Tuesday, September 7, 2010

18 ආණ්ඩුවේ මළගම ද?

8 වැනි දා සම්මත කර ගැනීමට යෝජිත දේශපාලන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බොහෝ දෙනා කතා කරති. දේශපාලන අනාථයෙකු ලෙස අලි අනාථාගාරයට ගිය මංගල සමරවීර උන්නැහේ සහ අපේ ගමේ ගයන්ත කරුණාතිලක උන්නැහේ ඒ ගැන කළ ප්‍රකාශ කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු විය.

මංගල කීවේ 18 සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව ය. පසුගිය ජනාධිපතිවරණයේ දී දකුණු ආසියාවේ හිට්ලර් බිහිකර ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට පුල පුලා සිටි සමරවීරය අද මෙසේ කියන්නේ. ඒ කතාව ඇසූ විට මට සිතුණේ යළි කිසිදා ජනාධිපතිවරණයක් නොපවත්වා ජනපතිට (මහින්දට) බලයේ සිටීමට අදාළ සංශෝධන ගෙන එනවා වැනි හැඟුමකි. එහෙත් එය එසේ නො වේ. වසර 6ට වරක් ජනතාව ඉදිරියට යාමට ඔහුට සිදුවෙයි. සිය වැඩපිළිවෙළ ජනතාව ලවා අනුමත කරගැනීමට ඔහුට සිදුවෙයි. ජනතාව අකමැති නම් මුල් වසර 6 අවසන වුව ඔහුට ගෙදර යාමට සිදු වනු ඇත. මෙය වසර 4 දක්වා පහත හෙළීම වඩා හොඳ ය.

1988 සහ 2005 වුව පැවති රජයන් යළි බලයට ආවේ ජේ.ආර් සහ චන්ද්‍රකා වෙනුවට පේමදාස සහ මහින්ද තරග කිරීමෙනි. එසේ නොකළා නම් එම මැතිවරණ ජයගන්නේ සිරිමා සහ රනිල් බව පැහැදිළි ය. මේ අවස්ථා දෙකේ ම එවක ජනාධිපතිවරු සිය පක්ෂයේ අනෙකෙකු වෙත අපේක්ෂකත්වය දුන්නේ අදාළ සීමාව නිසා මිස කැමැත්තකින් නොවේ. ඒ සීමා නොතිබිණි නම් සැබවින් ම සිදුවන්නේ ජේ. ආර්. සහ චන්ද්‍රිකා තරග කිරීම නිසා විපක්ෂය බලයට ඒම පමණි.

මේ අනුව 18 වැනි සංශෝධනය වඩා වාසිදායක විපක්ෂයට බව පෙනේ. ඔවුන් පවසන පරිදි මහින්ද රටට කිසිදු වැඩක් නොකරන නිසාත් 2017 ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද නිසාත් ඔවුන්ට බලයට ඒමට ඇති කදිම අවස්ථාවකි මේ. කෙසේ වුව මහින්ද රටට වැඩ කළා යයි ද තව දුරටත් ඔහුගේ සේවය ලබා ගත යුතු යැයි ද ජනතාව තීරණය කළ හොත් කුමත් තරම් ද? ඒ ජනතා කැමැත්ත ය.

කරුණාතිලක උන්නැහේ කීවේ 18 ආණ්ඩුවේ මළගම බව ය. ඔහු මෙය කීවේ 18 පැමිණීමත් සමග පතෝල මැස්සක් මෙන් රජය කඩා වැටේය යන බොළඳ අරුතිනි. එසේ නම් විපක්ෂය කළ යුත්තේ අත් දෙක ම ඔසවා 18 සම්මත කර, ආණ්ඩුව වැටුණු පසු තම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ය. කෙසේ වුව ද ඉහත මා කළ විග්‍රහ අනුව 18 දිගුකාලීනව ආණ්ඩුවට සුබවාදී නොවන්නට ඉඩ ඇත. 2010-12 වන විට මහින්දගේ ජනප්‍රිය බව අඩු වී තිබුණ ද ජනාධිපති සහ පක්ෂයේ නායක බලය යොදා නැවත තරග කළහොත් විපක්ෂ අපේක්ෂකයාට වාසි සහගත වනු ඇත. එවිට නැවුම් නායකත්වයකින් සහ නැවුම් වැඩපිළිවෙළකින් විපක්ෂය සන්නද්ධ වි සිටිය යුතුය.

මේ ප්‍රකාශ දෙක ම සසඳා බලන විට මංගලට වඩා පරිණත දේශපාලන බුද්ධියක් අපේ ගමේ ගයන්ත කරුණාතිලක උන්නැහේට ඇති බව පැහැදිළි වෙයි. එය අපටත් ආඩම්බරයකි.

