Friday, June 24, 2022

රැලි..

රැල්ලට යන්න එපා, රැල්ල භයානකයි කියලා දැන් කතාවක් යනවා. නමුත් සමාජයේ රැලි හැදෙන එක මාධ්‍ය ඒවා උස්සන එක කාටවත් නතර කරන්න බෑ. 

යහපාලන රැල්ල, ගෝඨා රැල්ල විතරක් නෙමෙයි, කොටි පරදන සටනත් සමාජ රැල්ලක ප්‍රතිඵලයක් තමයි. ඒකට අපි වෙනුවෙන් අපි වගේ ලොකු කැම්පේන් ගියා.

මෑතක ආව ණය නොගෙවන රැල්ල, ගෝහෝම්ගෝඨා රැල්ල වගේ රැලිවලින් රට බංකොලොත් වෙලා ගෙවල් ගිනි තියල විනාශයක් වුණා.

හැම රැල්ලම රටට ජනතාවට හිතකර නෑ. රට අහිතකර රැලි පරදන්න, ඒ රැලි හඳුන ගන්න ජනතාව අවදි කළ යුතුයි. ඒ වගේ ම රටට හිතකර රැල්ලට ජනතාව එකතු කරගත යුතුයි. කහ සිකුරාදාවත් එහෙමයි.

එහෙම නොකර රැල්ලට බැනලා වැඩක් නෑ. රටට අහිතකර රැල්ල ගහද්දි පෞද්ගලික දේශපාලන අමනාපකම් නිසා ඒ රැල්ලට අනියමින් සහ නියමින් ආධාර කරල මූණේ වැරැද්දට නාහේ කපා ගෙන පස්සේ රැල්ලට වරද පටවලත් වැඩක් නෑ.

එහෙම කළා කියල රැලි හැදෙන එක, හදන එක නතර වෙන්නේ නෑ. අපට කරන්න පුළුවන් රැල්ල හඳුනා ගෙන ඒ රැල්ලට මුහුණ දෙන එක. ඒකට මුහුණ දෙන්න ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් හදන එක හරි වැදගත්. 

එදා යුද විරෝධී රැල්ල සහ යුද අපරාධ රැල්ල පරාජය කරන්න ලක්ෂ්මන් හුළුගල්ලගේ මූලිකත්වයෙන් තිබුණු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය වගේ ආයතනයක් රටට ඕන. මොකද අද සියල්ලට ම වැඩිය මාධ්‍ය සහ සන්නිවේදනය වැදගත්.

Saturday, June 18, 2022

අර්බුද හදන්නෝ....

කොවිඩ් වසංගතය පාලනය කර ගනිමින් රට නොවසා ආර්ථික ක්රියාවලිය කෙසේ හෝ ඉදිරියට ගෙන යා යුතු බව අප අවධාරණය කළ සමයේ ආචර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඊට එරෙහිව පෙනී සිටියේය.

එදා රට වසා දමා ආර්ථිකය අකර්මන්ය කිරීම වෙනුවෙන් පෙනී සිටි ඔහු පමණක් නොව අනුර දිසානායක හෝ සජිත් ප්රේමදාස හෝ ස්වයං ලොක්ඩවුන් එකකට යන බවට තර්ජනය කළ පිරිස හෝ අද තමන් එදා සමාජගත කළ මතය නිසා ආර්ථිකය වසා දැමීමෙන් සිදු වූ විනාශයට වගකියන්නේ නැත.
සැබවින් ම ඔවුන්ගේ අවශ්යතාව වූයේ ම කොවිඩ් වසංගතයට මුවා වී රටේ නිෂ්පාදන කර්මාන්තය ද සංචාරක කර්මාන්තය ද වනසා ආර්ථිකය අකර්මන්ය කර දමා රට අගාධයට ඇද දමා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමටය. ඒ වෙනුවෙන් ජනතාවට රටට ගෙවන්නට සිදුවන වන්දිය ඔවුන්ට අදාළ නැත.
අනෙක් අතට රට වසා දැමීමේ අනිටු ප්රතිඵල ජනතාවට නිවැරදි ආකාරයට සන්නිවේදනය කර එම මතවාද පරාජය නොකර තමන්ට හිතැති සියලු මාධ්ය ද තරහ කරගෙන කිංග්ස්ලි රත්නායක, සුදේව හෙට්ටිආරච්චි වැනි තක්කඩි මාධ්ය ප්රධානීන් කරගෙන අර මතයට හිස නමා රට වසා දැමූ ජනාධිපතිවරයා ප්රමුඛ රජය ද සිදුකර ඇත්තේ රටේ සතුරන්ගේ අවශ්යතාව ඉටුකර දීමය.


