Wednesday, April 7, 2010

ඡන්දයට පෙරවදනක්

ඔබ අද ඡන්දය පාවිච්චි කරන්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක මහ මැතිවරණයටයි. එහෙයින් ඔබේ වටිණා ඡන්දය භාවිත කරන මෙන් මුලින් ම ඉල්ලා සිටිමි. මැති + වරණය යන්නේ අරුත මන්ත්‍රීවරු තෝරා ගැනීමය. මෙහි දී පිරිසක් තෝරන විට පිරිසක් වාරණයට වෙයි. ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා ගත යුත්තේ කවුද සහ වාරණය කළ යුත්තේ කවුද යන්න ඔබ සිතා බැලුවාද?

මේ මහ මැතිවරණය ඔබට මෙන් ම ඔබටත් වඩා රටේ අනාගත පරපුර එනම් ඔබේ දුවා දරුවා කෙරෙහි තීරණාත්මක වන හෙයින් පෞද්ගලික වරදාන දොළ පිදේනීවලට ඔබේ ඡන්දය බිලිනොකරන මෙන් ඉල්ලා සිටිමි. වියිළි ආහාර පැකට්, රැකියා ඉල්ලුම් පත්වලට ඔබේ ඡන්දය පාවා නොදෙන්න.මේ ඡන්දය මව්බම වෙනුවෙන් එහි අනාගත යහපැවැත්ම වෙනුවෙන් භාවිත කරන්න. ඒ කෙසේද? සමාජ දූෂකයින්,බඩගෝස්තරවාදීන්, ජාති ද්‍රොහීන් පාර්ලිමේන්තුවට නොයැවිමෙනි.

ඔබේ ගමේ කසිප්පුකාරයාගේ වහල උඩ හිනාවෙන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න. ඔහුට ඡන්දය දීම ඔබේ කුඩා පුතා, නූපන් පුතා බේබද්දෙකු කරන්නට දෙන මනාපයක් නිසාය.

අසල කැලැවේ හොරට ගස් කපන එකාගේ නිවසේ බිත්තියේ හිනාවෙන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න. එය රටේ වන සම්පත විනාශ කොට අපේ සුන්දර මාතෘ භූමිය මහා කාන්තාරයක් කරනට දෙන මනාපයක් හෙයිනි.

ගමේ ඇළේ දොලේ ගඟේ හොරට වැලි ගොඩදමන එකා ආරක්ෂා කරන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය මේ රටේ සුන්දර පරිසරය විනාශ කොට අප නිදහසේ භුක්ති විඳින ජල සම්පත ඔබේ දරුවාට අහිමි කරන්නට දෙන මනාපයක් හෙයිනි.

පොලිසියේ රාජකාරියට බාධා කරමින් හොරු, ස්ත්‍රී දූෂකයින්, කුඩු කාරයින්, පතාළ මැරයින් ආරක්ෂා කරන අපේක්ෂකයාට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න. එය හෙට ඔබේ දරුවා පුරවැසියා වන රටේ අවිනීතිය ආසාධාරණය රජ කරන්නට දෙන මනාපයක් හෙයිනි.

ෆෙඩරල්වාදය, බලය බෙදීම, ස්වයං පාලනය, ගැන නන්දොඩවන සර්පයින්ට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය නැවත රට මහා යුද්ධයකට ඇද ගෙන යාමටත් ඔබේ දරුවා ඒ යුද්ධයේ ගොදුරක් කිරීමටත් දෙන මනාපයක් හෙයිනි.

යුද සමයේ සැඟවි සිටි මැති ඇමතිවරුන්කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය රටට බයගුල්ලන් සහ පතෝල පාලකයින් බිහි කිරීමේ පාපයට අත ගැසීමකි.

පහුගිය ජනාධිපතිවරණ සමයේ දේවදත්තයාගේ කාකි ෂූට් එකට බියේ සැඟවී සිටි නිවට මැති ඇමතිවරුන්ට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය අවස්ථාවාදීන් රට වෙනුවෙන් තීරණ ගැනීමට යැවීමේ මහා වරදට අත ගැසීමකි.

