Tuesday, June 2, 2009

බටහිර මාධ්‍ය කුමන්ත්‍රණය බිඳ වැටීම

ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් හැටියට ළඨඨු පරාජය කිරීමේ අවස්ථාව සැලකිය හැකිය. එමෙන්ම මාධ්‍ය ඉතිහාසයේදී මෙය ඉතා වැදගත් වන අවස්ථාවකි. හිටිලර්ටත් වඩා කුරිරුතර ජනඝාතකයා හැටියට සැලකිය හැකි වේලුපිල්ලේ ප්‍රභාකරන් ට ඒ සඳහා අනුබලයක් ලැබුණේ බටහිර මාධ්‍යන් මගිනි.

කෙසේ නමුදු එම ජනඝාතකයා මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමට ද කටයුතු කළ අයකු වශයෙන් බටහිර මාධ්‍ය නොදැන සිටීම පුදුමයට කරුණකි. මෙම ජයග්‍රාහී අවස්ථාව මාධ්‍යමය කුමන්ත්‍රණ බිඳවැටුණු අවස්ථාවක් හැටියට ද සැලකිල්ලට ගත යුතුව ඇත. ප්‍රභාකරන් මාධ්‍යකරුවෝ රුසක් අමු අමුවේ ඝාතනය කළ පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය.

මෙහිදී 1987 දී පමණ ශ්‍රී ලංකා රුපවාහිනියේ සේවකයන් 4 දෙනකු පණ පිටින් පුළුස්සා මරා දමන ලද අවස්ථාව අපගේ මතකයට නැඟෙයි.

මෙම සිව් දෙනා යාපනයේදී පැහැරගෙන ගොස් අවසානයේ මරා දැමුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සෘජු අණදීම මත බව පැහැදිලිය. විග්නේෂ්වරම් නමැති තම සහෝදර දමිළ නිලධාරියා වාහනයකින් ගෙදරට ඇරලවා ආපසු එන ගමනේදී මෙම සිව් දෙනා සුසාන භුමියකට ගෙන ගොස් ටයර් දමා පුළුස්සා අමු අමුවේ මරා දමන ලදී. මෙම නිලධාරීන් සිහිපත් කිරීම මෙම අවස්ථාවේදී අප හැම යුතුකම වේ. මෙයට අමතරව මාධ්‍යවේදීන් රුසක් වරින් වර මරා දැමීමේ චෝදනාවට ද වගකිව යුත්තේ එල්ටීටීඊයම බව කිවයුතුව ඇත. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අයත් වැදගත් චරිත හා පුද්ගලයන් මරා දමා එය අන්‍යයන් පිට පැටවීම ද එල්ටීටීඊ ය සුක්ෂම ලෙස කරන ලද්දකි.

ත්‍රස්තවාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ කුරිරු ක්‍රියාවට බටහිර ජනමාධ්‍ය ඡණණ හා අල් ජසීරා රුපවාහිනී සේවාවන් සෘජු ලෙසම වගකිව යුතුය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් හඳුන්වාදෙන ලද මිනිස් බෝම්බ, මරාගෙන මැරෙන කබා, හෙල්මටි, සයිනයිඩ්, ගැබ්බර කාන්තාවෝ මිනිස් බෝම්බ ලෙස යොදා ගැනීම වැනි විධික්‍රම හා එහි මුහුණුවර ලෝක ත්‍රස්තවාදීන්ට අස්වාදනයක් ගෙනදෙන අයුරින් ලොවට දායාද කිරීමේ පාපයෙන් මිදීමට මෙම බටහිර මාධ්‍යයන්ට පුළුවන්කමක් නැත. එල්ටීටීඊ ත්‍රස්තවාදයට අනුබද්ධ මාධ්‍ය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වු බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මාධ්‍ය ඉතිහාසයේ මෙය වැදගත් අවස්ථාවක් ලෙස සටහන් වන්නේ ත්‍රස්තවාදීන් පරාජය කරන අතරම, මෙම ත්‍රස්තවාදයට අනුබලයක් වු මාධ්‍ය කුමන්ත්‍රණ ද ලෝක ප්‍රජාව අවබෝධ කර ගැනීමට සමත් වීම නිසාය. කුමන්ත්‍රණකාරී ස්වභාවය වඩාත් හොඳින් ප්‍රදර්ශනය වුයේ පශ්චාත් යුද සමයේදීය. එය ඔවුන්ගේ ක්‍රියා කලාප තුළින්ම ඔප්පුවුවකි.

එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ සෙසු නායකයන් අවසාන මොහොතේ පවා සියලු උපක්‍රම යොදා බේරා ගැනීමට බටහිර මාධ්‍ය නොගත් උත්සාහයක් නැත. ඔවුන් යුද මුක්ත කලාපයේ කොටුවු අවස්ථාවේදී අල් ජසීරා BBC CNN මාධ්‍ය ආයතන අඛණ්ඩව හුවා දැක්වුයේ සිවිල් වැසියන් මරාදැමීම හා යුද අපරාධ ශ්‍රී ලංකා හමුදාව විසින් දහස් ගණනින් සිදු කරන බවයි. පසුගිය මැයි 10 දින සිට මෙම සේවා ඔස්සේ පළවු පුවත් හා විචිත්‍රාංග මෙයට කදිම නිදසුන් වේ.

ඔවුන් මෙම පුවත් ගොඩ නැඟීමට සෘජුවම උපුටා ගත්තේ ඨඅමඉල නඑට වෙබ් අඩවියයි. බීබීසිය ප්‍රචාරය කළ ඩේටි ලයින් වැඩසටහනින් මාර්ක් නමැති සම්පත් දායකයා පුන පුනා සඳහන් කළේ යුධ අපරාධ පිළිබඳවයි. එසේම අල් ජසීරා රුපවාහිනි සේවාව සිය පුවත් ප්‍රචාරය මගින් විනෝ කනපතිපිල්ලේ නමැති එල්ටීටීඊ ප්‍රකාශිකාවක් ලවා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වන අසාධාරණය පිළිබඳ යළි පුන පුනා සඳහන් කරන ලදී. මෙම ප්‍රවෘත්තියටම අනුබද්ධව යුද ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති වින්ද ජන කොටස්වල රුප රාමු පෙන්වන අතරම තවත් ජන කොටසක් ඉතා දුක්බරිත තත්ත්වයකින් මුදාගත් ප්‍රදේශවල වෙසෙන බවටත්, එහි ලෙඩ රෝග පැතිර තිබෙන බවටත් කරුණු අවධාරණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කිමෝන් මහතාගේ සංචාරයෙන් පසු මෙම තත්ත්වය කිසියම් දුරකට මඟහැරී ගිය බවක් පෙනුණි. අල්ජසීරා රුපවාහිනි සේවාව පිළිබඳ පාඨකයා දැනුවත් වීමද වැදගත් වේ. එය ඹඹඡ ආකෘතියට අනුගත එම සම්ප්‍රදායම අනුගමනය කරන ආයතනයක් බවට සඳහන් කළ හැකිය.

අල් ජසීරා රුපවාහිනිය ආරම්භ කර ඇත්තේ 1999 වර්ෂයේදී දෝහා කටාර් රාජ්‍යයේදීය. එය ආරම්භ කිරීමේ දී ප්‍රාග්ධනය වශයෙන් ඇ.ඩො. මිලියන 150 ක් දෝහා කටාර් රාජ්‍ය නායක එමීර්වරයා විසින් ලබා දෙන ලදී. ඉංග්‍රීසි හා අරාබි භාෂාවන්ගෙන් මෙම වැඩ සටහන් ප්‍රචාරය වෙයි. ලන්ඩන්, ක්වාලාලාම්පුර්, දෝහා හා වොෂින්ටන් හි මෙහි මධ්‍යස්ථාන පිහිටා ඇත. එය ආරම්භයේදීම 2001 වසර වන විට එහි පැවැත්මට අවශ්‍ය මුදල එම ආයතනය විසින්ම උපයා ගතයුතු බවට සැලැස්මක් තිබුණද, 2004 අවුරුද්දේ සිට යළි ඒ සඳහා ඩොලර් මිලියන 30 බැගින් ලබාදීමට දෝහා රාජ්‍ය නායකයා විසින් ආරම්භ කරන ලදී. මේ අනුව අල් ජසීරා සේවය පවත්වා ගෙනයා මේ ආර්ථික අරගලයක් තිබෙන බවද අප තේරුම් ගත යුත්තකි. අල්ජසීරා රුපවාහිනිය බොහෝ අවස්ථාවල බීබීසී ද අභිබවා එල්ටීටීඊ යට පක්ෂව මාධ්‍ය මෙහෙයුම දියත් කළේය.

එල්ටීටීඊ ය ආයුධ මිලදී ගැනීමට සමාන උනන්දුවක් මාධ්‍ය සඳහා මුදල් වැය කිරීමට දරා ඇති බව අපගේ අවධානයට යොමු විය යුතු කරුණකි. කෙසේ වුවද ප්‍රභාකරන් මියගිය පුවත අල් ජසීරා රුපවාහිනි සේවය හා ඹඹඡ ඡණණ සේවා ප්‍රචාරය කරන ලද්දේ මැයි මස 25 වැනි දින වන විටය. අප ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී ඔවුන් දක්වන උද්‍යොගය හා විධානයේ විධික්‍රියා ස්වරය මෙහිදී දක්නට නොලැබුණු අතර, ඉතා මෘදු ස්වරයකින් මෙම පුවත ඉදිරිපත් කරන්නට යෙදුනි. මෙම පුවත ඉදිරිපත් කිරීමේදී සෙල්වරාසා පද්මනාදන් නොහොත් ඛඵ යනුවෙන් හඳුන්වන ඊනටඑරපඔඔල පොලිසියට ද අවශ්‍ය වී ඇති ත්‍රස්තවාදියා යොදාගැනීමට ද අල් ජසීරා රුපවාහිනි සේවය කටයුතු කර ඇති බවක් දක්නට ලැබිණි.. සෙල්වරාසා පද්මනාදන් එල්ටීටීඊ ජත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානියා වශයෙන් හඳුන්වාදීමට බටහිර මාධ්‍ය මේ දිනවල අසාර්ථක උත්සාහයක නිරතව සිටී. මේ අතර ශ්‍රී ලංකා රජය ද ඛඵ අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මාර්ගයෙන් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

රජයට අහිතකර පුවත් පළකිරීම නිසා, 2002 නොවැම්බර් මාසයේ සිට අල් ජසීරා රුපවාහිනි සේවය කුවේටි භුමිය උපයෝගි කර ගනිමින් කරන කටයුතු, කුවේටි රජය මගින් තහනම් කර ඇති බවක් ද මෙහිදී සඳහන් කළ යුතුය. කුවේටි භුමියෙන් 1.3 ඇමරිකානු හමුදා අභ්‍යාස සඳහා ලබාදුන් බවට දැක්වණු වැරදි ප්‍රවෘත්තියක් පළකිරීම මෙයට මුල් වු හේතුවයි. මේ අනුව අල්ජසීරා රුපවාහිනි සේවයේ කුවේටි කාර්යාලය වසා දමා එහි නිලධාරීන් රටින් පිටුවහල් කිරීමට කුවේටි රජය පියවර ගනු ලැබීය. එතැන් පටන් අද දක්වා ජසීරා රුපවාහිනි සේවය කුවේටි රාජ්‍ය තුළ ක්‍රියාත්මක වන්නේද නැත.

