Tuesday, September 28, 2010

ජෙනරාල්ට වෙච්චි දේ

හිටපු ජෙනරාල් ඉස්සර අපට වීරයෙකි. ඔහු වෙනුවෙන් අපි ලීවෙමු. පෙනී සිටියෙමු. එහෙත් අවසන ජෙනරාල්ට ජනපති වීමට උවමනා විය. ඒ ගමන ආරම්භයේ ම සුදු කොඩි ඔස්සේ වීරයා මරාගෙන ද්‍රෝහියෙක් උපන්නේ ය. වීරයා මැරුවේ ජවිපෙය. වීරයාට පිහියෙන් ඇන්නේ ජවිපෙය. ද්‍රෝහියාගේ පියා ජවිපෙ ය. මව එජාපයයි.

එදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ඇමරිකාවට ගිය හිටපු ජෙනරාල් තමන්ගෙන් උපදෙස් ගත්තේ යැයි උජාරුවෙන් කී ටින් ටින් සිල්වා මේ ඉරිදා දිවයිනට කීවේ එය අසත්‍යයක් බව ය. එදා කතා කළේ සිල්වා ය. මෙදා කතා කරන්නේ ද සිල්වාම ය. ඔහුට එදා කී දේ අමතක වුව ද අපට අමතක නැත. ඔහු කියන සියල්ල ඇතැමුන්ට ඇත්ත වුව ද අපට නම් එසේ නැත.

අද The Island පත්තරේ එන මේ කාටුනය ජෙනරාල්ට වෙච්චි දේ අපට මැනවින් සිහිපත් කරදෙයි. යන එන මං නැතිව දේශපාලන කනත්ත බලා යමින් සිටින මළ පෙරහැරක මහ බඹා චරිතයට පණ දෙන්නට ජෙනරාල් වීරයා දිවි දුන්නේ ය. දුෂ්ටයා උපන්නේ ය. දැන් ඒ අගාධය වටේ සිට ජවිපෙ ජෙනරාල් විකුණති. ජෙනරාල් කෙසේ හෝ සිරගෙට යවා තම පක්ෂ දේශලාන මතවාදය ක්‍රියාවට නැගීමට ඇති එකම බාධකයෙන් නිදහස් වීම දැන් ජවිපෙ පැතුමයි. මේ උර චක්කර මාලයෙන් නිදහස් වී දඹුලු ගොහින් තලගොයි මරාගෙන එන්නට ජවිපෙ බලා සිටියි. තම මතවාදය වෙනුවෙන් රටේ සිය දහස් ගණනක් මරා දැමූ ජවිපෙට අවසානයේ ජෙනරාල් ද හපා විසි කරන උක් හපයක් පමණි.

14 comments:

නිලන්‍ත said...

සහතික ඇත්ත !!!

gama said...

sudu kodi katawatanam vagakiyanna one unp eka, anith ewatath tanikara warada jvp ekata witarak patavannat be. oya hama mullakama unp ekat innawa.

නාමල් උඩලමත්ත said...

gama,
මම පිළිගන්නවා මේ හැමදේට ම යූඇන්පියත් සම්මාදම් වූ බව. ඒත් සුදු කොඩි කතාවට ඇයි යූඇන්පිය වග කියන්න ඕන කියලා මට පැහැදිළි නෑ. ඒ ඇයි?

Anonymous said...

ow ow seratama wagakiyanna oni UNP ekai JVP ekai.boru nadu patewwe e degollo.rate neethiyata pitin kele usaavi atola eke judgesla widihata generalge hathuro tikak dala janadipathi ghaathana kumanthraneka sekakaru wela inna johnston wage undelage saakki aragena generalwa aurudu 3ta hire yawwe UNP ekai JVP ekai.rajathumai ethumage mallila set ekai kisi deyak nodanna ahinsaka deshapalanayak karana babaala.A babalage puka hodana namalla eeta babalata wada kobala!

