Monday, May 24, 2010

නිදහස් අධ්‍යාපනය සුරකිනු පිණිස !

නමෝ විත්තියෙන් උසස් අධ්‍යාපන ඇමති ධූරයේ දිවුරුම් දුන් එස්.බී.දිසානායක මහතා මෙරටට පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බව කීවේය. එය නිදහස් අධ්‍යාපනයේ මළගම බවට කෑ මොර දෙමින් පිරිසක් මහා ගාල ගෝට්ටියක් ඇරඹූහ. එහෙත් මොවුහු පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගනිති. පෞද්ගලික රේඩියෝ රූපවාහිනි නරඹති. පෞද්ගලික බස්වල යති. එති. දූ දරුවන් පෞද්ගලික පංතිවලට යවති. ඇතැම්හු සිය දරුවන් පෞද්ගලික පාසැල්වලට යවති.

විශ්වවිද්‍යාල දෙවනක් කරන මේ පෝරිසාදයෝ කී දෙනෙක් පෞද්ගලික පංති නොගොස් එහි පැමිණියාහුද? එකල නැති බැරි අයගේ දරුවන්ට ටියුෂන් ගත නොහැකැයි සිතා තමන්ද ටියුෂන් නොගොස් සිටි අය කවරහුද? ඊට විරුද්ධ වූ අය කවරහුද? පෞද්ගලික රෝහල්, පාසැල් නිසා අද නිදහස් සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට සිදුව ඇති සන්තෑසිය කුමක්ද? එසේ නම් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් නිදහස් අධ්‍යාපනය කෙළවර වෙතැයි කිම මොන තරම් අනුවණකමක්ද?

අප සිතා බැලිය යුත්තේ තලියේ කිඹුලන් දකින්නන්ගේ විකාර වල්පල් ගැන නොව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් රටට ලැබෙන දේ ගැනය.වසරකට දහස් ගණනක් සිසුහු උපාධිපතා විදෙස්ගත වෙති. එක් අයෙකු වෙනුවෙන් ලක්ෂ 60ක් පමණ මුදලක් වැය වෙයි. මෙසේ වාර්ෂිකව ලොව පුරා විවිධ විශ්වවිද්‍යාලවලට ගලා යන මහා ජාතික ධනයෙන් විශාල කොටසක් මෙරට ඉතිරිවනු ඇත. අමතරව විදෙස් සිසුන් මෙරට විශ්වවිද්‍යාලවලට ඇද ගැනීම එය රටට විදෙස් මුදල් ගලා එන ක්‍රමයක්ද වනු ඇත. එමෙන්ම විදේශයකදී වැය වන මුදලට වඩා අඩු මුදලකට මෙරට උපාධි ලබා ගැනීමට හැකි වෙයි. එවිට තවත් පිරිසකට උපාධි ලබා ගැනීමට හැකි වනු ඇත. රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය උසස්වීමට ද පෞද්ගලික විශෟවවිද්‍යාල අනියමින් හේතු වනු ඇත.එවිට මෙරට නිදහස් අධ්‍යාපනය තවත් සුරක්ෂිත වනු ඇත.

7 comments:

පුලස්ති said...

මාත් මුලු සර්වාංගයෙන්ම නාමල්ගෙ කතාව සෙකන්ඩ් කරනවා.නිදහස් අද්දියාපනේ රකින්න පුද්ගලික විස්ස විද්දියාල දාන්නම ඕනෙ නමා.ඒක හෙන ජාතික අවශ්‍යතාවයක්.ඒකනෙ වැඩ බාර ගත්ත ගමන්ම තමන්ගේ පලවෙනි හදිසි කර්තව්‍යය විදිහට ඇස්බී බොස් මේ වැඩෙ ප්‍රකාසයට පත්කොලේ.
හැබැයි පරහට තියෙන්නෙ මේ සින් එක.
ඔය තරම් ජාතික වසයෙන් වැදගත් පුද්ගලික විස්ස විද්දියාල ඇති කරන කතාව මහින්ද චින්තන 1 හරි 2 හරි දැම්මෙ නැත්තෙ ඇයි දන් නැහැ නේද?ඇයි දෙයියනේ උසස් අද්‍යාපන ක්ෂේත්‍රයේ දැවෙන පුරස්නයක් වෙන ඕක මැතවරන ප්‍රකාසයේ උඩින්ම මෙන්සන් කරන්න එපැයි.ආ අනික ඔය හෙන චාටර් අන්තරේ පෝරිසාදයෝ ටික එක්ක අපේ රජතුමා 2005 චන්ද කාලෙ මාර හාදකමකුත් තියාගත්තා නේද?ඒ කාලේ ඒ අය පෝරිසාදයෝ නෙමේද දන්නෙ නැහැ.

නාමල් උඩලමත්ත said...

