Wednesday, December 2, 2009

ඉංගිරිසියට පරිවර්තනය කර කියවීම පිණිසය......

රජය වෙනස්‌ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ පවත්නා බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. කොටින්ට එරෙහිව කරන ලද තිස්‌ අවුරුදු යුද්ධයේ අවසාන තුන් අවුරුද්ද භාරව කටයුතු කළ ක්‍රමෝපාය ශූරයා වූ ගෝඨාභය කොටුකර ගැනීමට විශ්‍රාමික ජනරාල් හරහා ඇමරිකාව ගත් උත්සාහය ඒ සඳහා වූ ප්‍රමුඛ සාක්‍ෂියකි. ඊට අමතරව මෙබඳු කුමන්ත්‍රණයක්‌ පවත්නා බවට ඇති සෙසු සාක්‍ෂිවලින් කිහිපයක්‌ මෙසේ යá

මුළු මහත් යුරෝපයම විශාල ආර්ථික අවපාතයක ගිලී පවතී. ප්‍රංශය, බ්‍රිතාන්‍යය වැනි රටවල ආර්ථිකයන්ගේ ඵලදායිතාව 50% කින් කැපී ගොස්‌ ඇත. තම රටවල් ඒ ආකාරයෙන් තම හිස මත කඩා වැටෙමින් පවතිද්දී ඒවාට විසඳුම් සෙවීම පසෙක තබා ශ්‍රී ලංකාවේ මිනිස්‌ අයිතිවාසිකම්වල තත්ත්වය සෙවීම සඳහා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යන රටවල විදේශ ඇමැතිවරුන් මෙහි පැමිණීම

ඇමරිකාවේ හිටපු තානාපති රොබට්‌ බ්ලේක්‌ මැතිතුමා ශ්‍රී ලංකාව තම මව් පාර්ශ්වයට හෝ පිය පාර්ශ්වයට අයත් ඉඩමක්‌ සේ සලකා මෙහි සිදු වන දේ ගැන උනන්දු වීම සහ ඒ වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිතර දිවගෙන යැම.

යුරෝපයේ පැවැත්වෙන හැම සමුළුවකදීම ශ්‍රී ලංකාවට පාඩමක්‌ උගැන්විය යුතු බව සාකච්ඡා වීම. එසේ පාඩමක්‌ උගන්වන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව සම්බාධක පැනවීමෙනි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවලට පිටරටවල් දෙමින් තිබූ යුද පුහුණුව නතර කිරීම.

ජී.එස්‌.පී. සහනය ශ්‍රී ලංකාවට නොදෙන බවට තර්ජනය කිරීම.

ප්‍රහාරක යානාවල අමතර කොටස්‌ ශ්‍රී ලංකාවට ලබාදීමෙන් වැළකී සිටීම.

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සමුළුව කොළඹදී පැවැත්වීම අත්හිටුවීම

මෙහිදී අප මුලින්ම සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන්නේ පොදු රාජ්‍ය මණ්‌ඩල රැස්‌වීම ගැන ය. පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු බ්‍රිතාන්‍යයේ වහලුන් ලෙස සිටි යටත් විජිත සමූහය තමන්ට නිදහස ලැබීමෙන් පසු පිහිටුවා ගත් සංවිධානයකි. වහලා කල් යද්දී තමන් බැඳී සිටින යදම්වලට ආදරය කරන්නට පටන් ගනී. මෙසේ ආදරය කරමින් සිටින ශ්‍රී ලංකාව ඇතුළු සෙසු වහල්ලු අදටත් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායිකාව ලෙස සලකන්නේ මහ රැජින ය. මේ රටවල් තවමත් මානසික වහලුන් ලෙස කටයුතු කරන බව දන්නා නිසා දෝ එංගලන්තයේ මහ රැජින ද මෙයට සහභාගි වෙයි. රැජිනගේ සහභාගිත්වය, පසු කාලයේදී දියුණු රාජ්‍ය බවට පත් වූ හිටපු වහල් රාජ්‍යවල සහභාගිත්වය යනාදිය නිසා මේ සමුළුව බැලූ බැල්මට වැදගත් උත්සවයකි. මේ සමුළුව මෙහි පැවැත්වීමෙන් ඇති වන එකම වාසිය සාම්ප්‍රදායික ජාත්‍යන්තර චින්තනය තුළ ශ්‍රී ලංකාවටත් තැනක්‌ ලැබීම ය.

