Wednesday, February 27, 2013

අටපිරිකරත් හලාල් වීමට පෙර ....

ආණ්ඩුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයා විමල් වීරවංශ පවසන පරිදි මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහලයින් නොසන්සුන් වීම ද ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. මංගල සමරවීර පවසන පරිදි එය ආණ්ඩුවේ වැඩකි. නිමල් සිරිපාල පවසන පරිදි එය අන්තවාදයකි. මේ සියල්ලට හේතුව වේගයෙන් ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය බව කීමට කිසිවෙකු නොමැත. එසේ කිසිවෙකු කිවහොත් ඌ ජාතිවාදියෙකි. අද සිංහලයා සිංහල වීම නිසාම කිසිදු හඬක් නොමැති නිවටයෙක් බවට පත්ව සිටී.

උලමා සංවිධානය පවසන  පරිදි රජය හලාල් සහතික දිය යුතුය. උලමා කුමක් සිතුවද ලංකාව මුස්ලිම් රටක් නොවේ. එහෙයින් අන්තවාදය සාධාරණීකරණය කරමින් ඊට රාජ්‍ය පිළිගැනීමක් ද ලබා දෙමින් බහුතර ජනතාවට හලාල් කැවීමට උලමා අටවන උගුලෙහි ආණ්ඩුව නොවැටිය යුතුය. ආණ්ඩුව හලාල් සියතට ගැනීමට සුදානම් වේ නම් 2001 රනිල්ගේ ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුව ද ගෙදර යැවිය යුතුය. සිංහලයාට සිය රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් මේ ආණ්ඩුව ද මුස්ලිම් අන්තවාදයට ආවඩයි නම් සිංහලයා කළ යුත්තේ විමල් වීරවංසලාට බම්බු ගහ ගන්න යැයි කිසා බැරක් ඔබාමා ඉදිරියේ වැඳ වැටී අපේ රට ඇමරිකන් යටත් විජිතයක් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමය. ෂාරියා නීතිය ක්‍රියාත්මක වන ගෝත්‍රික රාජ්‍යයකට වඩා එය හොඳය. ශිෂ්ටාචාරයේ වසර දහස් ගණනක් ආපස්සට යෑමට වඩා වසර සිය ගණනක් යෑම හොඳය.

අනුගාමිකයෙක් නබිතුමාගෙන් විමසුවේ ය. එවිට නබිතුමාගේ පිළිතුර වූයේ දෙවියන් වහන්සේ සිහි කර එය හලාල් අහාරයක් බව සලකා අහාරයට ගන්නා ලෙස ය. එහෙත් අද සිදුව ඇත්තේ ඒ දහම පවා සිය ව්‍යාපාරික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අවභාවිත කිරීම ය. මෙය කිසිසේත් ඉවසිය යුතු සාධාරණීකරණය කළ යුතු තත්ත්වයක් නොවේ. අනෙක් අතට ලෞකික රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින ඇතැමුන් ඉස්ලාම් ආගමික හලාල්කරණයට පක්ෂ වන්නේ හුදු සිංහල බෞද්ධ විරෝධයෙන් එහා ගිය දැක්මක් ඔවුන්ට නැති නිසා දැයි ප්‍රශ්න කළ යුතු ය. එමෙන් ම බෞද්ධයින්ට පිරිත් කළ ආහාර පමණක් ගැනීම උචිත යැයි ප්‍රමිතියක් ඇති කළහොත් මේ විද්වතුන්ගේ හැසිරීම කෙසේ වේ දැයි මදක් කල්පනා කර බැලීම වටී.

උලමා කළ යුත්තේ සෙසු 92%ක් ජනතා මෙන් රජයේ ප්‍රමිති ආයතනවලින් ලබා දෙන ප්‍රමිති පිළිගැනීමය. රජය කළ යුත්තේ අවශ්‍ය නම් මස්වලට පමණක් හලාල් සහතික ලබා දීමට උලමාට අණ කිරීම පමණි. ආණ්ඩුවේ ගොන් තඩි සිංහල බෞද්ධ අන්තවාදයක් පිළිබඳ උඩු බිරීම නවතා බෞද්ධයින් නොසන්සුන් වී ඇත්තේ මන්දැයි බුද්ධිමත්ව සොයා බැලිය යුතුය. මේ රටේ මුස්ලිම් ජනතාව දිනෙන් දින අන්තවාදය දෙසට තල්ලු කරන සංවිධාන හඳුනා ගත යුතුය. මොහිදීන් බෙග්කරණයේ සිට බින්ලාඩන්කරණය දෙසට ගමන් කරන මුස්ලිම් අන්තවාදය වහා නතර කළ යුතුය.