ප්‍රභාකරන් යන්න හිරුට පර්යාය නාමයකි. ප්‍රභාකරන් යන්න සංස්කෘත භාෂාවෙන් ප්‍රභාව ඇති කරන තැනැත්තාට යෙදෙන්නකි. හිරු දෙවියා යන පර්යාය නාමයෙන් බොහෝ බටහිර මාධ්‍යයෝ ප්‍රභාකරන් හැඳින්වීමට පෙළඹුණහ. ඔහු දේවත්වයට නංවාලීමට කටයුතු කළේ හිතාමතාමය. තවත් වරෙක ක්‍රිෂ්ණ දෙවියන්ගේ අවතාරය වශයෙන් ද ඔහු පෙනී සිටී. මෙම මහා ප්‍රතිරුපය පැරදවිය නොහැකි බලවේගයක් වශයෙන් නිතර නිතර හුවා දක්වන ලද්දේ බටහිර මාධ්‍ය මගිනි. මාධ්‍ය මගින් මවා පෑ කාල්පනික ලෝකයේම ඇලී ගැලී ජීවත් වීමට ප්‍රභාකරන්ද පෙළඹුණේ මෙම මනෝ මුලික හේතුව නිසාය. මනසින් දෙවි කෙනෙක් බවට ඔහු පත්විය. ක්‍රිෂ්ණ දෙවියන් පැරදවිය නොහැකි බව ඔහුම හඬ නඟා කීවේ මෙම මානසික තත්ත්වයම නිසාය. මනසින් මනෝරාජ්‍යක රජවීමට තරම් ප්‍රභාකරන් උන්මන්තකයකු කළේ මෙවන් ඊනියා මාධ්‍යයන් විසිනි.

ප්‍රභාකරන් මෙම විකාරරුපී තත්ත්වයට ඇද දැමුවේද ඔහුට ආවැඬු මාධ්‍යමය. හමුදාවට කොටුවී සිටින අවසන් අවස්ථාවේ පවා ඔහු සිතුවේ ක්‍රිෂ්ණ දෙවියන් මෙන්ම හිරු දෙවියන්ද පරාජය කළ නොහැක යන මතයම විය හැකිය. ප්‍රභාකරන් සිහින ලෝකයක තනි කර ඔහු පාවා දෙනු ලැබුවේ බටහිර මාධ්‍ය බවට මේ අනුව තර්ක කළ හැකිය. ප්‍රභාකරන්ට ආත්මාවබෝධයක් තිබුණේ නම් මෙම මාධ්‍ය ලෝකය විසින් මවන ලද ස්වප්න රාජ්‍යයේ ජීවත්ව නොසිටිනු ඇත. මාධ්‍යමය වශයෙන් වැදගත් වන මෙම අවස්ථාව සියලුම මාධ්‍යවේදීන් විසින් ගැඹුරින් ගවේෂණය කළ යුත්තකි. මානව ශිෂ්ටාචාරය ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් විනාශ කිරීමට බටහිර මාධ්‍ය කටයුතු කළ ආකාරය ලෝක ඉතිහාසයේ සටහන් වනු නියතය.

එල්ටීටීඊයෙන් යැපුණු මාධ්‍යකරුවා නිතර සංකතනයට භාජන කරන ලද්දේ සිවිල් සමාජය මානව හිමිකම් වැනි ත්‍රස්තවාදයට රුකවරණය සලසා දුන් උද්‍යොගි පාඨ කීපයකි. මෙම එල්ටීටීඊ පරාජයත් සමගම බටහිර මාධ්‍යයේ සත්‍යාන්විත භාවය හා මධ්‍යස්ථභාවය පිළිබඳ ලෝකයටම පැහැදිලි යථාවබෝධයක් ලැබී ඇත. බටහිර රටවල දේශපාලනයේදී වෙනස් වීමේ ප්‍රවණතාවක්ද මේ අනුව ගොඩනැඟෙමින් තිබේ. එල්ටීටීඊයේ සවරුපය ලොවට හෙළි වනවාත් සමගම මාධ්‍ය ත්‍රස්තවාදයේ නග්නත්වය ලොවට හෙළිදරව් වෙමින් පවතී. ද්වේශ සහගත ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මිලිබෑන්ඩ් වැන්නවුන් කළ ප්‍රකාශ ඔහුට මෙන්ම බටහිර මාධ්‍යන්ට පාරාවලල්ලක් වී ඇති බව සඳහන් කළ යුතු වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී (2009.5.26) බ්‍රිතාන්‍ය විදේශ ඇමති මිලිබෑන්ඩ් විසින් යුද අපරාධ සෙවීමේ ස්වාධීන කොමිසමක් පත්කර ගැනීමේ උත්සාහයක යෙදුනි. බීබීසීය 26 වැනි දින තම ප්‍රවෘත්ති ප්‍රචාරය මගින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමේ කුට මෙහෙයුමක සුපුරුදු පරිදි යෙදෙනු දක්නට ලැබිණි. ත්‍රස්තවාදී එල්ටීටීඊය නිසාම සරණාගතයන් බවට පත් ජනතාවගේ කඳවුරු ජීවිතයේ අඳුරු පැතිකඩක් මෙහිදී අන්වීක්ෂණය කොට දර්ශනය කෙරිණි. බීබීසීය ලෝකයා හමුවේ සිය නග්නත්වය යළි වසා ගැනීමට තැතක් වශයෙන් මෙම නිරර්තක උත්සාහයන් හැඳින්විය හැකිය.

බොහෝ අවස්ථාවල දී බීබීසී හා අල් ජසීරා වැනි රුපවාහිනි මාධ්‍ය හිටිලර්ගේ සන්නිවේදන අංශ ප්‍රධානියා වු ගොබල්ස්ගේ සන්නිවේදන න්‍යාය ශිල්ප ක්‍රම උපයෝගි කරගනු දක්නට ලැබිණි. යමක් පුළුවන් තරම් පුන පුනා කීම හා ඒ මගින් පුද්ගල මනසට කා වැද්දීම ගොබල්ස් සන්නිවේදන න්‍යායේ එක් ලක්ෂණයකි. යුද අපරාධ මානව හිමිකම් බිද දැමීම වැනි ඔවුන් පුන පුනා මතුකිරීමට උත්සාහ ගත් ප්‍රවෘත්තිද අද වන විට බිඳ වැටෙමින් පවතී. ඔවුන්ගේ මෙම මාධ්‍යමය උපක්‍රමවලින් අමාරුවේ වැටුනේ හිරු දෙවියන්ගේ තත්ත්වය ආරුඩ කරගත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත්වීමත් සමගම වඩාත් ලජ්ජාවට පත්විය යුත්තේ බටහිර මාධ්‍ය බව ඉඳුරාම කිව හැක. එල්ටීටීඊයට වඩා පරාජයක් අද සත්‍යයේ ජයග්‍රහණ හමුවේ බටහිර මාධ්‍යන් ලබා ඇත.

