Thursday, November 1, 2012

6%ට පසු වදනක්

විය යුතු ලෙසම 6% සටන පරාජයෙන් කෙළවර විය. ඇතැමුන්ට එවන් සටනක් තිබුණු බවක් හෝ දැන් මතක නැත. තත්-කාලීන බොහෝ සමාජ දේශපාලන සංස්කෘතික ප්‍රවණතා පිළිබඳ ලියන මා රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සහ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම වෙනුවෙන් ආරම්භ කළ සටනට සම්බන්ධ නොවුණේ ඇයි ද යන්න සහ ඒ පිළිබඳ අදහස් පළ නොකළේ ඇයි ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබේ. ඇතැහු අධ්‍යාපනය සඳහා රජය දරන වියදම් වැඩි කිරීමට මා අකමැති දැයි ඇසූහ. මගේ ක්ෂණික පිළිතුර වූයේ මම ඒ සඳහා උඩින් ම කැමති බවය. එසේ නම් සටනට නාවේ ඇය? මේ ඒ සඳහා කෙටි පිළිතුරකි.

මා මේ සටනට සම්බන්ධ නොවූයේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය පිළිබඳ මා තුළ ඇති අපැහැදීම, සටන් පාඨවල තිබූ අතාර්කික බව, සටනට නායකත්වය දුන් පිරිස් පිළිබඳ පැහැදීමක් නැති නිසාය. ආචාර්ය ඉල්ලීම් අතරින් ප්‍රමුඛ ඉල්ලීම ලෙස සමාජගත වූයේ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු බවට කළ ඉල්ලීමය. (එහි වෙනත් ආන්දෝලනාත්මක ඉල්ලීම් ඇති බව පැවසුණ ද මේ ඒවා සාකච්ඡා කිරීමට අවස්ථාව නොවේ.) මේ ඉල්ලීම මූලික ආර්ථීක විද්‍යා සංකල්ප සහ රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇති පිරිසකට තරම් නොවන ඉල්ලීමකි. මේ සටනට සහාය පළ කළ බොහෝ දෙනා සිතා සිටින්නේ ආණ්ඩුවට දජානි යනුවෙන් නිධානයක් ඇති බවත් ඉන් බිඳක් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කර ඉතිරි සියල්ල ආණ්ඩුවේ ලොක්කන් අතර බෙදාහදා ගන්නා බවය. ඒ අර්ථයෙන් මේ වූ කලී මහා ප්‍රගතිශීලි සටනකි. රටේ අනාගතය වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමකි.



අපි අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ජාතියකි. උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා! දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සබා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි! වැනි රුවන් වැකි බිහි වන්නේ එහෙයිනි. එහෙයින් අපේ දෙමාපියන් සිය දේපළ විකුණා කුස ගින්නේ සිට හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට වෙහෙසෙති. එහෙයින් අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීම පිළිබඳ සටනට සහාය පළ කළේ අවංක අදහසිනි. එහෙත් සටනක් ජය ගැනීමට අවංකකම විතරක් ප්‍රමාණවත් නොවේ. ඒ සටන ප්‍රායෝගික විය යුතුය. නිරර්ථක සටනක් නොවිය යුතුය. හදවතින් නොව බුද්ධියෙන් සටන් කළ යුතුය. එහෙත් එය එසේ නොවුණු අතර බුද්ධියෙන් තොරව හදවතින් කළ සටන කෙළවර පරාජයෙන් කෙළවර විය.

රටක වසරක් තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල සමස්ත වටිනාකම දළ ජාතික නිෂ්පාදනය යැයි කිව හැකිය. එම ආදායම රටේ ආර්ථිකයේ ස්වභාවය අනුව රාජ්‍ය අංශ සහ පෞද්ගලික අංශය අතර බෙදී යයි. කිසියම් රටක සියලු භාණ්ඩ හා සේවා නිෂ්පාදන කරන්නේ රාජ්‍ය අංශය නම් සමස්ත දජානි ආදායම රාජ්‍ය අංශය සතු වන අතර සියලු භාණ්ඩ හා සේවා නිෂ්පාදන කරන්නේ පෞද්ගලික අංශය නම් සමස්ත දජානි ආදායම පෞද්ගලික අංශය සතු වේ. එහෙත් වර්තමානයේ බොහෝ ආර්ථික මිශ්‍ර ආර්ථික වේ. එනම් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සම්බන්ධ වේ. ලංකාවේ ආර්ථිකය ද එවැන්නක් වන අතර එහිලා රාජ්‍ය අංශයේ දායකත්වය ඉතා අඩු බවද පෞද්ගලික අංශය හා සසඳන කල එය බෙහෙවින් අඩු අගයක් ගන්නා බවද කිව යුතුය. වෙනත් ලෙසකින් කිවහොත් වසරකට ලංකාව රු. 100ක් උපයන විට ඉන් රු. 86ක් උපයන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයට හිමි වන්නේ රු. 14කි. ඒ 14න් බහුතරය ඍජු සහ වක්‍ර බදු. ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, රටේ සංවර්ධන කටයුතු, ආණ්ඩුවේ වියදම් ඇතුළු සියලු කටයුතු කරන්නේ මේ 14%නි. වෙනත් ලෙසකින් කිවහොත් ආණ්ඩුවේ අමාත්‍යංශ 52ක් තිබේ. ඒ සියල්ලට වියදම් කරන්නේ එම 14% ආදායමිනි. එම 14%න් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළොත් සෙසු අමාත්‍යංශ 50ට ම වියදම් කරන්න ඉතිරි වෙන්නේ 8%කි. ඒක කිසිසෙත් ප්‍රයෝගික නැත. වර්තමානයේ රාජ්‍ය ආදායම 14%ක් වන විට රාජ්‍ය වියදම් 24%ක් වී තිබේ. එනම් රජය තම ආදායම්වලට වඩා වියදම් කරයි. මේ නිසා රටේ අයවැය හිඟයක් නිර්මාණය වී ඇත.

මේ තත්වය මත මම මගේ මිතුරන්ට කීවේ මේ සටන කවදාවත් ජයග්‍රහණයකින් කෙළවර කළ නොහැකි නිරර්ථක සටනක් බවය. ඔවුන් එදා එය නොපිළිගත්තත් අද පිළිගන්න සිදුව තිබේ. මේ සටන රාජ්‍ය ආදායමින් යම්කිසි ප්‍රතිශතයක් ඉල්ලලා කළා නම් මීට වඩා තාර්කිකය. අනෙක් අතට ඔවුන් පුනපුනා විවිධ රටවල අධ්‍යාපන වියදම් ලැයිස්තු ඉදිරිපත් කළත් ඒවා ඉතා බොළඳ ඒවා විය. රටවල ආර්ථික විවිධය. ඒවායේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වයත් වෙනස්ය. නිදසුනක් ලෙස කියුබාවේ දජානි යනු රාජ්‍ය ආදායමයි. පෞද්ගලික ආදායම් ඇත්නම් ඒ නොගිණිය යුතු තරමකි. එහෙයින් කියුබාවේ දජානියේ අධ්‍යාපන වියදම දජානියේ පෞද්ගලික කොටස වැඩි අපේ රට හා සැසඳීම විහිළුවකි.

රජය අධ්‍යාපනය සඳහා දරන වියදම් ක්‍රමයෙන් අඩු කරන බවට දැක්වූ ප්‍රස්තාර පුංචි ළමුන්ට ඇස් බැන්දුම් පෑමට දෙවෙනි නැත. රටේ දජානි වැඩි වන විට ඊට සාපේක්ෂව අධ්‍යාපන වියදම් වැඩි නොවන විට එය ප්‍රතිශයක් ලෙස පහළ යයි. ඒ පහළ යාමෙන් රජය අධ්‍යාපන වියදම් අඩු කළ බවක් නොකියවේ. නිදසුනක් ලෙස 1990 රටේ දජානි රු. 1000ක් වෙද්දී අධ්‍යාපන වියදම රු. 500 නම් ඒ වසරේ දජානිවල අධ්‍යාපන වියදම 50%ක් වෙනවා. එහෙත් 2000 වෙද්දි දජානි 2000ක් වෙලා අධ්‍යාපන වියදම රු. 500ම නම්  ඒ වසරේ දජානිවල අධ්‍යාපන වියදම 25%යි. ඒකෙන් කියවෙන්නේ නැහැ රජය අධ්‍යාපන වියදම රු. 400ක් හෝ 300ක් කළ බවක්. ඒ වගේම හැම කෙනෙක් ම තමන්ගේ ආදායමින් මෙච්චර කොටසක් අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුය කියලා කීමත් තාර්කික නැහැ. ළමයෙකුට වාර්ෂික අධ්‍යාපන වියදම රු. 5000ක් යැයි සිතුවොත් කමල්ගේ පියාගේ ආදායම රු. 10 000 නම් ඔහුට තම ආදායමින් 50%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු වෙනවා. එහෙත් ජගත්ගේ පියාගේ ආදායම රු. 100 000 නම් ඔහුත් වියදම් කරන්නේ සිය ආදායමින් 5%ක් විතරයි. ප්‍රතිශතය අනුව ගත්තොත් ජගත්ගේ පියා තමන්ගේ පුතාට විදයම් කරන්නේ අඩු මුදලක්. නමුත් ඇත්ත ඒක නෙමේ. එහෙත් ප්‍රතිශතය අනුව කමල්ගේ පියාට සමාන වෙන්න නම් ජගත්ගේ පියාට පුතාගේ අධ්‍යාපනය සඳහා රු. 50 000ක් විදයම් කරන්න සිද්ධ වෙනවා. මෙලෙස රටේ දජානි ඉහළ යන විට අධ්‍යාපනය සඳහා දරන වියදම අඩු කළාය කියන තර්කයම කෙනෙකුට අනෙක් පැත්තට නැඟිය හැකියි. එනම් කිසියම් අවස්ථාවක දජානි අඩු වු‍ණොත් කිව හැකියි ඔන්න අපි අධ්‍යාපන වියදම් වැඩි කළා කියලා. ඒත් ඇත්ත ඒක නෙමේ. 

