පසු ගිය ආණ්ඩුව සමයේ මහජන දේපළ වංචා කරමින් ආර්ථිකය ආලාපළු කළ සියලු හොරු අල්ලා දඬුවම් කරන බවට පසු ගිය ජනාධිපතිවරණ සමයේ සිරිසේන, පාඨලි, රාජිත ප්‍රමුඛ එජාපය ජනතාවට ලබා දුන් තවත් පොරොන්දුවක් ඉටු කරමින් එම ආණ්ඩුවේ සිටි හොරු 26 දෙනෙක් වහා ම ක්‍රියාත්මක වන පරිදි අල්ලා කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරුවල සිරගත කර තිබේ. ජනතා දේපළ කොල්ලකෑ හොරුන්ට යස පාඩමක් ඉගැන්වූ ආණ්ඩුවට ජනතා උත්තමාචාරය!
Sunday, March 22, 2015
අභ්‍යන්තර හතුරෝ!
මේ අවස්ථාවේ තමා සමඟ කිහිප දෙනෙක් පමණක් පක්ෂයෙන් එළියට පැමිණිය ද විශාල පිරිසක් පක්ෂය තුළ සිට තම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ සමයේ කීවේ ය. ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර ඒ අතර ප්‍රමුඛයින් බව පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ පරාජව කොට සන්ධාන ආණ්ඩුව ගෙදර යවා ඊළම් ගමන ශක්තිමත් කළ රටේ අවශ්‍යතා හඳුනා ගත් අපේ යුගයේ වීරයින්ට සුබ පතමු! ග්ලවුස් නැති අතින් පහක් දමම!
සිංහල ගෝල සහ දෙමළ ගෝල යැයි නොබෙදේවා!
ඈත යාපනේ සිට දුරුකතර ගෙවා ගෙන කොළඹ පැමිණි තර්ජනී සිවලිංගම් ශ්‍රී ලංකා නෙට් බෝල් කණ්ඩායමේ ගෝල විදින්නියයි. මුරලි මෙන් ම සිවා ද අපට, අපේ රටට ආඩම්බරයකි. තිස් වසරක බෙදුම්වාදී ගමන නිමා කළ රට එක්සේසත් කිරීම නිසා ජාතියට උරුම වූ මිණිකැටකි සිවා. එහෙත් දැන් නැවත සිංහල ජාතික ගී, දෙමළ ජාතික ගී, සිංහල ගම්මාන, දෙමළ ගම්මාන, සිංහල කළාප, දෙමළ කළාප ලෙස අපේ රටේ ඒකීයභාවය දියවන්නට පටන් ගෙන තිබේ. එහෙත් මේ ගමන කිසිදා සිංහල ගෝල, දෙමළ ගෝල යැයි බෙදී වෙන් වන තැනට නොයේවා!!!
Subscribe to:
Posts (Atom)