ආ 2005 මමත් අන්තරේ තමා. 2006 ප්‍රාදේශීය සභා මැතිවරණය තෙක් මම ජවිපෙ ක්‍රියාකාරී පෝරිසාදයෙක්. ඒත් අපට ටික ටික තේරුණා යන්නේ වැරදි පාරේ කියලා. එදා 2004 ජවිපෙට ආසන 40ට වඩා දීපු ජනතාව මෙදා ආසන 4ක් දීමෙන් පැහැදිළියි අපි එදා හිතපු දේ හරි කියලා. ඒකත් ෆොන්සේකා විකුණන් කාලා ගනිපු ආසන මිසක් ජවිපෙ ප්‍රතිපත්තිවලට දීපු ඡන්ද නෙමේ. ඡන්ද පාවිච්චිය අඩුවීමත් ඒකට හේතුවක්. රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම ගැන මහින්ද චින්තනයේ නෑ තමා. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ජනතාව මත පටවා ඇති හුඹස් බිය නිසා ඡන්දයකට ඒවා දැමීමෙන් අවාසි වෙන්න පුළුවන්. රජයේ ඇතැම් තීන්දු ජනප්‍රියයි. ඇතම් අත්‍යවශ්‍ය වෙනස්කම් ජනප්‍රිය නෑ. ඒත් ඒවා කළ යුතු දේවල්. කොළඹ ජල ගැලීම් නතර කරන්න නීති විරෝධි ඉදිකිරීම් ඉවත් කරනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාලා ඡන්දවලට යාම ප්‍රායෝගික නෑ. මගේ තර්කය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ අය සියලු සේවා රජයේ ආයතනවලින් පමණක් ගන්න අයද? එයාලා බඩු ගන්නේ සතොසින්ද? යන්නේ සීටීබීවල විතරද? ටියුෂන් යන්නේ නැද්ද?පෞද්ගලික රෝහල්වලට යන්නේ නැද්ද?

පුලස්ති said...

අම්මට සිරි.එතකොට ප්‍රතිපත්ති ප්‍රකාසනේ දාන්නේ ජනප්‍රිය දේවල් විතරයි නේද?තමන්ගේ ඇත්ත ප්‍රතිපත්ති නෙමෙයි.එහෙමද?එතකොට මෙච්චර කල් හිටපු රටට බොරු කියල චන්දෙ ගන්න දේසපාලකයොන්ගෙන් මහින්ද බෞද්ධ නායකයා වෙනස් වෙන්නෙ කොහොමද කියල කියුවනං?
රනිල් නං කෙලින්ම කිවුව පොර පුද්ගලික විස්ස විද්දියාල දානව කියල.ඒ බුවා ඇත්ත කිව්වා.මහින්ද ලොක්ක ඇත්ත කියන්නෙ නැතිව රනිල් කොරපු දේම කොරනවා.රනිල් කෙලින්ම කිව්වා අයි එම් එෆ් ණය ගන්නවා කියල.මහින්ද ඒක නොකියා හොරෙන් රනිලයා කරපු දේම කොරනවා.මාර කේස් එකනෙ බොස්.බලාගෙන ගියාම රනිල් මහින්දට වඩා හොද බෞද්දයා නෙව.කියන දේ කරනව.කරන දේ කියනවා.මෙයා කරන දේ කියන්නෙ නැහැ.හොරෙන් වැඩේ කරනව.හ හ හා!

ආ අනික අන්තරේ පෝරිසාදයෝ වැරදි පාරේ ගිය කතාවක් අදාල නැහැනෙ නාමල් අයියෙ.ඒ පෝරිසාදයෝ ටික 80 ගනං වල ඉදලම පුද්ගලික විස්ස විද්දියාල දානවට විරුද්දයිනෙ.2005 කියපු එකම තමයි උන් දැනුත් කියන්නෙ.මම අහන්නේ 2005දි ඒ පෝරිසාදයොන්ගේ ස්ලෝගන් එක හොද වෙන්නයි දැන් උන් පෝරිසාදයෝ වෙන්නයි හේතුව මොකක්ද කියල

නාමල් උඩලමත්ත said...

ඔය පෝරිසාදයන්ගේ හොඳ දේවල් තිබුණා 2005 වෙනකල්. දැන් නෑ. ජනතාව 2004,2009 හැසිරුණු විදිහට ඒක පැහැදිළියි.නිකන් බොරුවට බබා වෙන්න හදන්න එපා. මගේ ප්‍රශ්නය ඔය පෞද්ගලික විශ්වවිද්‍යාවලට විරුද්ධ අය සෙසු භාණ්ඩ හා සේවා ගන්නේ රජයේ ආයතනවලින් විතරද?
අනෙක මොකද අපි විරුද්ධ වෙන්නේ පෞ. වි. වි.‍? ඔයා විරුද්ධ වෙන හේතු ටික කියනවද?
අපට මහින්ද සුද්ද කරන්න අවශ්‍ය නෑ. ඒත් මට කියනවද හැබෑට මොනවද මහින්ද කියපු බොරු?
ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවද පෞ.වි.වි.ආරම්භ කරන්නේ නෑ කියලා?

පුලස්ති said...

