Wednesday, September 15, 2010

එකා අධිපති කවුද?


රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතවීමට ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. එහෙත් අපේ රටේ එවැන්නක් නොමැත. 18ට විරුද්ධව කෑ මොර දුන් උඩුබිරූ අය ඒ ගැන කිසිවක් නොකියති. රටේ විපක්ෂය විනාශවීමට මූලික හේතුව රනිල් වික්‍රමසිංහගේ ආඥාදායකත්වයයි. ඔහු විපක්ෂ නායක වූ දා සිට ඔහු හා උරණ වී ආණ්ඩුවට ගිය පිරිස දැන් 60ද පැන තිබේ. හැමදාම නායකත්වය වෙනස් කරනට පෙරමුණ ගත් පිරිස නතර වූයේ ආණ්ඩුවේ ය. මුළු එජාපය ම එකත් පසකට වුව ද රනිල් එළවිය නොහැකි බව දැන් පැහැදිළි ය. ඒ පක්ෂ ව්‍යවස්ථාව එහි ඒකා අධිපති නායකත්වයක් තනා ඇති බැවිනි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනට දැන් කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව නොව එජාප ව්‍යවස්ථාව වෙනස් කිරීමය. එහි නායකත්වය පත් කර ගැනීමට වඩා හොඳ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමය. ආණ්ඩු විරෝධීන් ද එජාප බැතිමතුන් ද දැන් කළ යුත්තේ එයයි. එවිට දැනට එජාප අභ්‍යන්තරයේ ඔඩුදුවා ඇති අර්බූධය කෙළවර වනු ඇත. එසේ නොකර තම ඇසේ පොල් පරාල සඟවා අන් ඇසක කෙහෙ ගසක් සොයන ක්‍රමය ඉදිරියට ගෙන යන්නේ කරන්නේ, ආණ්ඩුව ශක්තිමත් කිරීම පමණි.

රනිල් රටට නොගැලපෙන නායකයෙකු වන්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතා නිසා නොව ඔහු නියෝජනය කරන මතවාදය නිසා ය. මෙය රනිල්ගේ වරදක් නොව එකී බටහිර ගැති මතවාදයේ අර්බූධයකි. ඒ නිසා රනිල් එළවා රවි නායකයා කිරීම අතීසාරයට අමුඩෙ ගැසීමකි. ඔවුන් දෙදෙනා ම එක වල්ලේ පොල් ය. ජාතික ඇඳුමට රිගා ගත් පමණින් රවීට සිය බටහිර ගැතකම එහි සැඟවිය නොහැකි ය. එජාපයට නායකත්වය දීමට දැන් එහි සිටින නියම සුදුස්සා සජිත් ය. සජිත් තවම ළබාල යැයි රනිල් නිසා පක්ෂ නායකත්වයට කිට්ටු කළ නොහැකිව අකාලයේ වයසට ගිය අය පවසන කුහක කතා ජනතාව අනුකම්පාවෙන් බැහැර කරනු ඇත. විපක්ෂයට නිවැරදි නායකත්වයක් ලබා දීම මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කළ හැකි වැදගත් ම කාර්යයි.

22 comments:

Ramachandra said...

// ඔහු විපක්ෂ නායක වූ දා සිට ඔහු හා උරණ වී ආණ්ඩුවට ගිය පිරිස දැන් 60ද පැන තිබේ. //

1.උපේක්ෂා ස්වර්නමාලි ආන්ඩුවට ගියේ විපක්ෂ නායක සමග "උරන වෙලාද?"ජොන්ස්ටන් ප්‍රනාන්දු යන්න ආසන්නම හේතුව නායකත්වය එක්ක තියෙන උරනයක්ද නැතිනම් ත්‍රස්තවාදී සැකකරුවෙක්ට නවාතැන් දීමේ චෝදනාව උසාවියට ඉදිරිපත් වෙන එක වලක්වගන්න තිබුනු උවමනාවද?

2.විපක්ෂයෙන් ඉල්ලන අයට මිනිස්සු චන්දෙ දෙන්නෙ පලමුව පක්ෂය සලකලා.ඒ අය චන්දය දුන්න අයගෙ විශ්වාසය රකින්න ඕනෙ.නායකයා එක්ක "උරන" වෙනව කියන එක්ස්කියුස් එක දීල බලය තියෙන පැත්තට පනින එක කොච්චර සදාචාරාත්මකද?‍මේ පනින්නෙ බලතල වලට තියෙන කෑදරකම හින්ද නෙමෙයි කියල ෂුවර්ද?

3.එහෙම පනින අයට පැනීම සදහා පෙලඹවීම් කරන්නෙ කවුද?ඇමතිකම්,වරදාන,සල්ලි,නඩු හබ වලින් නිදහස යනාදිය දීල මේ අසික්කිත සම්ප්‍රදාය පවත්වගෙන යන්නෙ ආන්ඩුව නෙමෙයිද?ඒක හොදද?

4.විධායක ජනාධිපතිකම තිබුන අවුරුදු 32 ට පක්ෂෙකින් තව පක්ෂෙකට ඒ ධූරය මාරු වෙලා තියෙන්නෙ එකම එක වතාවයි!මේ අසීමිත බලය ඉස්සරහ විපක්ෂය දිය වෙන එක ස්වභාවිකයි.මේ ආනිසංසෙම තමයි 80 ගනන්වල ශ්‍රී ලංකා එකට වුනේ.චන්ද්‍රිකාලා විජයලා කඩාගෙන අනුරලා වෙනම පිල් හදාගෙන ගහමරා ගත්ත මතකනෙ?ඒකට හේතුව එතකොට සිරිමාවෝගේ නායකත්වයේ දුර්වලකමමද?

විහඟ ගීතය said...

ඒ දන්ඩේ මට තනියම යන්න බැරී
දහ අටවැනි විසදුම ඉවසන්න බැරී
මගේ ගෙදරවත් හුස්මක් ගන්න බැරී
පිලේ පැදුර සිහිවෙන කොට ඉන්න බැරී

විහඟ ගීතය said...

දාහත් දෙනෙක් ඇරගෙන "කරු" ගිහිල්ලා
දහසය දෙනෙක් අතහැර යළි ඇවිල්ලා
දාහත් දෙනෙක් ආයෙත් ගොස් ඉගිල්ලා
නෑ දුක් මෙහෙ ඇවිත් මංගල කුරුල්ලා

දේශපාලුවා said...

Blogger Ramachandra said...

//විධායක ජනාධිපතිකම තිබුන අවුරුදු 32 ට පක්ෂෙකින් තව පක්ෂෙකට ඒ ධූරය මාරු වෙලා තියෙන්නෙ එකම එක වතාවයි!//


1988 ප්‍රේමදාස දින්නේ චන්ද ලක්ෂ 2.5 න්, 50.4% ප්‍රතිශතයෙන්. චන්දය පවත්වපු දා ජේවිපී එකෙන් ඇදිරිනීතිය දාලා, චන්දය දැම්මොත් මරනවා කියලා ප්‍රකාශකරලා තිබ්බා, චන්දයට කලින්, ශ්‍රීoලකා එකේ සoවිදායකවරු ජේවීපී එකෙන් දිගට හරහට මරලා දැම්මා, මර්වින් සිල්වා මරන්න තිබ්බ වෙඩිල්ල වැදිලා උගේ අය්යා මැරුනා. ජෙප්පන්ගේ මේ භීෂනය නොතිබෙන්න ප්‍රතිඵල වෙනස් වෙන්න තිබුනා කියන එක බොහෝ දෙනාගේ පිලිගැනීමයි.

2000 ටවුන්හෝල් බොම්බය නැතිවෙන්න ඒ ජනධිපතිවරන්යේ ප්‍රතිඵලත් වෙනස්වෙන්න තිබුනා කියන එක තවත් මතයක්.

2005 චන්දෙදි, බලයේ හිටිය ජනාධිපති/ පක්ෂ නායිකාව එලිපිටම සහය දුන්නේ රනිල්ට, ඒවිතරක් නෙමෙයි, මහින්ද පරද්දවන්න පුළුවන් සේරම කෙනෙහිලිකම් කලා.

