Tuesday, March 23, 2010

බල්ලා හැපූ කල පෙරලා හැපීම

සිරස මාධ්‍ය ජංජාලයට පහරදීම පිටුපස ඇත්තේ අකෝන් නැමැති සෙනිගාල් ඇමරිකානු ගායකයෙකු මෙරටට ගෙන්වීමට එකී මාධ්‍ය ජංජාලය උත්සාහ කිරීම යැයි දැනගන්නට තිබේ. අකෝන් නම ගිය අපරාධකරුවෙකු පමණක් නොව බුදුදහමට නිගාදෙන ආකාරයේ ගීත වීඩියෝවක්ද එළිදක්වා ඇති පරයෙකි. මෙවන් හාල්කෑලි අපේ රටට ගෙනැවිත් වීරයින් කරන්න වළිකන්නේ අපේ රටට අපේ සංස්කෘතියට එරෙහිව මේ මාධ්‍යජාල හිමිකරුවන් තුළ ඇති වෛරය පිරිමසා ගැනීමට බැව් අප අවබෝධ කරගත යුතුය. සාතන්ගේ කිවි ලියූ සල්මන් රුෂ්ඩිට මෙන් ම ලැජ්ජා කෘතිය ලියු තස්ලිමා නස්ලින්ට ද ඒ ඒ ජන කොටස්වලින් එල්ල වූ විරෝධය ලොව පුරා ප්‍රසිද්ධ වූ බව පැහැදිළිය.

ඔබට, ඔබ කැමති කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා නැතනම්, කැපී පෙනෙන්නට ආශාව ඇතත් ඊට ඉඩ හසරක් නැත්නම් ඔබ කළ යුත්තේ එකී කලාවට මුවා වී කිසියම් ආගමකට පහර ගැසීමය. එවිට ඒ ආගම අදහන්නන් ඔබට විරුද්ධ වන නිසා ඔබ වහා ලොව පුරා ප්‍රසිද්ධ වෙයි. එවිට එකී සංස්කෘතියට විරුද්ධ, අන් සංස්කෘති නොරිස්සනවුන් අතර ඔබ වීරයෙක් වනු ඇත.

මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂිත හර පද්ධති වටිනාකම් සහිත රටක් බැව් ඇතැම් බහු සංස්කෘතික කෝලම්කාරයින් පිළිනොගත්ත ද සත්‍ය එයයි. ඉන්දියාවේ හින්දු සංස්කෘතිය මෙන් ම පකිස්ථානයේ මුස්ලිම් සංස්කෘතිය මෙන් ම ලංකාවේ ඇත්තේ බෞද්ධ සංස්කෘතියේ ආධිපත්‍යයයි. එහෙයින් සිය ආගමට අවමන් කළ අයෙකු මෙරටට ගෙන්වීමට රටේ ජනතාව විරෝධය පෑමේ පුදුමයක් නැත. මෙරට සංස්කෘතිය සදාචාරය විනාශ කොට එය නරුමයින්ගේ රටක් කිරීමේ දුෂ්ට ක්‍රියාදාමයක සිරස මාධ්‍ය ජංජාලය නිරත වන බව සත්‍යයකි. එහෙයින් අප පෙරද පැවසු පරිදි ඔවුන්ගේ හැසිරීම දෙස සුපරික්ෂාකාරීව බලා සිටීම සැමගේ යුතුකමය. වගකීමය. ඔවුන් රටට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීම ද අත්‍යවශ්‍යය.

එහෙත් ගැටළුව ඇත්තේ විරෝධය පෑ ආකාරයේ ය. බල්ලෙකු අපේ පය හැපූ කල පෙරලා බල්ලා හපා කන සිරිතක් අපට නැත. එහෙයින් බල්ලාගේ හපා කෑමට දක්වන ප්‍රතික්‍රියාව මිනිසාට තරම් විය යුතුය. ඉරාක ඇෆ්ගන් වැසියන්ට නැති එහෙත් කොටින්ට පමණක් ඇති ඊනියා මානව හිමිකම් සොයමින් බටහිර දඩ බල්ලන් මෙරටට ඉව කරන සමයක, කලක් තිස්සේ මෙරට ප්‍රබුද්ධයින් විසින් සිරස ගෙන යන සංස්කෘතික සංහාරය රටට අනාවරණය කිරීමේ ප්‍රතිඵලය ලෙස ජනතාව වේගයෙන් මේ කසිකබල් නාලිකාව ප්‍රතික්ෂේප කරන යුගයක මෙවන් තකතීරු ප්‍රහාරවලින් වාසි අත්වන්නේ කාටදැයි සොයා බැලිය යුතුය. පළමුවෙන් ම ඊනියා මානව හිමිකම් මුදලාලිලාට කොටි වැනසීමේ වාඩුව ගන්නට අපේ රටට අත පෙවීමට මේ කදිම විවරයකි. අපේ රටේ මානව හිමිකම් ජනමාධ්‍ය නිදහස නැතැයි කියා විවිධ විදෙස් අතපෙවීම් හරහා රට නැවත අඳුරු අගාධයකට ඇද දැමීමට මෙවන් සිද්ධි දඩමීමා කරගැනීමට මේ නූල් සූත්තකාරයින් හරි දක්ෂය. අනෙක් අතට ජනතාව අතරින් වියැකි යන සිරසට නැවත මහජන අනුකම්පාව ලබා ගැනීමට එය මගකි. ඒ හරහා සිය සුපුරුදු සංකෘතික සංහාරය නිදහසේ කරගෙන යා හැකි වෙයි.