ඔයා පුරස්නෙ මගහරිනවනෙ අයියෙ.මෙන්න ආයෙත් කියන්නං.අන්තරේ පෝරිසාදයෝ 2005 දිත් කිව්වෙ පුවිවි එපා කියල.දැන් කියන්නෙත් එපා කියල.එහෙම කියන උන් 2005 ඒක කියද්දි ඒක දේසප්‍රේමී වැඩක් වෙන්නයි දැන් පෝරිසාද වැඩක් වෙන්නයි හේතුව මොකක්ද?වෙන බයිල නැතිව ඒක කියමුකො.

ඊලග එක මහින්ද පුද්ගලික විස්ස විද්දියාල ඇතිකොරන පුද්ගලිකකරනයට ඉඩ දෙන රනිල්ගේ යලි පුදදෙමු එකට විරුද්ධවනෙ කතාකොලේ.එහෙම කියලනෙ චන්දෙ ගත්තෙ.
පුවිවි පටන් ගන්න එක රනිල්ගේ ඇජෙන්ඩාවෙ තිබ්බ වැඩක්නෙ.ඒව එයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාසන වල තිබ්බනෙ.හැබැයි මහින්ද චින්තනේ ඒවට ඉඩ නැහැ කියලනෙ කිව්වෙ.ඒක ඔයයි මායි දෙන්නම දන්නවනෙ බබෝ.රනිල්ගේ ඇජෙන්ඩා එක නවත්තනව කියල කීව මිනිහ ඒවම කරද්දි ඒක බොරු කිරිල්ලක් නෙමෙයිද කිව්ව නං?

ආ මාතෘකාවට අදාල නැති වුනත් මහින්ද කිව්ව බොරු ගැන ඇහුවනෙ.
මෙන්න තව ඒව.
- පලවෙනි ධුර කාලය ඉවර වෙන්න කලින් විධායක ජනාධිපතිකම අහෝසි කිරීම
- 2010 මාර්තු වෙද්දි රාජ්‍ය සේවක වැටුප 2500 න් වැඩි කිරීම
දෙමුද නාමල් අයියෙ ඒවටත් උත්තර?
ඔයාට තව පුරස්න නම් ගොඩක් තියනවගිය ඉරිද ලක්බිම කියෙව්වනං 13 වෙනි සංශෝධනය පුර්න වසයෙන් ( බුදු අම්මෝ පොලිස් මූල්‍ය බලතල එක්ක!) බලාත්මක කොරන්න ලොක්කා ඉන්දියාවට පොරොන්දු වුනා කියල තියනවා.( තිලංග සුමතිපාලගෙ ලක්බිමේ තිබ්බෙ.ඉරුදිනේ හරි රාවයේ හරි නෙමෙයි )
ආසයි ඒකීයභාවය වෙනුවෙන් දිවිහිමියෙන් ෆයිට් කරන ඔයාගෙ අදහස දැනගන්න.

නාමල් උඩලමත්ත said...

පෞද්ගලීකරණය සහ පුවිවි කියන්නේ දෙකක්. පෞද්ගලීකරණය කියන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීම. බයවෙන්න එපා රාජ්‍ය විවි විකුණන්නේ නෑ.
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණයි කියලා මහින්ද චින්තනයේ නොතිබුණු දේවල් කරන්න ආණ්ඩුවට බැරිකමක් නෑ.ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හොඳ යමක් තිබුණා නම් ඒක කරන එක තමා නියම ක්‍රමය.
පුවිවි සහ දේශප්‍රේමය අතර සම්බන්ධයක් නෑ.මහින්ද චින්තනයේ තිබුණ ද පුවිවි පටන් ගන්නේ නෑ කියලා?
විධයක ජනාධිපති ක්‍රමය අවසන් කරන එක ජවිපෙ යූඇන්පී එකත් එක්ක වාඩිවුණා වගේ කරන්න බෑ. ඒක ක්‍රමානුකූලව කරන්න ඕන. ඒකේ අත්තනෝමතික බලතල අයින් කරලා ප්‍රජාතන්ත්‍රවාදී කරන්නයි ඕන.
වැටුප් වැඩි නොකිරීම ප්‍රශ්නයක් තමා.ඒකට ආණ්ඩු නිදහසට කරුණු කීවා. සියලු රාජ්‍ය සේවකයෝ ඒක පිළිගත්තා කියලා පහුගිය මැතිවරණයෙන් පේනවා.තැපැල් ඡන්ද දිනුවේ ආණ්ඩුවනේ. ආණ්ඩුවට බොරු කියලා රට ගෙනියන්න බෑ. ආණ්ඩුව යමක් කරයි කියලා ජනතාව තාම හිතනවා. නැත්නම් ජනතාවට ආණ්ඩුව ගෙදර අරින්න තිබ්බනේ.
තිලංග සුමතිපාලගේ පත්තරේ විතරක් නෙමේ තව තැන්වල මම දැක්කා එහෙම කතාවක්.ඒත් අපට ඒක අදාළ නෑ.ආණ්ඩුව කරන දේයි අපට අදාළ. ගෝඨාභය කීව කතාව ඔය දැක්කේ නෑ නේද?

නාමල් උඩලමත්ත said...

මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න.අද පත්තරේ. http://www.divaina.com/2010/05/29/feature01.html

 
සිය රට දේ සිරි සැප දේ !