Monday, August 30, 2010

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාරට බහිමු!


ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ව ජනතාව පාරට බස්සවන බවට ටිල්වින් සිල්වා ඊයේ මොර දුන්නේ ය. රාජපක්ෂ රජය ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නට යතැයි මම මුලින් සිතුවෙමි. බලය බෙදන බෙදුම්වාදය පෝෂණය කරන එවන් කටයුතුවලට ජනතාව විරුද්ධ විය යුතු ම ය. නැතහොත් ජනතා පරමාධිපත්‍යයට වැට බඳින සංශෝධන ගෙන එන්නට රාජපක්ෂ රජය අර අඳිතියි සිතුවෙමි. ජනතාවට කෙනෙක් ජනපති කළ හැකි වාර ගණන අඩු කිරීම වැනි ක්‍රියාවකට ජනතාව පාරට බැස්ස විය යුතු ය. එහෙත් මේ කිසිවක් රජය කරන බවත් නොපෙනේ.

තම නායකයා ලෙස කෙනෙකු කැමති වාරයක් පත් කර ගැනීමට ජනතාවයට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට රජය සැරසෙයි. ඒ අයිතිය 78 ව්‍යස්ථාවෙන් ජනතාවට අහිමි කර තිබේ. ඒ අයිතිය නැවත ජනතාවට ලබා දීම වැදගත් ය. දැන් ටිල්වින් සිල්වා ජනතාව පාරට බැස්සවීමට සුදානම් වන්නේ ජනතාවට අහිමි ව පැවති අයිතියක් නැවත ලබා දීමට විරුද්ධ ව ය. කලක් ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට පාරට බැස්ස ජවිපෙ අද ඒ අයිතිවාසිකම් ලැබීමට විරුද්ධ ව පාරට බසියි. එහෙත් ඊටත් කලින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තීරණය කළ පක්ෂයක් අද මේ තත්ත්වයට පත්වීම ගැන අප පුදුම විය යුතු ද?

කෙසේ වුව ද මේ සංශෝධන තුන් කල් බලා කළ යුතු ය. එය 72 බිහි වූ ජනතාවාදී ව්‍යස්ථාවට එහා ගිය ව්‍යවස්ථාවක් විය යුතු ය. අප 2010 සිට ඊට වසර 40ට පෙර කළ ව්‍යස්ථාවකට පිටු පසින් සිට පලක් නැත.

22 comments:

විහඟ ගීතය said...

හැත්තෑ දෙක ලබන කම් රජ සැප විදින
ස්ථාවරය තිබිලත් තව ලොබ බඳින
හත් වරිගෙටම උස් තැන්වල පු‍ටු හදන
ඉත්තෑවට වෙච්ච දේ දෝ අපි දකින

DAMROX said...

ඇමරිකාවේ තියෙන්නේ වසර 200 විතර පරණ ව්‍යවස්ථාවක් එකට එකතු වෙලා තියෙන්නේ සංශෝධන කිපයක් විතරයි. එවත් අපේ අය වගේ බලය වැඩිකරගන්න එවා නෙවේ.ඇමති මණ්ඩලයේ පඩි වැඩි කරත් එය බලපාන්නේ ඊලගට පත්වන ඇමති මණ්ඩලයට වගේ සංශෝධන.
අපේ ව්‍යවස්ථා සංශෝධනයේ මොනාද තියෙන්නේ ධුර කාලය වැඩිකරගන්න හැටියි, රජයේ නිළධාරින් පත් කිරිමේ බලය ජනපති අතට ගන්න ඒවයි විතරයි.
කොහොමහරි මහින්ද සම්මත කරගත්තා කියමුකෝ.ඊට පස්සේ අ20ක් විතර පාලන කලාට පස්සේ මොන විදියේ කෙනක් පත්වේයිද අපි දන්නවද? පත්වෙන කෙනාට 2/3 බලය නැති වුනත් ඡන්දය දිනාගෙන (හොරට හරි) දිගටම ඉදිමේ අනතුරක් එහෙම පෙන්නේ නැත්ද?

රංචාගොඩ මුදියන්සේ said...

--- "තම නායකයා ලෙස කෙනෙකු කැමති වාරයක් පත් කර ගැනීමට ජනතාවයට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට රජය සැරසෙයි."---

අනේ අම්මේ හැබෑට? දැන් ඔය සංසෝදනය ගේන්නේ ජනතාවගේ කැමැත්ත / අයිතිය තහවුරු කරන්න?

ඉතින් ඇයි මේ තදියම? තාම දෙවැනි වාරෙටවත් දිවුරුම් දීලා නැති එකේ, තව ටිකක් රට සංවර්ධනය කොරලා, හම්බන්තොට වරායට ආපු නැවකට ගොඩවෙලා හෙම ඔය වැඩේ කරගන්න බැරිද?

ඉවසීමක් නැත්තේ රටේ අනාගතය කාළකණ්නිවෙන බව එතුම හොඳින්ම දන්න නිසා නොවෙද? මේ යන විදියට තව අවුරුදු 2ක් 3ක් ගියාම කෙලවෙයි කියලා දන්න නිසානෙ මේ තදියම.

නැත්තන් තව අවුරුදු 6ක්ම තියන එකේ රටා ආසියාවේ ආස්චර්යය වෙන එක ලඟට ගෙනනල්ල, ඔන්න මම ලඟටම ගෙනවා, ඉතුරු ටික ගෙනියන්න මට තව අවුරුදු 6ක් දියල්ලා කිව්වොත් මිනිස්සු පෝලිමේ ඇවිල්ල නොදී ඉඳීද?

sapumal said...

දැනට පවතින ව්‍යවස්තාවට අනුව මානසික රෝගියෙකුට ජනපතිවරනයට ඉල්ලීමට නොහැකිය. මෙයත් ජනතාවගේ අයිතිය අහිමි කිරීමකි. එනිසා ජනතාව කැමතිනම් මානසික රෝගියෙකු වුවත් ජනපති කලහැකි ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කර ජනතා පරමාධිපත්‍යය තවදුරටත් තහවරු කිරීම වටි.

නාමල් උඩලමත්ත said...

