Saturday, March 10, 2012

පොලිස් කොමිසම පුස්සක් – ඇල්ලේ ගුණවංශ හිමි

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කළ පොලිස් කොමිසම කිසිදු බලයක් නැති පුස්සක් බව ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. ඊට ඇති එකම බලය පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි විභාග කිරීමේ බලය පමණි.

මේ අනුව 17 වැනි සංශෝධනය යටතේ පැවති ඉහළ පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම හා විනය පරික්ෂණ කිරීමට පැවති බලතල නැවත විධායකය වෙත රැගෙන තිබේ. ඒ බතල ගැනීමට සාකච්ඡා කරන බව ගුණවංශ හිමි තව දුරටත් පවසයි.

මට ඒ ගැන කීමට ඇත්තේ මෙපමණයි. ඒ බලතල දීලා ඔබ වහන්සේ වගේ අය පත් කරන්නේ නෑ. කොහෙන් හරි බත් බැලයෝ ටිකක් එහෙයියෝ ටිකක් පත් කරාවි. ඔක්‍කෝම බලතල ඔඩොත්තුවේ දාගෙන ඉන්න යන නිසා තමා ප්‍රශ්න වැඩි. කොමිසන් සභා පත් කරලා මදි. පාර්ලිමේන්තුව බලවත් කළ යුතුයි.

විධායක ජනාධිපති ධූරය යුද්ධය අවසන් කරන්න උදව් වුණු බව ඇත්ත. නමුත් විධායක බලතල නිසා දැන් සමහර හොඳ දේවල් පවා කරන්නත් බෑ. අර අවර ගණයේ ගීත නිර්මාණ බිහි වීම වළක්වන්න පනතක් ගේන්න හැදුවා. ජනාධිපතිතුමා ඒක නවත්තලා. එතුමාට ඒ ගැන ලොකු දැනුමක් නෑ.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට චිත්‍රපටි යවනවා නම් ගීත යැවීමේ වරදක් නෑනේ. එහෙම පාලනයක් අවශයයි. ඒක නිර්මාණවලට වැට බැඳීමක් නෙමේ. අවර ගණයේ නිර්මාණවලට වැට බැඳීමක්. හොඳ නිර්මාණවල උදව්වීමක්. සංස්කෘතිය ආරක්ෂා කරන්න ගන්න හොඳ පියවරක්.

ළඟදී ජනාධිපතිතුමා ස්වාධීන රූපවාහිනියට කතා කරලා බැන්නලු නාට්‍යයක පවුලේ අය රංඩු වෙද්දි 'තමුසේ' කීවා කියලා. මේවා පෙන්නලා අපේ රටේ ළමා පරපුර හදා ගන්නේ කොහොමද ඇහුවාලු. එතකොට බුදු බණ රැප් කරලා කොහොමද අපේ රට හදන්නේ. ගංජා ගැන සිංදු කියලා, කොහොමද රට හදන්නේ. 'හාදු කූඩයක් අර ගෙන එන්න මා සොයා' කියලා සිංදු කිව්වා ම රට හැදෙනවාද? මේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

විධායක බලතල දරනවා නම් තමන් මුලින් ම නිහතමානී විය යුතුයි. මොකද තමන් නොදන්න දේවල් ගැන දන්න අයගෙන් විමසිය යුතුයි. එහෙම නොවුණා ම වෙන්නේ වඳුරට දැලි පිහිය ලැබුණාම වෙන දේමයි. මේ රටේ එහෙම නිහතමානී මිනිස්සු නැති නිසා කළ යුත්තේ ඒ බලතල ඒ ඒ ආයතනවලට පැවරීම.

රටේ පහ පාලනයට එය වැදගත්. එහෙම වුණා නම් බලතල පළාත් සභාවලට බෙදිය යුතුය කියන අදහස වුණත් යටපත් කරන්න පුළුවන්. සියල්ල විධායකය යටතේ තිබීම බෙදුම්වාදීන්ට හොඳ තුරම්පුවක් නිතර තමන්ගේ න්‍යාය සාධාරණීකරණය කරන්න.