මේ සියල්ලට ම වඩා වැදගත් කාරණාව ඔවුන් සසඳන සියලු රටවල අධ්‍යාපනය සඳහා මුදල් අය කරනවා. ඒ රටවල් මුදල් අය කරන විශ්වවිද්‍යාල නඩත්තු කරනවා. නමුත් අපේ රටේ ඒ සඳහා තියෙන්නේ දැඩි විරෝධයක්. මට හිතෙන්නේ අපි වහාම පෞද්ලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. රජයත් මුදල් අය කරන විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. ඒවා විධිමත් ලෙස පවත්වා ගෙන යමින් එම ආදායම් නැවත අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුයි. බංගලිදේශය වගේ රටවල්වලට පුළුවන් නම් ඒක කරන්න අපේ රටට බැරි නැහැ. මේ නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වේය කියලා තියෙන්නේ හුඹස් බියක්. එහෙම කෑ ගහන බොහෝ අය තමන්ගේ දරුවා ජාත්‍යන්තර පාසැල් යවනවා. පෞද්ගලික බස්වල ගමන් බිමන් යනවා. බෙහෙත් ගන්න පෞද්ගලික රෝහල්වලට යනවා. හැබැයි ඒවා ආරම්භ කරද්දිත් නිදහස් අධ්‍යාපනය ඉවරයි! නිදහස් සෞඛ්‍යය ඉවරයි! කියලා ඝෝෂා කළා. අන්තිමට වෙච්චි දෙයක් නැහැ.

මම කියන්න උත්සාහ කළේ අපේ රටේ අධ්‍යාපනය හරිම හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ කියලා නෙමේ. මේ රටේ අධ්‍යාපනය මහා විකෘතියක්. ඒ නිසා ඒ සමස්ත පද්ධතියම වෙනස් විය යුතුයි. රැකියාව සහ ඉගනීම කියන්නේ දෙකක්. එහෙත් දැන් ඉගෙන ගන්නේ රැකියවක් කරන්න. විශ්වවිද්‍යාලයට එන්නේ ඒක රැකියාවක් ගන්න ලේසි මගක් නිසා මිසක් ඉගෙන ගන්න නෙමේ. අද විශ්වද්‍යාල ජොබ් ෆැක්ටරි බවට පත්ව ඇත. කාර්මික විද්‍යාල, විවිධ රැකියා පුහුණු පාසැල් සහ විශ්වවිද්‍යාල අතර වෙනසක් නැත. හරියට ඇඟළුම් කම්හල්වල වගේ. අත මහන කෙනා කොලර් එක මහන්න දන්නේ නැහැ. බොත්තම් කාසේ මහන කෙනා බොත්තම අල්ලන්න දන්නේ නැහැ. ඉතිහාසය උගත්තු සාහිත්‍ය දන්නේ නැහැ. ආර්ථික විද්‍යාව උගත්තු දේශපාලන විද්‍යාව දන්නේ නැහැ. මේ උගත්තු විද්‍යාව ගැන මූලික සංකල්ප ටිකවත් දන්නේ නැහැ. විද්‍යා උගත්තු පෙර කී කිසිදු විෂයක් දන්නේ නැහැ. අද විශ්වවිද්‍යාලවලින් බිහි වෙන්නේ මේ විදිහේ බොත්තම් කාස උගත්තු ටිකක්. ඇගළුම් සේවකයින්ට කවදාවත් තනියම ඇඳුමක් මහන්න බෑ වගේ මේ උගතුන්ටත් සමස්ත පද්ධතිය අවබෝධ කර ගන්න බැහැ. දන්නේ බොත්තම් කාස මහන්න විතරයි. මේ තත්වය වහා වෙනස් විය යුතුයි.

රටට ලිපිකාරයෝ, උපාධිවලින් සහතික කළ උගත්තු වෙනුවට සැබෑ බුද්ධිමත්තු නිර්මාණය කළ යුතුයි. රටට ආදරය කරන රටේ දියුණුව ගැන හිතන පරපුරක් බිහි කර ගැනීම සඳහායි ආයෝජන වැඩි කළ යුත්තේ. එහෙම නැතුව මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන වෙන රටකට ගිහින් සැප ගන්න හිතන අය නෙමේ. තමන් රටට ණය බවවත් අද උගත්තු දන්නේ නැහැ. එහෙම අය නිර්මාණය කිරීම අවසානයේ රටට බරක්. අපේ දුප්පත් මිනිහගේ පාන් ගෙඩියට බදු ගහලා ඒ බදුවලින් උගන්නලා ඇමරිකාවේ කොම්පැණිවලට යවන්න ළමයි හදලා වැඩක් නැහැ. ඒ නිසා රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්. අද අපි හදන්නේ එදා මැකෝලි ස්වාමි කීවා වගේ ලෙයින් මසින් පමණක් ස්වදේශීය වෙච්චි කළු සුද්දෝ ටිකක්. කොහොම වුණත් මේ ආණ්ඩුව කරන්නෙත් විශ්වවිද්‍යාලවල ඉන්නෙත් මැකෝලිගේ දූලා පුතාලා නිසා මේ විකෘතිය දැන්ම හඳුනා ගෙන පිළියම් යොදාවී කියලා මම හිතන්නේ නැහැ.

     


35 comments:

මාරයාගේ හෝරාව said...

වටිනා ලිපියක්...

දිමුතු said...

990 රුපියල් 500යේ සහ 2000 වසරේදී රුපියල් 500යේ ක්‍රය ශක්තිය සමානයයි සිතන්නේ කුමක් නිසාදැයි නොතේරේ (අහල තියනවද උද්ධමනය කියල එකක් ගැන?)

දජානි(වෙළදමිල මත) ඉහල යාම තුල ශ්‍රී ලංකාව වැනි රටවල පවතින අධික උද්ධමනයද නියෝජනය වන බව දන්නේ නැතිද? එබැවින් එහි මුල්‍යමය වටිනාකම ස්ථාවර වීම යනු මුර්ත අගය පහල වැටීම බව නොතෙරේද?

දිමුතු said...

"මට හිතෙන්නේ අපි වහාම පෞද්ලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. රජයත් මුදල් අය කරන විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. ඒවා විධිමත් ලෙස පවත්වා ගෙන යමින් එම ආදායම් නැවත අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුයි. බංගලිදේශය වගේ රටවල්වලට පුළුවන් නම් ඒක කරන්න අපේ රටට බැරි නැහැ. මේ නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වේය කියලා තියෙන්නේ හුඹස් බියක්. එහෙම කෑ ගහන බොහෝ අය තමන්ගේ දරුවා ජාත්‍යන්තර පාසැල් යවනවා. පෞද්ගලික බස්වල ගමන් බිමන් යනවා. බෙහෙත් ගන්න පෞද්ගලික රෝහල්වලට යනවා. හැබැයි ඒවා ආරම්භ කරද්දිත් නිදහස් අධ්‍යාපනය ඉවරයි! නිදහස් සෞඛ්‍යය ඉවරයි! කියලා ඝෝෂා කළා. අන්තිමට වෙච්චි දෙයක් නැහැ."

100% ඒකගයි පුද්ගලික අදයාපනයට විරුද්ද වීම තුල ඇත්තේ සරසවි විද්යාර්තයින්ගේ කුහකත්වය මිස අන් කිසිවක් නොවේ

නාමල් උඩලමත්ත said...

ඔව්. මුදලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒක පැහැදිලියි. ඒත් කවුද එහෙම කියන්නේ? සටන කළේ අධ්‍යාපනය සඳහා රජයේ ප්‍රතිපාදන වාර්ෂිකව අඩු කළා කියලා. කවුරුවත් කීවේ නෑ 'මුදල ස්ථාවරව තිබුණා, ක්‍රය ශක්තිය අඩු වුණා' කියලා. එහෙම කීවා නම් ඒක පිළිගන්න පුළුවන්.
ඇත්තට ම වුණේ විවිධ ආධාර ව්‍යාපෘති යටතේ රටේ විවිධ භෞතික සංවර්ධන කටයුතු කිරීම. ඒවාට බිලියන ගණනින් ආයෝජනය කිරීම. ඒ සමඟ සසඳන කළ අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කළේ නැහැ. එයින් කියවෙන්නේ නැහැ රජය අධ්‍යාපන වියදම් කප්පාදු කළ බවක්. සංවර්ධන කටයුතුවලට කළ දැවැන්ත ආයෝජන හමුවේ අධ්‍යාපන වියදම් දජානිවල අඩු ප්‍රතිශතයක් බවට පත් වෙනවා. ඒක ඉස්සරහටත් වේවි.

ඒක හරියට ගුණපාලගේ ආදායම 10 000 වන විට ඔහු අධ්‍යාපනය සඳහා 2500ක් වියදම් කළා නම් ඒක ආදායමින් 25%ක්. ඔහුගේ ආදායම 20 000 වෙද්දි ඔහු අධ්‍යාපනය සඳහා වියදම් කළේ 3500 නම් ඒක ආදායමින් 17.5%ක්. හැබැයි එහෙම වුණා කියලා අපට කියන්න බැහැ ගුණපාල අධ්‍යාපන වියදම් අඩු කළා කියලා. ඔහු අධ්‍යාපන වියදම් වැඩි කළත් ප්‍රතිශතය තුළ ඒක පේන්නේ නැහැ. ඔහු තම වැඩි වූ ආදායම වෙනත් දෑවලට යොදවනවා.

මාතලන් said...

අප නම් මුල සිටම සිටියේ ඔය අදහස්වලය. මේ සටන මුලින් ආරම්බ කළේ වැටුපි ඉදිරයට දමාගෙනය 6% ආවේ බොහෝ පසුවය. (හොඳින් නිරීක්ෂණය කරන්න.) මා එය දන්නෙ මම මුල සිටම මේ පිළිබඳ ලියපු නිසාය. වි වි විය යුතුදේ සිඳුවී තිබේද? බුද්ධිමතුන් බිහිකර ඇතිද.? අප අළුතෙන් ළොවට බිහිකල නිශ්පාදනය කුමක්ද, බෝගය කුමක්ද, ඖෂධය කුමක්ද නිර්මාණය කුමක්ද කිසිම දෙයක් නැත. උගතුන් පිරිසක් බිහිකර ඇත. එහෙත් ඔවුන් සිතිජයෙන් එහා දකින වුන් නොව රාවාණාට වඳින පිරිසක්ය. මොළේ තියෙන එකා, රටෙන් චුත වෙනවාය. මොළේ තියෙන ඉතිරි උන්වත් රඳවා ගැනීමට නම් වහාම උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කළ යුතුය. නමුත් නිදහස් අධ්‍යාපනයත් පවත්වා ගත යුතුය. මේවාට විරුද්ධ වන්නේ කුහකයන් පමණි. වි වි ආචාර්යවරුන් පවා තම දරුවන්ගේ පෞද්ගලික අධ්‍යාපනයත් රජයෙන් ලබාගැනීමට යාමෙන් පෙන්වන්නේ කුමක්ද?

නාමල් උඩලමත්ත said...

මාතලන්,
ඔබ මතු කළ මේ ප්‍රශ්න වැදගත්. "වි වි විය යුතුදේ සිඳුවී තිබේද? බුද්ධිමතුන් බිහිකර ඇතිද.? අප අළුතෙන් ළොවට බිහිකල නිශ්පාදනය කුමක්ද, බෝගය කුමක්ද, ඖෂධය කුමක්ද නිර්මාණය කුමක්ද කිසිම දෙයක් නැත. උගතුන් පිරිසක් බිහිකර ඇත." මේ සියල්ල ඇත්ත. අන්තිමට ගිරව් ටිකක් මිසක් අලුතින් යමක් කළ හැකි බුද්ධිමතුන් බිහි වෙන්නේ නැහැ.