විහඟ ගීතය ,
හොරා කෑම විතරක් රජ කරපු රටේ
දූෂණයට භීෂණයට ඇරුණු රටේ
වැඩත් ටිකක් කොට චුට්ටක් දමා කටේ
ලොවින එකා හොඳ යැයි මට නිතර සිතේ

Kandula (කණ්ඩුල),
'නැත්තන් තව අවුරුදු 6ක්ම තියන එකේ රටා ආසියාවේ ආස්චර්යය වෙන එක ලඟට ගෙනනල්ල, ඔන්න මම ලඟටම ගෙනවා, ඉතුරු ටික ගෙනියන්න මට තව අවුරුදු 6ක් දියල්ලා කිව්වොත් මිනිස්සු පෝලිමේ ඇවිල්ල නොදී ඉඳීද?'

අතීත ජනපතිවරු දෙවැනි ධූර කාලයේ අවසාන භාගයේ ලබපු අත්දැකීම් ගැන හිතුවා නම් මේ වගේ ප්‍රශ්න මතුවෙන එකක් නැහැ. අර සීමාව නිසා ඒ තනතුර නාමික වුණා අන්තිම කාලේ. ඒක හොඳ නැහැ.

DAMROX,
ඔයා හිතන්නේ ලෝක දේශපාලනයේ ධූර කාලය වැඩි කිරීම පිළිබඳ සංශෝධන ගෙනා එක ම අවස්ථාව මේක කියලා ද? ඔබාමා බලයට පත්වෙලා මුලින් ම කළේ ලක්ෂ 4ක් රාජ්‍ය සේවකයෝ සිය පාලනය ‍ගෙන යන්න පත් කිරීම බව අමතකද?

sapumal,
මානසික රෝගීන්ට ඡන්ද බලය තියෙනවා ද? ‍එහෙම තියේ නම් ජනපතිකමට තරග කරන්න පුළුවන්. ඔයාටත් පුළුවන් ඇති.

නාමල් උඩලමත්ත said...

හැමෝගේ ම ප්‍රතිචාරවලට ස්තූතියි. ඇත්තට ම මෙතන දී මම හිතන්නේ අපේ වගකීම විය යුත්තේ කිසියම් මූලධර්මයක් ආරක්ෂා කිරීම ද? එහෙම නැතනම් රටේ සංවර්ධණ ඉලක්ක වෙත යාමට වඩා හොඳ විකල්පය තේරීම ද? කියලා අපි තීරණය කළ යුතුයි. එතනදී මම තෝරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා කන්‍යාභාවය ආරක්ෂා කිරීමට වඩා රටේ සංවර්ධනයට යා හැකි මාර්ගය කුමක් ද කියන එකයි.

මම විශ්වාස කරනවා රටක් සංවර්ධනය කරන්න නම් දැඩි තීන්දු තීරණ ගත හැකි ප්‍රබල නායකත්වයක් රටට අවශ්‍යයි කියලා. නායකත්වයේ තටු කපලා අපට ඒ ගමන යන්න බැහැ. කළ යුත්තේ ඒ බලතල නිවැරදි ව පාවිච්චි කරන කෙනෙක් නායකයා කිරීම. දැලි පිහිය මොට නොකර ඒක හරි කෙනා අතට පත් කිරීමයි කළ යුත්තේ. ඒ සඳහා ජනපති ධූරය භාවිත කළ යුතුයි. හැබැයි මේ සංශෝධනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය විනාශයි කියලා හිතීම විහිළුවක්.

වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ වෙලා ඉන්න අය තම රටවල් සංවර්ධනය කර ගත්තේ දැන් තියෙන තරු පහේ ප්‍රජාත්නත්‍රවාදය ඔස්සේ නෙමේ. ඔවුන් රට හදා ප්‍රජාතන්ත්‍රවාදයට ගියා කීවොත් නිවැරදියි.

මේ ව්‍යවස්ථා සංශෝධනය අදාළ වන්නේ මහින්දට විතරක් නෙමේ. අනාගතයේ එජාපයේ සජිත් පේමදාස ජනපති වුණොත් එයාටත් මේක අදාළයි. 1931 සර්වජන ඡන්ද බලය ලබා දෙද්දි සමහරු විරුද්ධ වුණා. ඒ වගේ තමා අදත්.

DAMROX said...

මම අහපු එකට දිලා තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තරයක්නේ.ධුර කාලය වැඩිකරගන්න සංශෝධන ගෙනාපු රටවල් ඇති. එවගේම එක අනාගතයේ සජිත්ටත් බලපානවා ඇති. නිකමට මහින්දව පැත්තකින් තියන්න. කවදාහරි සජිත් ජනාධිපති වෙලා තාත්තා වගේ හැසිරෙන්න ගත්තෝත් අපිම නේද එකට ඉඩකඩ හදලා තියෙන්නේ?එදාට අපි මොකද කරන්නේ?
ව්‍යවස්ථා සංශෝධනයේ මොනාද ජනතාවට වැදගත් දෙයක් තියෙන්නේ? අල්ලස් කොමිසම ඇතුලු කොමිසන් වල පත්කිරිම් ජනාධිපති අතට ගැනිමෙන් සාධාරණයක් වෙයි කියලා හිතනවද(මර්වින් නිදහස් කරපු කෙනෙක්ගෙන්)?

ඔයාගේ පවුලට මර්වින් ඇවිත් මොනාහරි කරදරයක් කලොත් ඔයාට සාධාරනයක් කරගන්න යන්න තැනක් තියෙනවද අවංකවම කියන්න? ඔයාට යන්න නෙවේ හැගෙන්න තැන් තමා හොයන්න වෙන්නේ.අපිට ජනාධිපතිට හු කියනවත් සරම ගලවන්නවත් පුලුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවේ ඉල්ලනේ.කරදරයක් උනාම, සැමට එක ලෙස බලපාන නිතියක් තියෙන රටක්? එහෙම දෙයක් කරනවා කියලා කිසිම සාධනිය ලක්ෂනයක් නැති කෙනෙක් ගේ තව තව බලය වැඩි කරන්න දගලන්නේ ඇයි?

නාමල් උඩලමත්ත said...

DAMROX,
ගඟට හත් ගව්වක් තියලා අමුඩෙ ගහන එකවත් නූපන් දරුවන්ට කේන්දර හදන එකවත් මගේ වැඩක් නෙමේ. සජිත් ජනාධිපති වෙලා එයාගේ තාත්තා වගේ හැසිරේවි ද කියලා හිතලා නෙමේ රටේ ව්‍යවස්ථාව හදන්නේ. ඒක ජනතාවට සමෘද්ධිය, ජනසවිය හෝ පොහොර සහනාධාර දෙන වැඩකුත් නෙමේ. රටේ ව්‍යවස්ථාව රටේ සංවර්ධන ගමන වේගවත් කරන ඒ සඳහා අවශ්‍ය නායකත්වය සවිබල ගන්වන එකක් විය යුතු යි. අපි කරන ඕන වැඩක යම් අවධානමක් තියෙනවා. ඒක අපි භාරගත යුතුයි. වාහන ඇක්සිඩන්ට් වෙනවා කියලා අපි පයින් යන්නේ නෑනේ. අවධානම අරගෙන වාහනවල යනවා.