පසුගිය ජනාධිපතිවරන වලදී බලයේ හිටිය පක්ෂය වෙනස් වීම එකවරක් පමනක් සිදුවීමට එකම හෝ ප්‍රධාන හේතුව ජනාධිපති ව්‍යවස්ථාව බව කීම කරුනු විකෘති කිරීමක්, කෙප්පයක්.

ජනාධිපති ව්‍යවස්ථාවට විරුද්ධවීම හෝ පක්ෂවීම එක දෙයක්, තමන්ගේ ස්ථාවරයට හේතුවන සාධාරන, සත්‍ය කරුනු පෙන්වාදීම තවත් දෙයක්.

උදේ හවා ජනාධිපතිකමේ බලය ගැන කන්කෙදිරිගාන රාමචන්ද්‍ර ගොයියටත්, ජනාධිපති ව්‍යවස්ථාවේ වැරදි පෙන්නන්න කරුනු, තමන්ට ඕන හැටියට නවලා විකෘති කරන්න වෙච්ච එකයි වැඩේ.

නාමල් උඩලමත්ත said...

Ramachandra,‍
ඔයා මේ දවස්වල විධායක ජනාධිපතිකම අහෝසි කරන්න යනවා කියලා අපි දන්නවා. ඒකනේ ඔයා දිගට ම උත්සාහ කරලා තියෙන්නේ විපක්ෂය දුර්වල වෙන්නේ ජනාධිපතිකම නිසා කියලා පෙන්නන්න. ඇත්ත තමා ලංකාවට වහින්නේ, පායන්නේ, ගං වතුර ගලන්නේ, හුළං හමන්නේ එය විධායක ජනාධිපතිකම නිසා තමා. ඔයාට නින්ද නොයන්නෙත් ඒ නිසා තමා. කාලිංග මාඝ ලංකාවට ආවේ, ලංකාවේ ගෑණුන්ට දරුවෝ හම්බ වෙන්නේ විධායක ජනාධිපතිකම.

විපක්ෂය දුර්වල වෙන්න එකම හේතුව රනිල්ගේ දේශපාලන භාවිතාව සහ ප්‍රතිපත්ති නොවුණාට ඒක ප්‍රධාන හේතුව. රනිල් එක්ක තරහාවෙලා ගිය ගණන 61යි. ඉන් දෙන්නෙක් ගැන ඔයා කියන ඕපදූප නිසා ගියා කියලා මොහොතකට හිතමු. එතකොට අනිත් 59 දෙනා ගියේ ඇයි? බලයට කෑදරකමට කියලා ඔයා කියයි. එතකොට ආණ්ඩුවෙන් විපක්ෂයට එන්නේ බලයට කෑදර නැති බෝසත් අය ද? ඕක හරිම ජනප්‍රිය විහිළුවක්.

මේ ප්‍රශ්නයෙන් මග හැරලා යන්න දයාසිරිලත් ඒ දවස්වල එහෙම කීවා. දැන් එයාලා ස්වාධීන වෙනවාලු. ඒ අය යන්නෙත් විධායක ජනාධිපතිකම නිසා ද? 1978 පෙර මේ රටේ පක්ෂ මාරු කළේ නැද්ද? පක්ෂවල ගැටුම් ඇති වුණේ නැද්ද?

ඔයා වගේ විකාර කතාවලින් විපක්ෂයේ වැහැරීම නවත්වන්න බෑ. අතීසාරවයට අමුඩෙ ගහලා පලක් නෑ රාමේ. බෙහෙත් දෙන්න ඕන. එක්සත් විජාතික පක්ෂය නැවත එක්සත් ජාතික පක්ෂය බවට හරවන්න නම් රටේ පය ගහලා ජීවත්වෙන මිනිහෙක් නායකයා කරන්න ඕන. 2005 නැවත ශ්‍රීලනීපය නැගී සිටියේ දෝන කතිරිනා බිසව වෙනුවට මැදමුලනේ බයියෙක් නායකයා වුණ නිසා.

නාමල් උඩලමත්ත said...

විහඟ ගීතය

වරාය සැදේ රට වටේ
දියුණුව ගලයි මග තොටේ
මහ ජනතාව මේ රටේ
එල්ලෙයි සාටකේ පොටේ

අතහැර දමන විට අලි බලකොටුව අලී
ගසමින් අතීසාරය ළඟ අමුඩ රැළී
ගෙයි මුව හමට තඩි බෑමට නොවන මැලී
රඟන දදහු බල නොම ඇති හෙයින් විළී

නාමල් උඩලමත්ත said...

දේශපාලුවා,
මෙහෙමයි ඉතින්. රාමචන්ද්‍ර උන්නැහේ එදා ඉඳලා ම ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. බොරු මොකටද 2005 වෙනකම් මමත් ඕකට විරුද්ධයි. ඊට පස්සෙත් ටික කාලයක් විරුද්ධයි. ඒත් ක්‍රමයෙන් මගේ අදහස් වෙනස් වුණා. ඇත්තට ම මේක දැලි පිහියක්. අපි දැක්කේ 2005 වෙනකම් වඳුරාගේ අතේ තියෙන දැලි පිහිය. අපි හැමදාම කල්පනා කළේ දැලි පිහිය මොට කරන්න මිස ඒක නිසි කෙනා අතට පත් කරන්න නෙමේ. ඒක නියම සුදුස්සා අතට පත්වුණේ 2005.

දැන් ඒක රට සංවර්ධනයට යොදා ගන්නවා. ඒ නිසා අපි දැන් ඒකට පක්ෂයි. හැබැයි රාමචන්ද්‍ර උන්නැහේ තාම කියනවා දැලි පිහිය මොට කරන්න ඕන කියලා. ඕක මොට කළා ම ඒකෙන් වැඩ කරන මිනිහෙකුටවත් වැඩක් කරන්න බෑ කියලා උන්නැහේට කල්පනා වෙන්නේ නෑ. මොකද උන්නැහේ මාක්ස්වාදයට බර වුණාට නිතර ම දොඩවන්නේ සුද්දෝ උගන්වපු ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සුළු ජාතික අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, කම්කරු අයිතීන් වගේ දේවල්. මේවා කෑවට බඩ පිරෙන්නේ නෑ කියලා උන්නැහේට තේරෙන්නේ නෑ. හැබැයි සුද්දා දන්වා මේ ඔක්කොම අකුරට ක්‍රියාත්මක කළා නම් කිසිම දුප්පත් රටක් ඔලුව උස්සන්නේ නෑ කියලා. ඒකයි සුද්දා ඇෆ්ගනිස්ථානයේ අහිංසක මිනිස්සුන්ගේ ඔලුවට බෝම්බ අතෑරලා යන ගුවන් යානය පොලවට එන්න කලින් අපේ රටේ 18 වැනි සංශෝධනේ ගැන කිඹුල් කඳුලු හෙලන්නේ. හැමදාම ප්‍රජාතන්ත්‍රවාදේ පිරුවටෙන් විළි වහ ගෙන සුද්දාගේ සහනාධාර මල්ල එනකම් බලා ඉන්න ඇහැකි.
අපිට අවශ්‍ය එහෙම රටක් ද? අපේ අනාගත පරම්පරාව අපෙන් ඉල්ලා සිටින්නේ එහෙම රටක් ද? අපි අපෙන් ඇසිය යුත්තේ ඒ ප්‍රශ්නයයි.

Ramachandra said...

@ දේශපාලුවා

ජවිපෙ 88 භීෂනය දියත් කලේ ශ්‍රී ලංකා එකට විතරද?ඒ කරුන කෙසේ වුනත් ඔබතුමා ඉදිරිපත් කරන සේරම කල්පිත.මෙහෙම වුනොත් තව විදිහකට වෙන්න තිබුනා.අසම්භාව්‍යයේ අනියමාර්ථය නැතිව වුන දේ ගැන කතාකරමු.ජනාධිපති ධූරය දරන කෙනා ඒ සියලු බලය සමග චන්දය කරද්දි අනිත් කෙනා ඒ කිසිවක් නැතිව චන්දය කරන එක සාධාරන තරගයක් නෙමෙයි.ඒක මූලධර්මයක් විදිහට වැරදියි.අද බලයෙ ඉන්නෙ ශ්‍රී ලංකා එක නිසා මේක හොදයි කියල කියනව.නමුත් ඒ අයත් හෙට විපක්ෂයට තල්ලු වුනොත් මේ ක්‍රියාවලියේ වේදනාව විදින්න වෙනව.නිකම් පක්ෂ කන්නාඩි වලින් නොබලා ක්‍රමය ගැන බුද්ධිමත් විවේචනයක් බවට මේක හරවා ගන්නවා නම් තමයි වැදගත්.