ඒත් මේකට පිළියම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම නෙමේ, රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හැදීම. පෞද්ගලික හෝ රජයේ හෝ පාසැල් සහ විශ්වවිද්‍යාලවල ඉගැන්විය යුත්තේ එම විෂය මාලාව.

ඒ ඔස්සේ මේ රටට අවශ්‍ය රටට හැතැති බුද්ධිමතුන් නිර්මාණය කරගත යුතුයි. විවිධ හේතු නිසා මිනිස්සු පිට රටවලට යන්න පුළුවන්. ඒත් රටින් පැනලා යාම බුද්ධිමත් කමක් නෙමේ. ඒ රටවල් අද තිබෙන දියුණු තත්ත්වයට පත්වුණේ ඒ රටවලට හිතැති පරම්පරාවක් කළ කැපකිරීම්වලින් බව අමතක කරන්න එපා.

සයිබර් ලංකා said...

රටේ නව දැනුම නිෂ්පාදනය නොවීමට අධ්‍යාපන ක්‍රමයේ ඇති අඬුලුහුඬුකම්ද බලපානබව සත්‍යයකි. නමුත් ප්‍රමුඛ හේතුව එය නොවේ.
දැනුමද නිෂ්පාදනය වන්නේ එයට ඇති ඉල්ලුම අනුවයි. මේ රටේ නව දැනුම නිෂ්පාදනයට අවශ්‍යයතාවයක් හෝ ප්‍රග්ධන සම්පාදනයක් නැත. ඒ රටේ පවතින ප්‍රග්ධනයේ නොදියුනුබවයි.
රාජ්‍යය අංශයේ යෙදවුම් වැඩිකල යුතු වන්නේද මේ නිසාමයි.

පෞද්ගලික විශ්වවිද්‍යයාල (පුද්ගලිකව ‍මගේ ඒ පිලිබඳව විරැද්ධත්වයක් නැත) මේ රටට අවශ්‍යය දැනුම නිෂ්පාදනයට ඵලදායක දායකත්වයක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ අවශ්‍යයතාවය සාර්ථක වෘර්ථිකයන් බිහිකිරීම පමනක් වන නිසයි.

නාමල් උඩලමත්ත said...

නව දැනුම නිෂ්පාදනය නොවීම යනු ඵලයයි. ඊට හේතුව කිසිසේත් නව දැනුම අවශ්‍ය නොවීම හෝ ප්‍රාග්ධන ප්‍රශ්න නොවේ. එයට හේතුව අප විසින් නඩත්තු කර ගෙන එන අධ්‍යාපන ක්‍රමයයි. මේ අධ්‍යාපන ක්‍රමය අපට හඳුන්වා දුන්නේ යටත්විජිතවාදීන් විසිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ සිය වතුවලට අවශ්‍ය ලිපිකරුවන් තැනීම සහ තමන්ට කීකරු බලු කුක්කන් පිරිසක් නිර්මාණය කර ගැනීම පමණි.

1848 භාරතයේ හටගත් කැරැල්ල ක්‍රෑර ලෙස මර්දනය කළ ඉංග්‍රීසි පාලකයින් එවන් කැරලි නැවත ඇති නොවීමට ගත යුතු පිළියම් නිර්දේශ කිරීම සඳහා මැකෝලි ස්වාමි පත් කළ අතර ඒ සඳහා ලෙයින් මසින් ස්වදේශීය වූ ද සිතුම් පැතුම්වලින් සුද්දන් වූද පිරිසක් නිර්මාණය කළ යුතු බව ද ඒ අනුව අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතු බව ද නිර්දේශ විය. ඒ අනුව ලංකාවේ ද එතෙක් පැවති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය විනාශ කොට ඒ මත ලිපිකරුවන් බෝ කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන ලදි. අදත් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එම විකෘති අධ්‍යාපන ක්‍රමයයි. (එහෙත් මෙරට උගතුන් සිතා සිටින්නේ ලංකාවට බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන් බවකි.)

ලිපිකරුවන් තැනීමට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමයක් මගින් රටට ආදරය කරන විද්‍යාඥයින්, බුද්ධිමතුන් පැතීම උඳු වපුරා මුං පැතීමකි. මෙරට නව දැනුමට ඉල්ලුමක් නැතැයි හෝ ප්‍රාග්ධන ප්‍රශ්න ඇතැයි යන ප්‍රකාශවලින් කළ හැක්කේ සැබෑ හේතුව මගහැර වල්මත් වීම පමණි. එහෙයින් අප නිවැරදිව හේතුව සොයා ඊට ප්‍රතිකාර කළ යුතුය. රෝග නිධානය සුව වූ කල්හි රෝග ලක්ෂණ පහවී යනු ඇත.

මෙරට පෞද්ගලික අංශයෙහි පමණක් නොව රාජ්‍ය අංශයෙහි අධ්‍යාපනයේ ද මූලික අරමුණ ලිපිකරුවන් බිහි කිරීමය. මෙරට බිහි කරන්නේ දැනුම පදනම් කරගෙන නව දැනුම නිර්මාණය කළ හැකි පිරිසක් නොව ලද දැනුම වැමෑරිය හැකි පිරිසක් පමණි. මේ බොත්තම් කාස උගතුන් සුද්දාට සිය වතු පාලනය කටයුතු සඳහා පහළ පරිපාලන කටයුතු කර ගෙන යාමට හොඳටම ප්‍රමාණවත්ය. ඉන් එහා දෙයක් යටත්විජිතවාදීන්ට අවශ්‍ය නැති අතර ඉන් එහා දෙයක් ඔවුන්ට කළ නොහැකි බව ද දැන් භාවිතාව මගින්ම ඔප්පු වී ඇත.

දැන් කළ යුත්තේ මේ රටට අවශ්‍ය ලෙස බුද්ධිමතුන් නිර්මාණය කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමය. ඒ සඳහා රටේ ඉතිහාසය මෙන්ම සමාජ දේශාපාලන සංස්කෘතික පසුබිම හඳුනාගත යුතුය. අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධති නැවත හඳුනාගත යුතුය. අප ලෝකයට පා නැඟිය යුත්තේ එකී දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙසිනි. අනුකාරකයින්, නිවට උගත්තු වෙනුවට සැබෑ බුද්ධිමතුන් තැනිය හැක්කේ එමගිනි.

එසේ නොමැතිව පවතින ක්‍රමය නඩත්තු කරගෙන යාමට තව මහජන මුදල් වියදම් කළ ද ගඟට ඉනි කැපුවාට වඩා හොඳක් සිදු නොවනු ඇත.

සයිබර් ලංකා said...

//නව දැනුම නිෂ්පාදනය නොවීම යනු ඵලයයි. ඊට හේතුව කිසිසේත් නව දැනුම අවශ්‍ය නොවීම හෝ ප්‍රාග්ධන ප්‍රශ්න නොවේ. එයට හේතුව අප විසින් නඩත්තු කර ගෙන එන අධ්‍යාපන ක්‍රමයයි. මේ අධ්‍යාපන ක්‍රමය අපට හඳුන්වා දුන්නේ යටත්විජිතවාදීන් විසිනි.//

එසේනම් ඔබකියන අධ්‍යයාපන ක්‍රමය නඩත්තු කරන්නේ කවුද? මහරජතුමාද? ‍ ලෝක බැංකුවද? නැත්නම් රටේ ආර්ථිකයද?

පුරාන රජසමයේ වැව් තැනීමට අවශ්‍යය දැනුම ලැබුනේ ප්‍රථිහාර්්‍යයවලින්යැයි ඔබ සිතන්නේද?

ඔලුවෙන් සිටගෙන දේශපාලනය ගැන කථාකිරීමේ තේරැමක් ඇද්දැයි මම නොදනිමි.

මාතලන් said...

නමුත් ඒ සඳහා රටට ආදරය කරන පාළකයින් හා රටට ආදරය කරණ බුද්ධිමත් ගුරුවරුන් පිරිසක් අවශ්‍යයි. අද අපට මේ දෙකම නෑ. ඉන්නේ සුද්දගේ ටියුබ් එකට පැච් දදා දුවන දෙපිරිසක්. දැන් පැච් දාන්න තවත් ඉඩ නෑ. අළුත් ටියුබ් එකක් දාන පාටකුත් නෑ. අපේ ටියුබ් එකක් නිශ්පාදනය කරනා පාටකුත් නෑ. ඉතින් බුද්ධිමතා රට හැර යන එක පුදුමයක්ද..? මතක තියාගන්න මේ මිනිස්සු රට දාලා යන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. ඔවුන් හොඳටම දන්නවා ඔවුන් එම රටවල තුන් වන පන්තියේ පුරවැසියන් බව. ඒත් නම්බුකාර විදියට මෙහේ අගවිනිසුරු කමට වඩා එහේ පාර අතුගාන එක කරන්න පුළුවන්.

නාමල් උඩලමත්ත said...

මාතලන්,

කතාවක් තියෙනවානේ ජනතාවගේ හැටියටයි පාලකයෝ ලැබෙන්නේ කියලා. මේ රටේ පාලකයෝ සහ ගුරුවරු ඉරෙන් හඳෙන් ආවා නෙමේනේ. මේ රටේ හැදුණු අය. ඒ අය ආවේ රටේ ජනතාව අතරින්. සමස්ත අධ්‍යාපන ක්‍රමය තුළ නිර්මාණය කරන්නේ රට දැය ගැන හිතක් නැති අය. ඒ අය අතරින් තමා පාලකයෝ, ගුරුවරු, වෛද්‍යවරු ඇතුළු හැමෝම බිහිවෙන්නේ. මේ හැමෝම උගත්තු බව ඇත්ත. නමුත් බුද්ධිමත්තු නෙමේ. රට පනින අයත් එහෙමයි. බුද්ධිමත්තු ප්‍රශ්නවලින් පැනලා යන්නේ නැහැ.

රටවල්, ශිෂ්ටාචාර වෙනස් කළේ බුද්ධිමත්තු. කොහේ හරි රටකට ගොහින් මධ්‍යම පාන්තික ජීවිත අරමුණ සාක්ෂාත් කරගෙන ජීවත්වෙලා මැරිලා යන මිනිහා බුද්ධිමතෙක්ද? නැහැ, ආත්මාර්ථකාමී උගතෙක් විතරයි. මේ අතර ඉතාම කලාතුරකින් බුද්ධිමතෙක් ඉන්න පුළුවන්. එහෙම අය මම පෞද්ගලිකවත් දන්නවා.

ඔව්, මේ අධ්‍යාපන ක්‍රමය තුළ හදන හීනමානෙන් ආතුර වෙච්චි නිවටයෝ හිතනවා පිට රට උන්ගේ පාරවල් අතුගෑම, කක්කුස්සි හේදීම හොඳයි මෙහේ ඉන්නවාට වඩා කියලා. මේ රටේ දුප්පත් මිනිහාගේ සල්ලිවලින් එයාට හිතන්න උගන්වලා තියෙන්නේ එහෙම නම් වරද එයාගේ නෙමේ අධ්‍යාපන ක්‍රමයේ. අන්න ඒ නිසා තමා මම කියන්නේ මේ රටට අවශ්‍ය මිනිස්සු නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කළ යුතුයි කියලා. මේ රටේ ඉන්න අයට මොකක්ද ප්‍රශ්නේ කියලා අවබෝධ කර ගන්න තබා තමා ප්‍රශ්නයක සිටින බවවත් අවබෝධ කරගන්න බැහැ. අවබෝධ කර ගත්තු උගතුන්ට ප්‍රශ්නයට පිළිතුරු හොයා ගන්න බැහැ. මේ සියල්ල පවතින අධ්‍යාපන ක්‍රමයේ වරද.

සයිබර් ලංකා,

මේ රටේ අධ්‍යාපන ක්‍රමය සුද්දා සිය යටත්විජිත අරමුණු වෙනුවෙන් හඳුන්වා දුන් එකක් බවත් අප නිදහස ලැබුව ද රටේ අධ්‍යාපන ක්‍රමය රටට අවශ්‍ය පරිදි හැඩ ගසා නොගත් බව ද මා කියා ඇත. අත සමස්ත අධ්‍යාපන ක්‍රමය විකෘති අංගවිකල උගත්තු නිර්මාණය කරන තැනක් බවට පත්ව ඇත. මේ විනාශය මීට පෙර ආනන්ද කුමාරස්වාමී පෙන්වා දී තිබේ. මධ්‍යකාලීන සිංහල කලා කෘතියේ ඔහු මෙසේ පවසයි. "එක් අතකින් ශත වර්ෂයක් විදේශීය ආධිපත්‍යයට යටත් ව විසීමෙන් හා ජාතික සංස්කෘතිය සම්පූර්ණයෙන් නොසලකා හරින ලද අධ්‍යාපනයක් ලැබීමෙන් ද අනික් අතින් එපමණ ම කාලයක් නිවට නියාලු ලෙස පරසිරිත් අනුකරණය කිරීමෙන් ද තමන් දිනා ගත් ජීවන කලාව සම්බන්ධයෙන් වර්තමාන උගත් සිංහලයාට ආඩම්බර වීමට කිසිදු හේතුවක් නැත." අප අද විඳවන රෝගයට හේතුව යටත්විජිතවාදී මේ රටට බෝ කළ අධයාපන ක්‍රමයයි. එහෙත් ඔබ වැන්නන්ට කළ හැක්කේ අතීසාරයට අමුඩ ගසන පන්නයේ නන්දෙඩවිලි පෑමට පමණි. ඒ අධ්‍යාපන ක්‍රමයේ නිර්මාණයක් වන ඔබ වැන්නන්ට රෝග නිධානය හඳුනා ගත නොහැකි වීම පුදුමයක් නොවේ. පිස්සා තමාට පිස්සු යැයි කිසි විටෙක පිළි නොගනී.

පුරාතන වාරි ශිෂ්ටාචාරය ගොඩනැඟුවේ සුද්දගේ පාසැල්වල විශ්වවිද්‍යාලවල උගත්, එසේ උගත් බවට උපාධිවලින් සහතික කළ බොත්තම් කාස උගත්තු නොව මේ රටේ සාම්ප්‍රදායික දැනුමින් සන්නද්ධ වූ සැබෑ බුද්ධිමතුන් විසිනි. (එම වාරි තාක්ෂණය හා සසඳන විට නූතන බටහිර ඉංජිනේරුවන් කළ ජලාශ පවා ඇත්තේ පිටුපසිනි. එම නිර්මාණ පැරණි වාරි ක්‍රම මෙන් පරිසර හිතකාමී සූක්ෂම නිර්මාණ නොවේ.) අප නැවත ගොඩ නඟා ගත යුත්තේ අපේ සම්ප්‍රදාය මත පදනම්ව නූතන ලෝකය හා ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයකි.

මාතලන් said...

ඒක අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද නෙමෙයි. මේ අධ්‍යාපන ක්‍රමයෙන්ම බුද්ධිමතුන් බිහිවුනා. එය ඔබත් පිලිගෙන තිබෙනවා. මමත් පිලිගන්නවා. එහෙත් ඔවුනට තැනක් නෑ. බුද්ධිමත් දේශපාලකයෝ අවසාන වතාවට උන්නේ ජේ ආර් ගාව. ගාමිණි, ලලිත්, වගේම ප්‍රේමදාසත් එහෙම අය. එහෙත් ප්‍රේමදාසගෙන් පස්සෙ ඒ දේ අවසානයි. චන්ද්‍රිකා ගාව උන්න පිස්සො ටිකමයි මෙයා ගාව ඉන්නෙත්, උන්ව ඉවත් කරන පාටකුත් නෑ, තරුණ ඒවුන්ට ට්‍රයි එකක්වත් දාන්න දෙන්නේ නෑ. අධ්‍යාපනයට සහ හැම දේටම කෙලවෙන්න ප්‍රධානම හේතුව පන්ති ප්‍රශ්ණයක්. මම හිතන්නේ මම ඒක මෙතන පැහැදිලි කළ යුතු නෑ. ඔබට තේරුම් ගන්න පුළුවන්. හොඳින් කල්පනා කර බලන්න.

නාමල් උඩලමත්ත said...

ඔක්කෝටම හේතුව පන්ති ප්‍රශ්නය කියලා හිතපු කාලයක් මටත් තිබුණා. එහෙම හිතපු තරුණ පිරිස් 71 සහ 88-89 කාලයේ විනාශ වුණා. ඔබ කියන බුද්ධිමත් දේශපාලකයින් තමා එයාලට ටැයර් සෑයවල් හදලා දුන්නේ. එක බුද්ධිමතෙක් යාපනේ පුස්තකාලයට ගිනි තිබ්බා. ගාමිණි, ලලිත්, ප්‍රේමදාස බුද්ධිමත්තු නම් මහින්දත් බුද්ධිමතෙක් තමා. එයා අර කට්ටියට වඩා බුද්ධිමතෙක් කියලා කෙනෙක් කියාවි. ඔබ බුද්ධිමත්තු කියලා හිතන්නේ මේ අය නම් මට නිහඬ වෙනවා හැරෙන්න කරන්න දෙයක් නැහැ. හෙට අනිද්දා වෙද්දී ආචාර්ය මර්වින් සිල්වාත් බුද්ධිමතෙක් කියලා කියාවි.

කොහොම වුණත් අප විමසා බැලිය යුතුයි අපේ අනුරාධපුර යුගයේ සිට විද්‍යමාන ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය, සංස්කෘතිය බිඳ වැටීම සහ ඉන් පසු අපට නැවත ගොඩ ඒමට නොහැකි වීමට හේතු. අපි අපේ දැනුම් පද්ධති අමතක කොට දමා ඒවා අධ්‍යනය නොකර, ඒවා යාවත්කාලීන නොකර අනුකාරකයින්, කරපටිකාරයෝ බෝ කරන කසිකබල් අධ්‍යාපන ක්‍රමය තමා මේ සියල්ලට මුල. යමක් හිතන්න පුළුවන් අය පවා වඳවෙලා ගිය මාක්ස්වාදී සිද්ධාන්ත මතුර මතුර කාලය මැරීම ඛේදවාචකයක්. මේක ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රශ්නයක් ලෙස ලඝු කිරීම, එහෙම නැත්නම් යූඇන්පී ආණ්ඩුවක් ආවම හරි යාවි යැයි සිතීම තරම් විහිළුවක් තව නැහැ.

මාතලන් said...

මට නම් මහින්දත් දේශපාළණයේ කෙළ පැමිණි බුද්ධිමතෙක් වගේම සරත් ෆොන්සේකා යුද්ධයේ කෙළ පැමිණි බුද්ධිමතෙක්. හේතුව කලින් සඳහන් කල අය හා මේ අයට තමන්ගේම ක්‍රමයක් තිබීමයි. ඔවුන් කවුරුත් අනුගමනය කළේ නෑ. ඔවුන් ඔවුන්මයි. දේශපාලන ක්ෂේත්‍රය නිසා අප ඔවුනට අකමැති වෙන්න පුළුවන්. නමුත් ඔවුන් රටට කිසියම් දෙයක් හෝ කළ මිනිසුන්. ඒ ඇර මා පිලිගන්නා බුද්ධිමතුන් පිරිසක් වෙනත් ක්ෂේත්‍රවලද සිටි. මට අමතක උනා ජේ ආර් පප්පත් මට නම් විප්ලවවාදියෙක්. විජේවීර ගියෙත් එයාගෙම පාරක නමුත් ඒක දෙසරයක්ම අසාර්ථකයි.

දිමුතු said...

//සංවර්ධන කටයුතුවලට කළ දැවැන්ත ආයෝජන හමුවේ අධ්‍යාපන වියදම් දජානිවල අඩු ප්‍රතිශතයක් බවට පත් වෙනවා. ඒක ඉස්සරහටත් වේවි.//

තදින් සිනා

//යට ගුණපාලගේ ආදායම 10 000 වන විට ඔහු අධ්‍යාපනය සඳහා 2500ක් වියදම් කළා නම් ඒක ආදායමින් 25%ක්. ඔහුගේ ආදායම 20 000 වෙද්දි ඔහු අධ්‍යාපනය සඳහා වියදම් කළේ 3500 නම් ඒක ආදායමින් 17.5%ක්. හැබැයි එහෙම වුණා කියලා අපට කියන්න බැහැ ගුණපාල අධ්‍යාපන වියදම් අඩු කළා කියලා.//

පැහැදිලිවම අඩු කරලා තමයි මොකද ඇත්තටම වෙලා තියෙන්නේ ගුණපාලගේ ආදායම ඉහල ගිහින් නෙවෙයි ආදායමේ මුල්‍ය අගය ඉහල ගිහින්. අපිට මුල්‍ය අගයන්ගෙන් කිසිම වැඩක් නැහැ ඇත්ත පේන්නේ මුර්ත අගයෙන්

//කවුරුවත් කීවේ නෑ 'මුදල ස්ථාවරව තිබුණා, ක්‍රය ශක්තිය අඩු වුණා' කියලා//

ඕකම වෙන වචන වලින් තමයි දජානි ප්‍රතිශතය පහල දැමීම තුලින් කියවෙන්නේ

//සටන කළේ අධ්‍යාපනය සඳහා රජයේ ප්‍රතිපාදන වාර්ෂිකව අඩු කළා කියලා//

වෙන්කළ සම්පත් ප්‍රමාණය අඩු වීමෙන් පෙන්නුම් කරන්නේ ඒක තමයි

දිමුතු said...

//සටන කළේ අධ්‍යාපනය සඳහා රජයේ ප්‍රතිපාදන වාර්ෂිකව අඩු කළා//

වෙන්කළ සම්පත් ප්‍රමාණය අඩු වීමෙන් පෙන්නුම් කරන්නේ ඒක තමයි වෙන මොකක්ද? ඔබ පිළිගන්නේ වඩා නිවැරදි මුර්ත අගයද මුල්‍ය අගයද?

// 'මුදල ස්ථාවරව තිබුණා, ක්‍රය ශක්තිය අඩු වුණා'//

දජානි තුල ප්‍රතිශතය පහල ගියා කියන්නේ ඒක නැත්නම් වෙන මොකක්ද?

//ඒක හරියට ගුණපාලගේ ආදායම 10 000 වන විට ඔහු අධ්‍යාපනය සඳහා 2500ක් වියදම් කළා නම් ඒක ආදායමින් 25%ක්. ඔහුගේ ආදායම 20 000 වෙද්දි ඔහු අධ්‍යාපනය සඳහා වියදම් කළේ 3500 නම් ඒක ආදායමින් 17.5%ක්. හැබැයි එහෙම වුණා කියලා අපට කියන්න බැහැ ගුණපාල අධ්‍යාපන වියදම් අඩු කළා කියලා. ඔහු අධ්‍යාපන වියදම් වැඩි කළත් ප්‍රතිශතය තුළ ඒක පේන්නේ නැහැ. ඔහු තම වැඩි වූ ආදායම වෙනත් දෑවලට යොදවනවා//

සිරිපාලගේ ජීවන වියදම දෙගුණ උනානම් මුර්ත ආදායම එහෙම්මම තියෙද්දී මුල්‍ය ආදායම විතරක් වැඩි උන නම් ඔව් එය අද්යාපනයට කරන වියදම අඩු කරලා

නාමල් උඩලමත්ත said...

දිමුතු,
නැවතත් පැහැදිලි කරන්නම්. වුණේ වෙන් කළ මුදල අඩු වීම නෙමේ, ඊට සාපේක්ෂව සෙසු සංවර්ධන වියදම් ඉහළ යාම. වෙනත් විදිහකට කියනවා නම් භෞතික සංවර්ධනය සඳහා කළ ආයෝජන අධ්‍යාපනය සඳහා කළ ආයෝජනවලට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යාම. ඒකෙන් කියවෙන්නේ නැහැ පැවති අධ්‍යාපන වියදම් කප්පාදු කළ බවක් හෝ අධ්‍යාපන වියදම් වැඩි නොකළ බවක්. කවුරු හරි පෙන්වා දෙනවා නම් ගිය වසරේ විශ්වවිද්‍යාල සිසුවෙකුට දැරූ වියදම මෙච්චරයි. වසරේ වියදම මෙච්චරයි. ඒ අනුව ආයෝජන අඩු වෙලා කියලා පිළිගන්න පුළුවන්. අනෙක මේ ඔයා කාලාර්ථයේ අසම්භාව්‍යයක් ක්‍රියාවෙන් විහිළු කතා ලියන්න එපා. "රටේ ජීවන වියදම දෙගුණයක් වුණා නම් ..." කියලා. අපට පෙන්නලා දෙන්න එහෙම වුණා කියලා, අර උගත් මහත්වරු වගේ අයිසිං ගාලා චාට් ඇඳලා. එතකොට මම කියන්නම් ඒක කොහොමද වුණේ කියලා.

දිමුතු said...

//නැවතත් පැහැදිලි කරන්නම්. වුණේ වෙන් කළ මුදල අඩු වීම නෙමේ, ඊට සාපේක්ෂව සෙසු සංවර්ධන වියදම් ඉහළ යාම. වෙනත් විදිහකට කියනවා නම් භෞතික සංවර්ධනය සඳහා කළ ආයෝජන අධ්‍යාපනය සඳහා කළ ආයෝජනවලට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යාම. ඒකෙන් කියවෙන්නේ නැහැ පැවති අධ්‍යාපන වියදම් කප්පාදු කළ බවක් හෝ අධ්‍යාපන වියදම් වැඩි නොකළ බවක්. //

නැවතත් පැහැදිලි කරන්නම් වෙළද මිලට දජානි තුල මුල්‍ය අගයක් ස්ථාවරව තිබීම යනු උද්දමනය ශුන්‍ය නොවන ඕනෑම අවස්ථාවක එහි සැබෑ අගය පහල යන බව. දැන් කියන්න එපා ලංකාවේ උද්ධමනය ශුන්‍යයි කියල :D


//අනෙක මේ ඔයා කාලාර්ථයේ අසම්භාව්‍යයක් ක්‍රියාවෙන් විහිළු කතා ලියන්න එපා. "රටේ ජීවන වියදම දෙගුණයක් වුණා නම් ..." කියලා. අපට පෙන්නලා දෙන්න එහෙම වුණා කියලා, අර උගත් මහත්වරු වගේ අයිසිං ගාලා චාට් ඇඳලා. එතකොට මම කියන්නම් ඒක කොහොමද වුණේ කියලා.//

ඔබට වැරදුන තැන අන්න එතන තමයි ඔබ හිතන්නේ මේ දජනී ඉහල ගිහින් තියෙන්නේ රටේ සංවර්දනය නිසා කියලද? චාට් ඕනේ නැහැ පසුගිය වසර වල පවත්නා මිල මත ප්‍රතිශීර්ෂ ජාතික ආදායමේ හැසිරීම හොයල බලන්න ඔය ආණ්ඩුවේ බැලයෝ උදේ හවස කෑගහන වෙළද මිල මත ඒක පුද්ගල ආදායමත් පවත්නා මිල මත ප්‍රතිශීර්ෂ ජාතික ආදායමත් අතර තියන වෙනස අපි දන්නා විදිහට නම් උද්ධමනය. මෙහෙ කොහොමද දන්නේ නැහැ කබ්රාල් මහත්තයාගේ අමුතුම ආර්ථික විද්‍යාවක් නේ තියෙන්නේ


නාමල් උඩලමත්ත said...

බොරුවට නිදාගත් මිනිස්සු ඇහැරවන්න බැහැනේ. ඔයාගේ තියරිය හරිට ම හරි. හැබැයි කොන්දේසී දෙකක් යටතේ. එක, ඔය කියන රටේ උද්දමනය 100%ක් විය යුතුයි.දෙක, ඒ රටේ අධ්‍යාපන වියදම් පසුගිය වසරේ වියදම ලෙසම පැවතිය යුතුයි. ඒ දෙක ඒ විදිහට වෙන රටක ඕක නිවැරදයි. ලංකාවේ නම් එහෙම නෙමේ.

දිමුතු said...

අයියෝ ඇයි මෙච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරි?

//ඔය කියන රටේ උද්දමනය 100%ක් විය යුතුයි//

මන් එහෙම කිව්වේ ලංකාවේ එහෙම උනා කියල නෙවෙයි ඔබ දීපු ගුණපාල උදාහරණයට අදාලව. ලංකාවේ දජානී දෙගුණ වෙලත් නැහැනේ?(ගුණපාලට උනා වගේ)

//පසුගිය වසරේ වියදම ලෙසම පැවතිය යුතුය//

ඒක නේන්නම් ඔයා මෙච්චර වෙලා පුන පුනා කිව්වේ?(ගුණපාල උදාහරණය තුල)තමුන් ලියපු ඉහත උදාහරණය බලන්න

//ඔයාගේ තියරිය //

මේක මගේ තියරියක් නෙවෙයි ආර්ථික විද්‍යාව තුල පොදුවේ පිළිගත් තියරියක්

//බොරුවට නිදාගත් මිනිස්සු ඇහැරවන්න බැහැනේ//

මටත් හිතුනේ ඕකමයි:)

සරලම කතාව මේකයි අදයාපනයට වෙන් කරන මුදල උද්ධමන වේගයට සමානව හෝ වැඩි වේගයකින් වැඩි නොවේනම් අද්‍යාපනයට වෙන්කරන මුදලේ සැබෑ අගය පහල බසිනවා

එකගද?

නාමල් උඩලමත්ත said...

"සරලම කතාව මේකයි අදයාපනයට වෙන් කරන මුදල උද්ධමන වේගයට සමානව හෝ වැඩි වේගයකින් වැඩි නොවේනම් අද්‍යාපනයට වෙන්කරන මුදලේ සැබෑ අගය පහල බසිනවා

එකගද?"

ඔව් එකඟයි. ඒ වගේම ඔයාගේ තර්කයේ හොඳ දෙයක් තමා මුදලේ මූර්ත අගය පිළිබඳ සාකච්ඡා කිරීම. 6%ට උඩ පැනපු කිසිම උගතෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ. කතා කරන්න දන්නෙත් නැහැ.

දැන් ඔයා පසු ගිය වසර කිහිපයක දජානි අර ගෙන ඒ ඒ වසරවල අධ්‍යාපන වියදම් සහ උද්ධමනය ඇසුරින් ඔයාගේ ප්‍රකාශය ඔප්පු කරන්න. ඒ කියන්නේ උද්ධමනයට සාපේක්ෂව අධ්‍යාපන වියදම් වැඩි වී නැත. ඒ නිසා අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලේ මූර්ත අගය පහත වැටී ඇත කියලා.

2010 සහ 2011 වසරවල ලෝකය පුරා විශාල ආර්ථික අවපාතයක් තිබුණා. හැබැයි ඒ වසරවලත් ලංකාවේ උද්ධමනය 10%ට අඩුයි. 2012 මුල් කාර්තුවේ උද්ධමනය 3.8%යි. ඒක ඉතිහාසයේ අඩුම උද්ධමන අගය.

අනෙක තමා මේ තර්කවලට පදනම් වුණේ අධ්‍යාපනය සඳහා දජානියෙන් 6%ක් වෙන් කළ යුතුය යන ප්‍රකාශයනේ. එහෙම කළ හැක්කේ රටේ දජානියේ රාජ්‍ය අංශයේ කොටස වැඩි කිරීමෙන් පමණයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් ඉහළ නැංවිය යුතුයි. රජය බදු ආදායම්වලින් නොව රාජ්‍ය අංශයේ ආයෝජනවලින් ආදායම් උපයා ගත යුතුයි. 6% උගත්තු එහෙම කීවෙත් නැහැනේ. මට පැහැදිලි කරලා දෙන්න ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය තුළ කොහොමද අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කරන්නේ කියලා.

දිමුතු said...

//දැන් ඔයා පසු ගිය වසර කිහිපයක දජානි අර ගෙන ඒ ඒ වසරවල අධ්‍යාපන වියදම් සහ උද්ධමනය ඇසුරින් ඔයාගේ ප්‍රකාශය ඔප්පු කරන්න. ඒ කියන්නේ උද්ධමනයට සාපේක්ෂව අධ්‍යාපන වියදම් වැඩි වී නැත. ඒ නිසා අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලේ මූර්ත අගය පහත වැටී ඇත කියලා.//

මගේ රැකියාව බ්ලොග් වල කමෙන්ටු දාන එක උනා නම් කරන්න තිබ්බා ඔබට සැබෑ උවමනාවක් තියනවා නම් පසුගිය වර්ෂවල මහබැංකු වාර්තා අරන් බලන්න ඔබටම් තේරේවි

//2010 සහ 2011 වසරවල ලෝකය පුරා විශාල ආර්ථික අවපාතයක් තිබුණා. හැබැයි ඒ වසරවලත් ලංකාවේ උද්ධමනය 10%ට අඩුයි. 2012 මුල් කාර්තුවේ උද්ධමනය 3.8%යි. ඒක ඉතිහාසයේ අඩුම උද්ධමන අගය.//

උද්ධමනය කියන්නේ දීර්ග කාලීනව ගණනය කරන ආර්ථික විචල්‍යයක් ඒකට රටේ වෙළද චක්‍රය වගේ ගොඩක් දේවල් බලපානවා වර්තමානයේ රටේ උද්දමනය 9.3% ඉතින් ලංකාවේ උද්ධමනය අඩුයි කියන එක විහිළුවක් කඩේට ගිහින් බලන්න උද්ධමනය කොහොමද කියල

//අනෙක තමා මේ තර්කවලට පදනම් වුණේ අධ්‍යාපනය සඳහා දජානියෙන් 6%ක් වෙන් කළ යුතුය යන ප්‍රකාශයනේ. එහෙම කළ හැක්කේ රටේ දජානියේ රාජ්‍ය අංශයේ කොටස වැඩි කිරීමෙන් පමණයි//

සම්පුර්ණයෙන්ම සාවද්‍ය වගේම දුර්වල ආර්ථික විද්‍යා දැනුම ප්‍රදර්ශනය කරන ප්‍රකාශයක් දජානි තුල රජයේ වගේම පුද්ගලික අංශයේ අද්යපනයට කරන ආයෝජනත් ඇතුලත්. ඕකට ඇස් බී මාමා දාන්න ගියාම අපේ 'දේශප්‍රේමී' විශ්ව විද්‍යාල සිසුන් නිදහස් අද්‍යාපනය රැකගන්න (කුහක කමට එහෙම නෙවෙයි ඈ ඔං) මරාගෙන මැරෙන්න ගිය පුද්ගලික විශ්ව විද්‍යාල එහෙමත් ඇතුලත්. ඔබේ තර්කයට අනුව නොමිලේ අද්‍යාපනය නැති රටවල දජානි තුල අද්‍යපනයට අගයක් නැති වෙන්න ඕනේ :)

//6%ට උඩ පැනපු කිසිම උගතෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ. කතා කරන්න දන්නෙත් නැහැ.//

ලංකාවේ තවමත් විශ්ව විද්‍යාල තුල ආර්ථික විද්‍යාව උගන්වනවා නේද? ඔවුන් මෙවන් සරල කරුණක් නොදැන හිටිය කියල උපකල්පනය කරන්නේ මොන පදනමින්ද?

නාමල් උඩලමත්ත said...

එහෙම නම් ඉතින් මටත් කියන්න පුළුවන් මගේ ජොබ් එක ඔයාට උත්තර දෙන එක නෙමේ කියලා. ඔයා ඉදිරිපත් කළ තර්කය ඔයාට සනාථ කරන්න බැරි නම් කරන්න දෙයක් නැහැ මට. හරි ඔයාට බෑ කියමුකෝ. අර දවස් 100 ගෙදරට වෙලා හිටිය අයට ඒ ගැන හොඳ ලිපියක් ලියන්න තිබුණා නේද? එහෙම කළා නම් පයින් ඇවිද්දාට වඩා නරකද? (සමහර අයට අතිරේක මේධ තට්ටු දහනයට නම්ඇවිදීම හොඳා) ඒවාට ආර්ථික විද්‍යාව උගත්තුන් එක් වෙන්න ඇති නේද? එහෙම කළා නම් ආර්ථික විද්‍යාව නොදන්න මං වගේ අයට යමක් ඉගෙන ගන්න තිබුණා.
ඒත් කවුරුවත් එහෙම කළේ නැහැ. මොකද කරා නම් තමන් කළේ බොරුවක් බව එය සටන පස්සේ දුවපු හැම එකාම දැන ගන්නවා. (දැන්නම් ගොඩක් අය දන්නවා ඒක)

උද්ධමනය හැම රටකම දකින්න පුළුවන්. ඒක මේ ආණ්ඩුව විසින් ඇති කළ දෙයක් නෙමේ. පසුගිය කාලය හා සසඳන විට දැන් උද්ධමනය අඩුයි.
"උද්ධමනය කියන්නේ දීර්ග කාලීනව ගණනය කරන ආර්ථික විචල්‍යයක් ඒකට රටේ වෙළද චක්‍රය වගේ ගොඩක් දේවල් බලපානවා"
"කඩේට ගිහින් බලන්න උද්ධමනය කොහොමද කියල"
උද්ධමනය මනින්නේ දිගු කාලීනව නම් කඩේට ගියාම පේනේනේ කොහොමද ඒක? කඩේ මිල ගණන්වල තාවකාලික ලෙස අඩු වැඩි වීම උද්ධමනය නෙමේනේ. කඩේට ගියාම උද්ධමනය පේනවා ජේවීපි රැළිවලට එන සෙනඟ දැකලා ආණ්ඩු පිහිටුවන අයට.

ලංකාවේ පහුගිය කාලයේ උද්ධමන අනුපාත කැමති අයට මෙතනින් බලා ගන්න පුළුවන්. http://www.indexmundi.com/sri_lanka/inflation_rate_%28consumer_prices%29.html බලලා කියන්න IMF එක මහින්දට කඩේ යනවා කියලා.

අනෙක ආර්ථික විද්‍යාව කතා කරන්න කලින් භාෂාව තේරුම් ගන්න එක හොඳයි. මම කීවේ අධ්‍යාපනය සඳහා දජානි 6%ක් වැඩි කරන්න නම් කළ යුත්තේ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතු බව. ඒ කියන්නේ වර්තමාන දජානි 14%ක් විතරයි රාජ්‍ය කොටස. ඒකෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන් බැහැ කියලා කාට හරි තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ 14% අපට ඉහළ නංවා ගත හැකි නම් 6%ක් වෙන් කරන්න හැකි වේවි.

ඔව් ලංකාවේ විශ්වවිද්‍යාලවල විතරක් නෙමේ උසස් පෙළටත් ආර්ථික විද්‍යාව උගන්වනවා. ඒ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ හැසිරීමෙන් උගත් බවක් පේන්නේ නැහැ. න්‍යාය කටපාඩම් කරලා වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව භාවිත කළ නොහැකි නම්. දජානි රාජ්‍ය ආදායම වන 14%න් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය කියා කිසියම් ආර්ථික විද්‍යාඥයෙක් කියනවා නම් ඒකට හේතු දෙකක් තියෙනවා නම් එයාගේ ආර්ථික විද්‍යා දැනුම ගැන අනුකම්පා කළ යුතුයි.

දිමුතු said...
This comment has been removed by the author.
දිමුතු said...

//දවස් 100 ගෙදරට වෙලා හිටිය අයට//

ආචාර්යවරුන් ගෙදරට වෙලා හිටිය කිව්වේ ඔයාගේ එස්.බි ද?:) ඔය හිතන්නේ ආණ්ඩුවේ රස්සාව නැති උනාම ගෙදර ඉන්න ආචාර්යවරුත් ලිපිකරුවෝ වගේ කොටසක් කියලද?

//දවස් 100 ගෙදරට වෙලා හිටිය අයට ඒ ගැන හොඳ ලිපියක් ලියන්න තිබුණා නේද? එහෙම කළා නම් පයින් ඇවිද්දාට වඩා නරකද? (සමහර අයට අතිරේක මේධ තට්ටු දහනයට නම්ඇවිදීම හොඳා) ඒවාට ආර්ථික විද්‍යාව උගත්තුන් එක් වෙන්න ඇති නේද? එහෙම කළා නම් ආර්ථික විද්‍යාව නොදන්න මං වගේ අයට යමක් ඉගෙන ගන්න තිබුණා.
ඒත් කවුරුවත් එහෙම කළේ නැහැ. මොකද කරා නම් තමන් කළේ බොරුවක් බව එය සටන පස්සේ දුවපු හැම එකාම දැන ගන්නවා. (දැන්නම් ගොඩක් අය දන්නවා ඒක)//

ඒ ලිපි ITN එකේ වත් ජාතිකේ වත් දාන්නෙ නැහැ ඔයාගේ ගෙදරට තැපැල් කරලා එවන්නෙත් නැහැ පසුගිය කාලේ ආර්ථික විද්‍යා සගරා බැලුවනම් ඔය දෙපැත්තටම කරුණු දක්වපු ලිපි ඕන තරම් තිබ්බ


//උද්ධමනය මනින්නේ දිගු කාලීනව නම් කඩේට ගියාම පේනේනේ කොහොමද ඒක? කඩේ මිල ගණන්වල තාවකාලික ලෙස අඩු වැඩි වීම උද්ධමනය නෙමේනේ. කඩේට ගියාම උද්ධමනය පේනවා ජේවීපි රැළිවලට එන සෙනඟ දැකලා ආණ්ඩු පිහිටුවන අයට.//


කඩේ බඩු වල ගණන් පහල ගිය දවසක් මතකද?