ආසියාවේ සියලු සංවර්ධිත රටවල් දිගු කාලයක් එකම නායකත්වය යටතේ පාලනය වෙලා සංවර්ධනය කරා ගිය බව අපි දන්නවනේ. අන්න ඒ ගමන රට ගෙන යන්න දැනට මම දකින එක ම නායකයා මහින්ද. ප්‍රබල නායකත්වයක් යටතේ රට සංවර්ධනය කරා ගියා ම තමා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ. අන්න එදාටයි ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ප්‍රතිලාභ ජනතාවට යන්නේ. එහෙම නැතුව ව්‍යවස්ථාව බඩු මිල අඩු කරන, සමෘද්ධිය දෙන අයවැයක් නෙමෙනේ.

ඔය කොළඹ ඉන්න ලොන් හැලිච්ච නාකි රාජ්‍ය සේවකයෝ ටිකක් අර කොමිසන්වලට පත් කළා කියලා රටේ සියලු වංචා දූෂණ නතර වෙයි කියලා හිතන්න තරම් අපි බොළඳ විය යුතු නැහැ. කොටින් ම මම ඔය කොමිසන් සභාවලට විරුද්ධයි. අපි කෙනෙක් අපේ නායකයා විදිහට පත් කළ ගත්තා නම් ඔහුට සිය දර්ශනය අනුව රට පාලනය කරන්න අවශ්‍ය බලය තිබිය යුතුයි. ඒ නායයකත්වයේ තටු කපලා සීමා පනවලා පලක් නෑ. කළ යුත්තේ හරි කෙනා නායකයා කිරීමයි. ඒ නායකයා රට හොඳට පාලනය කරනවා ද? ජනතාව ඊට එකඟද? කියලා ජනතාවට පරික්ෂා කරන්න තමා මැතිවරණ තියෙන්නේ. නායතයා හොඳ නැත්නම් වෙන කෙනෙක් ගේනවා. හොඳ නම් නායකයා තියා ගන්නවා. කොච්චර හොඳ වුණත් දෙවාරයයි කියලත් ව්‍යවස්ථාවෙන් සීමා කළ යුතු නැහැ. ඒක ජනතාව තීරණය කළ යුතුයි. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය.

අනෙක ඔයා කතා කරන්නේ මේ රටේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා මහින්ද ආවා ම නැති වුණා වගේනේ. මේක දතුණේ අවස්ථා දෙකකදී සහ උතුරේ වසර 30ක් තිස්සේ මිනි දහස් ගණන් ගොඩ ගැහුණු රටක්. ඒත් අද අපිට නිදහසේ හුස්ම ගන්න, නෝනාටයි මහත්තයාටයි එක බස් එකේ වැඩට යන්න පරිසයක් ලැබිලා තියෙනවා. මේක පාරිශුද්ධ ආණ්ඩුවක් නොවුණත් රට යහපත් අතට ක්‍රමයෙන් ගමන් කරනවා. බොරු සෝබන විකාර මැද වුණත් රටේ සංවර්ධන වැඩත් සිද්ධ වෙනවා. මේ ගමන කෙළවර දී අපි ඉල්ලිය යුතු දේ අතරමග දී අපි ඉල්ලන්නේ නෑ. ඒත් සයිලොක්ලා හැමදාම මස් රාත්තල ඉල්ලනවා.

පුලස්ති said...

1.ව්‍යවස්තා සංශෝධනයට එරෙහිව විපක්ෂය ගේන විරෝධතා ගැනනෙ ඔබට වේදනාව තියෙන්නෙ.ඒක පැත්තකින් තියමු.

අ) ප්‍රසිද්ධියේ අපරාධයක් කල මර්වින් සිල්වා දැහැමි ජනාධිපතිතුමා විසින් නිදොස් කල එක සහ එයා නිදැල්ලේ ඉන්න එක - මේක ගැන ඔයාගේ දේශප්‍රේමී කට ඇරුනෙ නැත්තෙ ඇයි?

ආ)හමුදාවේ කොල්ලො මරන්න ආයුද සප්ලයි කල කේපි ට රජ සැප දීම සහ යුද්ධයට නායකත්වය දුන්න ජෙනරල්ගේ විශ්‍රාම වැටුප පවා නැතිකර දැමීම - මේ ගැන මුකුත් කියවෙන්නෙ නැත්තෙ ඇයි?ජෙනරල්ගෙ දේශපාලනය පොඩ්ඩකට පැත්තකින් තියමු.එයා කලා කියන වරදයි දීල තියන දඩුවමයි ගැලපෙනවද?මුලු ජීවිතේම යුද්ධය‍වෙනුවෙන් කැප කල මිනිහෙක්ට මෙහෙම පන්න පන්න දැහැමි ආන්ඩුව ගහනකොට ඒක හොදද?

මේ කිසිම පජාත වැඩක් ගැන නොඇරෙන ඔයාගෙ කට විපක්ෂය උද්ඝෝෂනයක් කරද්දි විතරක් ඇරෙන්නෙ ඇයි?

2.//තම නායකයා ලෙස කෙනෙකු කැමති වාරයක් පත් කර ගැනීමට ජනතාවයට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට රජය සැරසෙයි.//

ජනාධිපති ක්‍රමය තියෙන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයිනෙ.එය තිබෙන අනිත් හැම ප්‍රජාතන්ත්‍රවාදි රටකම ඊට අදාල සීමාවක් තියෙනව.ඒ මොකක් නිසා කියලද හිතන්නෙ?

3.2005 මේ ධූරය භයානකයි අහෝසි කරන්න ඕනෙ කියල මහින්ද කිව්වද නැද්ද?ඒ පොරොන්දුව කැඩුවද නැද්ද?2010 ජනවාරි 15 දිනමිනට ඉන්ටර්විවි එකක් දෙන මහින්ද තමා ජනාධිපතිධූරය අහෝසි කරන්න සූදානම් බව කීවා නේද?එතකොට දැන් මහින්ද බොරු කියල තියෙනවද නැද්ද?

