීසාරයට අමුඩ ගහන මේ උන්දැලා දිනකට ඔටුවෙකුගෙන් ලබා ගත හැක්කේ කිරි පයින්ට් 13ක් පමණක් බව ද එළදෙනකගෙන් කිරි පයින්ට් 50 ලැබෙන බව ද දැන සිටින්නේ ද?

1977 ජේ.ආර්. උතුමාට රට භාර දෙන විට මෙරට අවශ්‍යතාවෙන් 80%ක් දේශීය කිරි නිෂ්පාදකයින් විසින් සැපිරූ අතර අද වන විට එය 15% දක්වා පහත බැස තිබේ. මේ තත්ත්වයට විවෘත ආර්ථික ක්‍රමය ගෙනා ආ අය මෙන් ම එය නඩත්තු කරමින් රටේ සම්පත් විනාශ කළ අය ද වගකිව යුතු ය.

දැන් කළ යුත්තේ අතීසාරයට අමුඩ ගැසීම නොවේ. මෙවන් තක්කඩි අමන කතා කීම නො වේ. රටේ ගව සම්පත ආරක්ෂා කිරීමට වහා පියවර ගැනීම ය. රටට අවශ්‍ය කිරි, රටේ නිපදවන අතර රටින් කිරි පිටි ගෙන ඒම ක්‍රමයෙන් අධෛර්යමත් කිරීම ය. ජනතාව දියර කිරි පානයට හුරු කිරිම ය. එය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනට අනීවාර්ය පියවරකි.

එසේ නො මැතිව රටේ ජනතාව ඔටුවන් යැයි සිතා ඔවුන්ට ඔටු කිරි පොවන්නට ආවොත් නුදුරේදී ම මේ උන්නැහෙලාට ඔටු කිරි පොවන්නට ජනතාව පියවර ගනු ඇත.

6 comments:

දේශපාලුවා said...

නාමල් මෙන්න නලිනුත් ඔක්ස්ෆර්ඩ් කතාව ගැන මම කියන දේම කියනවා, අපි ඔය බොරු උගතුන් කියනදේවලට වැඩිය කලබල වෙන්න නරකයි.

http://www.divaina.com/2010/12/12/nalin.html

නාමල් උඩලමත්ත said...

මම කියපු කතාව ම ඊට දවසකට පස්සේ ගෝමින් දයාසිරි දිවයිනට කියලා තිබුණා. එයා විජාතික බලවේගයක් නෙමේ නේ. නලින්ට සහ ඔයාට ඒක සාධාරණ වෙන්න පුළුවන්. මට නම් ඒ ගමන ගැන කිසි ම පැහැදීමක් නෑ.

නාමල් උඩලමත්ත said...

Discussion with Gomin dayasiri
http://www.divaina.com/2010/12/12/politics03.html

කවීන් said...

>>1977 ජේ.ආර්. උතුමාට රට භාර දෙන විට මෙරට අවශ්‍යතාවෙන් 80%ක් දේශීය කිරි නිෂ්පාදකයින් විසින් සැපිරූ අතර අද වන විට එය 15% දක්වා පහත බැස තිබේ.

1977 දී තිබ්බ අවශ්‍යතාව දැන් තියන අවශ්‍යතාවයට වඩා අඩු අගයක් ගන්න ඕනේ. ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම ලොකු 80%ක් උනාට ප්‍රමාණාත්මක වශයෙන් දැන් 15% ට වඩා ඒක ගොඩක් අඩු වෙන්න පුළුවන්.

නාමල් උඩලමත්ත said...

මේ තියෙන්නේ අදාළ කාලය තුළ ජනගහන වෙනස්වීම.

1977-14 195 909
2009-20 303 477

ඒක ඒ තරම් විශාල නැහැ නේද? 1977 දි 14 195 909 වන ජනගහනයෙන් 80%ක් සඳහා අපේ රටේ කිරි හැදුවා. 2009 වෙද්දි 20 303 477 වන ජනගහනයෙන් අපි කිරි හදන්නේ 15% විතරයි. ජනගහනය දෙගුණවෙලා නැහැ. ජනගහනය දෙගුණ වුණත් 1977 පැවති කිරි නිෂ්පාදනය එලෙස ම පැවතුණා නම් ජනගහනයෙන් 40%කට රටේ කිරි තියෙන්න ඕන නේද? ඇත්තට ම වෙලා තියෙන්නේ කිරි නිෂ්පාදනය 75% වඩා කඩා වැටීම. විය යුතු ව තිබුණේ ජනගහනය වැඩි වීමට සාපේකෂව කිරි නිෂ්පාදනය 25%න් විතර වැඩි කිරීම.

සියාතු said...

කිවුවොත් ඔය වගේ ඔටු කතාවක්ම තමා
කවුද මේක කියපු ඔටුවා?

 
සිය රට දේ සිරි සැප දේ !