ඊයේ අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස ලද දිනයයි. ඇතැම්හු මේ අපේ දෙවන නිදහස් දිනය යයි කියති. එහෙත් මේ නිදහස පෙර අන් කිසි නිදහසකට වඩා උතුම් සහ ශ්‍රේෂඨ බැව් අප මතයයි. බටහිර විජිත කොල්ලකරුවන්ට එරෙහිව අප රටේ විවිධ කැරලි පැන නැග්ග ද අප නිදහස ලද්දේ ඉන්දිය නිදහස් සටනට පිං සිදුවන්නටය. ඒ නිදහස ද සැබෑ නිදහසක් නොවන්නේ අපේ රට භාර දුන්නේ සුද්දා ඇති දැඩි කළ කළු සුදු කුක්කන් පිරිසකට හෙයිනි. 48 රටේ අගමැති ධුරය ඩී. බී. ජයතිලක මහතාට හිමි විය යුතුය යන්න රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දේශප්‍රේමි ජන මතය විය.
මේ රට නිදහසේ ප්‍රථම වර්ෂ පූර්ණය සමරද්දි ඊයේ රාජකීය ආසියාතික සමිතිය උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක නටඹුන් පිළිබඳ දේශනයක් සංවිධානය කිරීම සුවිශේෂි වෙයි. එම දේශනය සඳහා ආරාධනා ලැබ සිටියේ සිය ජීවිත කාලයෙන් වසර 50ක් පමණ උක්ත කාර්ය සඳහා කැප කළ එල්ලාවල මේධානන්ද හිමිය. මේ වැදගත් දේශනය සඳහා කිසිදු ප්‍රචාරයක් ලබා නොදුන් නිසා දෝ සහභාගීත්වය අඩු විය. එහෙත් ඒ දේශනය සම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම ශ්‍රවනය කළ යුත්තක්ය යනු මගේ හැඟීමයි.
බෙදුම්වාදයට සහ අධිරාජ්‍යවාදයට සේවය කරන ව්‍යාජ ඉතිහාසකරුවන් ලියූ කසිකබල් පොත් කඩමාළු ඉවත දමා අපි දැන්වත් අපේ සැබෑ ඉතිහාසය සොයා පාදා දිය යුතුය. ඉතිහාසය නූගත් හෙයින් නිවටව පරාධීනව සිටින අද පරපුරට මගේ මේ වදන් නිසරු ප්‍රලාප ලෙස හැඟුණ ද අපේ රටේ ඒකීයත්වය චිර පැවැත්ම රඳන්නේ අපේ සැබෑ ඉතිහාසය අනාගත පරපුර අතර පත් කිරීම මතය. ඊට සිංහල දෙමළ මුස්ලිම් බේදයක් නැත. ඒ සියල්ලෝ ලාංකික දෙමළ සහ ලාංකික මුස්ලිම්වරු වෙති. ඔවුන් මේ රටේ ඉතිහාසය දැන සිටිය යුතුය. එවිට තමන්ට උතුර අයිති යැයි දෙමළ අයද නැගෙනහිර තමනට අයිති යැයි මුස්ලිම්වරුද ජාතිවාදි ගිනි මැළයට බිළිදීමට කිසිවකුට නොහැකි වනු ඇත. ඔවුන්ට ඉතිහාසයෙන් ඉගනීමට ඉඩහසර දිය යුතුය. මේ රට රටේ වෙසෙන සියල්ලන්ගේය. රටේ සිව් කොණ මුල් පදිංචිකරුවෝ සිංහලයෝය. එය පරම සත්‍යයකි. එම සත්‍ය සෙසු ජනතාවට රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට තර්ජනයක් නොවේ.