@ නාමල් - ඔබතුමාටත් දෙන්න තියෙන පිලිතුර ඒ වගේ එකක්.ඔබ අපි මොන ස්ථාවර වල හිටියත් ලංකාවෙ චන්ද තියන්න ඕනෙ,පාලකයා තෝරන්න ඕනෙ ඒ වගෙ නිදහස් සාධාරන චන්ද වලින් කියන එක පිලිගන්නව.එහෙම නේද?රට ජාතිය ගැන කියල තමන්ට ඡන්දය දුන්න අයට පයින් ගහල ආන්ඩුවට පනින ඔය උදවිය ඇත්තටම ඒක කරන්නෙ රට ගැන ආදරෙන් කියල ඔබතුමා අවංකව හිතනවද?මෙහෙම පනින්න ගියාම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය බිද වැටෙනවා නේද?මම කියන්නෙ හෙට රනිල් නැතිව ඔබතුමා කැමති කවුරු යූඇන්පියේ සිහසුනට ගෙනාවත් පනින මිනිස්සු පනිනවා.බලය විසින් ඒ අයව ඇදල ගන්නවා.අසීමිත විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට නොහොදයි කියල කියන්නෙ ලොකු තේරුමක් ඇතිව.පහුගිය චන්දයෙදි නාවලපිටියෙ තිබුන තත්වය ඔබතුමා දන්නවද?ප්‍රදේශයේ කුප්‍රකට ඇමතිවරයාගේ මැරයන් මැතිවරන වැඩ වලට විපක්ෂයේ කාටවත් පාරටවත් බහින්න දුන්නෙ නැහැ.මේ ගැන පැමිනිලි කරන්න පොලිසියට ගියාට වැඩක් නැහැ.පොලිසිය වැඩ කරන්නෙ ඇමතිවරයාගේ අන අනුව.ඒ ඇමතිවරයාව විධායකය විසින් අවසානයේ ආරක්ෂා කල හැටි අපි දුටුවා.80 දශකයේ යූඇන්පී බලය ඇතුලෙ ශ්‍රීලංකා එකට වුන අසාධාරනයම නේද මේ?සිස්ටම් එක දිහා පුලුල්ව බලන්නෙ නැතිව පටු විදිහට පක්ෂ පාට අනුව අපි මේ දිහා බලන එක කොයිතරම් සාධාරනද?

දේශපාලුවා said...

Blogger Ramachandra said...
විධායක ජනාධිපති චන්දයේ ප්‍රතිඵල තීරනය කල එකම හෝ ප්‍රධානතම සාධකය ඒවනවිට ජනාධිපති කමේ සිටියේ කවුද යන්නයි.

මෙය සර්ව සම්පූර්න, සුපිරිසිදු පරම සත්‍යයයි.

Blogger දේශපාලුවා said...
විධායක ජනාධිපති චන්දයේ ප්‍රතිඵල තීරනය කල එකම හෝ ප්‍රධානතම සාධකය ඒවනවිට ජනාධිපති කමේ සිටියේ කවුද යන්න නොව, එය ඒ වනවිට සමාජයේ පැවති පුද්ගලික ආරක්ෂාව පිලිබද හැගීම, චන්දය ආසන්යේ සිදුවුනු කම්පනය කරවන් සිදුවීම් ආදී සමාජ ආර්ථික සාධක ගන්නාවක බලපෑම් වල ප්‍රතිඵලයකි.

මේවා සෙරම කල්පිත, අසම්භාව්‍යයේ අනියමාර්ථය.

මෙකට තමයි කියන්නේ බුද්ධිමය තස්ත්‍රවාදය කියලා, තමන්ගේ මතය මතයක් නෙමෙයි, සරව සම්පූර්න යතාර්ථය, අනෙකාගේ මතය මතයක් වත් නෙමේයි කල්පිත, අසම්භාව්‍යයේ අනියමාර්ථය.

හේතුව, මේ මතය මගේ, ඒ මතය උගේ.

මීටත් වඩා පුද්ගල කෙන්ද්‍රික අන්තවාදයක් (Egocentrism) තියෙන්න පුළුවන්ද?

---------------------------------------------------------------------------------
Blogger Ramachandra said...

ජනාධිපති ධූරය දරන කෙනා ඒ සියලු බලය සමග චන්දය කරද්දි අනිත් කෙනා ඒ කිසිවක් නැතිව චන්දය කරන එක සාධාරන තරගයක් නෙමෙයි.

හිස් මුදුනින් පිලිගන්නවා, නමුත් ඒකයි යතාර්ථය, ලoකාව කියන දූපත් කොදෙව්වේ විතරක් නෙමෙයි, මහා ඇමරිකාවේ, ඉරානයේ, මහා බ්‍රිතාන්‍ය්යේ, සිගප්පූරුවේ ... ආදී විවිධාකාර විධායකයන්, ව්‍යවස්ථාදායකයන් තියෙන ලොකේ ලොකු කුඩා රාජ්‍ය සියල්ලේම තත්වය මේකයි, හැබැයි යුතෝපියාවේනම් එහෙම නැතිබව ආරචියි.

මෙකට විසදුම විධායක ජනාධිපති කම අහෝසිකිරීමද? හොදයි ඊට පස්සේ ඇතිකරන් විධායකයකයට ඒහෙම වාසියක් අත්වෙන්නේ නැත්ද? ලෝකේ පුරා රාජ්‍යවල දේශපාලන යතාර්ථය නම් අපිට පෙන්නලා දෙන්නේ වෙනදෙයක්. ඒනියා උඹ ඔය කියන ප්‍රශ්නයට ජනාධිපති කම අහෝසිකිරීමෙන් නම් පිලියමක් ලැබෙන්නෑ.

මෙ වාස්තවික මූලධර්ම ප්‍රශ්නයට විසදුමක් එක්ටැම් මාලිගාවල ජීවත්වෙන ඔබතුමාලම හොයලා අපිට කියන්නකෝ .

පොලවේ කුරුමිනිපස් පාගාගෙන වැඩකරන අපිටනම් ඔය අධියතාර්ථයේ තර්ක විතර්ක වලින් වැඩක් නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සර්ව සම්පූර්න සුපිරිසිදු ක්‍රමයක් නෙමෙයි, නමුත් යතාර්ථය සමග ජීවත් වෙන අපිට ලොකේ අඩුපාඩු ප්‍රශ්න නෙමෙයි.

අන්තිමට වඩාත් වැදගත්ම කාරනය, සමාජයේ තීරනාත්මක අවස්ථාවලදී, ඔය කියන වාසියට වඩා ජනමතය චන්දය තීරනය කිරීමේ ප්‍රබලතම සාධකය වෙනවා කියලා ලොකේ පුරා ලොකු කුඩා, රාජ්‍ය කොදෙව්, මහාද්වීප වල පෙන්වලා තියනවා.

ජනාධිපති බලය, ලoකාවේ ජනාධිපති චන්දය තීරන කිරීමේ එකම හෝ ප්‍රධානතම සාධයයි කීම, සාධනය නොකෙරුනු මතයක් විතරයි.

ජනාධිපති බල්යේ වාසිය, තීරනාත්මක අවස්ථාවලදී චන්ද තීරනය කිරීමට දායක නොවන නිසාත්, වෙනත් විධායකයන් ගෙනුත්, අඩු වැඩි විදිහට ඒ වාසියම ලැබෙන නිසාත්, මේ හෙතුව නිසා ජනාධිපති ධූරය අහෝසි කලයුතුයි කියන මතයත් පුස්සක්.

ඊලගට උඹ ඔය කියන මන්ත්‍රීවරු පැත්ත මාරු කිරීම, දූෂිත මන්ත්‍රීවරු ආරක්ෂාකිරීම, විධායක ජනාධිපති ධූරයකට පමනක් සුවිශෙෂී ලක්ෂන නෙමෙයි, පුළුවන්නම් කරුනු විකෘති කරන්නැතුව ඔය කියන ප්‍රස්තූතය ඔප්පුකරලා පෙන්නපන්.

