Tuesday, July 1, 2014

වික්‍රමසිංහ තියරිය

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි මුස්ලිම් බහුතරයක් සහිත දර්ගා නගරය මැදින් බෞද්ධයින් පෙරහැරක් යෑම වරදකි. එතුමාගේ සිතුම් පැතුම් සහිත සෙසු උගතුන් මෙන් ම එතුමා ද සඳහන් කරන පරිදි ගැටුමට හේතුව එම පෙරහැර මිස පොසොන් පෝදා භික්ෂූන් වහන්සේ නමකට පහර දීම හෝ එතෙක් මුස්ලිම් අන්තවාදී කල්ලි අඛණ්ඩ ව කරගෙන ගිය බෞද්ධයින් කුපිත කිරීමේ කටයුතු හෝ ඒවා රජය මැදිහත් වී නතර නොකිරීම නොවේ. අප මොහොතකට වික්‍රමසිංහ මහතාගේ තර්කය නිවැරදි යැයි සිතමු. එනම් මුස්ලිම් බහුතරයක් සහිත දර්ගා නගරයේ බෞද්ධයින් පෙරහැරක් යෑම වැරදි ය. එමෙන් ම එම තර්කය සෙසු ජාතීන්ට ද අදාළ විය යුතු ය.

එය එසේ නම් මේ රටේ 74%ක් සිංහල බහුතරයට 8%ක් වන සුළුතර මුස්ලිම් ජනතාව වෙනුවෙන් හලාල් කෑමට සිදුවීම කිසිසේත් සාධාරණ නැත. වෙනත් විදිහකට කිවහොත් 92%ක් වන මුස්ලිම් නොවන ජනතාවට 8%ක් වන මුස්ලිම් ජනතාව නිසා හලාල් කැවීම වික්‍රමසිංහ මහතාට අනුව කිසිසේත් සාධාරණ නැත. මන්ද මේ රටේ බහුතරය මුස්ලිම් නොවේ.

එමෙන් ම වික්‍රමසිංහ මහතාට එම තර්ක න්‍යාය අනුව බෞද්ධ සිද්ධස්ථාන අවට කූට ලෙස මුස්ලිම් පල්ලි ඉදිකිරීම ද බලවත් වරදකි. පුරාණ රජවරුන් විසින් දඹුල්ල පන්සලට පූජා කළ ඉඩමේ මුස්ලිම් පල්ලියක් ඉදි කිරිම වරදකි. එමෙන් ම මේ රට පාලනය කළ රජවරුන් විසින් කිහිප වරක් බුදුන්ට පූජා කළ රටේ තැන නොතැන නොබලා මුස්ලිම් පල්ලි ඉදිකිරීම වරදකි. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම වරදකි. 

එපමණක් නොව සෞදි අරාබියේ සිට වපුරන සුන්නි වහාබ්වාදය හිසින් ගත් අන්තවාදී සුළු මුස්ලිම් කල්ලිවලට මේ රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කිරීමට ඉඩදීම බලවත් වරදකි. එහෙත් අප කෙසේ කීව ද වික්‍රමසිංහ මහතා හෝ ඔහු පන්නයේ උගතුන් කිසිසේත් බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අන්තවාදයෙන් ආරක්ෂා කිරීමට මේ තර්ක න්‍යාය භාවිත නො කරති. එහිදී ඔවුහු එය සුළු ජන තොටස් සතු නොබිඳිය හැකි පරම අයිතියක් කොට සලකති. 

කෙසේ වුව ද මේ තර්ක න්‍යාය අනුව මතු දිනක කොළඹ හුනුපිටියේ ගංගාරාම පෙරහැර මෙන් ම නුවර දළඳා පෙරහැර ද පැවැත්වීම වරදක් විය හැකි ය. මන්ද කොළඹ මෙන් ම නුවර නගරවල දේපළ වේගයෙන් අන්‍යාගමික කොටස් විශේෂයෙන් මුස්ලිම් කොටස් අත්කර ගනිමින් ඇත. ඊට සමාන වේගයකින් සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වෙනුවට අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වෙයි. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පල්ලි ඉදිවන අතර මතු දිනක මේ මේ මාර්ගවල පෙරහැර ගමන් නොකළ යුතු බවට අනඥා පැනවීමට ඉඩ තිබේ. 

1915 සිංහල මුස්ලිම් කෝලාහලයට හේතු වූයේ ද මෙලෙස සියවස් ගණනාවක් පැරණි රජ දවස සිට පැවැත්වූ පෙරහැරකට මුස්ලිම් අන්තවාදීන් බාධා කිරීම නිසා ය. එම බාධා කිරීම කළේ රටට අලුතින් වෙළඳාම පිණිස පැමිණි හම්බ මරක්කල නම් පිරිසක් විසිනි. ඔවුන් පැමිණ එහි තිබූ කතෝලික සහ මුස්ලිම් පල්ලියට අමතරව නව පල්ලියක් ඉදි කළේ 1885 වසරේ පමණ ය. සිය වස් ගණනාවක් සිංහල බෞද්ධයින් සමඟ ජීවත් වූ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් පෙරහැර පැවති දිනවල සිය පල්ලියට නොපැමිණ බෞද්ධයින්ගේ පෙරහැර නිදහසේ කරගෙන යෑමට අවස්ථාව ලබා දෙන පසු බිමක මේ රටට සංස්කෘතියට ආගන්තුක, එය නො ඉවසූ හම්බ මරක්කලයෝ බෞද්ධයින්ට දිගින් දිගට ම කෙනහිලි කළහ. අවසානයේ එය විශාල ඛේදවාචකයකින් අවසන් විය. 

එදා මෙන් ම වර්තමාන සිංහල මුස්ලිම් ජනතාව අතර ඇතිව ඇති නො සන්සුන්තාවයට ප්‍රධාන හේතුව එකල සමාජයේ පැවති ලෙස ම අන්තවාදීන් මේ රටේ සංස්කෘතිය කෘතීම ලෙස වෙනස් කිරීමට දරන තැතයි. මේ රටේ සංස්කෘතියට අනුගත නොවී ලංකාව තවත් සෞදි අරාබියක් කිරීමට දරන තැතයි. අරාබි මුස්ලිම් සංස්කෘතිය මෙරට බෝ කිරීමට වළිකන මේ පිරිස් මේ රටේ සංස්කෘති සහ සිරිත් විරිත් සෞදි අරාබියේ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දෙන්නේ දැයි නො සිතති. මේ තත්ත්වය පාලනය කළ හැක්කේ වික්‍රමසිංහ මහතා සහ මෙරට පාලකයින් මෙන් සිංහලයින්ට එක් හැන්දකින් ද මුස්ලිම්වරුන්ට තවත් හැන්දකින් ද බෙදීමෙන් නොව සැමට එක සමාන නීතියක් අනුව කටයුතු කිරීමෙනි. බෞද්ධයින්ට අසාධාරණ ලෙස සැලකීම ඔස්සේ සිදුවන්නේ බෞද්ධයින් තව තවත් උරණ වී නිතිය අතට ගෙන ක්‍රියා කිරීම සහ ඒ ගැටුම්වලින් පීඩාවට පත් වන සාමාන්‍ය මුස්ලිම් ජනතාව මෙරට ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය ගොදුරු වීම ය. එහි ප්‍රතිඵලය වන්නේ මේ රට නැවත ත්‍රස්තවාදය වෙත තල්ලු මුස්ලිම් රටවල් මෙන් සදාකල් ගැටුම් සහිත නරකාදියක් බවට පත්වීම ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !