Saturday, May 1, 2010

පදික වේදිකාව කා‍ගෙද?

ඔබ කිසියම් උවමනාවකට විදෙස් ගත විණැයි මොහොතකට සිතමු. එවිට ඔබට, ඔබේ නිවස ගැන සොයා බලන්නට නොහැකි වෙයි. මෙය දැනගත් තවෙකෙක් විත් එහි පදිංචි වෙයි. එය දැනගන්නා ඔබ පොලිසිය මාර්ගයෙන් එහි පදිංචි පිරිස ඉවත් කර නිවස අත්පත් කර ගනී. එකල්හි අර නිවස බලෙන් අත්පත් කර ගෙන සිටි අයට සිය අයිතිවාසිකම් කඩවිණැයි කිව හැකිද? නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ හැකිද?

ඔබ නොහැක කියනු ඇත. එහෙත් පිටකොටුවේ පදික වේදිකා වෙළඳුන්ට සහ ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙන් කට අරින දෙස්පාලුවන්ට අනුව නම් එසේ උද්ඝෝෂණ කළ හැකිය. පොලිසිය කලින් විත් ඔවුන්ට ඉවත් වන්නැයි දැන්විය යුතුය. පොලිසිය කියන්නේ එසේ දැන්වූ බවය. අර වෙළඳ පිරිස කියන්නේ එසේ නොකළ බවය.

අපට කීමට ඇත්තේ පොලිසිය එසේ නොකළ යුතු බවය. මේ වෙළඳ මංකොල්ලකාරයින් මහමග මැසි අටවා ගත්තේ පොලිසියෙන් අවසර ගෙනද? පදික වේදිකාව ඇත්තේ මගීන්ට යාමට මිස වෙළඳාම් කිරීමට නොවේ. එය නීතියෙන් තහනම්ය. නීති නොදැන සිටීම දඬුවමින් ගැලවීමට හේතුවක් නොවේ. එහෙයින් නීති විරෝධි වැඩ කර සිය ඊනියා අයිතීන් ගැන කෑ ගැසීමට මේ අයට අයිතියක් නැත.

පදික වේදිකාවේ සිදුවන්නේ වෙළඳාමට වඩා මංකොල්ලයකි. මහමග යනෙන උන්ට කිසිදු ප්‍රමිතියක් නැති බඩු විකිණීම, වැඩි මිලට බඩු විකිණීම, මිනිසුන් බිය වද්දා බඩු විකිණීම, ළඳුන්ට ලිංගික අඩම්තේට්ටම් කිරීම මෙහි සුලබ දේය.

පදික වේදිකා වෙළඳාම සපුරා තහනම් කළ යුතුය. එය නගරයේ සුන්දරත්වයට අනීවාර්ය වේ. එමෙන්ම ඉහත කී දූෂණ ඉන් වළකාගත හැකිය. පදික වේදිකාවේ වෙළඳාම් කිරීම තහන්ම කර ඒ සඳහා දැඩි නීති පැනවිය යුතුය. දඩ මුදල් අය කරගත යුතුය. එම නීති කිසිසේත් ආණ්ඩු මාරු වන විට වෙනස් නොවිය යුතුය.

බාල ජනප්‍රිය තීන්දු තීරණවලින් රටක් ගොඩනැගිය නොහැකිය. හොරකම් කරන, කසිප්පු පෙරන, මංකොල්ල කනවුන්ට නීතියෙන් දඬුවම් දෙනු මිස උන්ට ජීවන මාර්ග සොයා දෙන්නට රජයක් බැඳී නැත. මහපාරට වැටුණැයි උඩුබුරන අය මේ බැව් සිහි තබා ගතයුතුය. පදික වේදිකා වෙළඳ මාෆියාව අවසන් කිරීම දෙකෝටියක් ජනතාවගේ හිතසුව පිණිසම වන බැවින් රජයේ මේ ක්‍රියාදාමය අපි පසසමු. පදිකවේදිකාව මගීන්ගේ මිස පිටකොටුවේ මැරයින්ගේ නොවේ.

6 comments:

Anonymous said...

සහෝදරයා,

නගරයේ සුන්දරත්වයට පෝස්ටර් ඉවත් කිරීමත් අනිවාර්‍‍ය වේ.ඒ වගේම ඔබ කියනා ලෙසට නීති විරෝදී ලෙස පදික වේදිකාවේ බඩු විකිනීම තහනම් කෙරුම ලංකාව තුල සිදුවන එකම එක දූෂණ ක්‍රියාව වීම ගැන සතුටු වෙමි.
ඔබ සිටිනා ශ්‍රී ලංකාවට පැමිණීමට මටද ආසාවක් ඇති අතර, මා සිටින ශ්‍රී ලංකාවේ පදික වේදිකා වෙලඳාමට වඩා නීති විරෝධී දේ සිදුවන බැවින් ඒ සම්බන්ධව කනගාටු වෙමි!

තවද මා අයිඩෙන්ටිය සඟවා නැත.එනිසා මෙහි පැමින පශ්චාත් පෙදෙසෙන් කියවීමට පුල පුලා බලා සිටින ඇනෝනිමසයන් හෙවත් "අහක ගිය ෂොට්" වල ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඔබතුමා වගකියනු ඇතැයි සිතමි.

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

එතකොට අර ඉඩෙන්ටිටිය හංගලා පොර ටෝක් දෙන Taboo Subject අහක ගිය ශොට් එකක්ද? හෙහ් හෙහ් හේ......

Rachintha Jayawardhana said...
This comment has been removed by the author.
Rachintha Jayawardhana said...

ඌ අයිඩෙන්ටිය හංගන්නේ උගේ සබ්ජෙක්ට් එක ටැබූ නිසා.අනික ඌ දැනට අවුරුදු ගනනාවක ඉඳන් ඌටම වෙනම අයිඩෙන්ටියක් හදාගෙන ඉන්නවා.මම කිව්වේ මගේ කතාවට ලිංගයේ කොන රිදුම් දෙන්න පටන් අරගෙන මෙතන කුනුහරුප පුරවන ෂොට් ගැන.

උඹ මේක දැකලා නැතුව ඇති.උඹේ ප්‍රශ්නෙට මේක උපුටනයක්!

"*ටැබූ සබ්ජෙක්ට්* ලියන ලේඛකයා කිසිවෙකුත්
නොදනී. ඔහු ඉතාම සූක්ෂම ආකාරයකින් සිය අනන්‍යතාවය අර්බූදයට යන්නට නොදී ආරක්ෂා
කරගන්නා අතරම *ටැබූ* යන නාමය[ සංඥාව] වටා කිසියම් ආත්මීය බවක් ගොඩනගා ඇත්තේය.
එහෙයින් සැවොම ඔහු හා ගනුදෙනු කරන්නේ සැබෑ මිනිස් පහසක් පරිකල්පනය කරමිනි. ඊට
හේතුව වන්නේ ඔහු *කිසියම් කාලයක්* එම අනන්‍යතාවය ඔස්සේ එබඳු ආත්මීයත්වයක් ගොඩ
නගා ඇති බැවිනි. එම තත්වයේ සිටින අඥාත පුද්ගලයෙකුත් අපි දන්නා කියන භෞතිකව
දන්නා පුද්ගලයෙකුත් අතර වෙනසක් නැත. එම ටැබූ නම් වූ නාමයත් සමග අනන්‍යවන
කිසියම් ආත්මීය කාරණා රොත්තක් සමග මිනිසුන් හෝ එබඳුම සැබෑ ජීවමය ආත්මීයත්වයක්
නොපවත්වන අය ද ගනුදෙනු කරති. එහි ද කිසිදු අවුලක් නැත. මේ උදාහරණයට අනුව ටැබූ
වැනි අයෙකු ගේ පැවැත්ම සූක්ෂම ලෙස ද්විඛණ්ඩනය වී පවතී. සමහර විට සැබෑවටම ටැබූ
නමින් ලියන පුද්ගලයා භෞතික ලෝකයේ ඔහුගේ හතුරා සමග ද විනෝදයෙන් කාලය ගත කරන්නෙකු
ද විය හැකිය. සමහර විට ඇත්ත ලියන්නා ලියමින් ඉන්නා කාමරයේම කෙළවරක ඔහුගේ
ප්‍රතිවාදියාද ටැබූ නමින් ඉන්නා සයිබර් චරිතය සමග භෞතික මිනිසා සමග ඇති
සම්බන්ධයට ඉඳුරා වෙනස් අන්තයකින් ගනුදෙනු කරනවා විය හැකිය. නමුත් ඒ දෙදෙනාම එය
නොදනී. ටැබූ යනු භෞතික ලෝකයේ කුමන කාල අවකාශ ඛණ්‍ඩාංක නියෝජනයක් ද යන්න සෙවීම
මෙන්ම ඒ ගැන කල්පනා කිරීම ද කාලය කා දමන්නකි. නමුත් ටැබූ පවතී. ඔහු ලියමින්
ඉන්න නිසා සයිබරයේ පවතී. ඒ අනන්‍යතා ක්‍රීඩාවේ සුභවාදී පැත්තයි."
මෙය බූන්දියේ ඩෝසන් අයියා විසින් කියන ලද්දකි.

ඔය උඩ තියෙන කමෙන්ට් එක ලිව්වෙත් මම ම තමයි.වර්ඩ්ප්‍රෙස්ස් අවුලක් නිසා මගේ සදාහරිත සයිට් එකෙන් කමෙන්ට් කරන්න බෑ.මම ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා නං මගේ කමෙන්ටුවම ආපහු කියවන්න.

නාමල් උඩලමත්ත said...

අනේ දෙයියනේ මට නම් මේ අය කියන දේවල් නෑ තේරෙන්නේ. ඒ නිසා මම තේරෙන අයට ඉඩ දීලා නිහඬව හිටියා.

 
සිය රට දේ සිරි සැප දේ !