එහෙයින් මෙවන් හැලි වඳුරන් අතට හසුවන්නට පිහි නොතැබීමට ආණ්ඩුව වග බලා ගත යුතුය. රටට එරෙහිව එවන් පිහිකාරයින්ට ජල්ලිපැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. සිරසට පහර දුන් හෝ සිරසට පහර දීගෙන රටේ ප්‍රතිරූපය වනසන ඕනෑ ම ජඩයෙකුට දැඩි දඬුවම් කළ යුතුය. අද දිවයින කතුවැකිය ඒ ගැනය.

5 comments:

Unknown said...

‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.

oya ponnaya awoth uwa balanna yana ponnayo tikai ponniyo tikai uth ekkama yawanna ona uge…ka lewa kanna
සිරස තහනම් කරන්න ඕන

තව දෙයක් අපේ එවුන් මේකට හැමදාම වගේ දේශපාලනය ඈදා ගනියි. ඒකනේ ලේසිම ක්‍රමය සිරිස ලංකාව කෑවා බලු සිරස

Unknown said...

මෑතකදි අවිස්සාවේල්ල නගරයේ හංදියක වු බෝගසක් සිරස විසින් කපා දමන ලදී....
ඔබට මතක ඇති එම ස්ථානයේ සිරස cutout එකක් තිබ්බා ඒක මේ බොගහේ අතුවලට වැහිලා තිබ්බේ. එම බෝ ගස හා ඒ අවට බුදු පිළම වහන්සේ නමකුත් හදලා තිබ්බේ. රැ 2කට විතර සිරසෙන් ඇවිත් ඔය බෝගහේ අතු කැපුවා වේලාවට ත්‍රීවීල් මල්ලිලාට සිරස අයියලා ටික අහුඋනා අම්භානෙක ගුටි කෑවා පව් ජනමාධ්‍ය කාරයො ටික හැබැයි ඒක සිරසේ පෙන්නුවේ නම් නැ....
අන්තිමට පොලිසියෙන් ඇවිත් වැඩේ ෂේප් සිරස අයියලා එකග උනා ඒ බුදු මැදුර එයාලගේ වියදමින් අලුත් වැඩියා කරන්න උන්ගේ උවමනාවට නෙමෙයි අපේ උවමනාවට නැත්නම් ආය කන්න වෙන බව දන්නවනේ....

අපේ රටට සිරස එපා

ems said...

මෙහි සියලු සංවිධාන කටයුතු සිදු කර තිබෙන්නේ දේශප්‍රේමී ආණ්ඩුවයි.සිරස කර තිබෙන්නේ මාධ්‍ය අනුග්‍රහය දැක්වීම පමණකි.
සිරස අනුමත නොකිරීමට හේතු ඇති බව සැබෑය.එහෙත්,ඔක්කොම කුණු බේරු බොක්කට කියා රාජපක්ෂලා හා වීරවංශලා ඒකොන් ගේනන ගිය එකත් සිරස පිට දැමීම වැරදිය.

ems said...

වීරවංශලා කිවිවේ දැන් සංචාරක අමාත්‍යාංශෙ ඉන්නෙ විමල්ගේ අති ජාත මිත්‍ර(පරදින නිසා ලැයිස්තුවට දාපු) අචල සුරංග නිසාය.

නාමල් උඩලමත්ත said...

මේ ලංකාවේ සංචාරක අමාත්‍යාංශය තියෙන්නේ මේ වගේ චොප්පෙලා සිංදු කියන්න ගේන්න නෙමේ. ඊට වඩා වැඩ තියෙනවා එතැන. නොදන්න දේවල් කතා නොකර ඉන්න එක තත්ත්වෙට හොඳා. තාම සිරස බලනවා නම් එක වහලා මොලේ විරේක කරගන්න. ජාතික ලයිස්තුවේ ඉන්නේ පරදින අය ද? ජාතික ලයිස්තුව ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නෙත් එහෙමද? විමල්ගේ අය විතරද ජාතික ලයිස්තුවේ ඉන්නේ. අනුර කුමාර දිනන නිසා ද ජාතික ලයිස්තුවට රිංගුවේ. එතකොට එජාප මහලේකම් පිස්සු අත්තනායක ජාතික ලයිස්තුවට ගියේ ඇයි? ඔයා දාපු ෆොටෝ එක ඔයාට කොහොම වුණත් ඔය අතේ තියාගෙන ඉන්න එකට නම් හොඳ මදී.
අපි සිරස විරුද්ධ එයාලා ගෙනි යන ජඩ සංස්කෘතික විරෝධි දේශද්‍රෝහි වැඩපිළිවෙළ නිසා. අපේ රටට විරුද්ධව වැඩ කරනවා නම් එකාගේ අතීතය, නම, නැදෑකම් අපට අදාළ නෑ. ඕකුන් කොටි ඉවර කරන කාලේ රටට එරෙහිව කොටි පැත්ත ගත්තා. කොළඹ බෝම්බ පිපිරෙද්දි උන්ට රජ මගුල්. පරණ වීඩියෝ සජීවි ඒවා වගේ පෙන්නුවා. අපිට කියන්න තියෙන්නේ කාට හරි සමාජ දේශපාලන විඥානයක් නැත්නම්, ඒත් අවංකවම උපන් රටට ආදරේ නම් ඔබ හැම විට ම සිරස සිට ගන්නා පැත්තට විරුද්ධ පිලේ සිටගන්න. ඒ කිමද යත් සිරස හැම විට ම රටේ සතුරු බලවේගවල දේශීය නියෝජිතයා ලෙස ක්‍රියා කරන බැවිනි.

 
සිය රට දේ සිරි සැප දේ !