තෙල් පෝලිම් ගැටුම් සැලසුමක් ද?

 පෙරේදා අතුරුගිරිය පිරවුම්හල අසල පොලිසිය සමග ගැටුමට මුල් වූයේ එහි ඉන්ධන ලබා ගැනීමට සිටි අයකු නොව පිටතින් පැමිණි පුද්ගලයකු බව සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි අයකු මාධ්යයට කියනවා.

මාස්පොත පිරවුම්හල අසල ගැටුම නිර්මාණය කළ පුද්ගලයා එහි හැසිරෙන ආකාරය මට එකවර ම සිහිපත් කළේ කූඹියෝ ටෙලි නාට්යය.
ඔහුගේ දෙබස් හැසිරීම් සියල්ල තෙල් ලබා ගැනීමට පෝලිමේ සිට වෙහෙසට පත්ව සිටින සාමාන්ය ජනතාව සංවේදී කර ඔවුන් කෝප ගන්වා පොලිසිය සමග ගැටුමක් නිර්මාණය කර ගැනීම උදෙසා ම ඉතා ම සැලකිල්ලෙන් පුහුණු කළ රංගනයක කොටස් බව එම සිද්ධිය ඊයේ රාත්රියේ ප්රවෘත්ති විකාශය ඔස්සේ නැරඹූ මගේ නිරීක්ෂණයයි.
මෙම ගැටුම්වලට නායකත්වය දෙන ගැටුම අවුළුවන පුද්ගලයින්ගේ හැසිරීම් මේ රටේ බුද්ධි අංශවල සුවිශේෂ නිරීක්ෂණය⁣ට යොමුවිය යුතුයි. එම සිද්ධිවලට අදාළ CCTV දර්ශන සමීපව නිරීක්ෂණය කළ යුතුයි. මොවුන්ගේ දේශපාලන ළැදියන් ඇතුළු සියල්ල ගැඹුරින් පරික්ෂාවට ලක්විය යුතුයි.
එමගින් අදාළ පිරිස මෙහෙය වන කණ්ඩායම හඳුනාගත හැකිය.
එසේ ම ජනතාව ද තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතු නිසා මෙවැනි ගැටුම් නිර්මාණය කර තමන් කබලෙන් ළිපට ඇද දැමීමට සැරසෙන පුද්ගලයින්ට අනවශ්ය ගැටුම් ඇති කිරීමට එරෙහි විය යුතුයි. ගැටුම් නිර්මාණයට අර අඳින පුද්ගලයින්⁣⁣ට සාමුහිකව එරෙහි විය යුතුයි. ඔවුන්ගේ පටු අරමුණුවල ගොදුරක් වෙන්න එපා.
නොඑසේ නම් මෙම නාඳුනන හනුමා කල්ලිය ගිනි අවුළුවා එතැනින් අතුරුදන් වනු ඇති අතර පැය ගණනක් පෝලිමේ සිට තෙල් ලීටරයක් දෙකක් ලබා ගැනීමට පැමිණි අසරණ ජනතාව අවසානයේ එහි ගොදුරක් වනු ඇත. අැතැම් විට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවනු ඇත. පිරවුම්හල ද වසා දමනු ඇත.
සියලු තෙල් පිරවුම්හල් වෙත යුද හමුදා අාරක්ෂාව ලබා දීම මේ වන විට අත්යවශ්ය වුව ද ආණ්ඩුවට ඒ ගැන වගේ වගක් නැත. සමහර විට අශ්වයා පැන ගිය පසු ඉස්තාලය තදින් වසා දමනු ඇත.
 
සිය රට දේ සිරි සැප දේ !