Wednesday, March 7, 2012

බටහිර උවමනාව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරළීමයි – තමාරා කුගනායගම්

















උප්පැන්නයේ සිංහල යැයි හණ ගසා ඇති සුනන්ද ‍දේශප්‍රිය, සඳරුවන් සේනාධීර, වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, මංගල සමරවීර, ජයලත් ජයවර්ධන වැනි ජාති භ්‍රෂ්ටයින් හා සසඳන කල තමාරා කුගනායගම් නමැති මේ දෙමළ කාන්තාව විහාරමහාදේවි, සෝමා දේවි පරපුරේ නියම සිංහල කාන්තාවකි. සිංහලයා යනු පණ්ඩුකාභය රජ දවස සියලු ගෝත්‍ර එක් වී එක්සේසත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් (අද වචනවලින් නම් ඒකීය ශ්‍රී ලංකාව) සපථ කළ පිරිස හඳුන්වන නම මිස අනෙකක් නොවේ. එය ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින චින්තන ධාරාවේ නියෝජිතයින් හඳුන්වන නමය. එහෙයින් තමාරා වැනි ශ්‍රේෂ්ඨ සිංහල දියණියන් ලක් මවට සදා වාසනාවන්!

වසර දෙදහස් ගණනක් තිස්සේ සිංහලකම පැවතියේ මෙසේ චින්තන ධාරාවක් ලෙස ය. එහෙයින් ඉන්දියාවෙන් පසුව පැමිණි බොහෝ දෙනා එක්සේසත් රටත් බුදු සසුනත් රැක ගැනීමට ගිවිස සිංහලයින් බවට පත්විය. නායක්කාර්වංශික රජවරු එසේ සිංහලයින් බවට පත්වුහ. පරාක්‍රමබාහු රජු යාපා පටුනට පැමිණි ඉන්දිය ආක්‍රමණිකයින් පළවා හැරීමට යැව් සපුමල් කුමාරයා ද මෙසේ සිංහල බවට පත්වූ දෙමළ සම්භවයක් සහිත කුමාරයෙකි.

එහෙත් බටහිරයන් මෙරටට පැමිණි පසු ඇරඹුණු උප්පැන්න සහතික ක්‍රමය තුළ දරුවාගේ පියා ද ඔහුගේ ජන වර්ගය අනුව ජාතිය ද තීරණය කරන ක්‍රමයක් ඇරඹිණි. මේ සමග සිංහලකම චින්තන සම්ප්‍රදායක් ලෙස හඳුනා ගැනීම යට ගොස් එය හුදු වර්ගවාදය හඳුන්වන නාමයක් බවට පත් විය. මේ නිසා රටට හතුරු ජාති භ්‍රෂ්ටයින් ද හැඳින්වීමට සිංහල යන වචනය යොදයි. සැබවින් ම එය කපුටන් කොවුලන් ලෙස හැඳින්වීමකි.

මේ සඳහා ඇති විසඳුම නම් උප්පැන්නයේ ජාතිය සිංහල ලෙස හංවඩු ගැසීම නතර කිරීම ය. උක්ත චින්තන සම්ප්‍රදාය පිළිගන්නා ඕනෑ ම අයෙකුට සිංහලයෙකු විය හැකි ය. ඔහු පැමිණි රට අපට අදාළ නැත. එස්.මහින්ද හිමි සිංහලයෙකු වන්නේ ඒ අයුරිනි. ලක්ෂ්මන් කදිරගාමර් සිංහලයෙකු වන්නේ ඒ අයුරිනි. මා මුලින් සඳහන් කළ ජාති භ්‍රෂ්ටයින් අසිංහලයින් වන්නේ ඒ අයුරිනි.

Saturday, February 25, 2012

පුන්නක්කු බී නිදා ගැනීමේ කරුමය !