මෙවැනි තීරණාත්මක අවස්ථාවක මාධ්‍ය තුළ පෙනී සිටිමින් කළ ප්‍රචාරාත්මක ප්‍රකාශ පිළිබඳව එක්සත් ජාතීන්ටද පැමිණිලි කිරීම මෙම අවස්ථාවේ ඉතා වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක කටයුතු කරන පිල්ලේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාටත් වඩා ඉහළින් පෙනී සිට මේ පිළිබඳ දක්වන උනන්දුව ලෝකයාට ද පැහැදිලි කළ යුත්තකි.

ශ්‍රී ලංකා රජයට විරුද්ධව මානව හිමිකම් කොමිෂම ඉදිරියේ පැවැති යෝජනාව ජයගනු ලැබු දිනට පසුදින අල්ජසීරා ප්‍රවෘත්ති මගින් එම ජයග්‍රහණය විවරණය නොකොට අත් වු පරාජය වසාගැනීම සඳහා නින්දිත උත්සාහයක යෙදිණි. උතුරේ කඳවුරුවල වෙසෙන ද්‍රවිඩ ජනතාව විඳින දුක නිරුපණය කළේ අවධානය වෙනතක යැවීම සඳහාය.

අල් ජසීරා රුපවාහිනි සේවය මැයි 28 වැනි දින තම ප්‍රවෘත්ති මඟින් සිරස්තල පුර්වකම හුවා දැක්වීමට උත්සාහ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ බලපෑමක් ඇති බවයි. කෙසේ වුවද ඊට හාත්පසින්ම විරුද්ධ ප්‍රවෘත්ති සිරස් තලයක් මෙහිදී බීබීසී ය 2009.05.28 දින යොදා ගැනීමද මෙහිදී සැලකිල්ලට ගත යුත්තකි. බීබීසී ප්‍රවෘත්තියෙහි මේ පිළිබඳව සඳහන්ව ඇත්තේ (UN Supports Sri Lanka aid effort. The united Nations Human Rights Council has offered support to Sri Lanka's humanitarian efforts as it recovers from its war with Tamil Tiger rebels) යනුවෙනි.

අල් ජසීරා රුපවාහිනිය තවදුරටත් උත්සාහ කරන්නේ ඔවුන් මවා පෑ තත්ත්වය ඉතා කුට ලෙස වසා ගැනීමටය. අසත්‍යයෙන් සත්‍ය යටපත් කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු කාලය එළඹ ඇත. භාෂාව මිනිස් සිතේ පිළිබිඹුවකි. අල් ජසීරා රුපවාහිනිය මෙම අවස්ථාවේ යොදා ගන්නා භාෂාත්මක යෙදුම් ඥානාන්විත ලෝකයාට ඔවුන් පිළිබඳ යථාවබෝධයක් ලබාගැනීමද හේතුවන්නකි. මෙම භාෂාත්මක ක්‍රීඩාව වැඩිදුර අල් ජසීරාවට පවත්වාගෙන යෑම කළ නොහැක්කකි. බොහෝ දෙනෙක් අල් ජසීරාව අරාබි ලෝකයේ හඬ ලෙස වරදවා තේරුම් ගෙන ඇත. අල් ජසීරාව වෙනත් මුහුණුවරකින් පෙනී සිටින සුද්දන්ගේම හඬකි. එය මාධ්‍යමය ජාවාරමක් ලෙසද හැඳින්විය හැක.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඩේවිඩ් මිලිබෑන්ඩ් අතර වු සංවාදයේදී මාධ්‍ය තුළින්ම ඩේවිඩ් මිලිබෑන්ගේ කුදු බව වෙසෙසින් ප්‍රදර්ශනය විය. එංගලන්තයේ පළවන පුවත්පත් හා මාධ්‍ය මගින්ම මිලිබෑන්ඩ් රට මෝඩයකු බවට මේ වන විට හුවා දක්වයි. වොල්ස්ට්‍රීටි ජර්නල්, ලොස් ඇන්ජලීස් ටයිම්ස් වැනි පුවත්පත්, හමුදාවේ මෙම විජයග්‍රහණය දක්වා ඇත්තේ ප්‍රසංශනාත්මකවය. එය යථාර්ථයේ ජයග්‍රහණයක් වශයෙන් හුවා දැක්වේ. මාධ්‍ය ඉතිහාසය ලිවීමේදී ද මෙය යථාර්ථයේ ජයග්‍රහණයක් හා බටහිර ත්‍රස්තවාදය හා මාධ්‍ය කුමන්ත්‍රණ පැරද වු වෙසෙසි අවස්ථාවක් හැටියට රන් අකුරින් ලියවෙනු නියතය.

සුනිල් සරත් පෙරේරා

(දිවයින_09/06/02)

පසුවදන_මේ ලිපියේ වැදගත්කම් කිහිපයකි. පළමුවැන්න අප යුද්ධ කළේ හුදු කොටි ත්‍රස්තවාදය සමග පමණක් නොව කොටි යොදාගෙන බළලුන් ලවා කොස් ඇට බෑවීමට පෙළ ගැසුණු බටහිර බලවේග සමග බව ය. එක් අතකින් මේ ජයග්‍රහණය ඒ සියලු සතුරු පෙරමුණු පරදා ලද ජයෙකි. බටහිර විසින් ලොව බිහිසුණු ම ත්‍රස්ත සංවිධානය යයි බෞතීස්ම කරන ලද කොටි ද කොටින්ට වඩා බිහිසුණු බටහිර මාධ්‍ය ත්‍රස්තවාදය ද අපි පරාජය කළෙමු. අප රටක් ලෙස කුඩා වුව ද එකට එකතු වූ විට කළ නොහැක්කක් අපට නැත.

Monday, June 1, 2009

රාජද්‍රෝහීත්වයට දඬුවම මරණයයි !

සෑම කිල්ලෝටයකම හුණු ස්වල්පයක් තිබේය යන පැරුණි නම ගිය කියමනට සමානව, ප්‍රභාකරන්ගේ සෑම බංකරයකින්ම හමුවු සෑම හමස් පෙටිටියක් තුළම කුමක් හෝ වැදගත් යමක් තිබිණි. සමහර හමස් පෙටිටි තුළ මරණ දණ්ඩනයට නියම කෙරුණු පුද්ගලයන්ගේ ලැයිස්තු විය. සමහර හමස් පෙටිටි තුළ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය වෙනුවෙන් විවෘත කෙරුණු ලිපි ගොනු තිබිණ. තවත් සමහර හමස් පෙටිටි තුළ කොටි සංවිධානයෙන් මුදල් ගත් පුවත්පත් කලාවේදීන්ගේ නම්ද, එබඳුම සල්ලි මිටි ලබාගත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විද්වත් වෘත්තිකයන්ගේ නම්ද තිබිණි. මේ සියලු දෙනාගේ නම් මේ මොහොතේදී අප අත තිබේ. එහෙත් චර්යාත්මක හේතුන් මත ඒවා පල කිරීමෙන් දෑනට වැළකී සිටිමු.

මේ රට දෙකට කඩා ඊළමක් සෑදීමේ ව්‍යාපෘතියේදී සිංහල ජනතාවගේ මොළය සෝදා එම ව්‍යාපෘතිය සාධාරණීකරණය සඳහා වැඩ භාර ගත් කණ්ඩායම් වෙත පැවැරුණු කාර්ය භාරය මෙසේය: දෙමළ ජනතාවට අසාධාරණයක් වන බවත්, ඒ නිසා ඔවුනට නිදහසේ ජීවත් වීම සඳහා වෙනම රාජ්‍යයක් ලබාදිය යුතු බවත් කියැවෙන ලිපි ලිවීම පුවත්පත් කලාවේදීන්ට භාර විය. ඒ සඳහා ඒ පුවත්පත් කලාවේදීන්ට මුදල් ගෙවන ලදී. සමහර ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ප්‍රසිද්ධියේම ආණ්ඩුවට පහර දෙමින් කොටින්ගේ මතය ප්‍රවර්ධනය කළහ. ඒ අතර ඊළම නොලැබෙන ආකාරයක් වෙතොත් අඩුම ගණනේ ෆෙඩරල් රාජ්‍යයක් ලබාදී එහි ඊළඟ පියවර ලෙස ඊළමට යෑමේ වැඩපිළිවෙළ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්වත් වෘත්තිකයන්ට භාරවිය. ඔවුහු තරුපහේ හෝටල්වල රුස්ව උපරිම බලතල යටතේ ෆෙඩරල් රාජ්‍යයක් සකස් විය යුත්තේ කෙසේද යන්න සාකච්ඡා කළහ. අවසානයේදී ආණ්ඩුව නැගෙනහිර පළාත ජයග්‍රහණය කළ විට කොළඹ පදනම් ආයතනයට රුස්වු විශ්වවිද්‍යාල ඇදුරන් සහ දේශපාලනඥයන් පිරිසක් යුද ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මහින්ද රාජපකෂ ඒකාධිපතියකු වීමට ඉඩ ඇති බව කියමින් එය වළක්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට රැස්වීම් පවා පැවැත්වුහ.

අද මේ ලෝකයේ ප්‍රධාන තීරකයා මුදල් බවට පත්වී තිබේ. පුවත්පත් කලාවේදීන් රුපවාහිනි නාලිකාවල සිටින කොටි හිතවාදීන්, විද්වත් වෘත්තිකයන් යනාදීන් මිලට ගැනීමට ඒ නිසා හැකිය. එල්ටීටීඊය කෙළින්ම හෝ කොළඹ තිබෙන තමන්ගෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල මාර්ගයෙන් එම පුවත්පත් කලාවේදීන්ට හා විද්වත් වෘත්තිකයන්ට මුදල් ගෙවීය. මෙසේ මුදල් ගත් සමහර මාධ්‍යවේදී මහත්වරුන් රටින් පැනගත් අතර තව පිරිසක් නිසි කලට යා ගත නොහැකිව ඉතිරි වුහ. මේ සියලු දෙනා රාජද්‍රෝහී වුවෝ වෙති. රාජද්‍රෝහීත්වයට දඬුවම මරණයයි. චීනය වැනි රටක් නම් මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු අසා එක පෙළට හිටවා වෙඩි තබා මරයි. එහෙත් අපගේ කරුමයට මේ රටෙි එල්ලුම් ගස පවා වැඩ කරන්නේ නැත. මිනිස්සු ඕනෑම කුපාඩි වැඩක් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ හොඳ කල්ක්‍රියාවෙන් කටයුතු කළ බවට සහතික ලැබ වසර කිහිපයකින් නිදහස් වී ගෙවල් බලා යති.

1980 න් පසු මේ රට පාලනය කළ කවර ආණ්ඩුවක් වේවා ඊළමට හා බෙදුම්වාදයට එරෙහි වු විට දිවයිනවහා ඒ ආණ්ඩුවට පකෂ විය. රාජ්‍ය බලය යොදවා දිවයිනේ ස්ථාවරය වෙනස් කිරීමට අවස්ථා දෙකකදී කටයුතු කෙරුණු නමුදු අදටත් දිවයින සෘජුව සිටින අතර එසේ රාජ්‍ය බලය යෙදවු දේශපාලනඥයන් ආගිය අතක් නැත. මේ රටෙි උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් පවත්නා විෂමතාවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අපි අදටත් කියමු. එහෙත් එය එක කොඩියක් යට එකම රටක් තුළ දිය යුතු දේශපාලන විසඳුමක් මිස ඊළමක් නොවේ.