පුලස්ති said...

5.ඒ නැතත් මේක භාරකාරධූරයක් කරන බව මහින්ද චින්තන 2 තියෙනව නේද?මේ සංශෝධන වලින් භාරකාර ධූරයක් හැදෙන්නෙ කොහොමද?මහින්ද රටට බොරු කිව්ව කියල පිලිගන්නවද?ලජ්ජා නැතිව රටේ මූලික නීතිය ගැන පච ඇද‍බාන,මර්වින්ලාව හුරතල් කරන තැනැත්තෙක්ට තව අසීමිත බලයක් ප්‍රදානය වෙනකොට රට හැදෙයිද?නීතිය බල්ලට යයිද?

6.//ඔය කොළඹ ඉන්න ලොන් හැලිච්ච නාකි රාජ්‍ය සේවකයෝ ටිකක් අර කොමිසන්වලට පත් කළා කියලා රටේ සියලු වංචා දූෂණ නතර වෙයි කියලා හිතන්න තරම් අපි බොළඳ විය යුතු නැහැ//

කතාකරද්දි කතාකරන්නෙ කවුද කියන එක ගැන හිතුව නම් තමයි මහත්මයා හොද.ලොම් හැලිච්ච නාකි රාජ්‍ය සේවකයො කියල ඔබතුමා අපහාස කරන්නෙ කාටද?කොමිෂන් සභාවලටපත්වුනේ රටම පිලිගත්ත ගෞරවනිය අය.හිටපු විනිශ්චයකාරවරු.හමුදා නිලධාරීන්.අමාත්‍යංශ ලේකම්වරු.මේ අයව පත්කරද්දි මේ අයගෙ වත්කමි වගේ දේවල් ගැනත් හොයල බැලුව.මේ අයට නැති කරන්න බැහැ කියල ඔබ කියන දූෂන අලුත්ගමගේ,මර්වින් සිල්වා,රෝහිත අබේවර්ධන වගේ "ලොම් නොහැලුන" දේශපාලකයන්ටත් උන්ගේ හොරකම් රකින රාජපක්ෂලාටත් පවරන එකෙන් නතර වෙයි කියල ඔබට දෙන්න පුලුවන් සහතිකය මොකක්ද?

7.//ඒ නායකයා රට හොඳට පාලනය කරනවා ද? ජනතාව ඊට එකඟද? කියලා ජනතාවට පරික්ෂා කරන්න තමා මැතිවරණ තියෙන්නේ. //

හරි එහෙම කියමුකො.එතකොට ඒ මැතිවරන ස්වාධීනව තියන්න ඕනෙනෙ.ඉන්න ජනාධිපති තමන්ගේ ධූරයේ මුලු බලයම රාජ්‍ය බලය ‍සේරම යොදල තරග කරද්දි සහ විපක්ෂයේ අපේක්ෂකයට ඒ කිසිවක් නැතිව තරග කරන්න වෙද්දි ඒ වගේ මැතිවරනයක් සාධාරන වෙනවද?ස්වාධින මැතිවරන කොමිසමක් ස්වාධින පොලිස් කොමිසමක් ස්වාධින අධිකරන කොමිසමක් තිබුන නම් ජනාධිපතිවරනය සාධාරනව තියෙයි කියල හිතනන්වත් තිබුන.දැන් ඒව සේරම අහෝසි කරල පොලිසිය මැතිවරන දෙපාර්තමේනතුව අධිකරනය ජනාධිපති යටතට අරගෙනයි චන්දෙ තියන්න යන්නෙ.ඒ‍කෙ ප්‍රජාතන්ත්‍රවාදය පහදමුද?

පුලස්ති said...

4.ඒ නැතත් මේක භාරකාරධූරයක් කරන බව මහින්ද චින්තන 2 තියෙනව නේද?මේ සංශෝධන වලින් භාරකාර ධූරයක් හැදෙන්නෙ කොහොමද?මහින්ද රටට බොරු කිව්ව කියල පිලිගන්නවද?ලජ්ජා නැතිව රටේ මූලික නීතිය ගැන පච ඇද‍බාන,මර්වින්ලාව හුරතල් කරන තැනැත්තෙක්ට තව අසීමිත බලයක් ප්‍රදානය වෙනකොට රට හැදෙයිද?නීතිය බල්ලට යයිද?

පුලස්ති said...

5.//ඔය කොළඹ ඉන්න ලොන් හැලිච්ච නාකි රාජ්‍ය සේවකයෝ ටිකක් අර කොමිසන්වලට පත් කළා කියලා රටේ සියලු වංචා දූෂණ නතර වෙයි කියලා හිතන්න තරම් අපි බොළඳ විය යුතු නැහැ//

කතාකරද්දි කතාකරන්නෙ කවුද කියන එක ගැන හිතුව නම් තමයි මහත්මයා හොද.ලොම් හැලිච්ච නාකි රාජ්‍ය සේවකයො කියල ඔබතුමා අපහාස කරන්නෙ කාටද?කොමිෂන් සභාවලටපත්වුනේ රටම පිලිගත්ත ගෞරවනිය අය.හිටපු විනිශ්චයකාරවරු.හමුදා නිලධාරීන්.අමාත්‍යංශ ලේකම්වරු.මේ අයව පත්කරද්දි මේ අයගෙ වත්කමි වගේ දේවල් ගැනත් හොයල බැලුව.මේ අයට නැති කරන්න බැහැ කියල ඔබ කියන දූෂන අලුත්ගමගේ,මර්වින් සිල්වා,රෝහිත අබේවර්ධන වගේ "ලොම් නොහැලුන" දේශපාලකයන්ටත් උන්ගේ හොරකම් රකින රාජපක්ෂලාටත් පවරන එකෙන් නතර වෙයි කියල ඔබට දෙන්න පුලුවන් සහතිකය මොකක්ද?

පුලස්ති said...

7.//ඒ නායකයා රට හොඳට පාලනය කරනවා ද? ජනතාව ඊට එකඟද? කියලා ජනතාවට පරික්ෂා කරන්න තමා මැතිවරණ තියෙන්නේ. //

හරි එහෙම කියමුකො.එතකොට ඒ මැතිවරන ස්වාධීනව තියන්න ඕනෙනෙ.ඉන්න ජනාධිපති තමන්ගේ ධූරයේ මුලු බලයම රාජ්‍ය බලය ‍සේරම යොදල තරග කරද්දි සහ විපක්ෂයේ අපේක්ෂකයට ඒ කිසිවක් නැතිව තරග කරන්න වෙද්දි ඒ වගේ මැතිවරනයක් සාධාරන වෙනවද?ස්වාධින මැතිවරන කොමිසමක් ස්වාධින පොලිස් කොමිසමක් ස්වාධින අධිකරන කොමිසමක් තිබුන නම් ජනාධිපතිවරනය සාධාරනව තියෙයි කියල හිතනන්වත් තිබුන.දැන් ඒව සේරම අහෝසි කරල පොලිසිය මැතිවරන දෙපාර්තමේනතුව අධිකරනය ජනාධිපති යටතට අරගෙනයි චන්දෙ තියන්න යන්නෙ.ඒ‍කෙ ප්‍රජාතන්ත්‍රවාදය පහදමුද?

නාමල් උඩලමත්ත said...

පුලස්ති,

1. කිරි අම්මාට බල්ලෝ පැනපි කිව්වාලු. විපක්ෂය ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධ වීම ගැන මම මොකටද දුක් වෙන්නේ? ආණ්ඩුව පැරදෙයි කියලා ද?

අ). මර්වින් සිල්වා වරදක් කළා නම් ඒකට පැමිණිලි කළ යුතුයි. එහෙම පැමිණිලි නෑ. ගස් බැන්ද එකා කියනවා නම් මර්වින් සිල්වා නිවැරදියි කියලා, අපි මොනා කරන්න ද? මහ ලොකුවට මර්වින් සිල්වාට විරුද්ධව ඔයාලා දිගට ම ලීවානේ. ඒත් ජනතාව මිනිහා ගම්පහින් 3ට පාර්ලිමේන්තු ගෙනාවා. මිනිහා කළු සුදු චරිතයක්. මම සුදු පැත්ත වගේ ම කළු පැත්තත් දකිනවා. ඔයාලා එයාගේ කළු පැත්ත ගැන විතරක් කතා කරලා මිනිහා ලබන පාර ගම්පහින් එක කරන්න නේද හදන්නේ?

ආ). නීතිය සහ අධිකරණ ක්‍රමය ගැන මිනිහෙකුට සාමාන්‍ය අවබෝධයක් තිබීම වැදගත්. ඒකට නීතිඥයෙක් වෙන්න ඕන නෑ. තමන් ලියන දේ ගැන වගකීමක් දරනවා නම් ඒක වැදගත්. සුප්‍රසිද්ධ රීටා ජෝන් ඝාතන නඩුවේ සිව් වැනි විත්තිකරු රජයේ සාක්ෂිකරුවෙක් කර නිදහස් කර සෙසු අයට නඩු පවරලා වරදකරුවන් කර දඬුවම් කළා. ඒක නීතියේ හරි ම සරල ක්‍රමවේදයක්. අන්න ඒක නො තේරෙන එවුන් මඩවන්න තමා ජවිපෙ සහ එජාපය ඔය බොළඳ තර්කය ගේන්නේ. හැබැයි මම කියන්නේ නෑ ඔය පක්ෂ නායකයෝ මේ සරල දේ නොදන්නවා කියලා. හැබැයි එයාලා දන්නවා ඔයාලා වගේ එහෙයියෝ ටිකක් තාමත් උන් වටේ ඉන්නවා කියලා. උන් කියන දේ හරි කියලා හිතනවා කියලා. ඉතින් ඒ අයට මහ එවුන් පුනක්කු දෙනවා. ඒවා බීලා වමාරිනවා.
දේශපාලක ෆොන්සේකා මතු වුණේ හමුදාපති ෆොන්සේකා මරාගෙන. සුදු කොඩි කතාව කියලා රට අමාරුවේ දැම්මේ අන්න ඒ ද්‍රෝහියා. එයාට ඉතා ම සුදුසු දඬුවම් දැන් ලැබෙන්නේ. ඇමරිකාවේ නම් දේශද්‍රෝහීන්ට මරණ දඩුවම දෙනවා. මම මේ ෆොන්සේකාලා දෙන්න ම ගැන ලියලා තියෙනවා.

2. තව රටක් කළ නිසා අප යමක් කළ යුතු නෑ. මාලදිවයිනේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද? අබ්දුල් ගයුම් කී වරක් ජනපති වුණා ද? අපි සැසදිය යුත්තේ අපේ රටට සමාන ආර්ථික දේශපාලන තත්ව සහිත රටවල් මිස දියුණු ධනවත් රටවල් හා අප නෙමේ. රට සංවර්ධනයට දිගු කාලයක් එක නායකයෙක් පාලනය කිරීම අවශ්‍යයි. ඒකට සුදුසු මහින්ද නම් ජනතාවට ඒ තීරණය ගැනීමට ඉඩ තිබිය යුතුයි.

නාමල් උඩලමත්ත said...

3. 2005 වන තුරු ජනපති ධූරය පිළිබඳ තිබුණු අදහස නෙමේ දැන් තියෙන්නේ. ඉස්සර හිතා හිටියේ මේක ජනතාව යටපත් කරන ඒකාධිපති ධූරයක් කියලා. ඒත් මේ ධූරයට පිං සිද්ධ වෙන්න තමා නියම තීන්දු අරගෙන යුද්ධය කෙළවර කළ හැකි වුණේ. ඇත්තට ම ජනපතිකම දැලි පිහියක්. ඒක නිවැරදි කෙනාට භාර දිය යුතුයි. අපේ ජනතාවට ඒකට අවශ්‍ය දැනුම ඉහටත් උඩින් තියෙන බව පැහැදිළියි. 2005 වගේ ම 2009ත් ඔයාලගේ බලාපොරොත්තු සුන් කරමින් මහින්ද ජනපති කිරීම තමා හොඳම නිදසුන. ම ජනතාව ඡන්දෙ දුන්නේ ජනපතිකම අහෝසි කරන්න නෙමේ. කොටි ඉවර කරන්න. ඒක එයා කළා. මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙනවා තමා. ඒක මහින්දට විතරක් නෙමේ කාටත් අදාළයි. මාත් 2005 වන තුරු ජනපති ධූරයට විරුද්ධයි. දැන් පක්ෂයි. ඒ මම 2005 සිට ලබපු අත්දැකීම් නිසා.එදා හොඳ දේ අද නරකයි. අද හොඳ දේ හෙට නරකයි. බුද්ධිය ගල් වුණා ම නම් වෙනස් වෙන්නේ නෑ තමා. එදා මම ජනපතිකමට විරුද්ධයි අද පක්ෂයි. ඔයා කියන්නේ මම බොරු කිව්වා කියලා ද?