එහෙම නැත්තම් ඔප්පුකරපු දෙශපාලන විද්‍යා පත්‍රිකාවක් හරි නම් කරන්න අපි කියවල බලන්නම්.

මුලින් කිව්වා වගේ, ජනාධිපති ව්‍යවස්ථාවට පක්ෂ වීම හෝ විරුද්ධවීම එක දෙයක්, ඒ සදහා සාධාරන සත්‍ය කරුනු, විකෘති නොකර ඉදිරිපත් කිරීම තවත් දෙයක්.

නාමල් උඩලමත්ත said...

Ramachandra,
ඔබ කතා කරන්නෙත් කල්පිත තමා. සියලු බලතල තියාගෙන තරග කිරීම සාධාරණ ද අහනවා. හරියට නවසීලන්තය සහ ලංකාව අතර ක්‍රිකට් තරග ලංකාවේ තිබිම සාධාරණද අහනවා වගේ. තනතිලි අප‍ට වාසියි. රස්නේ එයාලට අවාසියි. පේක්ෂක සහාය අපට වීම එයාලට අවාසියි. ඒ නිසායි අපි දිනුවේ කියනවා වගේ තමා ඔය කතාව. ඔය කුතර්කය අනුව කිසිම රටකට සිට රටින් පිට තරග දිනන්න බෑ. ඔයා කියන විදිහට දෙගොල්ලා ටම සමබර වෙන්න ක්‍රිකට් ගහන්න වෙන්නේ හඳේ. එතකොට තමා සාධාරණ. බම්බුව තමා.

දැන්වත් ඔය යුතෝපීය මනෝරාජ්‍යයෙන් බැහැලා මහ පොළවේ ජීවත් වෙන්න බලන්න.
විධායකය හැමදාම බලවත්. ඒක අගමැති වුණා කියලා දුබල නෑ. ඒ බලය රටේ විධායකයට තිබිය යුතුයි සහ තිබුණා. සිරිමා ලේක්හවුස් රජයට ගත්තේ, 71 කැරැල්ල මැඩ පැවැත්වූයේ විධායක ජනාධිපති විදිහට නෙමේ අගමැති විදිහට. ජේ.ආර්.විධායක ජනපති ක්‍රමය ගෙනාවේ, මන්ත්‍රිවරුන්ගේ දින නැති ඉල්ලා අස්වීමේ ලිපි ගත්තෙත් අගමැති විදිහට. ඔයා හිතන් ඉන්න විදිහට රටේ විධායකය ඊනියා සාධාරණත්වයක් උදෙසා ප්‍රාදේශීය සභා සභාපති තනතුරක බලයට ගේන්න බෑ. දීපු බලය අනෙක් අතින් ගැනීමේ 17 වැනි සංශෝධන ‍නොකළ යුතුයි.

අපි පක්ෂ කන්නාඩි දාලා නෑ. හැබැයි ඔයා හැමදේම විපක්ෂ කන්නාඩියෙන් බලන්නෙ. මේ ආණ්ඩුව විපක්ෂයට ගියාමත් පවතින යථාර්ථයට මුහුණදිය යුතුයි. ඒත් අපි අහන්නේ නෑ එදාට මෙහෙම තරග කිරීම සාධාරණ ද කියලා. ඒක අපට නම් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමේ. සීතල, පේක්ෂක ප්‍රතිචාරය, තනතිලි නෙමේ තරගයක තීරණාත්මක වෙන්නේ. දක්ෂතාවයි තීරණාත්මක. හැබැයි නටන්න බැරි මිනිහාට හැමදාම පොළව ඇදයි.

Ramachandra said...

@ දේශපාලුවා

//Blogger Ramachandra said...
විධායක ජනාධිපති චන්දයේ ප්‍රතිඵල තීරනය කල එකම හෝ ප්‍රධානතම සාධකය ඒවනවිට ජනාධිපති කමේ සිටියේ කවුද යන්නයි.

මෙය සර්ව සම්පූර්න, සුපිරිසිදු පරම සත්‍යයයි.//

කරුනාකර මෙවැන්නක් මා පැවසූ ස්ථානය පෙන්වා දෙනවාද?

මගේ තර්කය ජනාධිපතිධූරයේ බලය - පොලිස් බලය,අධිකරනය හැසිරවීමේ බලය,රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත් ඇතුලු සකල විධ බලය - කිසිදු සීමාවකින් කිසිදු පාලනයකින් තොරව එක් පාර්ශවයක් යොදාගන්නා විට එය එම පාර්ශවයට විශාල වාසියක් වන බවත් ඉන් තරගයේ සාධාරනතාවය බරපතල ලෙස නැති වන බවත්ය.අවුරුදු තිස් ගනනකට විධායක බලය පක්ෂයකින් පක්ෂයකට මාරු වී තිබෙන අවස්ථා ගනන එකක් පමනක් වීම එවැනි බලයක් වාසි සහගත ලෙස බලපාන ආකාරය පෙන්වා දෙයි.මෙය 78 ට පෙර අගමැති ක්‍රමය තුල ආන්ඩු මාරු වුන කාල ප්‍රාන්තරයන් සමග සංසන්දනය කර බලන්න.

//ලoකාව කියන දූපත් කොදෙව්වේ විතරක් නෙමෙයි, මහා ඇමරිකාවේ, ඉරානයේ, මහා බ්‍රිතාන්‍ය්යේ, සිගප්පූරුවේ ... ආදී විවිධාකාර විධායකයන්, ව්‍යවස්ථාදායකයන් තියෙන ලොකේ ලොකු කුඩා රාජ්‍ය සියල්ලේම තත්වය මේකයි, //

ඉරානයේ තත්වය නම් කොයි වගේද කියා මම දන්නෙ නැහැ.මහා අමරිකාව බ්‍රිතාන්‍යය නෙමෙයි ඉන්දියාව වැනි රටවල පවා මැතිවරන වඩා සාධාරන කිරීමේ යාන්ත්‍රනයන් තියෙනව.ඔබ කියන්නේ අමෙරිකානු චන්දයකදී ලංකාවේ මෙන් රාජ්‍ය සම්පත් කිසි ගැටලුවකින් තොරව හෝල් සේල් භාවිතා කරන බවද?ඉන්දියාවේ ස්වාධීන මැතිවරන කොමිසම ආදිය ක්‍රියාත්මක වෙන ආකාරය කියවලා බලන්න.

http://en.wikipedia.org/wiki/Election_Commission_of_India

දේශපාලනකරනය අවම වුන පොලිස් සේවයක්,මැතිවරන කොමිසමක්,අධිකරන යාන්ත්‍රනයක්,රාජ්‍ය සේවයක් ඕනෙ කරන්නෙ බලය අයුතු විදිහට භාවිතා කරල මැතිවරන අසාධාරන විදිහට පවත්වන එක අවම කරගන්න.ඒ වගේ ශිෂ්ට සම්පන්න යාන්ත්‍රනයන් සේරම අහෝසි කරල හැම රටේම මේ වගේ තමයි කියන එක බලයේ ඉන්න තුරු ජොලි.නමුත් ඔය මහින්ද රාජපක්ෂලාම හෙට විපක්ෂයට තල්ලු වුනොත් ස්වාධීන කොමිෂන් වල අවශ්‍යතාවය ගැන උද්ඝෝෂනය කරනු දැක ගන්න පුලුවන් වෙයි.අද මේවයේ අවශ්‍යතාවය ගැන කතාකරන ඔබලාගේ ප්‍රතිමල්ලව යූඑන්පීය එදාට අද ඔබලා කියන දේවල් ඒ විදිහටම පුනරුච්චාරනය කරාවි.

//ඊලගට උඹ ඔය කියන මන්ත්‍රීවරු පැත්ත මාරු කිරීම, දූෂිත මන්ත්‍රීවරු ආරක්ෂාකිරීම, විධායක ජනාධිපති ධූරයකට පමනක් සුවිශෙෂී ලක්ෂන නෙමෙයි,//

මේක ලංකාවේ ජනාධිපතිධූරය ගැන සංවාදයකට පෙරලිලා තියෙන නිසා මේ ප්‍රශ්න කිහිපයට පිලිතුරු දෙන්න.

1.ලංකාවේ ජනාධිපතිධූරය කෙරෙහි කිසිදු සංවරනයක් තුලනයක් බල නොපාන බව ඔබ පිලිගන්නවාද?

