හරක් හොරු දැන් කම්හල් මංකොල්ලා කන්න පටන් අරගෙනද? කම්හල් පාඩු නම් ඒවා රජයට පවරා ගත යුතුයි. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහ තම හිතවතාට මේ කම්හල දීපු මිල කීයද? ඒකේ තක්සේරු වටිනාකම කීයද? කියලාත් කියන්න ඕන. මේවා රටේ සම්පත්. රනිල්ගේ හරි මහින්දගේ හරි දේපළ නෙමේ.
සීනි කම්හල තියෙන්නේ අරක්කු පෙරන්න නෙමේ. ඒ නිසා මේ කම්හල කොච්චර සීනි හැදුවාද? අරක්කු කොච්චර හැදුවාද කියලත් කියන්න ඕන. සීනි කම්හලේ අරක්කු පෙරලා ලාභ පෙන්නලා වැඩක් නැහැ.
ඒ වගේ ම දයා ගමගේ යූඇන්පී වුණු පලියට මේවා රජයට පවරා ගන්න එක වැරදයි. රටේ සම්පත් මේ විදිහට කුණු කොල්ලයට කොල්ල කාපු එවුන් ආණ්ඩුවෙත් ඉන්නවා. එහෙනම් උන්ටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොටනේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වෙන්නේ.
ඒ වගේ ම ඕනම දෙයක් කරන පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. එකෙන් ගස් බඳිනවා. කනට ගහනවා. තව එකෙක් මිනිස් දඩයමේ යනවා. මිනී මරනවා. තව එකෙක් කොල්ල කනවා. මේ රටේ නීතිය කොහෙද තියෙන්නේ. කතාවක් තියෙනවා ඔබ කොච්චර උස වුණත් නීතිය තියෙන්නේ ඔබට උඩින් කියලා. ඒක අපේ රටේ නම් නීතිය තියෙන්නේ බලය තියෙන එකාට යටින් කියලා කියන්නයි වෙන්නේ. දැන් නීතිය තියෙන්නේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්න පාවිච්චි කරන වේවැලක් විදිහට. නැත්නම් හරක් දක්කන කෙවිටක් විදිහට.
මේ තත්ත්වය හරි භයානකයි. මේවා දැක්කම ජනතාව නීතිය කෙරෙහි කලකිරෙනවා. අධිකරණ විශ්වාස නොකර යනවා. ජනතාව නීතිය අතට ගන්නවා. රිය අනතුරක් වුණාම රියදුරා අහු වුණොත් මරනවා. වාහනය ගිනි තියනවා. මිනිමැරුමක් වුණාම මිනීමරුවාට දඬුවම් දෙන්නේ ජනතාව. ඒ මිනීමරුවාගේ දේපල ගීනි බත් කරලා. මොකද වරදකරුට දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා ජනතාව තේරුම් අරගෙන.
මේ විදිහට ජනතාව නීතිය අතට ගැනීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ වගේම නීතිව වල්වැදීම අනුමත කරන්නත් බැහැ. මේ විදිහට තැන තැන සිදුවන සිදුවීම්වලට මුල්වන ජනතාව අත්අඩංගුවට අරන් දඬුවම් කරලා පලක් නැහැ. ඒක අතීසාරයට අමුඩේ ගහනවා වගේ වැඩක්. කළ යුත්තේ නීතිය සැමට දාධාරණ සේ ක්‍රියාත්මක කළ යුතුයි. මේ හැම අයුතු අශිෂ්ට ක්‍රියාවක්ම ආණ්ඩුවේ ආයුෂ අඩු කරන බව යුතුමයි.