අවස්ථාවේ ආණ්ඩුවේ විපක්ෂය ලෙස නොව මාතෘභූමියේ විපක්ෂය ලෙස ක්‍රියා කරන විපක්ෂයට කුමන හේතුවක් නිසාවත් ඡන්දයක් නොදෙන්න.එය අපේ ම දූපුතුන් සොහොයුරන් ලේ හලා දිවි පුදා ලද යුද ජයග්‍රහණය හෑල්ලු කිරීමක් වන හෙයිනි.

ඔබට එජාපයට ඡන්දයක් දිය යුතුම නම් ඒ පක්ෂයේ රටට ද්‍රෝහී නොවූ යුද්ධයට අවමන් කළ අයෙකුට කුමන හේතුවක් නිසාවත් මනාපයක් නොදෙන්න.එය රටට ජාති ද්‍රෝහියෙක් බෝ කිරීමේ මහා පාපයට අත ගසා සදාකල් ඔබට තැවෙන්නට සිදුවන වරදකි. මරණ මංචකයේද ඔබට ඉන් ගැලවීමක් නම් නොලැබෙනු ඇත.

එසේ නම් ඔබ ඔබේ වටිනා ඡන්දය භාවිත කළ යුත්තේ කා වෙනුවෙන්ද? එය ඔබ උපන් ඔබේ දරුවා උපන්, උපදින අපේ උදාර මාතෘභූමිය වෙනුවෙන් භාවිත කළයුතු යැයි අපි යෝජනා කරමු. ඒ රටට දැයට ආදරය කරන ලක්මවගේ සුජාත දරුවන් වෙත ඔබේ ඡන්දය ලබාදීමෙනි.

අප පසු කළ යුද සමයේ රට වෙනුවෙන් පෙනී සිටියේ කවුද? හමුදාව දිරිමත් කළේ කවුද? හමුදා පවුල්‍වල ආරක්ෂාව සුබසාධනය වෙනුවෙන් පෙනී සිටියේ කවුද? ඔවුන්ට ඔබේ ඡන්දය දෙන්න. එය රටට දේශප්‍රේමීන් බිහිකිරීමකි.

ජනාධිපතිවරණ සමයේ රට මුහුණපෑ අභියෝගය තේරුම් ගෙන රට වෙනුවෙන් වැඩ කළ අවංක මිනිසුන්ට ඔබේ මනාපය දෙන්න. එය රටට අවශ්‍ය නායකත්වය දිනා දීමකි.

ත්‍රස්තවාදයට විරුද්ධ වී රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටි නායකයින්ට ඔබේ ඔබේ මනාපය දෙන්න.එය රටේ මතු ආරක්ෂාවට රට වටා රන් වැටක් ඉදි කිරීමකි.

මේ සියලු ගුණාංගවලින් හෙබි විමල් වීරවංශ ප්‍රමුඛ පංචායුධ බලකායට, දිනේෂ්, චන්න සුදත් ජයසුමන වැනි සැබෑ දේශප්‍රේමීන්ට ඔබේ මනාපය නොබියව දෙන්න. එය ඔබ රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමකි. මව්බිමට ණය ගෙවීමකි.දේශප්‍රේමියෙකු ලෙස උපන්බිමට කළ හැකි විශාලතම යුතුකමක් ඉටුකිරීමකි. ඔබේ පමණක් නොව ඔබේ අනාගත පරම්පරා ගණනාවක අනාගතය සුරක්ෂිත කිරීමකි.

ඉතින් දෑත් ඔසවා අපේ උදාර මාතෘභූමිය ස්වර්ගයටත් ඉහළින් ඔසවා තබමු.ඒ වෙනුවෙන් අද දවසේ අපේ යුතුකම ඉටු කරනට රොද බඳිමු. මාතෘභූමිය දිනේවා! මාතෘභූමිය දිනේවා! මාතෘභූමිය දිනේවා!

3 comments:

Ramachandra said...

//ඔබ අද ඡන්දය පාවිච්චි කරන්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක මහ මැතිවරණයටයි.//

ඔය වගන්තිය ගිය පලාත් සභා චන්ද වලටත් කිවව්.ජනාධිපතිවරනයටත් කීව.මේකටත් කියනවා.අනිවාර්යෙන් ඊළගට එන ප්‍රාදේශීය සභා චන්දෙටත් කියයි.
ඇත්තටම ඉතිහාසයේ වැඩියෙන්ම තීරනාත්මක මැතිවරනය මොන එකද කියල හරියටම කියමුද බලන්න?