2.ජනාධිපතිගේ අධිකරන මුක්තිය,ශ්‍රේෂ්ඨාදිකරන විනිසුරන් පත්කිරීමේ බලය - මේවා වෙන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායකයක් සතුව තිබෙන බලයට වඩා ප්‍රබල බව ඔබ පිලිගන්නවාද?

3.කිසිදු පාලනයක් රහිත එවැනි බලයක් අත්තනෝමතික එකක් නොවන්නේ කෙසේද?අනිත් හැම රටේම තත්වය මේකයි කියන එක සම්පූර්න බොරුවක්.ඉරානයේ තත්වය නම් සමහර විට මෙය විය හැකියි.නමුත් ඉරානයට වඩා ශිෂ්ට සම්පන්න දේශපාලනයක් අපි නම් අපේක්ෂා කරනවා.ත්‍රස්තවාදය නැති කරල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනව කියල 2005 දී ඡන්දයට ඉදිරිපත් වුන මහින්ද රාජපක්ෂට බොහෝ දෙනා ඡන්දය දුන්නේ ලංකාව ඉරානයක් කරන්න කියල නම් අපි හිතන්නෙ නැහැ.

Ramachandra said...

@ නාමල්

1.//හරියට නවසීලන්තය සහ ලංකාව අතර ක්‍රිකට් තරග ලංකාවේ තිබිම සාධාරණද අහනවා වගේ.//

පිට්ටනියත් නවසීලන්තයෙන් සකස් කරල,අම්පයර්ලත් ( පොලිසිය අධිකරනය ) නවසීලන්තයෙන්ම දාල,( මේ අම්පයර්ලා නවසීලන්තේ අය නෝ බෝල් කීයක් දැම්මත් මුකුත් කියන්නෙ නැහැ.හිනාවෙවි ඉන්නවා.ලංකාවෙ අය නිකම් බෝලේ දාද්දිත් චක් කරනව කියල සිග්නල් කරනවා) තරග තීරක ( මැතිවරන දෙපාර්තමේන්තුව ) නවසීලන්තයේම හෙයිචයියෙක් විදිහට දාල තරගය තිබ්බම ඒක සාධාරනයිද?

2.ඉස්සෙල්ලා මම දුන්න නාවලපිටිය නිදසුන ගැන ඔබතුමා යමක් කියනු ඇතැයි මම සිතනවා.සයිබර් අවකාශයේ බයිලා වලට වඩා මේ වගේ සජීවි නිදර්ශන බොහොම වැදගත්.

3.//විධායකය හැමදාම බලවත්. ඒක අගමැති වුණා කියලා දුබල නෑ//

මෙහෙමයි ලොකු පොතක් ඕනෙ නැහැ.උසස් පෙල ලමයි කියවන පොතක් තියෙනව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල - ලෝක ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා කියලා.වෙනත් ප්‍රජාතන්ත්‍රවාදි රටවල විධායක බලයට තියෙන සංවරන තුලන මොනවාද?පාලනයන් මොනවාද?ඒ රටවල නිතියේ පාලනය පවත්වගෙන යන්න මෙනවාද හදාගෙන තියෙන යාන්ත්‍රන?ඒව ලංකාවෙ තිබෙන තත්වය සමග සංසන්දනය කලාම මොන වගේ චිත්‍රයක්ද ලැබෙන්නෙ?අවංකව මධ්‍යස්ථව මේ කරුනු විමසලා බැලුවොත් ලංකාවේ තිබෙන ක්‍රමය බොහොම පසුගාමී එකක් කියල ඔබතුමාටම වැටහේවි.මේ කියන්නේ විධායකය ප්‍රාදේශීය සභා සභාපති ධූරයක් කරන්න කියල නෙමෙයි.විධායකයේ බලය නීතියට යටත් කරන්න කියලා.

දේශපාලුවා said...

Blogger Ramachandra said...
.........කරුනාකර මෙවැන්නක් මා පැවසූ ස්ථානය පෙන්වා දෙනවාද?

------------------------------------------


මගේ තර්කය ජනාධිපතිධූරයේ බලය - පොලිස් බලය,අධිකරනය හැසිරවීමේ බලය,රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත් ඇතුලු සකල විධ බලය - කිසිදු සීමාවකින් කිසිදු පාලනයකින් තොරව එක් පාර්ශවයක් යොදාගන්නා විට එය එම පාර්ශවයට විශාල වාසියක් වන බවත් ඉන් තරගයේ සාධාරනතාවය බරපතල ලෙස නැති වන බවත්ය.........................


මගේ තර්කය
විධායක ජනාධිපති චන්දයේ ප්‍රතිඵල තීරනය කල එකම හෝ ප්‍රධානතම සාධකය ඒවනවිට ජනාධිපති කමේ සිටියේ කවුද යන්න නොව, වෙනත් සමාජයීය සාධකද ඒ සදහා බරපතල ලෙස බල පෑවේය.

මොකක්ද උඹේ තර්කයෙයි මගේ තර්කයෙයි වෙනස , දෙකම පදනම් වෙලාතියෙන්නේ එක සමාන සාක්ෂි සාධක මත, එහෙව් එකේ මගේ තර්කය, කල්පිතයක් , අසම්භාව්‍යයේ අනියමාර්ථය. කියලා අපහාස කරන කෙනා තමන්ගේ තර්කය/මතය පරම සත්‍යක් කියලා විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් කියලා හිතන එක සාධාරන උපකල්පනයක්.



---------------------

Blogger Ramachandra said...

ඔබ කියන්නේ අමෙරිකානු චන්දයකදී ලංකාවේ මෙන් රාජ්‍ය සම්පත් කිසි ගැටලුවකින් තොරව හෝල් සේල් භාවිතා කරන බවද?


මම හිතුවේ උඹට තියෙන්නේ රෝග දෙකයි කියලයි, පුද්ගල කෙන්ද්‍රී අධිමානයයි, එක්ටැම් ගේ මානසිකත්වයයි (ivory tower mentality). දැන් බලන කොට උඹට තවත් රෝගයක් තියෙනවා, සුචරිත ගම්ලත් මේකට කියන්නේ "හුදකලා කොදෙව් මානසිකත්වය" කියලයි.

මෙන්න උඹ අහන සුපිරිසිදු ඇමරිකාවෙන්ම උදාහරන.

1.2004 ඉලැක්සන් එක රාජ්‍යබලය යොදවලා බුෂා දිනාගත්තබව සාක්ෂි සහිතව රොබට් කෙන්ඩි (කනිශ්ඨ ) ලොව පිලිගත් රෝලින් ස්ටෝන් සගරාවට ලියපු ලිපියක පෙන්වලා තියනවා.
http://www.wldness.net/APGovernment/2004Election.pdf"

2. මෙන්න ඒ වගෙම තවත් සාක්ෂියක්, ලොකේ ප්‍රධාන පෙලේ ලිබරල් මාධ්‍යවෙදිනියක් වන ඒමි ගුඩ්මන්, තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙක් සමග කල සාක්ච්චාවක්.
http://www.democracynow.org/2005/11/4/was_the_2004_election_stolen

3. වයිට් හවුස් එකට ඕනෑ විදිහට දේශපාලන පලිගැනීම් කලේනෑ, චන්දකාලේ, විරුද්ධ පාක්ෂිකයන් ගේ නම කැත කරන්න ඔවුන්ට බොරු නඩුදැම්මේ නැහැ කියලා, වයිට් හවුස් එකේ ජනාධිපතිගේ උපදේශක ඕනෑ විදිහට ,රජයේ නීතිඤයන් සේවයන් පහකරලා ඔව්ගෙන් පලිගත්ත අවස්තාවක්, මේකට විරුද්ධව මෙ නීතිඤයෝ නඩු ගියත්, විපක්ෂය බලයට ආවට පස්සේ කොමිසන් පත්කරත් කිසිම කෙනෙක් වැරදි කරුවුනේ නැහැ.

http://en.wikipedia.org/wiki/Dismissal_of_U.S._attorneys_controversy

4. වඩාත් ම ප්‍රසිද්ධ සිද්ධිය, උඹ අහලා නැද්ද ඇල් ගෝර් කියලා මිනිහෙක් ගැන, මිනිහා ඇමරිකාවේ ජනාදිපතිවරනය දින්නා කියලා මාධ්‍යවලින් ප්‍රකාශකලාට පස්සේ, මිනිහගේ ප්‍රතිවාදියා ගේ මල්ලී ආන්ඩුකාරයා වෙලා හිටපු, ප්‍රතිවාදියා ගේ පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක් රාජ්‍ය ලේකම් වෙලා හිටපු ප්‍රාන්තයේ චන්දය දෙවනිවර ගනන් කිරීමේදී, සාහසික චන්ද මකොල්ලයක යෙදිලා චන්ද 500 ගන්නකින් ප්‍රතිවාදියා දින්න කතාවක්. මුළු ලෝකෙම මේ ගැන දන්නවා.