නාමල් උඩලමත්ත said...

fogani,
ඔයාට ටිකක් තරහ ගොහින් වගේ. මම කතා කළේ හේතුව ගැන. ඔයා කතා කරන්නේ ඵලය ගැන. හේතුවක් නැතිව ඵලයක් හට ගන්නා නෑ. ඔයා කියන හැම දේම වුණේ මම කියපු විදිහට දේශපාලන පක්ෂ 2ක් මේ මනුස්සයා තමන්ගේ දේශපාලන අතකොලුවක් කර ගත්තාට පස්සේ නේද? ඊට කලින් මේ මනුස්සයා අපි කාගෙත් වීරයා. ඒ කාලේ මෙයාට විරුද්ධ වුණේ එජාපය සහ මංගල ලා නේද? එදා විරුද්ධ වුණු අයගේ තුරුල්ලට මෙයා පැන්නා. දැන් මෙයා ඒ හතුරන්ගේ ඇම. දේශපාලන බොරදියේ ෆොන්සේකා නමැති ඇම දාලා මාලු බානවා.
එදා ෆොන්සේකා හමුදාපති කාලේ යුද අධිකරණ පනවලා පරාක්‍රම පන්නිපිටියලාට දඬුවම් දෙන විට ඔයාලා ඇයි කීවේ නැත්තේ ඕවා කැලෑ අධිකරණ කියලා.

Anonymous said...

@ namal

ane parakrama pannipitiya ahinskayane.hebei a ahinsakayata fonseka kiyana dushtaya asadarana daduwam denakota oyala ai fonsekata jaathiye weeraya kiwe?dan moko me pannipitiya gena amuthu aadarayak?me debidikama nemedha naamal?

fonseka UNP ekei JVP ekei emak wenna eya babek nemene.eya theeranayak gaththa mama chande illanawa kiyala.ekata UNP JVP neme BHOOMIPUTHRA pakshe hari thoraganna eka eyage wedak.eyage aithiyak.eka neethi virodhi ne ne.ehema chande illuwa kiyala mehema panna panna pali ganna eka hari wenawadha?oyata thiyene maara kekille thory ekak ne.me srama boru nade fonseka chandeta awa nisa kiyala oya piligannawa nedha?ehema boru nadu daala dadukande gahanne me rata wenuwen 3 parak merila ipaduna minihek.yuddedi oyata mata wada dahas gunayaka sevayak ratata karapu minihek.a minihawa maranna weda kala KP la rajakam karana eka ubalata penne nehe.ewage paadadakam gena katak arinne nehe.me chandenuth peraduna minihata panna panna gahaddi ekath justifie karanawa.

Anonymous said...

@ naamal

sudu kodi kathawa kiyala hadapu media boruwa mona taram boruwakdha kiyala api dan dannawa.fedrica janz ta fonseka ehema kathwak kiwa nam eka oppu karana VOICE TAPE eka denna kiwa.eth ehema ekak nehe.oke aththa siddiya media wala inna serama dannawa.fonseka kisi wita kiwe nehe gotabhaya ordered them to shot kiyala.OF TAPE ( pathare waten nehe kiyana assuarance eka uda) fonseka janzta kiyanne "ehema deyak una kiyala media personal kenek kiyanwa EYATA AHILA THIYENAWA"kiyala.eka media ethics walata pataheniwa janz wikurthi headline ekak ekka paththare publish kala.oka thamai aththa.mewa sahagahana aparada namal.fonsekawa welikada yawanawa kiyanne eyawa maranna yawanawa kiyana eka.eyage penahalu wala thiyena darunu aabadya hinda.me welawe thamanta thiyena aseemitha power eka nisa anduwa eka karanawa.Ubala siravata ratata adarei nam jeevitha kalema ( yako aai mama kiyanne me minissu aurdu 30 gaanak hitiye kotiyata virudda yudda pitiye.un kapu katta ubawath mamawath rajathumawath kaala nehe ) rata wenuwen kepa kala me minihata karana asadaaraneta viruddawa katha karanna oni!!!!!

නාමල් උඩලමත්ත said...

fogani,
මම කොතනද කීවේ පරාක්‍රම අහිංසකයා කියලා. නිකන් බොරු කියලා කාරණයෙන් පැනලා යන්න එපා. මම ඇහුවේ ඇයි එදා පරාක්‍රමට, ෆොන්සේකා යුධ අධිකරණ ගෙනැත් දඬුවම් දෙද්දි නිහඬව හිටියේ කියලා. එදා ඇයි ඒකට විරුද්ධ නොවුණේ? කැලෑ අධිකරණයක් වුණේ දැන් ද?

පරාක්‍රම නැගෙනහිර මෙහෙයුම කළේ. එයා තමා තොප්පිගල බේරගත් වීරයා. ඒක තමා මේ ජයග්‍රහණයේ ඇරඹුම. එයා කොළම නෙමේ යුධ බිමේ හිටියේ. එයාට දඩුවම් දෙද්දි අපි කෑ ගැහුවේ නෑ. අපි කැලෑ අධිකරණ කීවේ නෑ. එයාට යුධ අධිකරණයෙන් දුන් තීන්දුව එයා අභියාචනා අධිකරණයට ගිහින් වෙනස් කරගත්තා. ඉතින් තමා නිවැරදි නම් ෆොන්සේකාටත් කරන්න පුළුවන් ඒක. එදා ෆොන්සේකා පරාක්‍රමගෙන් පළිගන්න නෙමේ නම් යුධාධිකරණය ගෙනාවේ. අදත් එහෙම නෙමේ. එදා යුධ අධිකරණයට රජය මැදිහත් වුණේ නැහැ. අදත් එහෙමයි. එදා ඔයාලා කීවා නම් පරාක්‍රම එරෙහිව කැලෑ අධිකරණයක් කියලා අද කියන එක සාධාරණ වෙන්න තිබුණා. හැබැයි අපි ඔයාලා එදා එහෙම කීවා නම් අපි ඒත් අද වගේ ම හමුදාව පැත්තේ. පරාක්‍රම පැත්තේ නෙමේ. ඒක ඔයා හොඳට මතක තියා ගන්න. ඒත් ඔයාල එදා එහෙම කියන්නේ නැහැ. ඒකට සතුටු වෙනවා මිසක්. මෙන්න මුන් කා කොටා ගන්නවා කියලා.

මේ රට නිදහස් කරගත්තේ රටේ සමස්ත හමුදාව. ඒ හමුදාවේ මං නොහිටියාට මගේ සහෝදරයා අවසන් සටනේ දී මාරාන්තික තුවාල ලබා අබාධිත වුණා. එහෙම වුණා කියලා පවුලක් විදිහට අපි ලබන දේ අනුව අපි තීරණ ගන්නේ නෑ. ඒ නිසා අපට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. එක අයෙක් නිසා රටේ හමුදාවේ, අපි අද විඳින නිදහස අපට ලබා දුන් ආයතනයේ කැලෑ අධිකරණ තියෙනවා කියන්න අපට බැහැ. මේ දිනුම ඒ ආයතනය ලද ජයක් මිසක් පුද්ගල ජයක් නෙමේ. කන්න හිතුනාම කබරගොයි තලගොයි කරන නිවටයින්ට ඒක කරන් පුළුවන්.

ඔයාලගේ පරාධීන දේශපාලන මතවාදය වෙනුවෙන් මේ මනුස්සයා සිය දිවි හානි කරගත්තේ නැත්නම් ඔයාලට ෆොන්සේකා වීරයෙක් නෙමේ. ඔයාට පෙන්නන්න පුළුවන්ද යුද්දේ දිනලා ෆොන්සේකා මේ දේශපාලන නරාවළේ පිනුම් ගහන්න කලින් එයා වෙනුවෙන් ලියපු එක වචනයක්?