//බලලා කියන්න IMF එක මහින්දට කඩේ යනවා කියලා.//

නැවත වතාවක් දුර්වල දැනුම ප්‍රදර්ශනය කිරීමක්
IMF එකෙන් ලංකාවට ඇවිත් උද්ධමනය මැනගෙන යන්නේ නැහැ ඔය තියෙන්නේ ඔබට අපට හිතැති සිරිලංකා මහා බැංකුවේ දත්ත


//අනෙක ආර්ථික විද්‍යාව කතා කරන්න කලින් භාෂාව තේරුම් ගන්න එක හොඳයි. මම කීවේ අධ්‍යාපනය සඳහා දජානි 6%ක් වැඩි කරන්න නම් කළ යුත්තේ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතු බව. ඒ කියන්නේ වර්තමාන දජානි 14%ක් විතරයි රාජ්‍ය කොටස. ඒකෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන් බැහැ කියලා//


ඔයාද මමද භාෂාව තේරුම් අරන් නැත්තේ? ඔව් මම කියන්නේ අධ්‍යාපනයට දජානි තුලින් වෙන් කරන ප්‍රතිශතය වැඩි කරන්න රාජ්‍ය අදායම වැඩි කරන්න ඕනෙම නැහැ ඒක තමයි ඉහත පැහැදිලි කරේ


//දජානි රාජ්‍ය ආදායම වන 14%න් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය කියා කිසියම් ආර්ථික විද්‍යාඥයෙක් කියනවා නම් ඒකට හේතු දෙකක් තියෙනවා නම් එයාගේ ආර්ථික විද්‍යා දැනුම ගැන අනුකම්පා කළ යුතුයි.//


කිසිම කෙනෙක් එහෙම කිව්වේ නැහැ මතක තියාගන්න "දල ජාතික නිෂ්පාදනයෙන්" මිසක් "රාජ්‍ය අදායමෙන්" නෙවයි ඉල්ලුවේ දල ජාතික නිෂ්පාදනය තුල ඉන්නේ රජය විතරයි කියල හිතනවානම් ඉතින් එක අලුත් ආර්ථික විද්‍යාවක් වෙන්න ඕනේ. කරුණු පැහැදිලි කරගෙන කතා කරන්න

නාමල් උඩලමත්ත said...

"කිසිම කෙනෙක් එහෙම කිව්වේ නැහැ මතක තියාගන්න "දල ජාතික නිෂ්පාදනයෙන්" මිසක් "රාජ්‍ය අදායමෙන්" නෙවයි ඉල්ලුවේ දල ජාතික නිෂ්පාදනය තුල ඉන්නේ රජය විතරයි කියල හිතනවානම් ඉතින් එක අලුත් ආර්ථික විද්‍යාවක් වෙන්න ඕනේ. කරුණු පැහැදිලි කරගෙන කතා කරන්න "

අන්න හරි ඔයා නියම තැනට ආවා. මම මගේ ලිපියේ කීවා අඩු තරමේ දජානිවල රාජ්‍ය ආදායමින් කිසියම් ප්‍රතිශතයක් ඉල්ලුවා නම් තාර්කිකයි කියලා. කිසිම කෙනෙක් එහෙම කීවේ නැති එක තමා ප්‍රශ්නය. දජානිවලින් අච්චර ප්‍රතිශතයක් දෙන්න කියන ඉල්ලීම තුළ නේද දජානි තුළ ඉන්නේ රජය විතරයි කියන තකතීරු තර්කය තියෙන්නේ. එහෙම උපකල්පනයක හිටියේ නැත්නම් කොහොමද අර වගේ ඉල්ලීමක් කරන්නේ? අඩු තරමින් ලියන්න කලින් කල්පනාවෙන් ලිපිය බලන්න.

දජානිවලින් 86%ක් පෞද්ගලික අංශයේ බව දන්නවා නම් රාජ්‍ය අංශයේ කොටස 14% බවත් දන්නවා නම් ආණ්ඩුව 6%ක් දෙන්නේ කොහොමද කියලා හිතන්න බැරිද? ඔයා හිතුවාද මහා භාණ්ඩාගාරයට පෞද්ගලික අංශයේ කොටස ගෙනැල්ල භාර දෙනවා කියලා.

දිමුතු said...

//දජානිවලින් අච්චර ප්‍රතිශතයක් දෙන්න කියන ඉල්ලීම තුළ නේද දජානි තුළ ඉන්නේ රජය විතරයි කියන තකතීරු තර්කය තියෙන්නේ.//

//දජානිවලින් 86%ක් පෞද්ගලික අංශයේ බව දන්නවා නම් රාජ්‍ය අංශයේ කොටස 14% බවත් දන්නවා නම් ආණ්ඩුව 6%ක් දෙන්නේ කොහොමද කියලා හිතන්න බැරිද? ඔයා හිතුවාද මහා භාණ්ඩාගාරයට පෞද්ගලික අංශයේ කොටස ගෙනැල්ල භාර දෙනවා කියලා.//

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ආර්ථික විද්‍යා දැනුම ගැන කතා කරන ඔබේ ආර්ථික විද්‍යා දැනුම නම් අති විශිෂ්ටයි ලබන වසරේ නොබෙල් ත්‍යාගය නම් ෂුවර්.

රටේ ආර්ථිකය පාලනය කරන්න පුද්ගලික අංශය රජයට සල්ලි කුට්ටිය ගෙනත් දෙන්න ඕනේ නැහැ.අහල තියනවද රටක ප්‍රධාන ආර්ථික කාරකයා රජය කියල?

එතකොට ලංකාවේ ආර්ථිකය පාලනය කරන්නේ පුද්ගලික අංශයද?අපරාදෙනේ බඩු මිල අඩු කරනු කියල රජයට කියල තියෙන්නේ. එතකොට ඔයා ඔය කෑගහන ආර්ථික සංවර්දනය ගැන ප්‍රසංශා ලැබෙන්න ඕන පුද්ගලික අංශයටද?

රජයට කරන්න පුළුවන් එකම දේ තමන්ගේ වියදම් වලින් කරන බලපෑම විතරද?

තමන් කතා කරන දේ ගැන පොඩි හරි දැනුමක් තිබුනොත් නේද හොද?නැත්නම් අර මාරය වගේ අහිංසක මිනිස්සු නොමග යනවනේ

මාරයාගේ හෝරාව said...

අනේ ඔව්..මං වගේ උන් හරි පව්..ඉක්මනටම නොමඟ යනවා...

:)

නාමල් උඩලමත්ත said...

ඔයා ආර්ථික විද්‍යාව තියා මෙලෝ හසරක් දන්න බවක් මට නම් පේන්නේ නැහැ. රටේ ආර්ථික සංවර්ධනය ඇතුළු සියලු කටයුතුවලට රජය වියදම් කරන්නේ දජානිවල 14% සහ දෙස් විදෙස් ණය. එහෙම නැතුව පෞද්ගලික අංශය තමන්ගේ මුදල් රජයට මහා භාණ්ඩාගාරයට ගෙනැත් දෙන්නේ නැහැ මෙන්න මේ ටිකත් ඔය මොනවා හරි දේකට ගන්න කියලා. අනෙක රජය සතු 14% හැදෙන්නේ පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා බදු ඇතුළත්ව.

මට දැනයි තේරුණේ මේ මහා වැඩ වර්ජනය කරලා තියෙන්නේ ආණ්ඩුව ලවා පෞද්ගලික අංශයේ ආයෝජන අධ්‍යාපනය සඳහා ලබා ගන්න. එහෙම නේද? වැඩේ කියන්නේ මම දැකපු කිසිම මාධ්‍යයක එහි ප්‍රධානීන් නම් එහෙම කීවේ නෑ. ආ... මං අයිටීඑන් විතරක් බලන නිසා මඟ හැරෙන්න ඇති නේද?

රටේ ආර්ථිකය පාලනය කරන්නේ ආණ්ඩුව වුණාට පෞද්ගලික අංශයේ දේපළ පාලනය කරන්නේ ඒවායේ හිමිකරුවෝ. ඒ අය තමන්ගේ මුදල් ලාභ ලබන ව්‍යාපාරවල මිස සමාජ සුභ සාධන කටයුතුවල යොදවන්නේ නැහැ. එහෙම යොදනවා නම් ඒ ආණ්ඩුවේ බදු සහන ලැබීමේ අරමුණ ඇතිව.

මම හිතන්නේ ඔයා වගේ ආර්ථික විද්‍යා විද්වතෙක්ගේ සේවය අර උගත් ආචාර්වරුන්ට ලබා ගන්න තිබුණා. එහෙම කළා නම් මේ සටන දිනා ගන්න තිබුණා. මොකද ඔයා විතර ආර්ථික විද්‍යාව දන්න උගතෙක් නම් මම ජීවිතේට දැකලා නෑ. ආඩම්බරයි අපේ රටේ ඔබතුමා වගේ ආර්ථික විද්‍යාඥයෝ පහළ වීම පිළිබඳ. ළඟදිම ඔයාට හර්ෂ ද සිල්වා පරාද කරන්න තිබුණා ගේමක් නැතුව.




දිමුතු said...

//ඔයා ආර්ථික විද්‍යාව තියා මෙලෝ හසරක් දන්න බවක් මට නම් පේන්නේ නැහැ.//

ඉතින් ඔයාට කොහොම පෙනුනත් මට මොකද? මං ඔයාගෙන් චරිත සහතිකයක් ගන්න ආවේ නැහැ නේ :)

//රටේ ආර්ථික සංවර්ධනය ඇතුළු සියලු කටයුතුවලට රජය වියදම් කරන්නේ දජානිවල 14% සහ දෙස් විදෙස් ණය. එහෙම නැතුව පෞද්ගලික අංශය තමන්ගේ මුදල් රජයට මහා භාණ්ඩාගාරයට ගෙනැත් දෙන්නේ නැහැ මෙන්න මේ ටිකත් ඔය මොනවා හරි දේකට ගන්න කියලා.//

අයියෝ මොකද මේ තවම වලිගෙ උඩ? මං කලින් කමෙන්ටුවේ පැහැදිලිව කියල තියනවා රජයට කරන්න පුළුවන් එකම දේ තමන්ගේ වියදම් මගින් කරන ආර්ථික මැදිහත් වීම විතරක් නෙවෙයි කියල. ඕක අපිත් කරන්නේ එකට රජයක් මොකටද?

//අනෙක රජය සතු 14% හැදෙන්නේ පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා බදු ඇතුළත්ව.//

ඔබේ තියන ගැටලුව රජයක ආර්ථික කාර්යභාරය හදුනා නොගැනීම. බදු කියන්නේ රජයේ එක මෙවලමක් විතරයි


//මට දැනයි තේරුණේ මේ මහා වැඩ වර්ජනය කරලා තියෙන්නේ ආණ්ඩුව ලවා පෞද්ගලික අංශයේ ආයෝජන අධ්‍යාපනය සඳහා ලබා ගන්න.//


ඔව් එකත් ඔය 6% සපුරන්න පුළුවන් එක විදිහක් තමයි මොකක්ද ඒකෙ වැරැද්ද?.

//වැඩේ කියන්නේ මම දැකපු කිසිම මාධ්‍යයක එහි ප්‍රධානීන් නම් එහෙම කීවේ නෑ. ආ... මං අයිටීඑන් විතරක් බලන නිසා මඟ හැරෙන්න ඇති නේද?//


ඒක කරන්න පුළුවන් එක ක්‍රමයක් මිසක් ඉල්ලීම නෙවෙයි නේ මොන වැඩ වර්ජනයද කරන ක්‍රම කියල කලේ?අනික ඔබ කියන විදිහට රජයෙන්ම දෙන්න කියල මාධ්‍ය හරහා කිව්වෙත් නැහැ නේ ඉතින් ඔය කොහොමද එහෙම නිගමනයකට ආවේ?