ඒ අතර ඇමරිකානු ක්‍රියා කලාපය ගැනත් කතා කිරීම වටී. ගෝඨාභය රාජපක්‍ෂ එල්ලුම් ගස්‌ යෑවීමට කටයුතු කරන ඇමරිකාව තම රටේ සෙබළුන් ඇෆ්ගනිස්‌තානයට යවා ඒ රට ලේ විලක්‌ කර ඇති බව සියලු දෙනා මතක තබා ගත යුතු ය. එසේම පාකිස්‌තාන දේශසීමාවට බෝම්බ දමා කුඩා දරුවන් පවා සංහාරය කළ බව මතක තබා ගත යුතු ය. අනෙක්‌ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ ඇමරිකානු පුරුද්ද ජනාධිපති බරක්‌ ඔබාමා විසින්වත් නැති කරනු ලැබිය යුතු බව අපි සිතමු. පසුගියදා ඇමරිකාවේ පැවැති සාම්ප්‍රදායික ආගමික උත්සවයකදී මරා අනුභව කිරීම සඳහා ජනාධිපති පවුලට කැප කර තිබූ කළුකුන් වර්ගයේ සතුන් දෙදෙනකුට අභය දානය දුන් බරක්‌ ඔබාමා මහතා ඒ සතුන් තම භාරයට ගෙන මුළු ලෝකයටම ආදර්ශයක්‌ දුන්නේය. හැදෙනවා නම් හැදෙන්නට රොබට්‌ බ්ලේක්‌ට මේ පාඩම ම ඇති.

ජනාධිපති ඔබාමා සමහර විට හදවතින් ශ්‍රී ලංකාව සමඟ සිටිනු ඇති. එහෙත් ඔහු වටකරගත් නිලධාරිවාදය ඔහුට ඊට ඉඩ නොදෙන බව පෙනේ. අපගේ දුෂ්කර අවස්‌ථාවේදී අප සමඟ සිටියේ ඉන්දියාව, චීනය, රුසියාව, පකිස්‌තානය ඇතුළු රටවල් කිහිපයක්‌ පමණි. පිටරටවලට ආධාර දීමේදී ඒ රටවල අභ්‍යන්තර කටයුතු නමැති බැම්මෙන් එම ආධාර බැඳ නො තබන එකම රට චීනය යි. අපගේ රට තුළ දැන් ක්‍රියාත්මක වෙමින් පවත්නා කුමන්ත්‍රණයට මේ රටවල් එකතු නොවන බව අපට විශ්වාස ය.

(දිවයින - 09/12/03)

ටිප්පණිය - ආණ්ඩුව පෙරළා බලය සියතට ගැනීමට ඕනෑම යකෙකු සමග එකතු වන්නට බලා සිටින විපක්ෂයක් අප‍ට තිබේ. ඒ නිසා රටේ සතුරෝ මේ විපක්ෂය රූකඩයක් කර ගෙන රට අගාධයට ගෙන යන්නට විවිධ කුමන්ත්‍රණ කරති. කුඹුරක සිට වූ පඹයෙකුගෙන් වන සේවයවත් රටට නොලැබෙන විපක්ෂය කරන්නේ රටේ සතුරන් හා එක ගෙයි කමින් කෙසේ හෝ රජ ගෙට රිංගා ගැනීමට මං සෙවීම ය.

රටට ආදරය කරන වංචාවට දූෂණයට එරෙහිව හඬ නැඟිය හැකි ප්‍රබල විපක්ෂයක් රටේ තිබිණි නම් මේ ආණ්ඩුව ගෙදර යවන්නට ජනතාවට දෙවරක් සිතන්නට දෙයක් නැත. එහෙත් ඉඟුරු දී මිරිස් ගන්නට ජනතාව සුදානම් නැත. කබලෙන් ලිපට වැටී පලක් නැත.එහෙයින් පවතින තැනින් එක් පියවරක් හෝ ඉදිරියට තැබිය හැකි විපක්ෂයක් මේ පොළවේ මුල් ඇති විපක්ෂ නායකයෙක් බිහි වන තුරු දන්න යකා හොඳයි කියා ඉවසීමට ජනතාවට සිදු වී ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !