Wednesday, May 19, 2010

ඉතිහාසයෙන් උගනිමු

ඊයේ අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස ලද දිනයයි. ඇතැම්හු මේ අපේ දෙවන නිදහස් දිනය යයි කියති. එහෙත් මේ නිදහස පෙර අන් කිසි නිදහසකට වඩා උතුම් සහ ශ්‍රේෂඨ බැව් අප මතයයි. බටහිර විජිත කොල්ලකරුවන්ට එරෙහිව අප රටේ විවිධ කැරලි පැන නැග්ග ද අප නිදහස ලද්දේ ඉන්දිය නිදහස් සටනට පිං සිදුවන්නටය. ඒ නිදහස ද සැබෑ නිදහසක් නොවන්නේ අපේ රට භාර දුන්නේ සුද්දා ඇති දැඩි කළ කළු සුදු කුක්කන් පිරිසකට හෙයිනි. 48 රටේ අගමැති ධුරය ඩී. බී. ජයතිලක මහතාට හිමි විය යුතුය යන්න රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දේශප්‍රේමි ජන මතය විය.‍

මේ රට නිදහසේ ප්‍රථම වර්ෂ පූර්ණය සමරද්දි ඊයේ රාජකීය ආසියාතික සමිතිය උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක නටඹුන් පිළිබඳ දේශනයක් සංවිධානය කිරීම සුවිශේෂි වෙයි. එම දේශනය සඳහා ආරාධනා ලැබ සිටියේ සිය ජීවිත කාලයෙන් වසර 50ක් පමණ උක්ත කාර්ය සඳහා කැප කළ එල්ලාවල මේධානන්ද හිමිය. මේ වැදගත් දේශනය සඳහා කිසිදු ප්‍රචාරයක් ලබා නොදුන් නිසා දෝ සහභාගීත්වය අඩු විය. එහෙත් ඒ දේශනය සම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම ශ්‍රවනය කළ යුත්තක්ය යනු මගේ හැඟීමයි.

බෙදුම්වාදයට සහ අධිරාජ්‍යවාදයට සේවය කරන ව්‍යාජ ඉතිහාසකරුවන් ලියූ කසිකබල් පොත් කඩමාළු ඉවත දමා අපි දැන්වත් අපේ සැබෑ ඉතිහාසය සොයා පාදා දිය යුතුය. ඉතිහාසය නූගත් හෙයින් නිවටව පරාධීනව සිටින අද පරපුරට මගේ මේ වදන් නිසරු ප්‍රලාප ලෙස හැඟුණ ද අපේ රටේ ඒකීයත්වය චිර පැවැත්ම රඳන්නේ අපේ සැබෑ ඉතිහාසය අනාගත පරපුර අතර පත් කිරීම මතය. ඊට සිංහල දෙමළ මුස්ලිම් බේදයක් නැත. ඒ සියල්ලෝ ලාංකික දෙමළ සහ ලාංකික මුස්ලිම්වරු වෙති. ඔවුන් මේ රටේ ඉතිහාසය දැන සිටිය යුතුය. එවිට තමන්ට උතුර අයිති යැයි දෙමළ අයද නැගෙනහිර තමනට අයිති යැයි මුස්ලිම්වරුද ජාතිවාදි ගිනි මැළයට බිළිදීමට කිසිවකුට නොහැකි වනු ඇත. ඔවුන්ට ඉතිහාසයෙන් ඉගනීමට ඉඩහසර දිය යුතුය. මේ රට රටේ වෙසෙන සියල්ලන්ගේය. රටේ සිව් කොණ මුල් පදිංචිකරුවෝ සිංහලයෝය. එය පරම සත්‍යයකි. එම සත්‍ය සෙසු ජනතාවට රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට තර්ජනයක් නොවේ.

10 comments:

පුලස්ති said...

ඒ නිදහස වෙනුවෙන් තුන්පාරක් රනබිමේ මැරිල ඉපදුන ජෙනරල් ෆොන්සේකා හරි හමන් චෝදනාවක් නැතිව සිරකරගෙන ඉන්න එක,ඒ වෙනුවෙන් තඹ සතයක වැඩක් නොකල නිමල් සිරිපාල වැනි ඇමැත්තෝ ඒ ගැන ලොකු ටෝක් දෙන එක,ඉන්දියාවේ බලපෑම මත නැවත ෆෙඩරල් සංශෝධන ගේන්න යන එක ගැන,කේපී වැනි ත්‍රස්තයන්ට රජ සැප දෙන එක ගැන,එ නිදහස වෙනුවෙන් අහස පොලොව තරම් දුක් ඉහිලූ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තාම අවම සහනයක්වත් නොලැබුන එක ගැන ඒ අයව තලා පෙලමින බඩු මිල බදු බර ඉහල යන එක ගැන - මේවා ගැනත් කතාකලා නම් බොස්ගෙ ලියුම අංග සම්පූර්නයි

නාමල් උඩලමත්ත said...

ෆෙඩරල් හෝ වෙන ඕන නමකින් එන බෙදුම්වාදයට මම විරුද්ධයි. හැබැයි පැන් තලියේ කිඹුල්ලු දකින්න අවශ්‍ය නෑ මට. දෙව්දත් බුදු හාමුදුරුවන්ගේ මස්සිනා වුණත් ශාසනේ ඉඳගෙන ආනන්තරිය පාප කළ නිසා අන්තිමට අපාගත වුණා. එච්චරයි මට වර්තමාන ෆොන්සේකා ගැන කියන්න තියෙන්නේ. ඒ ෆොන්සේකා ඉපදුනේ රට වෙනුවෙන් සටන් කළ ෆොන්සේකා මරාගෙන බව අපි තේරුම්ගත යුතුයි.
නිමල් සිරිපාල යුද්දේ වෙනුවෙන් සත 5ක වැඩක් නොකළා කියමුකෝ. ඒත් එයා ආණ්ඩුව පෙල්ලලා යුද්දේ නවත්වන්න වැඩ කළේ නෑනේ. එදා එහෙම කරපු පරයි අද කෝච්චර පොර ටෝක දෙනවද? ඔයා මේ තෙපරබාන වැදි බණ පහුගිය මැතිවරණවලදී දෙසපු අයට මොකද වුණේ? ජනතාව පයිසෙකට ගණන් ගත්තද මේ බයිල? ජනතාවට නෙමේ ඔයාලගේ ඔළුවේ තමා මේ ප්‍රශ්න තියෙන්නේ. ජනතාවට එහෙම ප්‍රශ්න තිබුණා නම් ආණ්ඩුව ගෙදර යවලා විපක්ෂයට රට භාරදෙන්න තිබුණනේ ජනතාවට.

පුලස්ති said...

ඔයාට රටයි රජයි මාරු වෙලා.රට කියල දාන තැන් වලට රජ කියල දාගත්තනම් හරි.ෆොන්සේකා ද්‍රෝහි වුනේ රටට නෙමෙ රජට.අනේ අම්මපා රජා කියන ඕනෙ පොයියක් ගෙඩි පිටින් ගිලින්න තරම් බූරුවහන්සේලාත් ලංකාවේ ඉන්නව නෙව.
පැන්තලියෙ කිඹුල්ලු දකින්න ඕනෙ නැහැ සුදු.දේශපාලන විසදුමක අවශ්‍යතාවය ගැන ඊයෙ පෙරේද ගෝඨාභය මහත්තයමත් කියල තිබ්බ.ඒ ෆෙඩරල් යෝජනා ගෙනාපු දවසට ඒකත් මොකක් හරි ටොක් එකක් දාල ඔයාල සාධාරනී කරනය කරල දාවි.එදා අසහාය රනවිරුව කියල කියුව ජෙනරල්ව ඔප්පු කරගන්න බැරි බොරු චොදනා උඩ යුද අදිකරනයට දාපු එක සාධාරනීකරනය කරනව වගේ අද.

මිගාර said...

පුලස්ති මොනවාදෝ කියවයි. රටලු, රජලු! ෆොන්සේකා රටට ද්‍රෝහී වුනේ නැතැයි පුලස්ති කියනෙන නම් ඒ මලක් ඇද ඇති වෙලාවක විය යුතුය. ශවේන්ද්‍ර සිල්වා පාවා දෙන්නට හැදුවේ රජතුමාට කරන අහවල් කෙංගෙඩියකටද කියා පුලස්ති සඳහන් කරන්නේ නැත.

පුලස්තිගේ ෆොන්සේකා නැමදුම අපි දැක්කෙමු. ජනතාව පුලස්තිගේ මතයේ පස්චාත් භාගයට පා පහරක් දී පරාජය කර එළවා දමා ඇත. මේ මනස්ගාත කියවන්නේ හිතේ අමාරුවටය. ෆොන්සේකා සුපිරිසිදු නෙළුමක් වගේ සුන්දර පිවිතුරු ඒකකයක් බව කි පුලස්තිට මළ බද්ධය සැදුනේ නැවුම් ඩොලර් මිටි ෆොන්සේකාගේ සේප්පුවෙන් මතු වීම සමගය. මේ නැවුම් නොකැළල් මිනිසාගේ බෑනා තවමත් ආගිය අතක් නැත. එක්නැලිගොඩ මෙන් අන්ඩර් ග්‍රවුන්ඩ් ගියා වෙන්නට පුළුවන.

නාමල් උඩලමත්ත said...

හහ් හහ් පුලස්තිට ෆොන්සේකා සර්වතෝභද්‍ර දෙවියන් වුණාට අපට එහෙම නෑ. එයාගේ හොද වගේම නරකත් අපට පේනවා. ආණ්ඩුව ගැනත් එහෙමයි. ආණ්ඩුවේ දේශපාලන විසඳුම ගැන අපි ඇහ ගහගෙන ඉන්නේ. ඒක ෆෙඩරල් කියන්නේ කොහොමද ඔයා? ඒකත් කිසි දෙයක් නොදැන සුදු කොඩි කතාවක් කියලා ෆොන්සේකා ඉල්ලං කෑවා වගේ තමා. එයා හිරේ ඉන්නේ රට පාව දුන් ද්‍රෝහි කතාවට.

පුලස්ති said...

//එයා හිරේ ඉන්නේ රට පාව දුන් ද්‍රෝහි කතාවට//

නාමල් අයියාත් මාර අයියා කෙනෙක් නෙව.ඒකනෙ කියන්නෙ ඔයාට රජෝන්මාදය කියල.එහෙමයි එහෙමයි.ඒ කතාවට තමා යුද්ද අදිකරනෙට දාල තියෙන්නෙ.හැබැයි අවුල තමයි යුද්ද අදිකරනේ චෝදනා පත්තරේ නැත්තෙත් ඔය සුදු කොඩි කතාව.ඒකෙ නං තියෙන්නෙ ආයුද හුටපටේකුයි වෙන මොකක්ද එහෙකුයි.අර සුදු කොඩි කතාව ගැන තියනව කිව්ව හඩ පටිය - පෙඩිරිකා ජෑන්සා ගාව?ඒක දැන් කොහද දන්නෙ නැහැ නේද අයියෙ

SL said...

"අර සුදු කොඩි කතාව ගැන තියනව කිව්ව හඩ පටිය - පෙඩිරිකා ජෑන්සා ගාව?ඒක දැන් කොහද දන්නෙ නැහැ නේද අයියෙ"

ඒක එයා ලග පරිස්සමින් ඈති. ජෙනරාල් එයාට විරුද්දව නඩුව පවරපු ගමන් එයා ඒක ඉදිරිපත් කරයි. දෑන් පුලස්ති මොකද දන්නේ නෑහෑ ඒ නඩුව තාම පරක්කු?

පුලස්ති said...

//ඒක එයා ලග පරිස්සමින් ඈති. ජෙනරාල් එයාට විරුද්දව නඩුව පවරපු ගමන් එයා ඒක ඉදිරිපත් කරයි. දෑන් පුලස්ති මොකද දන්නේ නෑහෑ ඒ නඩුව තාම පරක්කු?//

මිනිහව හිරේ තියාගෙන පුලුවන් නං නඩු දාපං කියන එකත් මාර විරකමක් නේද ලොක්කා?දාමුකො බලන්න එලියට.ඊට පස්සෙ නඩුවෙ ප්‍රමාදෙ ගැන කතාකරමු නේද?

SL said...

"මිනිහව හිරේ තියාගෙන පුලුවන් නං නඩු දාපං කියන එකත් මාර විරකමක් නේද ලොක්කා?දාමුකො බලන්න එලියට.ඊට පස්සෙ නඩුවෙ ප්‍රමාදෙ ගැන කතාකරමු නේද?"

පුලස්ති ලොක්ක නෑට්ට පාගාගෙන කතාකරන්නෙ මොකද? දෑන් Fonseka මහතා අතුරුතහනම් නියොග, මානවහිමිකම් නඩු බර ගානක් ඉදිරිපත් කරලා තියෙන්නෙ යසට වායුසමනය කරපු හිර ගෙදර ඉදන්. එතකොට Fredrika Janz විරුද්ධ නඩුවත් එහෙම ඉදන් පවරන්න පුලුවන්නෙ! ඈයි පරක්කු? අර ගහට ගිය මිනිහ වගෙ බොරු මෝඩ තර්ක ඉදිරිපත්කරන්නෙ නෑතුව ඈත්ත පිලිගන්න.

නාමල් උඩලමත්ත said...

මාලුවා නහින්නේ කට හින්දා කියන කතාව අපි දන්නවනේ. ඒ කතාව ෆොන්සේකා නහින්නේ කට හින්දා කියලා වෙනස් කරන්න පුළුවන්. ගිය සතියේ කියනවා යුධ අපරාධ වුණා මම ඕන තැනක සාක්ෂි දෙනවා කියලා. මේ සතියේ කියනවා යුද අපරාධ වුණේ නෑ කියලා. ඉතින් පුලස්ති ගිය සතියේ හිතනවා යුධ අපරාධ වුණා කියලා. ආයේ ඊට පස්සෙන්දා හිතනවා නෑ නෑ යුධ අපරාධ වුණේ නෑ කියලා. ඇත්තටම හිතනවා නෙමේ ෆොන්සේකා කියන දේ වමාරනවා විතරයි. ෆොන්සේකාට ඕන මේ වගේ රූකඩ තමා. එයා අම්බලන්ගොඩ නිසා පුරුදුයිනේ.

 
සිය රට දේ සිරි සැප දේ !