මේ චන්ද මේ රටේ මිනිස්සුන්ට නම් කොහෙත්ම තීරනාත්මක නැහැ.මේවා තිබුන කියල රටේ මිනිස්සුනට ලැබෙන ඉලවුවකුත් නැහැ.මාර තීරනාත්මකයි කියල මිනිස්සුන්ගේ ඇගේ මයිල් කෙලින් කරවල පලාත් සභා 8ක් දිනාගත්තනෙ.දැන් ඒ බලය ගත්ත මහත්වරු කොහෙද කියල කියමුද බලන්න?
මේව තීරනාත්මක දේශපාලකයන්ට විතරයි.මේකෙන් තීරනය වෙන්නෙ උන්ගේ අනාගතේ මිස අපේ අනාගතේ නෙමෙයි.මේ චන්දෙ අපිට හරි තීරනාත්මකයි මගේ මුලු අනාගතේම මේක උඩයි රැදෙන්නෙ කියල රටට කියල චන්දෙ ඉල්ලනන් බැහැනෙ.ඒ හින්ද "මම" වෙනවට "රට" කියන එක ආදේශ කරල මේක රටට තීරනාත්මකයි කියල බොරුවක් ගහනව.ඒත් ඔය තීරනාත්මක කතාව බඩගෝස්තරයේ නිරුවත වහගන්න කරන බොරුවක් කියල කියන එයාලත් දන්නව.ලියන ඔයාලට නම් ඒක කවදද තේරෙයි ද දන්නෙ නැහැ.:D

නාමල් උඩලමත්ත said...

අපි දන්නවා මේක බටහිර ගැත්තන්ට තීරණාත්මකයි. 4/1මාක්ස්වාදීන්ට තීරණාත්මකයි. ෆෙඩරල්කාරයින්ට, ස්වයංපාලනමේනියාකාරයින්ට මේක තීරණාත්මකයි. මොකද පහුගිය ජනාධිපතිවරණයේදී වගේම ජනතාව පෙරට ඇවිත් මේ පාරත් රට පෙරට තියලා ඡන්දේ දෙන බව දන්නවා. ජනතාව බඩ ගැන හිතන්නේ නෑ. එහෙම වෙන කොට යල් පැනපු හනමිටි කරේ තියාගෙන බඩගාන අයට හරි අමාරුයි.අපි දන්නවා හැමෝම හරි කැමතියි තමන් දරන මතවාද සත්‍ය වෙනවා දකින්න.ඒත් කරුමෙට මේ හනමිටිකාරයෝ කියන හැමදේම බලන් ඉද්දි බොරු වෙනවා.ඒක රටේ වාසනාව.මේ රටේ අලුත් යුගයක් ආරම්භවෙලා රට අලුත් ගමනක් යනවා කියලා එයාලට තාම තේරෙන් නෑ.හොඳ දේ හොඳ විදිහට දකින්න වැරැද්ද වැරැද්ද විදිහය්‍ට දකින්න මේ අයට හරි අමාරුයි. තමන් කියන දේ තමා හරි.රට ගැන නොහිතන දේශපාලකයෝ වෙනුවට රට ගැන හිතන සැබෑ දේශප්‍රේමීන් එක්ක රටට ලොකු ගමනක් තියෙනවා. දේශපාලකයෝ හොඳ නෑ කියලා රට හමුදාවට බාර දෙන්න බෑ. හොඳ අය ඉස්සරහට අරන් ඔවුන්ට රට භාර දෙන්න ඕන. ඒ ගමන යන්න රාමචන්ද්‍ර ව‍ගේ අය නගින්නේ අන්තිම බස් එකේ. නැත්නම් ඒ බස් එකත් මිස් කර ගනීවි.එතකොට ළිඳේ ඉඳන් හැමදාම බනින්න පුළුවන්.

චතුරංග රූපසිංහ said...

ෙපර ඔෙප් ලිපි නිතර නිතර කිෙයව්වාත් ලගදී ලිපියක් කියවන්නට ෙනාහැකි වුනා. කරුනාකර එක්කරන්න ෙමයත් http://blog.inetlanka.com/

 
සිය රට දේ සිරි සැප දේ !