9 comments:

පුලස්ති said...

1.ජනධිපති තනතතුරේ සීමාව ඉවත් කිරීම එම තනතුර ශක්තිමත් කිරීමක්ද?නැද්ද?

2.විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියල 2005 දීත් ඒක භාරකාරධූරයක් කරනවා කියල 2010දීත් මහින්ද ‍ර‍ටේ මිනිස්සුන්ට පොරොන්දු වුනා නේද?ජනාධිපතිධූර‍යේ බලය තවත් වැඩිකිරීමෙන් ඒක භාරකාර ධූරයක් වෙන්නෙ කොහොමද?

3.ඔයා මීට පෙර උත්තර නොදුන්න ප්‍රශ්නයක් තියෙනව.හැම පාර්ශවයකටම සාධාරන ඉඩක් තියෙන්න ඕනෙ චන්දයකදි ( චන්දයක් "ප්‍රජාතන්ත්‍රවාදි" කියන්නෙ එහෙම වුනාම ) ජනාධිපති අපේක්ෂකයෙක් ජනාධිපති විදිහට ඉදිමින් පොලිස් බලය,අධිකරනය,රාජ්‍ය සේවය ඇතුලු සම්පූර්න රාජ්‍ය බලය තමන්ගේ අතේ තියාගෙන ජන්දය කැදවා ඊට තරග කිරීමත්,විපක්ෂය මේ කිසිවක් නැතිව පොලිසියේ බාධා,අධිකරනයේ අහක බැලීම් තුල තරග කිරීමත් අසමතුලිතයිද නැද්ද?ඒක අසාධාරනයි නේද?
( 88 ජේආර් ඉලුලවනං සිරිමා දිනන්න "ඉඩ තිබ්බා" 05 චන්ද්‍රිකා ඉල්ලුවනං එයා පරදින්න "ඉඩ තිබ්බ" වගේ උපකල්පන මෙතනට ඕනෙ නැහැ.ඒව කොහොමද කියල බලන්න උනේ නැහැනෙ.කරුනක් විදිහට මේ තත්වය සාධාරනයිද නැද්ද?)

නාමල් උඩලමත්ත said...

1. ජනපති තනතුරේ සීමා ඉවත් කිරීම, එය බලවත් කිරීමකට වඩා දෙවන ධූර කාලය තුළ සිදුවන අරාජික වීම වැළැක්වීමක් ලෙසයි මම දකින්නේ.

2. මේ ඒ සඳහා යන ගමනේ අවස්ථාවක්. දැන් ජනාධිපති මාස 3ට වරක් පාර්ලිමේන්තු ඇවිත් මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන. එය සාධනීය ලෙසයි දකින්නේ මම. 2005 වන තුරු රටේ අගතියට පාවිච්චි කළ ජනපතිකම එදා සිට රට වෙනුවෙන් පාවිච්චි කරන්නේ.

3. ඔයාගේ මේ තර්කයට පදනම් වන 17 වන සංශෝධනයට මම විරුද්ධයි. ඒක මහ අවුලක්. අපි යමෙක් බලයට පත් කරලා, ඒ මිනිහට වැඩ කරන්න බැරිවෙන්න නීති පනවනවාට මම විරුද්ධයි. වැඩි විස්තර සඳහා කරුණාසේන කොඩිතුවක්කු, වජිර අබේවර්ධන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කළ කතා බලන්න. මේ රටේ 78 ව්‍යවස්ථාව යටතේ මැතිවරණ පැවැත්වුවා. සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ජේ.ආර්. තනියම දුවලා මම එක කියපු අවස්ථාව හැරුණු විට වෙන දූෂණ මම දකින්නේ නෑ. අද ජනපතිකම වගේ ම ඊට පෙර පැවති අගමැතිකමත් බලවත්. එහෙම කියලා තනතුරේ බලය කප්පාදු කරලා පලක් නෑ.
ඔයා දොඩවන ඊනියා සාධාරණත්වය ගැන හැමදාම විපක්ෂයේ ඉන්න අය දොඩනවා. බලයට ආව ම කතා නෑ. ඔයා මට උපකල්පන මත කතා කරන්න එපා කීවාට ඔයත් මේ බලතල ජනපති අත තිබීම අසාධරණයි කියන්නේ උපකල්පන මතමයි. මෑත දි පවත්වපු ජනපතිවරණයේ දී මොකද වුණේ? ඒක හොර ඡන්දයක්ද? මහින්ද දිනුවේ හොරට ද?

විහඟ ගීතය said...