තෙල් මිල අඩු කරන්න පාරට බැහැපු පිරිසකට පොලිසිය කඳුලු ගෑස් ගැහුවා. අවම බලය පාවිච්චි කරලා කඳුළු ගෑස් ගහපු නිසා ඇන්තනීගේ ඔලුව පසාරු කර ගෙන ගිය කඳුළු ගෑස් උණ්ඩයක් අනිත් පැත්තෙන් මතු වුණා. පොලිසියට කිසිම අයිතියක් නෑ මේ විදිහට මිනිස්සු මරන්න. මේ ආණ්ඩුව බලයට ගෙනාවේ මිනිස්සු ජීවත් කරන්න මිසක් මරන්න නෙමේ. ආණ්ඩුව වහාම මේ මිනි මරුවන් අල්ලා දඬුවම් කළ යුතුයි. අර කටුනායක කොල්ලා මරපු අයට දඩුවම් කළා වගේ රටට ම පේන්න. එහෙම නැත්නම් අර රජයේ නිලධාරියෙක් ගස් බැන්ද ඇමති ගෙදර යැව්වා වගේ ලෝකේට ම ආදර්ශයක් වෙන්න.

අනෙක මේ රටේ ජනතාව එකා එක ගොං තඩි උන්ගේ කතතීරු දේශපාලනය වෙනුවෙන් කරන ප්‍රකාශවලට කන් නොදී මේ ලෝකෙ රටේ සිද්ධ වෙන දේවල් අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. පොතක් පත්තරයක් බලලා චැනල් දෙක තුනක නිව්ස් බලලා සත්‍යය මොකක් ද කියලා අවබෝධ කරගත යුතුයි. එහෙම නැතිව රෑ 8 ඉඳලා 10 -11 වෙනකම් ටෙලි නාට්‍ය කියන පුන්නක්කු ගිලලා හරක් වගේ බුදියන එවුන් රටකට වැඩක් නෑ.

උන්ට මොකෙක් හරි එකෙක් තම තමන්ගේ දේශපාලන උවමනා එපාකම් අනුව කියන බොරුවක් අහලා හරක් රංචුව වගේ පාරට පනිනවා. උන්ගේ පිටිපස්සේ ඇවිත් මිනිස් ලේවලින් දේශපාලන ඉණි මගේ ඉහළට යන්න බලා ඉන්න එවුන් පොලිසියට ගල් ගහනවා. උන්ට ඕන මළ කඳන් මතින් සිය දේශපාලන ගමන යන්න. දැන් ඇන්තනී මළා. ඊට කලින් කටුනායක කොල්ලෙක් මළා. අන්තිමට ඒ අයට ලැබුණු දෙයක් නෑ. එක එකාගේ දේශපාලන වේදිකාවල නම් ඒ නම් බයිට් කරාවි ටික දවසක්, රස යනකම්. ඊට පස්සේ උගස් හපයක් වගේ විසි කරනවා.

ලෝක වෙළඳ පොලේ මිලට අපට තෙල් ගන්න වෙනවා. නැත්නම් තෙල් නොගෙන ඉන්න ඕන. ඊට පස්සේ කරත්ත ටිකක් පාරට දාලා ගමන් බිමන් යන්න ඕන. එච්චර දුර යන්න ඕන නැහැ කඩේ මුදලාලි කියන මිලට අපි හාල් කිලෝ එකක් ගන්නවා. ඒ මිලට ගන්න බැරි නම් බඩ ගින්නේ ඉන්න ඕන. වහාම තෙල් මිල අඩු කරව් කියලා පාරට පැනලා කෑ ගැහුවාට ගෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙන්නේ නෑ. ඒ ප්‍රකාශවලින් අර පුන්නක්කු ගිලලා බුදියන බූරුවන් අන්දන්න පුළුවන් බව ඇත්ත. උන්ගෙන් සත්‍යය වහන් කරන්න පුළුවන් බවත් ඇත්ත. උන්ගේ මළ කඳන් පාවඩ කර ගෙන තම තමන්ගේ දේශපාලන ගමන යන්න පුළුවන් බවත් ඒ තරමට ම ඇත්ත. ඒත් මෑත දී බ්‍රිතාන්‍ය රජයත් කීයනවා තෙල් මිල අඩු කරන්න මැජික් බලයක් නෑ කියලා. දැන් යුරෝපයේ පෙට්‍රල් ලීටරයක් ලංකා මුදලින් රු. 300 සහ ඩීසල් රු. 250ක් වෙනවා.