(දිවයින_09/06/02)

පසුවදන_මේ රටට එරෙහිව කුමන්ත්‍රණ කළ කුප්‍රකට ජඩ මාධ්‍ය සංගම් 5 ඇතැම් තක්කඩි දේශ_අප්‍රියලා දැන් පිට රට ය. ඇතැම් ජඩයෝ මේ රටේ තරු 5 ප්‍රජාතන්ත්‍රවාදයට පිං සිදුවන්නට තවමත් මෙරට ම යහතින් ජීවත් වෙති. අනාගත පරම්පරාවට ආදර්ශයක් ගැනීමට මේ නිවටයින්ට වහා දඬුවම් කළ යුතු ය. රටට දේශද්‍රොහීන් බිහි කරන සියලු උල්පත් වසා දැමිය යුතු ය. හෙට දවසේ රට කරවන්නට රටට ආදරය කරන පරපුරක් බිහි කළ යුතු ය.

Sunday, May 31, 2009

දෙමළ නායකත්වයේ ප්‍රශ්නය!

අද ලංකාවේ හටගෙන ඇති ප්‍රධානතම දේශපාලන සංසිද්ධිය වන්නේ කොටි සංවිධානයේ පරාජයත් සමගම ලංකාව සහමුලින්ම ප්‍රතිනිර්මාණය කිරීමට සිදුවී තිබීමය. කොටි සංවිධානයේ පරාජයත් සමගම ඇති වී තිබෙන නව යථාර්ථයන් පිළිබඳ අවබෝධය මෙරටේ දෙමළ සමාජය තුළට කිඳා බැසීමට තව අවුරුද්දක් වත් ගත වනු ඇත. කොටි සංවිධානය මෙරටේ දශක කීපයක් තිස්සේ ක්‍රියාත්මකවීම නිසා එය නැතුව ජීවිතය කෙබඳුවේ දැයි දෙමළ මිනිසුන්ට පමණක් නොව සිංහල මිනිසුන්ටත් සිතා ගැනීමට අසීරුය. ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ මරණය සමරමින් ලංකාවේ තැන් තැන්වල සිංහල මිනිසුන් සතියක් පමණ කිරිබත් කෑමත් රතිඤ්ඤා පත්තු කිරීමත්, සිංහ කොඩි ඔසවාගෙන පෙළපාලි යෑමත් නිසා අමුතුම ආකාරයේ ජාතිවාදයක් රට තුළ ඉස්මතු වී තිබෙන බවක් ඇතැම් කොටස් කීවද ඒ ජාතිවාදයක පිළිබිඹුවක් යැයි මම සිතන්නේ නැත. ඒ මන්ද යත් මීට කලින් සිංහල ත්‍රස්තවාදියකු වු රෝහණ විජේවීර මියගිය විටත්, ජනතාවගේ ඇතැම් කොටස් අතර දැඩි අප්‍රසාදයකට පාත්‍ර වී සිටි ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය විටත් මිනිසුන් කිරිබත් කෑමත්, රතිඤ්ඤා පත්තු කිරීමත් සිදු කළේය. වෙනසකට තිබුණේ ඒවා එක් දවසකට පමණක් සීමා වීමත් ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිරිබත් කෑම සතියක්ම පැවතීමත්ය.

මෙහිදී අප වඩාත්ම පුදුම විය යුත්තේ මේ රටට අතිවිශාල සේවයක් කළ ප්‍රේමදාස මහතා කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතින් මියගිය විට මේ රටේ සාමාන්‍ය පන්තියේ ඇතැම් මිනිසුන් කිරිබත් කෑම ගැනය. ප්‍රේමදාස මහතා අතින් සිදු වුයේ දේශපාලන වැරුදි කීපයක් පමණි. ඔහු බුරුතු පිටින් මිනිසුන් මැරුවේවත් දේපළ විනාශ කළේවත් නැත. ඔහු කළ දේශපාලන වැරුදිත් එ.ජා.ප. යේ අභ්‍යන්තරයට පමණක් සීමා වු ඒවා විය. විපකෂයට ඔහු කිසිදු කෙනහිලිකමක් නොකළේය. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ සිටි ප්‍රබලම ඇමැතිවරයෙක් වු අනුරුද්ධ රත්වත්තේ මහතා සිය චරිතාපදානයේ මේ බව පිළිගෙන ඇත. ඔහු ප්‍රේමදාස මහතා හඳුන්වා ඇත්තේ විපකෂයට නම් සුහද මිනිසෙක් හැටියටය. ඉතින් මෙවන් මිනිසකුගේ මරණය ඇතැම් සිංහල මිනිසුන් විසින්ම රතිඤ්ඤා හා කිරිබත්වලින් සැමරුවේ නම් ප්‍රභාකරන්ගේ මරණය සතියක් පුරා සැමරීම ජාතිවාදයක පිළිබිඹුවක් නොවන බව පැහැදිලිවම කිව හැක.

යුද හමුදාව ද කොටි සංවිධානයට පන්න පන්නා පහර දී මුළු නායකත්වයම සමුල ඝාතනය කිරීම ද ජාතිවාදයක් නොවේ. මේ ත්‍රිවිධ හමුදාව 1987:89 කාලයේදී සිංහල ත්‍රස්තවාදීන්ට කළේ ද ඔය ටිකමය. ජ.වි.පෙ. දෙවැනි කැරුල්ල අවසන් වී නල්ලතම්බි ශ්‍රී කාන්ත නමැති දැන් දෙමළ සංධානයේ සිටින මන්ත්‍රීවරයා හමුවීමට ගිය අවස්ථාවේදී මම "ද අයිලන්ඩ්" පුවත්පතට ජනතා විමුක්ති පෙරමුණේ කැරුල්ල සම්බන්ධයෙන් ලියා තිබුණු ලිපි පෙළේ සඳහන් කොට තිබුණු මරණ සංඛ්‍යාව පිළිබඳ ඔහු මවිතය පළ කර සිටියේය. මා දී තිබු සංඛ්‍යාව වුයේ අවුරුදු 2 1.2 ක ජ.වි. පෙරමුණේ දෙවැනි කැරුල්ල සමයේ දෙපැත්තෙන්ම 40,000 ක් මියගිය බවයි. ශ්‍රී කාන්ත මන්ත්‍රීවරයා කියා සිටියේ උතුර සහ නැගෙනහිර දෙමළ කැරුල්ල අවුරුදු 10 කටත් වඩා පරණ වුවත් එතරම් සංඛ්‍යාවක් මියගොස් නැති බවයි. ඉතින් මේ ආකාරයට බලන කල ත්‍රිවිධ හමුදාව විසින් සිංහල ත්‍රස්තවාදීන්ටත් දෙමළ ත්‍රස්තවාදීන්ටත් බෙදා ඇත්තේ එකම හැන්දෙනි.