6. රටේ මැතිවරණයක් තියලා කෙනෙක් ජනපති වුණා ම එයා රටේම ජනපති. එයා සියලු පක්ෂවල අයගේ ජනපති. රට පාලනය කරන ජනපතිවරයාට කතා කරන්න නොදන්න හාදයෙක් එනවා මගේ ඇහේ තියෙන පොල් කෙන්ද අරන් දාන්න. ඔය කියන දේශපාලකයො කිසිවෙකුට මම ඡන්දය පාවිච්චි කර නැහැ. හැබැයි ඔවුන් ඉහළින් ම දිනනවා. හොරකම් කරන හොරු ඇයි මේ ජනතාව දිනවන්නේ? මේ අය හොරු විතර නම් ඇයි ජනතාව එයාලා ගෙදර නොයවන්නේ. හොර ඡන්ද දාලා ද? මම ඔය කොමිසන්වලට විරුද්ධයි. අපි රට භාර දුන්නේ පාලනය කරන්න. ඒකට අවශ්‍ය බලය තිබිය යුතුයි. ජනතාව ඡන්දේ දුන්නේ කොමිස්න සභාවලට රට පාලනය කරන්න නෙමේ. ජනපතිට රට පාලනය කරන්න.

7. මේ රටේ 78 ව්‍යවස්ථාව යටතේ ජනපතිවරණ ගණනාවක් පැවැති බවත් ඒවායින් දිනුවේ හිටපු ජනපති හෝ ඔහුගේ සහාය ලැබු අපේක්ෂකයා ම නොවන බවත් කිව යුතු ද? 2005 මහින්ද දිනුවේ චන්ද්‍රිකාගේ නිල නොලත් ආශීර්වාදය රනිල්ට ලැබෙන, ශ්‍රීලනීප පක්ෂ මූලස්ථානය එහි අපේක්ෂකයාට තහනම් වූ පරිසරයක බැව් අමතක වීම රෝගයක් ද? මෙතෙක් කල් ජනපතිවරු මාරු වුණේ ඔය කොමිසොන් සභා තිබිලද?

පුලස්ති said...

@ නාමල්

ඔයාගෙ ලිපි එක්ක ලොකු එකගතාවයක් නැති වුනත් රට ගැන හැගීමක් එක්ක අවංකව ලියනව කියලයි හිතාගෙන හිටියෙ.ඒත් බලාගෙන යනකොට ඔයත් නිකම්ම නිකම් ලාභ රාජපක්ෂවාදයෙන් ගිනිකන වැටුන කෙනෙක් විතරයි.රාජපක්ෂට සපෝට් කරපු එස් එල් ගුනසේකර ගෝමින් දයාසිරි වගේ අය අද කියන දේ පොඩ්ඩක් අහල බලන්න.එයාල මේ ඔයා මම වගේ නෙමෙයි.නීතිය ගැන ආන්ඩු ක්‍රමය ගැන විශාරදයො.මර්වින් සිල්වා ගැන ආන්ඩුවෙ ඇමැත්තො දෙන තක්කඩි උත්තරේ ගෙඩි පිටින් ඔයා දෙනව දකිද්දි මහත්තයා දුකයි.ඔය වගේ පහත් අඩියකට වැටෙන්න එපා.ඔය තර්කෙට අනුව ජීවිතේට මිනීමැරුමකට නඩු දාන්න බැහැ.ඇයි මැරුන මිනිහ පැමිනිලි කරන්නේ නැහැනෙ.ඒකට තමයි පොලිසියක් ඉන්නෙ.සමෘද්ධි නිලධාරියා ඇත්ත‍ නොකියන්නෙත් අද තියන අවනතීතිය හින්ද කියල ඔයා නොදන්නෙ බබෙක් නිසා නෙමෙයිනෙ?ඒත් පොලිසියෙන් එහෙම නඩු පැවරීමක් කොහොම බලාපොරොත්තු වෙන්නද නේද?ස්වාධින පොලිස් කොමිසන් ඕනෙ දේශපාලකයො කියල බලන් නැතිව නීතිය ක්‍රියාත්මක කොරන්න.
කේපී ගැන දීල තියෙන උත්තරේ කියවන්නත් ලැජ්ජයි.කේපීලව නිදහස් කරල සැප දෙන්නෙ සාමාන්‍ය කොටි සැකකරුවන් දාස් ගානක් ගාල් කරල තියෙද්දි කියල දන්නවද?ෆොන්සේකගෙ සුදු කොඩි කතාවක් හින්ද නෙමෙයිනෙ විශ්‍රාම වැටුප නැති කලේ.වෙන චෝදනාවක් දාලනෙ.සුදු කොඩි කතාව කෝ ඔප්පු කලා?අර ජෑන්ස්ගේ හඩ පටිය?කෝ ඒක?
2005 මහින්ද වි.ජනාධපතිකම් අහෝසි කරනව කිව්ව.2010 දිනමිනට ආයෙත් ඒක කිව්ව.ඒක භාරකාර ධූරයක් කොරනව කියල ප්‍රතිපත්ති ප්‍රකාසනේ ලිව්ව.මේව බලලයි මිනිස්සු චන්දෙ දුන්නෙ.මේක බලවත් කරනව කියල ආසාවට කිව්වෙ නැහැනෙ?එතකොට ඒක ජනතාව මුලා කිරීමක් නෙමෙයිද?එකක් කියල වෙන එකක් කිරීමක් නෙමෙයිද?තමුන්නැහෙල වගෙ ආන්ඩුවට යන අධෝවාතයත් පරම සුවදයි කියන්න බලාගෙන ඉන්න උන්දැලට මේව පුරස්න නොවුනට සිහි බුද්දිය තියෙන ඕනෙ කෙනෙක්ට මේව පුරස්න.
හොරකම් කරන හොරු ඇයි ජනතාව දිනවන්නෙ?ජනතාව දිනවන එකෙන් උන් හොරු නෙමෙයි කියල අදහස් වෙනවද?කොමිෂන් වල විශ්‍රාම ලත් ගෞරවනීය විනිශ්චයකරුවන් වගේ අයට වඩා දූෂන වංචා වලට හවුල් වෙලා තියෙන දේසපාලකයන්ට දූෂන නැතිකරන්න තියෙන පුලුවන් කම් ගැනයි මම ඇහුවෙ.රෝහිත අබේවර්ධනගේ වත්කම් පුරස්නෙ ගැන එහෙම අහල ඇතිනෙ.
කරුනෙන් කරුන වෙනම උත්තර දෙන්න මට උනන්දුවක් නැහැ.ඔයා ඔය බුදියගෙන ඉන්නෙ හොරට.ඒ නිසා ඇහැරවන්න බැහැ.එස් එල් ගුනසේකරලා වගේ අවංක දේශප්‍රේමීනුත් මේ කෙහෙල්මලට විරුද්ධ මේක ඇත්තටම බල තන්හාවෙන් වියරු වැටිල කරන පජාත වැඩක් හින්ද.මේක සාධාරනීකරනය කරල වැටුන එකම බ්ලොග් පෝසට් එකත් මේක.ලැජ්ජයි මහත්මයා.ඔබතුමාගේ කඩේ යාම අන්තිම නිර්වස්ත්‍රයි.