ඒ විතරක් නෙමෙයි බුෂා දිවුරුම් දුන්නට පස්සේ, ඇමරිකාවේ කොන්ග්‍රස් මන්ඩලය රැස් වුන වෙලාවෙ, මේ ප්‍රාන්තයේ චන්දය ගනන් කිරීමේදී අකටයුතු කම් වුනාද කියලා හොයන්න කොමිසමක් පත්කරන්න පහල මන්ත්‍රී මන්ඩලයෙන් යෝජනාවක් ගෙනාවා මේක සම්මත කරන්න සෙනෙට් මන්ත්‍රී මන්ඩලයේ 100 දෙනාගෙන් එක චන්දයයි ඕනෑ වුනේ ඒත් ඒ එකෙක්වත් චන්දය නොදී, ගොබිලොවගේ උඩ බලාගෙන ඉදලා මේ යෝජනාව පරද්දන්න කටයුතු කලා.

ඇමරිකාවේ විතරක් නෙමෙයි බටහිර රටවල් බොහොමෙක දේශපාලන සදාචාරය ඕකයි.

උඹ කියවලා තියනවාද නෝම් චොම්ස්කිගේ එකතාවය නිර්මානය කිරීම (Manufacturing Consent) පොත. නොදියුනු රටවල් මුගුරෙන්, උන්ඩයෙන් කරගන්නා වැඩ, දියුනු රටවල චරිත ඝාතන ආදී වෙනත් ක්‍රම මගින් කර ගන්නා හැටි මිනිහා සාක්ෂි සහිතව මේ පොතේ පෙන්වලා දෙනවා.
http://www.amazon.com/Manufacturing-Consent-Political-Economy-Media/dp/0375714499

දේශපාලුවා said...

මුලින්ම කිව්වා මට තියෙන ප්‍රශ්නේ විධායක ජනාධිපතිකම හොදද නරකද කියන එක නෙමෙයි ඒක නරකයි කියන අය ඒ සදහා භාවිතා කරන ක්‍රමවේදයයි කියලා.

ජනාධිපති කම හෙබවීම ජනාධිපතිවරනයේ තීරනය සදහා බලපාන එකම හෝ ප්‍රධානතම සාධකය කියන එක ප්‍රත්‍යක්ෂ සත්‍යකරුනක් හැටියට ඉදිරිපත් කලා, දැන් උඹම කියනවා ඒක තර්කයක්/ මතයක් විතරයි කියලා.

පක්ෂ මාරුකිරීම්, දූෂිතයන් ආරක්ෂා කිරීම් මේ ජනාධිපති ව්‍යවස්ථාවෙන් සුවිශෙෂී ලෙස වැඩිවෙලා තියෙනවා කියලා කිව්වා, පුළුවන්නම් NGO එක කින් හරි සල්ලි අරන් ප්‍රොජෙක්ට් එකක් කරලා ඔක ඔප්පු කරලා පෙන්නපන්, ඔන්න හොද පල්ලම, ඔය කතාව කිසිම තැනක ඔප්පු කරපුනැති තර්කයක්/මතයක් විතරයි.

මෙකෙන් පේනවා මේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවට රස්සාවක් හැටියට විරුද්ධ වෙන අයත් ඒකේ අඩු පාඩු හැටියට පෙන්වාදෙන්නේ ප්‍රත්‍යක්ෂ , විද්‍යාත්මක කරුනු නෙමෙයි නිකම්ම නිකන් තර්ක / මත කියලා නලින් ද සිල්වාගේ වචන වලින් කියනවානම් නිකම්ම නිකන් කතන්දර කියලා.

මෙනන මේ කතන්දර (මෙවත් හදාගන්නේ කරුනු විකෘති කරලා) සත්‍ය කරුනු හැටියට බර වචන වලින් සළුපිලි ගන්වලා වoචා සහගත ලෙස ජනතාවට ඉදිරිපත් කිරීම තමයි මටතියෙන ප්‍රශ්නේ.

විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂන තිබේද? එයින් සමාජයේ ඉදිරිගමනට යම්කිසි නිශේධනයක් වෙයිද? ඒහා සමාන නිශේධනයක් ඊට විරුද්ධව අසත්‍ය කරුනු ඉදිරිපත්කර ජනතාව මුලාකිරීමෙන්ද සිදුවෙයි.

නාමල් උඩලමත්ත said...

ලංකාවේ මැච් ගහන කොට පිටිය හදන්නේ ලංකාවේ. ඒක අපේ කණ්ඩායම ගැන බලලා

ලංකාවට වාසි වෙන විදිහට හදනවා. පුරුදු පරිසරය, කාලගුණය, පේක්ෂක ප්‍රතිචාර

ලංකාවට වාසියි. සමහර වෙලාවට ලංකාවේ විනිසුරුවරු තරග විනිශ්චය කරනවා. හැබැයි

පිට රට කණ්ඩායමක් පැරදුනොත් කවදාවත් කියලා නෑ අපි පැරදුනේ ඔය මං කලින් කී

සාධක නිසා කියලා. එක්කෝ පිතිකරුවන්ගේ, පන්දු යවන්නන්ගේ දුබලතා, නැත්නම්

පන්දු රැකීම දුර්වලයි. විනිසුරුවරු නිසා පරදින තරග ගැන අපි අහලා නෑ. යම් දුර්වල

විනිශ්චයක් නිසා අවාසියක් කලාතුරකින් වුණත් ඒ නිසා තරගය පැරදුනා කියලා කියන්න

තරම් කවුරුත් බොළඳ නෑ. පොළව ඇදයි නටන්න බෑ කියලා කියන්නේ නෑ.

මම දීපු ක්‍රිකට් නිදසුන ඔයා විකෘති කරපු විදිහෙන් ම පේනවා ඔයා මේ මහ පොළවේ නෙමේ

යුතෝපියාවක ජීවත් වෙන්නේ කියලා. මේ රටේ මැතිවරණ දෙපාර්තමේන්තුව ඉතාම

සාධාරණ විදිහට මැතිවරණ තියන ආයතනයක්. මම කනගාටු වෙනවා ඒ ආයතනය

තමන්ගේ පටු දේශපාලන මතවාද වෙනුවෙන් මෙ‍සේ නිකරුනේ නිග්‍රහයට ලක්කිරීම ගැන.

නාවලපිටිය දිහා බලාගෙන ලංකාවේ මැතිවරණ ගැන තීන්දු ගැනීම දෙව්දත් දිහා බලා ගෙන

බුදු සසුන ගැන තීන්දු ගැනීම වගේ අමන වැඩක් කියලා කීවට වැඩක් නැති නිසයි මම මුකුත්

‍නොකීවේ.

මට අපේ රටේ ව්‍යවස්ථාව ලෝකේ වටේ තියෙන ව්‍යවස්ථාවල කාබන් කොපියක් විය යුතුය

කියලා හීනමානයක් නැතත් රටේ විධායකය අධිකරණයට යටත් විය යුතුය කියලා මම

හිතනවා. හැබැයි චන්ද්‍රිකා ජනාධිපතිනියට රටේ අධිකරණය දඩ ගැහීමෙන් පැහැදිළියි ඒකට

යම් යම් සීමා තියෙනවා කියලා.

මේ රටේ බබලන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයට කලින් රටේ දියුණු ආර්ථිකයක් දකින්න මං

කැමතියි. මම කැමති නෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පටින් විළි වහගෙන සුද්දාට කොන්ද නමන

නිවට දුප්පත්තු පිරිච්ච රටක් අනාගතයේ දකින්න. මිනිස්සුන්ගේ බඩපිරෙන්නේ නෑ ඔය

NGO මාතෘකාවලට.