අද පැමිණ තිබෙන මේ සංධිස්ථානය ඉතා කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. හමුදාව කොටි සංවිධානය විනාශ කළ ආකාරය තුළ ජාතිවාදයක් තිබෙනවා යැයි කීම කරුණු හරිහැටි සලකා බලා කිවු දෙයක් නොව කොටි සංවිධානයේ විනාශය නිසා ඇති වු කම්පනයෙන් කියන දෙයක් යැයි මම විශ්වාස කරමි. මේ ඇති වී තිබෙන මහඟු අවස්ථාව සම්බන්ධයෙන් අවිනිශ්චිත සාධකය වන්නේ දෙමළ ජනතාවයි. දෙමළ මිනිසුන් සුළු ජනකොටසක් වශයෙන් වාසය කරන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව වැනි රටවල ද දෙමළ ජන කොටස් ජීවත් වෙයි. ලෝකය පුරා මේ ආකාරයට විසිරී සිටින දෙමළ ජාතිකයන් අතුරෙන් අවාසනාවන්තම දෙමළ ජන කොටස වාසය කරන්නේ ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශවලය. ඔවුන්ට ඉතිහාසයේ කොයිම අවස්ථාවකදීවත් බුද්ධිමත් නායකත්වයක් සිටියේ නැත.

ඒ අතින් බලද්දී ලංකාවේ කඳුකරයේ වාසය කරන ඉන්දීය දෙමළ සම්භවයක් ඇති දෙමළ ජනතාව ඊට වඩා බෙහෙවින්ම වාසනාවන්තය. ඔවුන්ගේ නායකයා වු සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතා මියගිය අවස්ථාවේ මා ඔහු හැඳින් වුයේ "දෙමළ මිනිසුන්ගේ ඩී. එස්. සේනානායක" යනුවෙනි. සෞම්‍යමුර්ති තොණ්ඩමන් ද හදිසි තීරණ නොගන්නා හොඳින් සිතා බලා කටයුතු කරන ඩී. එස්. සේනානායක කාලයේ කොන්සවේටිව්වාදී (ඡඔනසඑරවඅටඉවඑ) නායකයකු විය. සෞම්‍යමුර්ති තොණ්ඩමන්ට උතුරේ දෙමළ නායකයන්ට තිබුණු ආකාරයේ මනා උගත්කමක් තිබුණේ නැත. නමුත් ඔහුට කළ හැකිදේ මොකක්ද, කළ නොහැකි දේ කුමක්ද, කළ යුතුදේ කුමක්ද, නොකළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳ හොඳ ඉවක් තිබිණි. තමාට ලබාගැනීමට අවශ්‍ය දේ ලබාගත හැක්කේ කුමන ආකාරයට ද යන්න ගැනත් ඔහුට ඉතා හොඳ අවබෝධයක් තිබිණි. ලංකාව තුළ සිටින සියලුම දෙමළ මිනිසුන්ගේ නායකයා ඔහු වුයේ නම් මේ රටේ උතුර නැගෙනහිර දෙමළ මිනිසුන්ට අද අත්වී තිබෙන ඉරණම අත්වන්නේ නැත.

1970 ගණන්වලදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ගොඩනඟන විට සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතා ද එහි සාමාජිකයෙක් විය. නමුත් ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි විට තොණ්ඩමන් මහතා වහාම එයින් ඉවත් විය. එසේ ඉවත් වී ඔහු තම ජනතාවගේ උන්නතිය සඳහා කටයුතු කළේය. අද වන විට ඔහු නියෝජනය කළ වතු දෙමළ ප්‍රජාවගෙන් ඇත්තටම වතුවල සේවය කරන්නේ 50% කටත් අඩු ප්‍රතිශතයකි. සෙසු උදවිය වෙනත් වෘත්තීන්වලට යොමුවී වතු සේවයෙන් ඉවත් වී ඇත. ඒ තොණ්ඩමන්ගේ ජයග්‍රහණයයි. ඔහු හා සසඳන විට උතුරේ දෙමළ ජනතාවට නායකයන් හැටියට සිටියේ අමු ගොන් රුලකි. ඔවුන් කිසිදාක පුළුවන් දේකට අතගසන්නේ නැතුව අත ගැසුවේ බැරි දේවල්වලටමය. සියලු දේ කරේ නොකෙරෙන තැනටය.

මෙරට නිදහස ලැබු කාලයේ සිටි දෙමළ නායකයා වුයේ ජී. ජී. පොන්නම්බලම්ය. එකල ලංකාවට නිදහස දීම සඳහා බ්‍රිතාන්‍යයේ සෝල්බරි සාමිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් සිටි අවස්ථාවේ ඔහු එම කොමිසමට සාධාරණ සහ යුක්ති සහගත ආකාරයක ඉල්ලීමක් ඉදිරිපත් කළේ නම් ලංකාවේ දෙමළ මිනිසුන්ට උතුර නැගෙනහිර ප්‍රදේශ තුළ යම් ස්වයං පාලනයක් වුවත් ලබාගැනීමට හැකියාව තිබිණි. එකල හැන්ද තිබුණේ බ්‍රිතාන්‍ය අතේය. ඒ නිසා ඔවුන් කරන දෙයකට දකුණේ සිංහල ජාතිවාදීන්ටවත් විරුද්ධවීමට නොහැකි වනු ඇත. නමුත් ජී. ජී. පොන්නම්බලම් මහතා උගත් නීතිඥයෙක් වුවත් ඔහු සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් ඉල්ලා සිටියේ කිසිවකුටත් දිය නොහැකි ලෝක ධර්මතාවටත් පටහැනි දේවල්ය. ඔහුගේ ඉල්ලීම වුයේ ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිංහල ජනතාවට ආසන 50% කුත් දෙමළ හා මුස්ලිම් සුළු ජාතීන්ට ඉතිරි ආසන 50% ත් ලැබෙන ආකාරයෙන් පාලන ක්‍රමයකි.