නාමල් උඩලමත්ත said...

සුදු කොඩි කතාවෙ නඩුවටනේ ෆෙඩ්‍රිකා ජෑන්ස් උවමනා. ඒත් ජනාධිපතිවරණේ වෙලාවේ ෆොන්සේකා එට වටේ මොනවාද කිව්වේ? ඒ වේදිකාවල කියපුවාත් මාධ්‍ය ආයතන විකෘති කරල ද?

Anonymous said...

@ NAAMAL

//එදා යුධ අධිකරණයට රජය මැදිහත් වුණේ නැහැ. අදත් එහෙමයි.//

dan methana ubadha babaa mamada?me yuda adikaraneta rajaya medihath wenne nehe.eka janadipathige anudenumata pitin hamudawen swaadeenawa karana wedak!ane paw.ara hambantota peththe athi konde bedapu cheennu.gihin unta kiyapan me boru.

ow.pannipitiya thama thoppigala weeraya.anthimedhi fosneka hera pannipitiyala shavendrala serama weerayo.me deveni pele majorla thama yudde karala thiyenne.commander karala thiyenne budiyaganna eka.Fonseka weerayo kiwa katawal walinma nedha mewa kiyawenne?lejjai boss.

//මම ඇහුවේ ඇයි එදා පරාක්‍රමට, ෆොන්සේකා යුධ අධිකරණ ගෙනැත් දඬුවම් දෙද්දි නිහඬව හිටියේ කියලා//
pannipitiyage prashne iye pereda anduwe media walin loku karala denakam athtatama api nam danneth nehe.hebei eda weradilawath kauruhari kiwoth menna pannipitiyata asadaranayak wela kiyala uuta ubalama kiyanawa mu hamudawa bedha karana kotiyek kiyala!pannipitiyawa methanta gawaganna oni nehe.eka hamudawe internal problem ekak.methama prashne janadipathi ekka taraga kala VIPAKSHAYE APEKSHAKAYA eya civil purawesiyek wela iddi sampurnayen PRTIAL judge board ekak yodagena dadayam kireema.
yuda adikarane judge board eke inne fonsekage jathuro/wancha walata hitan maattu wela daduwam labapu un kiyala uba dannawane?thawa ekek dan inna commanderge massina kiyala uba dannwane?meka asadaranada nedda?pirimiyek wage kata arala kiyapan.pannipitiya kenekwa dala prashnen penala yanne nethiwa.

//ඔයාලගේ පරාධීන දේශපාලන මතවාදය වෙනුවෙන් මේ මනුස්සයා සිය දිවි හානි කරගත්තේ නැත්නම් ඔයාලට ෆොන්සේකා වීරයෙක් නෙමේ.//
ube maharajathumata challange karan nethiwa kreeda amathyanse lekamkama karagena hitiya nam fonsekata ada oya kisi chodanawak nehe.eka piligannwada?yuda jayagrahanaya jaathiyema jayak.apith may 19 da santhosa una paarata behela.ekata fonseka loku dayakathwayak dunna.lekamkamak karagena naguta puke gahagena inne nethiwa rajathumage paul palaneta challange karapu fonseka apita weerayek thamai!wereddata weredda kiyala kiyaganna kondak nethi ubala wage deshapalana napunsakayonta weerayek novunata!

Anonymous said...

http://wgnsk.blogspot.com/2010/09/blog-post.html

deepan mewata uththara.deepan K raja sepa vidina eka gena uttara.fonsekata thibuna chodanawa eya nila adumin iddi politiciansla ekka kathakara kiyana ekane.ethakota ube YOSHITHA BABA hamuda aduma pitin chanda stage walata negga ewa?deepan mewatath uththara.Ubala hithuwada anoma fonsekalage hithe paththu wena gindara?a lamainge hith wala gindara gena ubata hegeemak thiyenawda?me miniha jeevitha kalema koti bombekata ahu wei kiyala bayen hitiya.dan a koti iwara kalata passe rate nethi kathandara daala welikadata dakkanne?mewea justify karanna lejja wenna oni ubala!