'ඒ රටවල නිතියේ පාලනය පවත්වගෙන යන්න මෙනවාද හදාගෙන තියෙන යාන්ත්‍රන?ඒව ලංකාවෙ තිබෙන තත්වය සමග සංසන්දනය කලාම මොන වගේ චිත්‍රයක්ද ලැබෙන්නෙ?අවංකව මධ්‍යස්ථව මේ කරුනු විමසලා බැලුවොත් ලංකාවේ තිබෙන ක්‍රමය බොහොම පසුගාමී එකක් කියල ඔබතුමාටම වැටහේවි.'
ඇත්ත මේක හරි පසුගාමි රටක්. මුකුත් බෑ මුන්ට. සුද්දාට වගේ ඉංග්‍රීසි බෑ මුන්ට. මුං සුද්දා වගේ ශරීර කෘත්‍ය කරලා පස්ස පිහදාන්නේ නෑ හෝදනවා. මුං සුද්දා වගේ ටයි කෝට් දාලා කුඹුරට යන්නේ නෑ. හරිම පසුගාමියි. මුන්ට ප්‍රජාතන්ත්‍රවාදේ තේරෙන්නේ නෑ. මුන් මහ කාලකන්නි ජාතියක්.

ඉතින් මේ කාලකන්නි රටෙන් මතබෑවෙලා යුරෝපයට යන්න හිතුවොත් නරකද? දැන් ඔයාලාගේ ආදිකතෘවරු හුඟ දෙනෙක් පිට රට නේද? එහෙම ගියොත් ඔයාට තේරෙයි ඔය කියන තරු පහේ රටවල් ඔයාලා හීනෙන් දකින තරම් සුන්දර නෑ කියලා. ඒ ගැන දේශපාලුවා ඔයාට උත්තර දීලා තියෙනවානේ.

Ramachandra said...

@ දේශපාලුවා

අමෙරිකානු ඡන්ද අක්‍රමිකතා කිහිපයක් ඉදිරිපත් කරමින් අමෙරිකාවෙ චන්දයක තත්වයයි අපේ චන්දයක තත්වයකයි සමානයි කියමින් ඔබ කරන්නේ තක්කඩිකමක් කියන එක ඔබත් දන්නවා.අමෙරිකාවෙ හෝ කොහෝවත් පරිපූර්න ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන බවක් නෙමෙයි මේ කියන්නෙ.දියුනුවට තියෙන්නෙ සාපේක්ෂ අර්ථයක්.අපේ රටේ මැතිවරන වල,ආන්ඩු ක්‍රමයේ විනිවිදභාවය දියුනු ධනේශ්වර රටවල් හා සැසදු විට සාපේක්ෂව නොදියුනුයි..සමාජයේ විරෝධයක් නැතිව පොදු දේපල පවා පුද්ගලික මැතිවරන වැඩ වලට මහා පරිමානයෙන් යොදාගනිමින් තමයි වෙන රටවලතත් චන්දය කෙරෙන්නේ කියල ඔබ හිතාගෙන ඉන්නව නම් සුබපැතුම්.ඔය විදිහටම හිතාගෙන ඉන්න.

//පක්ෂ මාරුකිරීම්, දූෂිතයන් ආරක්ෂා කිරීම් මේ ජනාධිපති ව්‍යවස්ථාවෙන් සුවිශෙෂී ලෙස වැඩිවෙලා තියෙනවා කියලා කිව්වා,//

අල්ලස් හා දූෂන විමර්ශනයට ස්වාදීන ආයතනයක් පිහිටුවාගන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි?අධිකරන ක්‍රියාවලිය කෙරෙහි අනවශ්‍ය මැදිහත්වීඹක් කරන්න මේ ක්‍රමය තුල විධායකට ඉඩ ලැබිල තියෙනවද නැද්ද?මිහින් එයාර් පාඩු කල නිලධාරියාට එරෙහිව නීතියක් ක්‍රියාත්මක නොවුනේ ඇයි?රෝහිත අබේගුනවර්ධනගේ වත්කම් ප්‍රශ්නයය අල්ලස් කොමිසම ඉදිරියටම ආවට පස්සේ ඒක යට ගියෙ කොහොමද?මේ වගේ ලැයිස්තුවක් 78 ඉදලමම ලියන්න පුලුවන් අවශ්‍ය නම්..ගැටලුව විධායකය නීතියට ඉහලින් සිටීම.එතනදී දූෂිතයන්ව රැකීම සදහා වැඩි අවකාශයක් විධායකයය හොබවවන කෙනාට ලැබෙනවා.විධායකය නීතියට ඉහලින් සිටීම සහ අධිකරනය පවා එහි වක්‍ර පාලනයටය යටත් වීම නීතියේ පාලනය ( දූෂිතයන්ට දඩුවම් දීම නීතිය ක්‍රියාත්මක කිරීම) බිද වැටීමට හේතුවක් වෙලා තියෙනවද නැද්ද?මේක අමුතුවෙන් තර්ක කල යුතු දෙයක් නෙමෙයි.බලයෙන් මත් වෙන්න පෙර 2005 දී මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී "භයානනක" ධූරයක් කියල හැදිනවූයේ මහින්ද රාජපක්ෂමයි

දේශපාලුවා said...

ම්චන් රාමචන්ද්‍ර අද මට වැඩක්, හෙට ලියන්නම්.

දේශපාලුවා said...

Blogger Ramachandra said...
අමෙරිකානු ඡන්ද අක්‍රමිකතා කිහිපයක් ඉදිරිපත් කරමින් අමෙරිකාවෙ චන්දයක තත්වයයි අපේ චන්දයක තත්වයකයි සමානයි කියමින් ඔබ කරන්නේ තක්කඩිකමක්................................................අපේ රටේ මැතිවරන වල,ආන්ඩු ක්‍රමයේ විනිවිදභාවය දියුනු ධනේශ්වර රටවල් හා සැසදු විට සාපේක්ෂව නොදියුනුයි............................සමාජයේ විරෝධයක් නැතිව පොදු දේපල පවා පුද්ගලික මැතිවරන වැඩ වලට මහා පරිමානයෙන් යොදාගනිමින් තමයි වෙන රටවලතත් චන්දය කෙරෙන්නේ කියල ඔබ හිතාගෙන ඉන්නව නම් සුබපැතුම්


-----------------
ප්‍රපoචයක් ඔප්පුකරන්න, තමන්ගේ තර්කයට වාසිදායක කරුනු කීපයක් පමනක් ඉදිරිපත්කිරීම වචාවක් බව මුලින්ම කිව්වේ උඹ නෙමයි මම. එහෙම කලේ මම නෙමෙයි උඹ.

දියුනු රටවල හෝල් සේල් එකේ මැතිවරන දුෂන සදහා උඹ උදාහරන ඉල්ලුවා මම , උදාහරන දුන්නා, ඇමරිකාවේ ජනාධිපතිවරන් දෙකක ප්‍රතිඵල රාජ්‍ය බලය යොදවා ගසාකෑම උඹට නිකන්ම නිකන් අක්‍රමිකතා, ඒවා තවදුරටත් පරීක්ෂාකර බැලීම වැලැක්වීම සාමාන්‍යදෙයක්, සුද්දෙක ඇවිත් බෙට්ටක් දැම්මත් ඒක ප්‍රනීත ආහාරයක් කියන්නේ උඹලාවගේ මිනිස්සු.

හෝල් සෙල් එකේ පොදු දෙපල යොදවා ගැනීමෙන් වෙවා වෙනත් රාජ්‍ය බලතල භාවිතා කිරීමෙන් වේවා. ජනමතය මැඩ පවත්වනවානම් ඒ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රිරියාවක්.

දියුනු රටවල නොදියුනු රටවල මට්ටමටම හෝ ඊට වැඩි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදුවෙලා තියෙනවා කියන්නේ මම නෙමෙයි, MIT විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ලෝකයේ සමාජවිද්‍යා ශ්‍රාස්ත්‍රීය ලිපිලේඛන වල වැඩියෙන්ම උපුටා දක්වා ඇති ශ්‍රාස්ත්‍රඤයා වන, ලෝකයේ ජනතාවට වැඩියෙන්ම බලපෑමක් ඇතිකල හැකි විද්වතා විදිහට හදුන්වන නෝම් චොම්ස්කියි.