සෝල්බරි කොමිසම මෙම ඉල්ලීම අවඥා සහගතව එකහෙළාම ප්‍රතිකෙෂ්ප කළේය. පොන්නම්බලම් නොදිය හැකි දේවල් ඉල්ලා කිසිවක් නොලබා සිටියේය. අවුරුදු 60 කට පසු ප්‍රභාකරන් ද අතරමැද විසඳුම් ඕන තරම් තිබියදී නොදිය හැකි දේම ඉල්ලා කිසිවක් නොලබා මැරුම් කෑවේය. පොන්නම්බලම් හා ප්‍රභාකරන් අතර සිටි දෙමළ නායකයන් දෙදෙනා වුයේ එස්. ජේ. වී. චෙල්වනායගම් හා ඒ. අමිර්තලිංගම්ය. චෙල්වනායගම් තමන් විසින් බිහි කළ රකුසාගෙන් මැරුම් කෑමට කලින් ස්වාභාවික මරණයකට ලක් වුයේය. නමුත් ඒ සියලු ආනිශංස ඔහුගෙන් පසු දෙමළ ජනතාවගේ අසහාය නායකයා බවට පත් වු අමිර්තලිංගම්ට අත්විඳීමට සිදුවිය. 1976 දී දෙමළ ජාතිය වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ අමිර්තලිංගම්ය. එම තීරණයෙන් අවුරුදු 4 ක් යෑමටත් කලින් අමිර්තලිංගම්ගේ තිබුණු සියලු බලතල නැතිවී ඔහු වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා බිහිවු නොයෙක් ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවෙක් බවත් පත්වී සිටියේය.

අනුරුද්ධ රත්වත්ත මහතාගේ චරිතාපදානයේ සඳහන් වන ආකාරයට අමිර්තලිංගම් මහතාගේ ආරාධනය පරිදි සිරිමා බණ්ඩාරනායක මැතිනිය යාපනයට ගිය විට ඔවුන්ගේ එම සංචාරය කිරීමට සිදුවී තිබුණේද එවන් ත්‍රස්තවාදී කණ්ඩායමක පාලනය යටතේය. අවසානයේදී මේ ත්‍රස්තවාදීන්ගේම අතින් එල්ල වුණු වෙඩි වරුසාවක් මැද අමිර්තලිංගම් මහතාට මිය පරලොව යෑමට සිදුවිය.

මේ ආකාරයට අවුරුදු 60 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මේ රටේ උතුරේ දෙමළ නායකත්වය කර ඇත්තේ නොලැබෙන දෙයක් පසුපස හඹා යමින් කිසිදු හේතුවක් නැතුව දුක් විඳීම පමණි. ප්‍රභාකරන් ද අවුරුදු 30 කට අධික කාලයක් තිස්සේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. ප්‍රභාකරන්ගේ තැන ගැනීමට අනාගතයේදී උතුර නැගෙනහිර ප්‍රදේශවලින් බිහිවන නායකත්වය, කුමන මාවතක් ගනීවි දැයි අපට තවම කිව නොහැකිය. අතීතයේදී නම් උතුරේ නායකත්වය නොලැබෙන දෙයම ඉල්ලා අරගල කළේ තමන් පිළිබඳ එක්තරා අධි තක්සේරුවක් තිබුණු නිසාය. අද දෙමළ ජනතාවට තිබෙන ආකාරයේ අත්දැකීමක් එදා චෙල්වනායගම්ලාට, අමිර්තලිංගම්ලාට නොතිබිණි. දෙමළ ජනතාව අතරෙන් බිහිවු කොටි සංවිධානය වැනි ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය වශයෙන් ඇමරිකාවේ තඊෂ ආයතනය විසින් නිල වශයෙන්ම පිළිගත් සංවිධානයක් ලෝකයේ සිටින බලගතුම බටහිර රටවල් සියල්ලගේම සහයෝගය ලැබෙද්දී මේ ආකාරයට නින්දිත ලෙස සමුල ඝාතනය වනු ඇතැයි චෙල්වනායගම් හා අමිත්තලිංගම් දැන සිටියේ නම් ඔවුන්ගේ ක්‍රියාකලාපය යම් තාක් දුරකට වෙනස් වන්නට ඉඩ තිබුණේ යැයි අනුමාන කළ හැක.

අනාගතයේ උතුරෙන් බිහිවන දෙමළ නායකත්වයට මේ ලබා තිබෙන අත්දැකීමෙන් කළ හැක්කේ කුමක්ද කළ නොහැක්කේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යනාදිය පිළිබඳ අවබෝධයක් ලැබී තිබීම මේ රටේ සිටින දෙමළ ජනතාවගේත් සිංහල ජනතාවගේත් අනාගත උන්නතියට බෙහෙවින් බලපානු ඇත. අනාගත ලංකාවේ ස්ථාවර භාවය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නාර්ථය වන්නේ සිංහල ජනතාව අතර තිබෙන ජාතිවාදය නොව උතුරේ දෙමළ නායකයන්ගේ ගොන්කම් දැන්වත් සුව වුවාද යන්නයි.

සී. ඒ. චනද්‍රප්‍රේම
(දිවයින_09/06/01)

පසුවදන_ද්‍රවිඩ ජනතාවට ආදරය කරන එමෙන් ම රටට ද ආදරය කරන දුරදිග පෙනෙන ද්‍රවිඩ නායකත්වයක් අද අපට අවශ්‍ය ය. ඒ අපේ සහෝදර ජනතාව නැවතත් විවිධ මිරිඟුවන් පසුපස ඇදගෙන නොයා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරගැනීමට ය. ඒ සඳහා අතීතයෙන් පාඩම් උගත් පෞද්ගලික න්‍යාය පත්‍රවලින් සසල නොවන නායකයින් පහළ වේව! අපට මෙසේ පතන්ට සිදුව ඇත්තේ එවැනි නායකයින් කොටි ත්‍රස්තවාදයට යටව උපන්ගෙයිම මියගිය හෙයිනි.
 
සිය රට දේ සිරි සැප දේ !