Thursday, July 17, 2014

අලුත්ගමින් බටහිර ඉවුරට

ඊශ්‍රායල් පලස්තීන ගැටුම පිළිබඳ ගලා එන පුවත් බහුතරය සත්‍යය නොවේ. සත්‍යය ලෙස නිර්මාණය කළ ඒවා ය. ඊශ්‍රායලයට බටහිර ඉවුරේ සිට හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කරන බව මේ ප්‍රවෘත්තිවලට විෂය නොවේ. එහෙත් ඊශ්‍රායලය ප්‍රති-ප්‍රහාර එල්ල කළ වහා ඊශ්‍රායලය ළමයින් මරා දමන බවට ඡායාරූප සමඟ පුවත් පළ වේ. එවිට අපි අහිංසක මුස්ලිම් දරුවන් මරා දමන ඊශ්‍රායල් අගමැති ඇතුළු යුදෙව්වන්ගේ දෙමාපියන් සිහිපත් කර බැන වදිමු. එහෙත් මේ මිය ගිය ළමුන්ගේ එක ම ඡායාරූපය විවිධ සිද්ධිවලට අමුණමින් වසර කිහිපයක් තිස්සේ දෙතුන් වර පළ වෙයි. හමාස් අයිසිස් ඇතුළු 90%ක් වන සුන්නි ඉස්ලාමිකයින් 10%ක් වන ෂියා ඉස්ලාමිකයින්ට සහ සෙසු ලෝකයට කරන අපරාධ මෙවැනි ව්‍යාජ පුවත් ඔස්සේ වසා දමනු ලැබේ.

ලෝකයේ සුන්නි මුස්ලිමුන් බහුතරය වීමත් ඔවුන් සතු ආර්ථික ශක්තියත් බොහෝ සුන්නි මුස්ලිමුන් ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාති වීමත් නිසා බටහිර මාධ්‍ය ද සුන්නි මාධ්‍ය සමඟ මේ කටයුත්ත සඳහා හරි හරියට දායක වෙයි. මේ තත්ත්වය සමාන කළ හැක්කේ 2009 අවසන් වූ කොටි ත්‍රස්තවාදය හමුවේ අල් ජසීරා බීබීසි සීඑන්එන් ඇතුළු මාධ්‍ය ගෙන ගිය රංගනයටයි. කොටි සංවිධාන අහිංසක හා පැටවුන් ලෙස ද රජයේ හමුදා ම්ලේච්ඡ මිනීමරුවන් ලෙස ද හැඟෙන පරිදි එකල පුවත් නිර්මාණය කෙරිණි. අලුත්ගම සිද්ධියේදී ද මුස්ලිමුන් පොසොන් පෝදා භික්ෂුන් වහන්සේට පහර දීම හෝ පෙළපාලි ගිය බෞද්ධයින්ට පල්ලියේ සිට පහර දීම පිළිබඳ කතා නොකර ඊට ප්‍රතිචාර දැක්වූ සිංහලයින් නිසා මුස්ලිමුන්ට වූ හානිය පිළිබඳ පමණක් විග්‍රහ කෙරිණි.

අද ඊශ්‍රායල් පලස්තීන ගැටුම පදනම් කරගෙන නිර්මාණය කරන ප්‍රවෘත්ති ද එවැනි ය. එදා ලංකා ආණ්ඩුවට යුද කලාපවල සිටින්නන් නඩත්තු කළා සේ ම බටහිර ඉවුරට ආහාර විදුලිය ජලය බෙහෙත් සපයන්නේ ඊශ්‍රායලයයි. ඒ සඳහා හමාස්ලා පෙරළා කෘතගුණ දක්වන්නේ රොකට්වලිනි. ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන විට බටහිර ඉවුරට බැලුම් බෝල එවීමට තරම් යුදෙව්වන් දීන සිංහලයින් මෙන් නිවට නැත. එහෙයින් සාමය අවශ්‍ය නම් මුස්ලිමුන් කළ යුත්තේ බටහිර ඉවුරේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන හමාස් සංවිධානය නිහඬ කිරීම ය. පට්ටපල් කෙප්ප ඔස්සේ සිංහලයින් යටපත් කළ හැකි වුව ද යුදෙව්වන් නම් කිසි දිනක යටපත් කළ නො හැකි ය. රජයේ මාධ්‍ය ඔස්සේ පලස්තීන නායකයාට දුරකතනයෙන් අමතා සුවදුක් විමසන බව පැවසෙන අපේ මහ උන්දෑ ද කළ යුත්තේ එපමණි.

6 comments:

නාමල් උඩලමත්ත said...

Nimmi Muditha Herath ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන විට බටහිර ඉවුරට බැලුම් බෝල එවීමට තරම් යුදෙව්වන් දීන සිංහලයින් මෙන් නිවට නැත. පට්ටපල් කෙප්ප ඔස්සේ සිංහලයින් යටපත් කළ හැකි වුව ද යුදෙව්වන් නම් කිසි දිනක යටපත් කළ නො හැකි ය.

නාමල් උඩලමත්ත said...