ඒ වගේ ම රජයට මීට වඩා අඩු ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ දමන්න තිබුණා. මොකද දැන් වැඩි කළ තෙල් මිලෙන් අඩක් විතර ආයේ ජනතාවට සහනාධාර විදිහට ලබා දෙනවා. ධීවර බෝට්ටු හිමියන්ට, බස් අයිතිකාරයින්, පාසැල් සේවා වාහන, ත්‍රීරෝද රථ හිමියන්ට, සමෘද්ධි ලාභීන්ට, විදුලිය නැති අයට සහනාධාර දෙනවා. මේ උඩින් ම දැක්වෙන අයගේ ලාභය අඩු වුණා මිසක් වෙන දෙයක් වුණේ නැහැ. නැත්නම් මේ රටේ බස්කාරයින්ට වඩා සහනාධාර දෙන්න අඩු ආදායම්ලාභීන් ඉන්නවානේ. කොහොම වුණත් පැහැදිලියි මීට වඩා අඩු ප්‍රතිශතයකින් තෙල් මිල අඩු කරන්න තිබුණා කියලා. ‍අනෙක ඉහළ ගිය තෙල් මිලට කර ගහන්න ඕන ජනතාව විතර ද? ඇයි මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා අඩු කරන්න බැරි? එහෙම අඩු කරලා ජනතාවට යම් සහනයක් දෙන්න තිබුණා. ‍යම් අර්බුධයක් ආවම ජනතාව මත සියලු බර නොපටවා පාලකයිනුත් යම් බරක් දැරිය යුතුයි.

ඒ වගේ ම ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා රටේ ඒකීයභාවය නිදහස වෙනුවෙන් ජීවිති කැප කළ හමුදාව හෑල්ලුවට ලක් කළ ලක්ෂ්මන් කිරි ඇල්ල කියන උගත් මහත්තයා කිව්වා ජිනීවා මානව හිමිකම් සමුළුවට විරුද්ධව රටේ උද්ඝෝෂණ කරලා වැඩක් නෑ කියලා. ඉතින් මේ තරම් බුද්ධිමත් ඒ මහත්තයා පොඩ්ඩක් කතා කරලා කීවා නම් අර ධීරවයින්ට 'ලෝක වෙළඳ පොලේ තෙල් මිල ගියාට ලංකාවේ කෑ ගහලා වැඩක් නෑ පාඩුවේ මූදු පලයල්ලා' කියලා අර අහිංසක මනුස්සයා තාමත් ජීවතුන් අතර.

මිනිසා දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කීවේ කාලෙකට ඉස්සර. අපි ගන්න හුස්ම පොදක් ගානේ දේශපාලනය තියෙනවා. ඒත් සමහරුන්ට වගක් නෑ. 'ඉරානෙට ඇමරිකාව ගහනවලු නේද?' 'ආ ඇත්තෙයි මම හිතුවේ දැන් ගහලා ඉවරයි කියලා සදාම් හුසෙන් මැරුවා නේද ළඟදී?' වගේ හතර බීරි කතා තමා අපට ඇහෙන්නේ. ඒ නිසා ජනතාව රට ලෝකය ගැන මීට වඩා සවිඥානික විය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ 71 වගේ නැත්නම් 88/89 වගේ එහෙමත් නැත්නම් ඇන්තනී වගේ කාගේ හරි පස්සේ ගිහින් වෙඩි කන්න. නැත්නම් වෙන්නේ බටහිර බලවේගවල ඉත්තෝ වෙලා තමන්ටක් නොදැනීම උපන් රටේ හතුරෝ වෙන්න.
 
සිය රට දේ සිරි සැප දේ !