පුලස්ති said...

ආ 7 වෙනි කරුනට විතරක් උත්තරේ දෙන්නම්.

‍ජේආර් - ඉල්ලපු දෙපාරම දිනුම්
චන්ද්‍රිකා - ඉල්ලපු දෙපාරම දිනුම්
මහින්ද - ඉල්ලපු දෙපාරම දිනුම්

රාජ්‍ය බලය තියාගෙන එක්කෙනෙක් තරග කිරීමත් අනිත් කෙනා ඒ කිසිවක් නැතිව තරග කිරීමත් සමබරද?සාධාරනද?බයිල නැතිව ඒකට උත්තර දෙන්න.

නාමල් උඩලමත්ත said...

පුලස්ති,
කරුණෙන් කරුණ ඔයා උත්තර නොදී ගියේ බැරි නිසා. ඔයාලා හැමදා ම ඇවිත් ඔය බයිල තමා ගැහුවේ.
ඔබට විපක්ෂයේ අදහස් වමාරින්නට ඇති අයිතිය මට ආණ්ඩුවේ අදහස් වමාරින්නට ද ඇතැයි සිතා ගැනීම ඔබේ මානසික සුවයට හොඳ විය හැකි ය. කරුණා, පිල්ලෙයාන් ප්‍රජාතන්ත්‍රවාදයට පිසිසෙන විට ද පැරණි කොටි ලේබලය ඔවුන් මත අලවමින් නැවත කැලයට එලවා දැමීමට සැරසුණවුන් අද කේපීට එරෙහිව ද සිටින බව ජනතාව දනියි.
මිනි මැරුමකදී අපට ඊට මුහුණ දුන් මිනිසා කැඳවිය නොහැකි වුවත් මර්වින් සිල්වාගේ සිද්ධිය සම්බන්ධ පුද්ගලයා සිටියි. මෙහිදී වැදගත් වන්නේ ඔහු ය.
ආණ්ඩුවේ එදා හිටපු සමහරු අද නෑ. එදා මංගල, ජවිපෙ ආණ්ඩුවේ. අද විපක්ෂයේ. ගෝමින්, එස්. එල්. විතරක් නෙමේ අපටත් ආණ්ඩුව එක්ක එකඟ වෙන්න පුළුවන් හා බැරි දේවල් තියෙනවා. ඒත් ඒ දුර්වලතා හදා ගෙන ආණ්ඩුව ඉදිරියට යායුතුයි. අපි දුර තිබෙන මොනර මස්වලට වඩා ළඟ තියෙන කපුටු මස් ගැන හිතනවා.
මර්වින් ගස් බැන්දා කියලා ඔප්පු නොකළත් එයා දන් ගෙඩියට යා යුතුයි. ගස් බැන්ද මිනිහා නෑ කිව්වත් හරි නෑ. ඒත් ෆොන්සේකා ජනාධිපතිවරණය වෙලාවේ රට පුරා සුදු කොඩි කතාව කීවා. ඒක මාධ්‍යයෙන් ලොව පුරා ප්‍රචාරය වුණා. ඉතින් ඒක ඔප්පු කරන්න මොකට ද තව කතා?
2005 විධායක ජනාධිපති ධූරය ගැන තිබුණු දැනුමට එහා ගිය දැනුමක් 2005 සිට ඇස් කන් ඇරගෙන ජීවත් වූ ජනතාවට තියෙනවා. ඒක ඔයාට නැතු වුණාට මං මොනා කරන්න ද?
ඔයාට එස්.එල්.ලා ගෝමින්ලා අවංක දේශප්‍රේමින් වුණේ ලඟ දී නේද? ඔයා ඉස්සරත් එහෙම කිව්ව ද? අනේ අපි නොදන්න ඔයා. ඔයාලට බුද්ධිය තියෙනවා නැත්තේ ප්‍රඥාව.
විධායක ජනාධිපතිකම ලෝකාවසානය තෙක් තිබුණත් මහින්දට තව වරක් නැත්නම් දෙකයි ජනපති වෙයි. එයා ලෝකාවසානය තෙක් ජනපති නෙමේ. බයවෙන්න එපා.
ආ 7 වෙනි කරුනට විතරක් උත්තරේ දෙන්නම්.

නාමල් උඩලමත්ත said...

'‍ජේආර් - ඉල්ලපු දෙපාරම දිනුම්
චන්ද්‍රිකා - ඉල්ලපු දෙපාරම දිනුම්
මහින්ද - ඉල්ලපු දෙපාරම දිනුම්