//රටේ ආර්ථිකය පාලනය කරන්නේ ආණ්ඩුව වුණාට පෞද්ගලික අංශයේ දේපළ පාලනය කරන්නේ ඒවායේ හිමිකරුවෝ//

ඒවගේ හිමිකරුවන්ව පාලනය කරන්නේ කව්ද?

නැවත වරක් ඔබට තියෙන්නේ ආර්ථිකය තුල රජයේ ක්‍රියාකාරීත්වය පිළිබද අවබෝදයක් නොමැති වීම පිළිබද ගැටළුවක්.


//ඒ අය තමන්ගේ මුදල් ලාභ ලබන ව්‍යාපාරවල මිස සමාජ සුභ සාධන කටයුතුවල යොදවන්නේ නැහැ. එහෙම යොදනවා නම් ඒ ආණ්ඩුවේ බදු සහන ලැබීමේ අරමුණ ඇතිව.//

බ කොහොමද අධ්‍යාපනය සුභ සාධනයක් කියල උපකල්පනය කලේ?එතකොට ලාභ අරමුණින් අධ්‍යාපනය සපයන ආයතන නැද්ද?

//මම හිතන්නේ ඔයා වගේ ආර්ථික විද්‍යා විද්වතෙක්ගේ සේවය අර උගත් ආචාර්වරුන්ට ලබා ගන්න තිබුණා.//


මට වඩා හුගක් උගත් අය එතන හිටියා මට ඔබට වගේ ආචාර්ය මහාචාර්යවරු ආර්ථික විද්‍යාව දන්නේ නැහැ මම තමයි දන්නේ කියල කියන්න තරම් ළදරු මානසිකත්වයක් නැහැ


//එහෙම කළා නම් මේ සටන දිනා ගන්න තිබුණා.//


ඇත්තට? එතකොට මේ අපේ රජයට මේකේ ආර්ථික පසුබිම නොපෙනුණු නිසා තමයි 6% දීල නැත්තේ නේද?අපිට ඉන්නේ එහෙම විද්‍යාත්මකව හිතල බලල වැඩ කරන ඇමතිවරු නෙ නැද්ද? පිටපත මහින්ද අබේසුන්දරගෙන් ද?


//ඔයා විතර ආර්ථික විද්‍යාව දන්න උගතෙක් නම් මම ජීවිතේට දැකලා නෑ//


කියපු කතා වලින් මට නිකමට හිතුන අඩු ගානේ උසස් පෙළ ආර්ථික විද්‍යාව පංතියක කාඩ් කපපු ටික්කෙක්වත් ජීවිතේට මුණගැහිලා නැතුව ඇති කියල :)

//ළඟදිම ඔයාට හර්ෂ ද සිල්වා පරාද කරන්න තිබුණා ගේමක් නැතුව.//

ඔයාගේ ලෝකේ ඉන්න ලොකුම ආර්ථික විද්‍යා වියතා හර්ෂ ද සිල්වා ද?

(සංවාදයට අදාල නොවන වල්පල් ඇදගනී නම් මටද ඒවා කීමට සිදුවේ )

දිමුතු said...

@c.t kumara අනේ ඔව් ඔබතුමා වගේ බ්ලොග් අවකාශය දෙදරවූ 2500 මාසයක් කලා ඉන්න පුළුවන් මහා යුග පුරුෂයෙක් කොහොම රැවටෙන්නද නැද්ද?

peramunerala said...

@දිමුතු: උන්නැහේ පහු ගිය දොහේ මූණු පොතේ හිටිය නම් තේරෙයි මේ උන්දලා 6% ඉල්ලන්නේ ආණ්ඩුවෙන්ම විතරක් කියල. මොකද පුද්ගලික අංශෙ සම්බන්ධ වුණොත් සිතුමිණි රත්නමලලලාගේ සමාජවාදී කන්‍යා පටලය කුඩු සංසාර වෙලා යනව.

දිමුතු said...

@peramunerala

රටේ ප්‍රශ්න මුණු පොතෙන් විග්‍රහ කල හැකිද?

සිතුමිණි රත්නමලල යනු රටේ සමස්ත ආචාර්යවරුන් නොවේ ඇරත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇරබු විට ඔය කොයි කව්රුත් එතන වැඩි මුදලට ඉගැන්වීමට යනු ඇත

මුණු පොතෙන් දේශපාලනය කිරීමට යාමේදී ඔවැනි වැරදි අවබෝද ඇති වීම සාමාන්‍ය දෙයකි

නාමල් උඩලමත්ත said...

දිමුතු,

හරි මේ රටේ ආණ්ඩුවට හෝ පී.බී. ජයසුන්දරට හෝ කිසිවෙකුට ඒ උගත් කථිකාචාර්යවරු කියපු දේ තේරිලා නෑ. මම කියවන පුවත්පත්වල සහ මාධ්‍යවල ගියෙත් රාජය අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කළ යුතුයි කියලා. ඒ සටන නිදහස් අධ්‍යාපනයෙන් ඇරඹී රාජ්‍ය අධ්‍යාපනය දක්වා පටු වුණා අන්තිමට. ඒක කළේ එහි බලය දරන පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධි පිරිසගේ උවමනාව අනුව වෙන්න ඕන.

අනෙක කොහොමද 6% දෙන්නේ කියලා මේ උගත් කථිකාචාර්යවරු ලීවේ නැහැ. ඔබ කියන පරිදි ඒ සංවාද යන්නේ ආර්ථික විද්‍යා සඟරාවල. මම ආර්ථික විද්‍යා සඟරා නම් කියවන්නේ නැහැ. ඔබ කියනවා අපි ඒවා නොකියවපු නිසා තමා තේරෙන්නේ නැත්තේ කියලා.

ඉතින් කියවපු ඔබේ යුතුකම අපි වගේ නොදන්න අයට ඒ දැනුම ලබා දීම. ඒ නිසා ඒක කරන විදිහ අපට කියලා දෙන්න. අඩු තරමින් මට ලින්ක් එකක් එවන්න, ඒක කරන විදිහ ඒ අය කියපු තැනක. ඒක කරන විදිහ අපිත් බලන පත්තරයක ලීවා නම් අපිත් දැනුම්වත් වෙනවා. රටේ බහුතරය බලන මාධ්‍යවලට බොරු කියලා, ටික දෙනෙකේ බලන ආර්ථික විද්‍යා සඟරාවලට ඇත්ත කියන එක නම් හරි නැහැ.

මම දැකපු ලිපිවල සංවාදවල තිබුණේ නම් වැඩකට ඇති දේවල් නෙමේ. ඒ වැඩකට නැති දේවල් ඔස්සේ ගිය සටන අන්ත පරාජයකින් කෙළවර වුණා. ඒක පරාඩ නළලේ කොටාන ඇරඹු සටනක්. අන්තිමට එයාලට ඕන වුණේ ආපහු වැඩට එන පොටක් පාද ගන්න විතරයි.

දැන් ඒ ප්‍රධානීන් කියනවා ආණ්ඩුව අපිව රැවැට්ටුව දෙනවා කියන ඒවා දුන්නේ නැහැ කියලා. ඔය 6% කතාව කියලා ආයේ ලංකාවේ නම් ස්ට්‍රයික් කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම කළොත් ඒ සටන වෙනුවෙන් කඩේ ගිය අයගෙන් තමා මුලින් ම ගුටි කන්න වෙන්නේ.

ඒ අය 6% දෙන විදිහ අපට පැහැදිලිව කිව හැකි නම් පමණයි මේ සංවාදය ඉදිරියට ගෙන යාම ඵලදායි වෙන්නේ.

දිමුතු said...

//හරි මේ රටේ ආණ්ඩුවට හෝ පී.බී. ජයසුන්දරට හෝ කිසිවෙකුට ඒ උගත් කථිකාචාර්යවරු කියපු දේ තේරිලා නෑ.//

අපොයි නැහැ ජයාට විතරක් නෙවෙයි මුළු ආණ්ඩුවටම තේරුණා උනේ තේරුනේ නැහැ වගේ හිටපු එක

//ඒ සටන නිදහස් අධ්‍යාපනයෙන් ඇරඹී රාජ්‍ය අධ්‍යාපනය දක්වා පටු වුණා අන්තිමට. ඒක කළේ එහි බලය දරන පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධි පිරිසගේ උවමනාව අනුව වෙන්න ඕන.//

ආචාර්ය සටන අන්තිමට කැද හැලියක් උනා අන්තරෙත් එක්ක මොන පුද්ගලික විශ්ව විද්‍යාලද?

//අනෙක කොහොමද 6% දෙන්නේ කියලා මේ උගත් කථිකාචාර්යවරු ලීවේ නැහැ. ඔබ කියන පරිදි ඒ සංවාද යන්නේ ආර්ථික විද්‍යා සඟරාවල. මම ආර්ථික විද්‍යා සඟරා නම් කියවන්නේ නැහැ. ඔබ කියනවා අපි ඒවා නොකියවපු නිසා තමා තේරෙන්නේ නැත්තේ කියලා.//

මං කොයි වේලාවේද එහෙම කිව්වේ?මේක රජයෙන්ම ඕනේ නැහැ කියන එක තියෙන්නේ දජානි තුලින් ඉල්ලීම තුල

//රටේ බහුතරය බලන මාධ්‍යවලට බොරු කියලා, ටික දෙනෙකේ බලන ආර්ථික විද්‍යා සඟරාවලට ඇත්ත කියන එක නම් හරි නැහැ.//

කව්රුවත් ඕක රජයෙන්ම ඉල්ලුවේ නැහැ ඒක ඔබේ උපකල්පනයක්

//මම දැකපු ලිපිවල සංවාදවල තිබුණේ නම් වැඩකට ඇති දේවල් නෙමේ. ඒ වැඩකට නැති දේවල් ඔස්සේ ගිය සටන අන්ත පරාජයකින් කෙළවර වුණා. ඒක පරාඩ නළලේ කොටාන ඇරඹු සටනක්.//

ඔබ වැඩකට නැති ලිපි කියවල වැඩකට නැති සටනක් කියල වැරදි උපකල්පනයකට ඇවිත්

//අන්තිමට එයාලට ඕන වුණේ ආපහු වැඩට එන පොටක් පාද ගන්න විතරයි.//

එකේ වැරැද්ද මොකක්ද?කාටද මාස තුනක් පඩි නැතිව ඉන්න පුළුවන්?

ඔව් ඔබ කියපු කතාවේ ඇත්තක් තියනවා ආචාර්ය සටන මහජනයාට සන්නිවේදනය උනේ නැහැ එකට ඉතින් වගකිඋයන්න ඕනේ පුන පුනා ආණ්ඩුවෙන්ම ඉල්ලනවා කියන බොරුව කියපු ආණ්ඩුවේ ගොබෙල්ස්ලා තමයි

 
සිය රට දේ සිරි සැප දේ !