Tuesday, December 20, 2016

කෝටිපති නැව්පති සෙනරත් සිටාණෝ

එතුමා මැදමුලනේ මරා මෙන් උපතින් ම හිඟන්නකු නොව පරම්පරාවෙන් ම ධන කුවේරයෙකි. නැව් හිමියෙකි. මී කුණක් විකුණා ලද තුට්ටුවෙන් සාර මසක් තුළ රන් මසු ලක්ෂ දෙකක් උපයා ගෙන පොහොසතෙකු වූ චුල්ල සිටාණෝ මෙතුමාගේ පරපුරේ ඉතිහාසගත ලේඛනවල සඳහන් වන ආදිතම මුත්තනුවෝ ය.

"යාල්පාන වෛපව මාලෙයි" නම් දෙමළ කෘතිය අනුව වසර දහස් ගණනකට පෙර පටන් එතුමාගේ මුතුන් මිත්තෝ නැව් හිමියෝ ය. සයුර(=නා)ට මැණික(=රත්න)ක් වැනි (=සේ) යන පද ගලපා "සෙනරත්" හෙවත් "සේනාරත්න" නමැති නම්බු නාමය එතුමාගේ ආදිතම මුත්තනුවන් කෙනෙකුට පිරිනමා ඇත්තේ මහා භාරතයේ රාම රජුගේ පියා වන දශරථ රජතුමා ය.

ක්‍රිස්තු උපතට ද පෙර සිට සප්ත මහා සාගරයේ ම නාවික බලය හෙබවූයේ එතුමාගේ පරපුරේ මුත්තනුවෝ ය. ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේ ගජබා රජුගේ පියා වූ වංකනාසික තිස්ස රජ දවස මෙරටට පැමිණ සිංහලයින් 12 000ක් කුදලා ගෙන යාමට සොළී කරිකාල් රජුට නැව් ලබා දුන්නේ එතුමාගේ කිරි කෑ මුත්තා ය.

1 comment:

Vipravasika said...

යහපත් මහතාණනි,
ඔබේ අසමසම නිර්මාණශීලිත්වයට සහ පළකරන සත්යට ගරුකරමි! එන්ජීඕ කරුවන්ට ඔවුන්ගේ බ්ලොග් ගැන දුක සහ ල්ජ්ජාව උපදීවි!

 
සිය රට දේ සිරි සැප දේ !