රාජ්‍ය බලය තියාගෙන එක්කෙනෙක් තරග කිරීමත් අනිත් කෙනා ඒ කිසිවක් නැතිව තරග කිරීමත් සමබරද?සාධාරනද?බයිල නැතිව ඒකට උත්තර දෙන්න.'
නිකන් විකාර දොඩවන්න එපා. මේවා වගකීමකින් ලියන කෙනෙක් ලියන දේවල් ද? ඔයාලා වෛරයෙන් ඇවිලෙමින් වියරු වැටිලා ඔහේ හිතට එන දේවල් ලියනවා. බලන මිනිසුන්ගේ බුද්ධියට නිගා දෙන වල්පල් මේවා.
ජේ.ආර්.77 දිනුවේ 72 ව්‍යවස්තාව යටතේ. එයා 6/5න් අගමැති වෙලා 1978 ව්‍යවස්ථාව හදලා විධායක ජනපති වුණේ ඡන්දක් නැතිව.(එක බොරුවයි.) එයා 82 දිනුවේ සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා, slfa අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දෙත් එයාට දාගෙන දැඩි මර්ධනයක් මැද. ඒ ඔක්කො ම කරලත් ඊට අවුරුදු 5ට පෙර 6/5ක් දිනපු කෙනා යාන්තම් 53%න් දින්නේ.
චන්ද්‍රකා ප්‍රථම වරට 1994 ජනපති වෙද්දි රටේ තිබුණේ එජාප පාලනයක් බව ඔයා නොදන්නවාට රට ම දන්නවා. (බොරු දෙකයි) එතකොට චන්ද්‍රිකා විපක්ෂ අපේක්ෂකයා විදිහට කොහොමද දිනුවේ? 1999 එයාට මුල් වර ලබපු ඡන්ද ටිකවත් ගන්න බැරි වුණා. කොටියාට පිං සිද්ධ වෙන්න ජනතා අනුකම්පාවෙන් යන්තම් දිනුවා. එයාට 3 පාරක් ඉල්ලන්න තියා හිතන්නවත් බැහැ.
මහින්ද 2005 ජනපති ධූරයට තරග කරද්දි චන්ද්‍රකා රනිල්ට ආශීර්වාද කල බව රට ම දන්නවා. පක්ෂ මුලස්ථානය පවා මහින්දට වැහුණා. එතනත් ඔයා කියන රාජ්‍ය බලය ක්‍රියාත්මක වෙලා නෙමේ දිනුවේ. (රාජ්‍ය බලය තීරණාත්මක වුණා නම් රනිල් දිනන්නේ හරිද?)යාන්තම් දිනුවේ රනිල් එක්ක කරට කර තරගයකින්. ජනතාවයි තීරණය කළේ. මහින්ද විතරයි දෙවැනි පාර සිය ඡන්ද බලය වැඩිකර ගත් එක ම ජනපති. ඒ එයා රටට වැඩ කල නිසා.ඕක හදපු ජේ.ආර්ටත් ඒක බැරි වුණා. දැන් පැහැදිළියි රාජ්‍ය බලය තීරණාත්මක නෑ කියලා ජනාධිපතිවරණවලදී. එහෙම තීරණාත්මක වුණා නම් චන්ද්‍රිකා 2 වැනි පාර දිනන්න ඕන 80%න් විතර. ජේ.ආර්.2 වැනි පාර 95% විතර දිනන්න ඕන. ඔයාලා කොච්චර අගාධයක ද ඉන්නේ කියලා ඔයාගේ මසුරන් ප්‍රශ්නයෙන් ම රටට පේනවා.

නාමල් උඩලමත්ත said...

අනෙක අර ටින් ටින් සිල්වා කිව්වා වගේ මේ වෙලාවේ ඔයාල කරන්න ඕන අලි ටික ඕකට විරුද්ධ ව උසි ගන්වන එක නේද? ඒ අලි ටික විරුද්ධ වුණා නම් ඔය සංශෝධන පරාදයිනේ. ඒත් දැන් රහුෆ් හකීම්, කාදර්, අර්ල්, මනූෂ, ලක්ෂන් මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ගමන ශක්තිමත් කොරන්න යනවාලුනේ. ඔයාට මේ වන තුරු ප්‍රගතිශීලි වුණු මේ අය දැන් රාජපක්ෂගෙන් වරදාන පිදේනි අරගන්න, සල්ලිවලට ඡන්දය දෙන අය ද? නැතුව නැතුව නේද? දැන් එස්.එල්. ගෝමින් වීරයෝ. මනූෂ, ලක්ෂ්මන් හොරු තක්කඩි නේද? මොන තරම් විශිෂ්ට දේශපාලන විග්‍රහයක්ද?

පුලස්ති said...

මොලේ තරම දෙන උත්තරෙන් පෙනේ.අහන්නෙ සරල පුරස්නයක්.එක පාර්ශවයක් පොලිසිය අධිකරනය රාජ්‍ය සේවය මේ සේරම තමා අතේ තියාගෙන චන්දයකට යද්දි අනිත් පාර්ශවය මේ කිසිවක් නැතිව චන්දෙට එද්දි ඒක සමබරද?සාධාරනද?ඒ වගේ චන්දයක් අපක්ෂපාතී මැතිවරනයක්ද?ඒකට හරි උත්තරයක් දෙන්න.
1994 විජේතුංග ඉල්ලුවෙ නැහැ.ප්‍රේමදාස මැරෙන් නැතිව ඉදල ඉල්ලුව නං බලාගන්න තිබුන රගේ.ඔයා දැන් අර තත්වය සාධාරනයි ඒකෙ කිසි අසාධාරනයක් නැහැ කියන්නෙ රාජ්‍ය බලය ඔයාගෙ පක්ෂයට තියන හින්දනෙ.ඒක නැති වුන දවසටත් ඔයා එහෙම්මම කියයිද?නැහැනෙ.පුද්ගලයා දිහා නෙමෙයි ක්‍රමය දිහා බලල විචාර කරන්න.දැන් වෙලාවක් නැහැ.ඉතිරි ටික පස්සෙ කියන්නම්.එතකම් අහපු එකට පැහැදිලි උත්තරයක් දෙන්න.ඉන් ට‍ච් ඉන්න.බායි.

නාමල් උඩලමත්ත said...

ඉතින් අනේ ඇයි ඔයා විපක්ෂයේ ඉන්නේ එන්නකෝ ආණ්ඩුවට. ඔය එජාපයේ අය එන්නේ දිගට හරහට. ඔය ප්‍රශ්න තියෙන්නේ විපක්ෂයේ ඉන්න කොට නම් ප්‍රශ්න නැති කරගන්න ක්‍රමය හරි සරලයිනේ.
මම කියන්නේ රාජ්‍ය බලය තිබිය දී මැතිවරණවලට ගියා ම දිනනවා නම් තව ම ලංකාවේ තිබිය යුත්තේ 48 ආණ්ඩුව. පළමු වර රාජ්‍ය බලය නැති ව ජේ.ආර්. සහ චන්ද්‍රකා ලබපු ප්‍රතිශතය දෙවැනි වර රාජ්‍ය බලය සහිත ව ජනපති ධූරය දරමින් ගන්න බැරි නම්, කොහොමද ඔය රාජ්‍ය බලය තිබීම නොතිබීම අනුව මැතිවරණයේ සාධාරණ අසාධාරණ බව මනින්නේ?

 
සිය රට දේ සිරි සැප දේ !