පුදුමයි නේද ඒත් ඇත්තයි, මේවා ගැන දැනගන්න හුදෙකලා කොදෙව් මානසිකත්වයෙන් මිදිලා, එක්ටැම් ගෙවල් වලින් බිමට බැහැලා, ඇස් ඇරලා ලෝකේ දිහා බලන්න ඕන.

දේශපාලුවා said...
This comment has been removed by the author.
දේශපාලුවා said...

චොම්ස්කිගේ පොත ගැන උඹ අහලාවත් නැතිබව මෙකෙන් පෙනවා, උඹ ඒ අදහස් පිලිගන්නැත්තම්, සාක්ෂි සහිතව ඛන්ඩනය කරපන්, නැත්තම් ඛන්ඩනය කරපු වෙනත් ලෙඛනයක් අපිට පෙන්නපන්.


ලෙනින් කිව්වා, "සහෝදරයා ඔබට මඩේ ලැගීමට ඇති අයිතිය ගැන අපිට ප්‍රශ්නයක් නැත, ඇත්තටම ඔබට හිමිතැන එතන බවත් අපි පිලිගන්නවා, නමුත් ඔබ මඩේ ලැගීම යුක්ති යුක්ත කරන්න හදනවිට අපිට බලාසිටිය නොහැකියි" කියලා.

දේශපාලුවා said...

Blogger Ramachandra said
..................... මේ වගේ ලැයිස්තුවක් 78 ඉදලමම ලියන්න පුලුවන් අවශ්‍ය නම්........... විධායකය නීතියට ඉහලින් සිටීම සහ අධිකරනය පවා එහි වක්‍ර පාලනයටය යටත් වීම නීතියේ පාලනය ( දූෂිතයන්ට දඩුවම් දීම නීතිය ක්‍රියාත්මක කිරීම) බිද වැටීමට හේතුවක් වෙලා තියෙනවද නැද්ද?මේක අමුතුවෙන් තර්ක කල යුතු දෙයක් නෙමෙයි..............


-------------------------
ලැයිස්තු ඉදිරිපත් කිරීමෙන්, විධායක ක්‍රමය නිසා අපෙරටේ දුෂන වැඩිවෙලා තියෙනවා කියලා ඔප්පුවෙන්නේ නැහැ, දේශපාලන සසිද්ධියක් ඔප්පුකරන්න කරන්න ක්‍රම වේදයක් තියෙනවා.

ඔයවගේ ලිස්ට් ඔනෑම රටක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්, බුෂ් රෙජීමය කාලේ ඇමරිකාවේ අක 1,2,3 ලෙස රාජ්‍යබලය හෙබවූ පුද්ගලයන් තුන්දෙනාම බරපතල දූෂන, අක්‍රමිකතා, ටෙන්ඩර් මගඩි, අල්ලස් ගැනීම්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලගනය කිරීම වල යෙදුනු බවට ලිඛිත සාක්ෂිසහිත ලිපි ප්‍රධාන පෙලේ පුවත්පත් වල සගරාවල පලවුනා, සමහර චොදනා වලට, නඩුත් වැටුනා, දෝෂාභියෝගයක් සදහා පවා සාක්ෂි ඇතිබව පැවසුනා, නමුත් බුෂා හෝ උප ජනාධිපති චේනි, අධිකරනයක් ඉදිරියට ගිහින්නැහැ, විධායකය අධිකරනයට උඩින් හිටියත් යටින් හිටියත් දෙශපාලකයා කියන කෙනා හසුරුවන්න බැහැ. මෙවගේ ලිස්ට්, ඇමරිකන් ජනාධිපතිවරු ගැන, ලොකයේ වෙනත් රටවල නායකයින්ට, (විශේෂයෙන් සමාජවාදී රටවල ) විරුද්ධව ඕනෑතරම් ඉදිරිපත් කරන්න පුළුවන්. ලoකා නිවුස් වෙබ්, ලoකා ඊ නිවුස් වල, බැසිල් අරකෙන් සීයට අසූවක් ගත්තා ගෝඨා මෙක ගත්තා වගේ ගල්පැලෙන බොරු නෙමෙයි, ලිඛිත සාක්ෂි සහිත ලිපි.ඒයින් ඔප්පුවෙන්නේ "බලය දූෂනය කරයි" කියන ප්‍රපචය විතරයි.

ල0කාවේ දූෂනය වැඩිවීමට විධායක ව්‍යවස්තාව සුවිශේෂී ලෙස බල පෑවානම් එය දේශපාලන විද්‍යා පරීකෂනයකින් පහසුවෙන්ම ඔප්පු කල හැකියි

එහෙම නැතිව නිකන් තමන්ගේ තර්කයට පමනක් වාසිදායක කරුනු ගෙනහැර දැක්වීම වචාවක්.


ලoකාවේ ව්‍යවස්ථාව අධ්‍යනයට පිට රටවලින් ඩොලර් ලක්ෂ ගනන් ගන්න NGO බය්යලා " ලකාවේ විධායක ව්‍යවස්ථාවෙන් දූෂනය වැඩිකිරීම" කියලා පරීක්ෂන පත්‍රිකාවක් අන්තර්ජාතික දේශපාලන විද්‍යා ශාස්ත්‍රීය සගරාවක කවදාහරි පලකරලා තියෙනවාද? එක්කෝ මුන් මෙහෙම පරීක්ෂනයක් කරන්න දන්නෑ එහෙම නැත්තම් උන් ඒ සදහා ගත්ත ඩොලර් සුදිකරලා නාස්තිකරලා.

උන්, උන්ගේ ජොබ් එක කරලා තිබ්බානම්, උඹට මෙතන ඇවිත් මේවගේ කිච වෙන්න වෙන්නේ නැහැ.

විධායක ව්‍යවස්තාව ගැන වාදයට මම කැමති මෙන්න මේ නිසයි, මෙකෙන් ලකාවෙ සමජය අධ්‍යනයට කියලා පිටරටවලින් ඩොලර් මළුගනන් ගන්න NGO බය්යලාගේ හෙළුව මුළු ලොකෙටම ප්‍රදර්ශනය වෙනවා.

නාමල් උඩලමත්ත said...

Ramachandra,
මේ සංවාදය තුළ ඔයා මතුරන මන්තරේට පිළිතුර, ඒ කියන්නේ විධායක බලය නිසා රටේ මැතිවරණ සාධාරණ නෑ කියන එක ගැන ඕන තරම් කරුණු ඉදිරිපත් වුණා. ඔයා ඒ කිසිවක් ගැන කතා නොකර ආයේ අහනයවා පෙර ප්‍රශ්නය ම. ඒක මහ විකාරයක්.
'අමෙරිකානු ඡන්ද අක්‍රමිකතා කිහිපයක් ඉදිරිපත් කරමින් අමෙරිකාවෙ චන්දයක තත්වයයි අපේ චන්දයක තත්වයකයි සමානයි කියමින් ඔබ කරන්නේ තක්කඩිකමක් කියන එක ඔබත් දන්නවා.'
ඇමරිකානු අක්‍රමිකතා ගැන කරුණු ඉදිරිපත් කළේ ඔයා ලෝකේ වෙච්ච එකම මැතිවරණ අක්‍රමිකතාව වගේ නාවලපිටිය මැතිවරණ ප්‍රශ්නයක් ගැන කීවම නේද? ඔයා ඒ එක ක්‍රියාව අනුව රටේ සමස්ත මැතිවරණ ක්‍රමයම විවේචනය කළ බව ඔයාට අමතකද? ඊට පස්සේ ඔයා ම කියනවා අර වගේ එක අවස්ථාවක් ඇසුරින් රටේ සමස්ත මැතිවරණ ක්‍රමය ගැන තීරණ ගැනීම වැරදියි කියනවා. ඔයා කළා ම ඒවා ශ්‍රේෂ්ඨ සොයා ගැනීම්. ගවේශනවල ප්‍රතිඵල. අනෙක් අය කළා ම ඒවා තක්කඩිකම්. දේශපාලුවා කළේ ඔයා පාවෙන යුතෝපියාවෙන් මහ පොළවට ගේන්න උදාහරණ දීම විතරයි. ඇත්තට ම ඔයා නේද ප්‍රෝඩාව කරන්නේ?

 
සිය රට දේ සිරි සැප දේ !