තමරා කුගනායකම් මහත්මිය තමන්ගේ ජීවිතය පුරා ම කොටි ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු දේශප්‍රේමි වීරවරියක්. රට වෙනුවෙන් අභීතව පෙනී සිටි ජීනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමරා කුගනායකම් මහත්මියට එරෙහිව යහ පාලන ආණ්ඩුව කොටි ලේබල් අලවනවා. කොටි සමඟ සබඳතා තිබුණු බව කියැවෙන තානාපති නිල නිවස පිළිසකර කිරීම සඳහා කොටි සංවිධානයට අනුබද්ධ සංවිධානයකට කොන්ත්‍රාත්තුව ලබා දුන් ශෙනුකා සෙනෙවිරත්න තායිලන්ත තානාපති කරලා යවනවා. මෙන්න මේක තමා යහ පාලනය!!! ඔබ සැබෑ දේශප්‍රේමියෙක් නම් තමරා කුගනායගම් මහත්මිය වෙනුවෙන් පෙනී සිටින්න. ඇය අපට ආඩම්බරයකි. සැබෑ ලාංකේය වීරවරියකි.
Sunday, March 22, 2015
ජාතික ගීයට අවමන් නොකරමු!
වැදි ජාතික ගී, රොඩී ජාතික ගී, මැලේ ජාතික ගී යැයි විවිධ ප්‍රබන්ධ නිර්මාණ ෆේස්බුක්හි ශෙයාර් කරන ඔබ තුළ වර්තමාන නිවට නාකයින් ජාතික ගීය වර්ගවාදී ගීයක තත්ත්වයට ඇද දැමීම පිළිබඳ මතුව ඇති නොපැහැදීම, කළකිරීම සහ විරෝධය අපට අවබෝධ කරගත හැකි ය. එහෙත් මිතුරනි, රැජිනගේ ග්ලවුස් නැති අත ඉස්පර්ශ කිරීම පිළබඳ උදම් අනන නිවටයින් අපේ රටේ ජාතික සංකේතයට කළ නිගාවට එරෙහිව අප ද අපේ ජාතික ගීය විකෘති කිරීම සාධාරණ ද? එය උඩ බලාගෙන මුහුණට කෙළ ගසා ගැනීමක් නො වන්නේ ද? මොහොතක් සිතන්න. කරුණාකර එම පෝස්ට් ඉවත් කර ජාතික ගීයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා එක්වෙමු!
අපි දැන් ඉන්දීය ජාතික ගීය ගයමු!!!
නිල නොවන අවස්ථාවල ජාතික ගීය දෙමළෙන් ගැයීමට අප විරුද්ධ නෑ. හෙළ උරුමය
විනෝද චාරිකාවක, කොටහළු මඟුල් ගෙදරක, උපන් දින පාටියක, හීනියට අඩියක් ගහන අවස්ථාවක සංගීත සාජ්ජයක ජාතික ගීය ගයන අය ඉන්නවාද? එහෙම නැත්නම් මේ ඊනියා නිල නොවන අවස්ථා මොනවා ද? මේ රටේ සියලු ළමයි උදෑසන පාසැල් ආරම්භයට පෙර ජාතික ගීය ගායනා කිරීම ද? රාජ්‍ය ආතයනවල උදෑසන ජාතික ගීය වාදනය කිරීම ද? කිසියම් සභාවක ජාතික ගීය ගැයීම ද? මේ ගැන කජ්‍රිවාල් රණවක අපට පැහැදිලි කළ යුතු ය.

Subscribe to:
Posts (Atom)