මිදි ඇඹුල දැනිලත්
දැත් ඔසවා මුදුනත්
වින කළ අය ඇවිත්
මිදි ඇඹුල් බව අපිට පවසත්


එදා මුන් අනුදත්
මෙදා හොද නැහ කීවත්
කළු කෝට් ඇදලත්
නිරුවතින් බව තොමෝ නොදනිත්

නාමල් උඩලමත්ත said...

පතබෑවිලා මහ පොළවට කොන්ද බිඳි
අසරණ වෙලා සිටින සඳ පිස්සු හැදී
රට දියුණුවට යන මාවත අසල රැඳී
ගල් පෙරලන්න දෙව්දත්ලා බලා හිඳී

නාමල් උඩලමත්ත said...

ඇඹුලයි මිදි කියන මේ යස පුත්තරයෝ
මිදි වැල අයිති කල එය රැකි අණ්ඩරයෝ
ගයමින් නේක බැති ගී හා මන්තරයෝ
සිටි හැටි රටට මතකයි පිංගුත්තරයෝ?

දේශපාලුවා said...
This comment has been removed by the author.
දේශපාලුවා said...
This comment has been removed by the author.
දේශපාලුවා said...

නාමල්, 18 ගැන ඔයා ලියපුවයි, එවා විවෙචනය කරපුවයි සේරම මම කියෙව්වා. මේ සශෝධනයේ වැරැද්ද මොකක්ද කියලා කිසිම කෙනෙක් පෙන්නලා දීලා නැහැ. ඒ වෙනුවට, "මේකෙන් ඒකාධිපති වාදයට පාරකැපෙනවා" , "නාමල්ට ජනාධිපතිකම ලැබෙනවා" කිසිම පදනමක් නැති වැල්වටාරම් ටිකක් කියලා තියෙනවා.
වෙන මොනවා නැතිවුනත් 17න් ගෙනා පිස්සු කොමිසන් අහෝසිකල එකනම් ලොකුදෙයක්. මහින්ද තව අවුරුදු 12කින් නෙමෙයි, 18කින් ඉල්ලුවත් දිනනවා, මිනිහට අභියෝගකරන්න තරම් නායකත්වයක් විපක්ෂයේ තවම ඉපදිලාවත් නැහැ. මේකේ ප්‍රතිඵලය තමයි, ජාතික විරොධී බලවේගවලට තව දශක ගානකට බලය ලැබෙන්නැති එක. රනිල් ආන්ඩුව කාලේ, ආන්ඩුවේ ප්‍රතිපත්ති තීරනය කිරීමට තරම් බලය ලබාගෙන හිටපු මෙ කල්ලිය දැන් අවුරුදු 20කට කිසිම බලයක් නැති පුස්සෝ බවට පත්වෙනවා. මෙකෙන් මෙගොල්ලන්ට ලැබෙන විදේශ ආධාර සේරම නැවතෙනවා, ඒ එක්කම රටේ නැවත හැරවිය නොහැකි ලෙස ජාතික පුනර්ජීවනයක් ඇතිවෙනවා. NGO කාරයන්ට තමන්ගේ ලිබරල්වාදී මත ජනතාවගේ හිස් වලට රින්ගවීමට හැකියාවක් නැතිවෙනවා.

රෙගන් ඇමරිකාවේ කලෙත් මෙවගේ වෙනසක් බව බොහෝ විචාරකයෝ කියනවා
http://www.heritage.org/research/lecture/the-origins-of-the-modern-american-conservative-movement


අපේ රට තමන්ට ඕන විදිහට හසුරවන්න හදන විජාතික බලවෙග වල අවසානය මෙකයි.

NGO වල අතකොලුවක් වෙලා ඉන්න ජවිපෙයි, ව්ජාතික බලවේගයි අද වියරුවැටිලා දගලන්නේ මෙනිසයි

http://www.lankanewsweb.com/Sinhala/news/2010_08_16_012.html

නාමල් උඩලමත්ත said...

දේශපාලුවෝ,
එදා වගේ ම රටේ හතුරෝ අදත් රටට හොඳක් වෙද්දි විරුද්ධයි. එදා යුද්දෙන් කොටි සෙත්තපොච්චි වෙද්දි අලි, කොටි, සීනු, සුද්දො විරුද්ධ වුණා. අදත් එහෙමයි. ඔන්න අඩුවකට තිබුණේ ඇමරිකාව විතරයි. උනුත් විරුද්ධලු. රටේ හතුරෝ වැඩේට එක පෙළට විරුද්ධයි කියන්නේ ඉන්තේරුවෙන් ම 18 රටට හොඳක් වෙන වැඩක්. බැරි වෙලාවත් මුන් පක්ෂ වුණා නම් තමා අපිට ප්‍රශ්නෙ වෙන්නේ.

 
සිය රට දේ සිරි සැප දේ !