Monday, June 27, 2022

අනුරට රට දෙනු..!

මුලින් ම රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ උත්තර නෑ, මහ පාරේ ප්‍රශ්නේ විසඳගන්න ඕන, මිනිස්සු ලෑස්ති නම් අපි ලෑස්තියි කිව්වා. ඊට පස්සේ විප්ලවකාරයෝ හනුමට ඇඳලා රට ගිනි තිබ්බා.

දෙවනුව ජනාධිපති කැමති කෙකෙකුට රට භාර ගන්න කිව්ව ම "උඹත් එක්ක අපට බෑ, උඹ ගෙදර පලයන්, ඊට පස්සේ අපි රට හදන්නම්" කිව්වා.  ඒ අදට හරියට ම මාසෙකට කලින්. ඊට පස්සේ සජිත් හැංගුණා:රනිල් අගමැති කළා.

තෙවනුව ඊයේ අනුරාධපුරේ දී කියනවා, කැබිනට් එකයි අගමැතිකමයි දෙනවා නම් මාස හයෙන් රට ගොඩදානවා කියලා. දැන් අර කලින් මාසෙකට දෙකකට කලින් කී කතා කිසිවක් අදාළ නෑ. ඒ කොන්දේසිත් නෑ. ගෝ්‍ඨා එක්කත් පුළුවන් වෙලා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පුළුවන් වෙලා.

ඒ මොනා වුණත් මම නම් හිතන්නේ මේ හොඳ ම වෙලාව අනුර අගමැති කරල කැබිනට් එකට තමන් කැමති කෙනෙක් දා ගෙන ජවිපෙට හය මාසෙන් රට හදන්න දෙන්න. මේ චෑන්ස් එක ආණ්ඩුව මග අරින්න නාකයි.

හැබැයි තව මාසෙකින් අනුර කට උල් කරල ඇඟිලි බොකුටු කරල මයික් එක දෙදරන්න කියන ඊළඟ කතාවට අපට වගකියන්න බෑ.

Sunday, June 26, 2022

ඉන්දීය ප්‍රාන්තයක සිට...

පහුගිය දවසක ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියනවා ලංකාවේ ක්රීඩකයින් පිරිසක් ඉන්දීය ප්රාන්ත ක්රීඩා තරඟාවලියකට ගිහින් ඒ අනුව ලංකාව දැන් ඉන්දියාවේ ප්රාන්තයක් බව තහවුරුයි කියලා.

ඒක සනාථ කරන්න ඉන්දීය ව්යවස්ථාවේ වගන්තියකුත් ඉංගිරිසියෙන් දේශනා කළා. ඊට පස්සේ කීවා ජනාධිපති මහ රෑ ලංකාව ඉන්දීය ප්රාන්තයක් කරන්න ගිවිසුමක් ගහල ද දන්නෑ වගේ ඇඟ වෙන කතාවක්.
ඉතින් අපේ හාමුදුරුවෝ කවදාවත් බොරු නොකියන නිසාත් කවදාවත් සල් ගහ යට නිදා ගත් හාවා වගේ ආවට ගියාට ප්රකාශ නිකුත් නොකරන නිසාත් මම හිත හදාගෙන ගෙදර මුදුන් වහලේ ඉන්දීය ජාතික කොඩිය ගහලා යූටියුබ් එකෙන් බලාගෙන වන්දේ මාතරම් ජාතික ගීයත් පුරුදු වුණා.
ඊට පස්සේ ගිහින් බැලුවා අර ක්රීඩා තරඟාවලිය ගැන. 62nd Indian Inter State Athletic Championship තමයි ඒක. මේක 61ක් වතාවක් පැවැති තරඟාවලියක්. ඒකට පහුගිය අවුරුද්දේ ලංකා, බංගලිදේශ, චීන තායිපේ, මැලේසියා සහ කසකස්තාන ක්රීඩකයින්⁣ට ආරාධනා කළ බව ඉන්ටර්නෙට් එකේ තීනවා.ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි, තව රටවල් ගාණක් ඉන්දියාව අල්ලලා ඉවරයි.
ඉතින් මේ විදිහට ඉන්දියාව IPLවලිනුත් රටවල් භාර ගාණක් දැන් එයාලගේ ප්රාන්ත කරගෙන නේද කියල දැන ගත්තා ම මට හිඃ ගෑවුණා. සමහර විට IPL ගහන්න ක්රීඩකයෝ ආව රටවල් තවම උන් ඉන්දියාවේ ප්රාන්ත වෙලා ඉවර බව දන්නේ නැතිව ඇති. අපට වගේ දැන උගත් සෝභිත හාමුදුරුවෝ වගේ කෙනෙක් උන්ට නෑ. උන් පව් උන්. හාමුදුරුවෝ අපි දැනුම්වත් කළ නිසා අපි වාසනාවන්තයි.

Saturday, June 25, 2022

රට දිනන තුරු බලා සිටින පරපුරක්...!

 අපට සමාජයේ රැලි හදන එක රැලි හැදෙන එක නවත්තන්න බෑ. හැබැයි අපට එකතු වුණොත් රටට හිතකර රැලි හදන්න, ඒවා උස්සන්න වගේ ම රටට එරෙහි රැලි පරාද කරන්නත් පුළුවන්.

ඒකට හොඳ උදාමරණයක් මේ පින්තූරය.
"මැච් බලන්න කළු ඇඳගෙන කළු පටි බැඳගෙන ගිහින් ගෝඨාගෝහෝම් කියපල්ලා" කියල කුහක දේශපාලනය ක්රිකට් පිටියට ගෙනැත් රැල්ලක් හදන්න ගිය අය රට වෙනුවෙන් හැදුණු මහා රැල්ලට පරාද වුණා.
අනුර දිසානායකටත් හතර වෙනි තරඟයේ දී ලංකාවට සුබ පතන්න වුණා වගේ ම මේ අයටත් පරාජය භාර ගන්න විතරක් නෙමෙයි, ඕස්ට්රේලියාවට සුබ නොපතා ඉන්නත් බැරි වුණා, රට වෙනුවෙන් හැදුණ රැල්ලට එකතු වෙන්න වුණා.
ඒක අවසානයේ රටේ ම විජයග්රහණයක් බව ජාත්යන්තර මාධ්යවල වාර්තා වගේ ම ඒ සඳහා වැටෙන කමෙන්ට්ස්වලින් පැහැදිලියි. තමන්ගේ රට පරාජය වන තුරු නෙමෙයි, රට දිනන තුරු බලා ඉන්න පරපුරක් රටට ඕන.



 
සිය රට දේ සිරි සැප දේ !