Sunday, May 17, 2015

විජයග්‍රහණයේ දිනය සමරමු!

පුදමින් පිළුණු බටහිර මත පුස් කෑව
හොඳ කළ නොහැකි බව කී කොටි පිළිකාව
සුව කර ලොවට හෙළ දෑ අබිමන් පෑව
සමරමු දිනය මුළු රට ජය පැන් බීව

මර බිය වපුරද්දි කොටි රට හතර වටේ
තවලම බැඳන් සුදු නෙළුමක් තබන් පිටේ
ගසමින් අතීසාරෙට සුදු අමුඩු කොටේ
මතකයි නේද දැම්මා රට මකර කටේ

ගසකින් වැටුණු කල ඇන්නා සේ ගෝනා
ආ දින සුනාමිය රට නිරයට දානා
රැවුලෙන් සුරුට්ටුව දල්වපු අර නෝනා
කීවේ, උතුර කොටියට දෙන්න ම ඕනා

හමුදාපතිකමට හරකෙක් පත්වෙච්චී
සරදම් කළා උන් යනවයි මැදවච්චී
තොප්පිගල දි අලි කැලයක් හමුවෙච්චී
නැහැ අමතක රටට ඊළම් අප්පොච්චී

කැඳවා සෙබළ මුළු එඩිතර ගති පානා
'දමනය කරවු කොටි රටට ම දුක ගේනා'
අණ දුන් මැතිඳු සහ දිවි දුන් විරු සේනා
දල්වා පහන් නිති සමරන්නට ඕනා

2 comments:

Unknown said...

It is an excellent piece of poetic expression! It also says everything in nutshell!

By unleashing a vicious vilification campaign against those who saved our motherland the foreign enemies of our land with the support of their local stooges here are in a mission to divide Sri Lanka again.These sort of creative works should be made use to enlighten those who have been misled by the traitors of our motherland.

තනි තරුව said...

සුපිරි!!

 
සිය රට දේ සිරි සැප දේ !