නාමල් උඩලමත්ත said...

fogani,

හා ඉතින් මම කීවේ ඔයාලට ෆොන්සේකා වීරයා වුණේ යුද්දෙ දින්න නිසා නෙමේ. මහින්දට චැලෙන්ජ් කළ නිසා. ඒක තමා මම කියන්නේ. ඔයාලාට වීරයා ෆොන්සේකා කියන දේශපාලකතුමා. අපිට වීරයා ෆොන්සේකා කියන හමුදාපති. අවාසනාවට ඔයාලගේ වීරයා උපන්නේ අපේ වීරයා මරාගෙන. ඊට පස්සේ තමා ඔයාගේ කොන්දට පණ ආවේ.

මේ රටේ යුද්ධය සාමය තීරණය කරන්නේ හමුදාපති නෙමේ කියලා මතක් කර දීමට සිදුවීම කනගාටුයි. ඒක තීරණය කරන්නේ ජනාධිපති. යුද්දෙ කරන්න අවශ්‍ය සියල්ල දෙන්නේ රජයෙන්. විදෙස් බලපෑම්වලට මුහුණදෙන්නේ රජය. ජනමතය ගොඩනගන්නේ රජය. සියල්ල මෙහෙය වන්නේ රජය. ඒක උඩ සිට පහළට එන්නේ. උඩම ජනාධිපති, ආරක්ෂක ලේකම්, හමුදාපතිවරු තිදෙනා, දෙවන පෙළ සහ පහළම යුද බිමේ සෙබලා. මේ ඔක්කොම යුද්ධ කළේ. හමුදාවේ අනෙක් සියලු දෙනා අමතක කර ෆොන්සේකා විතරක් වීරයා කරගන්න උමතුවක් මට නැහැ.

ෆොන්සේකා චැලෙන්ජ් කළේ ඔයාගේ දේශපාලන හතුරාට. ඒකනේ ඔයාට හරි චූන්. ඒ ඔයාගේ හතුරා තමා ෆොන්සේකා හමුදාපති කළේ. තුවාල වුණා ම සිංගප්පූරු යවලා සුව කළේ. දූලා පිටරට ඉගෙන ගන්න ඇරියේ. යුද්දේ දින්නම කෝටි ගණනක් වටින ඉඩම් දුන්නේ. ඒවත් සංග්‍රහ තමා. ඇයි ඒවා එපා නොකීවේ? කීවේ මට මේවා මදියි තව දියන් කියලා. නොදුන්න නිසා තමා පවුල් පාලනයට එරෙහිව අභීත වීරයා නැගී සිටින්නේ.

ෆොන්සේකා මහත්තයා කියපු විදිහට හමුදාව ලක්ෂ 4 1/2 කරලා, එයාට හමුදාපති විදිහට ආයේ සේවා දිගුවක් ලබා දුන්නා නම් එයා තාමත් ඔයාගේ හතුරා තමා. මොකද එහෙනම් ඔයාගේ ජඩ භාෂාවෙන් කියනවා විදිහට naguta puke gahagena අර දීපු දේවල් ටික අරන් ඉන්නවා. එහෙනම් පවුල් පාලනේ නෑ. රාජපක්ෂ වියරුව නෑ. හැබැයි රටේ වාසනාවට එහෙම වුණේ නෑ. උනා නම් අද ලංකාවේ තියෙන්නේ හමුදා පාලනයක්.