Buddike Jayawardane යුදෙව් ජාතිකයන්ගෙන් සමන්විත ඊශ්‍රායල් රට වෑසියා ලන්කාවෙ මෙන් නොව එක් අතකින් වාසනාවන්තය. මන්ද ඊශ්‍රායල් පාලකයින් මුස්ලිම් ත්‍රස්තවාදය හමුවේ තම රට වෑයියාගෙ ආරක්ෂාව පතා නිවටයින් නොවී ඊට සාර්ථකව ප්‍රති ප්‍රහාර එල්ල කරන නිසාය.

නාමල් උඩලමත්ත said...

Manjula Dilhani එ රටෙ යුද්දෙ පටන් ගත්තාම යුරොපිය රටවල් වල ඉන්න යුදෙව්වන් පුළුවන් තරම් තමන්ගේ රටට යනව එ මිනිස්සු තමන්ගෙ ජාතියට තනි වෙන්න දෙන්නෙ නැතිව එකට අපෙ.වෙන රටකට අවාම අම්මා තාත්තාත් මතක නැ

නාමල් උඩලමත්ත said...

අපේ අභීත ශ්‍රී ලාංකිකයෝ එහෙමයි. එයාලා බලන්නේ රටට කෙළවෙන්න එනවා නම් මොන හරත වරමක් හරි ගහලා දරු මල්ලෝ එක්ක රටින් පැනලා යන්න. නමුත් යුදෙව්වෝ සියලු පහසුකම් සහිත ඇමරිකාවේ ඉඳලා දූවිලි විතරක් තියෙන බිමකට ඇවිත් රටක් හදනවා. ලොව පුරා විසිර සිටි යුදෙව්වෝ ඒ වන විට විවිධ භාෂා කතා කළ නිසා හැමට පොදු තමන්ගේ හීබෘෘ භාෂාව මළවුන් අතරින් නැගිව්වවලා පණ දෙනවා. රටේ 30% වෙච්චි මුස්ලිම් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න මග පාදලා තියෙනවා. හැබැයි රට සෞදි කොලනියක් කරන්න නම් ඒ රටේ මුස්ලිම් අය හිතන්නේ නෑ හීනෙන්වත්.

Mandawala Hamuduruvo said...

මෙම ලිපිය බොහෝ කාරණා විකෘති කරයි! බටහිර රටවල අනුමතියෙන් අසරණ පලස්තීනයන් මරා දැමෙති.
පළමු යුදෙව් කණ්ඩායම ආපු වෙලාවෙ හිට්ලර්ගෙන් බැටකාල හිටිය ඒ අයට පලස්තීන ජනයා සිය නිවෙස්වලින් කොටසක් දුන්න ඉන්ඩ! මෙහෙම බොරු ලියන්ඩ එපා! එය පවක්. නවිපිල්ලේ නෝනටවත් අද පලස්තීනයන් පෙළෙන දුක පේන්නෙ නෑ!

නාමල් උඩලමත්ත said...

යුදෙව් කියන්නේ අප්‍රිකාවේ වාසය කළ සුළු ජන පිරිසක්. ඔවුන් විනාශ කළේ බලවත් මුස්ලිම් රාජ්‍යය. මුස්ලිම් රාජ්‍ය 100%ක් මුස්ලිම්. වෙන කාටවත් ඉන්න දෙන්නේ නෑ.

එදා කොටි කළා වගේ ම අද හමාස්ලා කරන්නේ තමන්ගේ මිනිස්සු මිනිස් දැලක් විදිහට පාවිච්චි කරමින් ලෝකයේ අනුකම්පාව දිනාගන්න තක්කඩි වැඩ. වෙල්ලමුල්ලිවයික්කාල්වල කොටි අහිංසක දෙමළ මිනිස්සු හිරකරගෙන හිටියා වගේ ම අද බටහිර ඉවුරේ අහිංසක මුස්ලිම් මිනිස්සු හමාස්ලා හිරකරගෙන ඉන්නවා.

ඒ විතරක් නෙමේ අවශ්‍ය වෙලාවට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරලා ඊට එල්ල වන ප්‍රතිප්‍රහාරවලට මුස්ලිම් ළමයි ගොදුරු කරලා ඒ පින්තූර මාධ්‍යයවලට දීලා ලෝක අනුකම්පාව කොල්ල කනවා. එදා කොටි කළෙත් ඒක. මෙදා අලුත්ගම කළෙත් ඒක. දැන් බටහිර ඉවුරේ වෙන්නෙත් ඒක. එදා කොටි කළ දේ වැරදි නම් අද හමාස්ලා කරන දේ වැරදියි. අලුත්ගම සිද්ධිය හමුවේ මෙරට මාධ්‍ය කළ දේ වැරදි නම් අද හමාස්ලා කරන දේත් වැරදියි. මේ වීඩියෝ එකේ තියෙනවා අල්ලාහු අක්බාර් කියමින් ඊශ්‍රායලයට මෝටර් ගහනවා ඒ අසල ළමයි ටිකක් බැඳලා. මේ මෝටර්වලට ඊශ්‍රායලය අනීවාර්යෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. එතකොට ළමයි මැරෙනවා තමා. ඉතින් ළමයි මැරෙන්නේ හමාස් තක්කඩි ඒ ළමයි යුද්ධයට බිලිදෙන නිසා නෙමේද? එතකොට පව් සිද්ධ වෙන්නේ එහෙම වෙනවා කියන මට ද? නැත්නම් ඒක කරන අයට ද? https://www.facebook.com/photo.php?v=258191197708220

 
සිය රට දේ සිරි සැප දේ !