නාමල් උඩලමත්ත said...

fogani,
ඔව්, ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම්කම අරන් හිටියා නම් කිසි චෝදනාවක් එන්නේ නැහැ. හරියට හරි. මොකද එහෙනම් ජවිපෙ එජපෙ එක්ක රහස් කතා කරන්න වෙන්නේ නෑ. බල තන්හාව විනාශයට මුල කියන්නේ ඕකනේ. එයාට ඒක මදි වුණා. තව ඕන වුණා. අන්තිමට කෙළවුණා. බලයෙන් ලබපු කීර්තියෙන් උමතුවෙලා අර තනියම නටන්න ගිය නයාට වුණ දේ වුණා. එහෙම නැතිව දීපු ලේකම්කම අරගෙන හිටියා නම් දවසක එයා මේ රටේ ජනාධිපති වෙන්න තිබුණා. දැන් නම් ඒක හීනයක් විතරයි.

අනෝමා වින්ද දුත මේ රටේ හමුදාවේ සැමියා සිටින සියලු බිරින්දෑවරු වින්දා. ඒක ගෝඨභය, ශවේන්ද්‍ර, පරාක්‍රම විතරක් නෙමේ අංක එකේ ඉලක්කය වුණ මහින්දගේ පවුලේ අයටත් අදාළයි. ඔයාට පේන්නේ අනෝමා විතරයි.

ෆොන්සේකාට කළේ නිල ඇඳුම ඇඳගෙන දේශපාලන කිරීම නෙමේ රාජ්‍ය විරෝධි දේශපාලනයක් කිරීම. තමා පත් කළ නායකයින්ට විරුද්ධව දේශපාලනය කිරීම. සියලු හමුදාවන් පවතින රජයට පක්ෂපාති විය යුතුයි. විපක්ෂය නෙමේ රට පාලනය කරන්නේ ආණ්ඩුව. එයා හමුදාපති නම් රජයේ වගකිව යුතු තනතුරක් දරනවා නම් අවංකව එය කළ යුතුයි.

මට දේශපාලනයට එන්න හෝ රාජපක්ෂ එලවා දමන්න හෝ අදහසක් තාම නෑ. මේ යුද්ධය දින්නේ රාජපක්ෂ සහෝදර සමාගමේ නායකත්වය යටතේ. යුද බිමේ හිටි ශවේන්ද්‍රලා දෙවන පෙළ නම් ෆොන්සේකාත් ඒ පෙළ ම තමා. හැබැයි එයා හිටියේ කොළඹ. වවුනියාවට ගියේ ජනාධපති ගිය දවසේනේ. ඊට උඩින් රාජපක්ෂ සමාගම හිටියේ. ඒ සමාගම තවම රටට හොඳයි. රටට නරකත් වුණදාට අපි බලමු. එදාට අද කොන්ද නැති මමත් ඔයාගේ වීරයෙක් වේවි.

Anonymous said...

@Namal
ඔබ කියන මතයේ මම ඉන්නවා.පොන්සේකා මහත්තයා මගේත් වීරයෙක් ඔහු අර සුදු කොඩි කථාව කීවේ නැත්නම් මම අනිවාර්ය්‍යන්ම ඔහුට ඡන්දය දෙනවා.නමුත් ඒ කථාව අර පාමංකඩ ගොන්නු යුධ කිරීම යන කථාවලට වඩා ඉතා බරපතලයි. ඒ නිසාම තමා ඔහු ඡන්ද විශාල ප්‍රමාණයක් නැති කර ගත්තේ.කාට හරි සැකයක් තිබේ නම් යූටියුබ් වල පොඩ් සර්ච් පාරක් දාලා බලලන්න. ඒ දවස්වල මීඩියාවල ගිය වීඩියෝවලත් එයා සුදු කොඩි කථාව කියලා තියෙනවා.
කොහොමනමුත් මේ ආණ්ඩුව සුද්ධ කරන්නත් එපා. ඔබත් මාත් ඇතුලුව සියලු දෙනාම ඒ පිළිබදව හොදටම දන්නවා.

 
සිය රට දේ සිරි සැප දේ !