දිනෙන් දින මතුවන කළු ලෝගු පිළිබඳ මේ අඳ බාලයින් සංවේදී නොවුණ ද ඒ පිළිබඳ අවදියෙන් සිටින පිරිසක් මේ රටේ තවමත් සිටිති. මේ අන්තවාදය හමුවේ ගතයුතු පියවර මොනවා දැයි මේ රටේ තුප්පහි ආණ්ඩුව ප්‍රංශ, ඕස්ටේලියානු, ඩෙන්මාර්ක්, රුසියානු ආණ්ඩුවලින් ටියුෂන් ගත යුතුය. ප්‍රංශයේ දශ ලක්ෂයක් මුස්ලිම්වරුන් සිටිය ද ප්‍රසිද්ධ ස්ථානවල පර්දා පැළදීම තහනම් අතර එසේ කළහොත් යුරෝ 300ක් ඒ මොහොතේම දඩ ගසනු ලැබේ. ඕස්ට්‍රේලියානු අගමැතිනිය මෑතදී කීවේ සිය රටේ ෂාරියා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ද පවතින නීතිය යටතේ ජීවත් වීමට අකමැති අයට රටින් පිටවන ලෙසය. දවසට 6 වරක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් යාතිකා ගායනයට ද ඕස්ට්‍රේලියාවේ ඉඩක් නොමැත. ඩෙන්මාර්කයේ මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීම සපුරා තහනම්ය. පර්දා පැළඳ පාසැල් ඒම රුසියාව තහනම් කළේ ඉතාම මෑතකදීය. ෂාරුක් ඛාන් සිද්ධිය අවස්ථාවේ අසල්වැසි ඉන්දියාවේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය හැසිරුණු ආකාරය මේ රටේ සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගොස් ගඟෙන් වතුර බී මුහුදට ආ වඩන නිවට දේශපාලකයින් නිරුවත් කොට අවසානය.

මේ රටේ සිංහල බෞද්ධයින් දැන්වත් මේ රටේ ද්වි-පක්ෂ ක්‍රමය මගින් සිය ජාතියට කර ඇති හානිය අවබෝධ කරගත යුතුය. සිංහලයාට තමන් දීගේලි කර ඇති පක්ෂ පිළිබඳ නොව රට දැය සමය පිළිබඳ සංවේදී වීමට මේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය දැන් මහඟු අවස්ථාවක් සපයා තිබේ. හලාල් ප්‍රශ්නය හමුවේ පක්ෂ භේදයකින් තොරව සියලු මුස්ලිම් දේශපාලකයින් ෂාරියා නීතිය වෙනුවෙන් හඬ නගද්දී තම නියෝජිතයින් කළේ කුමක් දැයි සිංහලයින් දැන්වත් අවබෝධ කරගත යුතුය. සිංහලයා කිසිදු දේශපාලකයෙකු විශ්වාස නොකළ යුතු අතර තම රට දැය සමය රැක ගැනීම තම වගකීමක් බව අවබෝධ කරගත යුතුය.

මේ රට අනතුරකට අවධානමකට මුහුණපෑමට ගොදුරු වන කල්හි ඒ පිළිබඳ වහා සංවේදී වී ඉදිරියට එන්නේ බෞද්ධ භික්ෂුවයි. එය ඉතිහාසය පුරා සිදුවූවකි. නූතනයේ විවිධ දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති සහ ඇතැම් ලලනාකාමී ගණින්නාන්සේලා ද පල්ලි නිකායේ භික්ෂූන් ද බහුල වුව ද රට දැය සමය රකින මුරදේවතාවුන් වැනි භික්ෂූන් වහන්සේලා තවමත් අප අතර සිටීම ජාතියේ වාසනාවකි. අවධානම කලින් දැන ජාතිය ඒ සඳහා සුදානම් කිරීමේ භාරදූර වගකීම උන්වහන්සේලා මහත් අභීමාණයෙන් දරති. එය මේ රට ලද භාග්‍යයකි. නිසි නායකත්වයක් නොමැතිව වල්මත්ව සිටින අසරණ බෞද්ධයින්ට මගපෙන්වීම උන්වහන්සේලාගේ වගකීමයි. හලාල්කරණයට ජනතතා නැගීටීමට නිසි නායකත්වයක් සපයා එය බෞද්ධ ප්‍ර බෝධය සඳහා කළමනාකරණය කිරීම නූතන භික්ෂුවට පැවරෙන දැවැන්ත වගකීමකි.

මේ රටේ සංහිඳියාවෙන් ජීවත් වීමට කැමති බහුතර මුස්ලිම් ජනතාවට ආදරය රැකවරණය සපයන අතර ඔවුන් අන්තවාදය කරා දක්කා ගෙන යන්නවුන් මර්දනය කිරීම අද රට හමුවේ ඇති වගකීමකි. එය අතුරේ යනු වැනි වැඩකි. මේ රටේ සිංහල දෙමළ ජනතාව සමග සමගියෙන් ජීවත් වීමට කැමති මුස්ලිම් ජනතාව පාඩම් උගත යුත්තේ සෙසු රටවල අන්තවාදී මුස්ලිම් කල්ලිවලින් හෝ ඔවුන්ගේ දේශීය නියෝජිතයින්ගෙන් නොව මොහිදීන් බෙග්, අන්වර් මොහිදීන්, මොහොමඩ් ගවුස්, ඒ.ජේ. කරීම් වැනි මේ රටේ ශ්‍රේෂ්ඨ මුස්ලිම් පුරවැසියන්ගෙන් උගත යුතුය. සිංහල බෞද්ධ ගීත අති බහුතරයක් ගයා ඇත්තේ මේ මුස්ලිම් කලාකරුවන්ය. ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් ද ඔවුන් ආදර්ශයට ගත යුතුය. මුස්ලිම් නොවන රටක ජීවත් වන අරාබි පියෙකුට ද සිංහල මවකට දාව උපන් සිංහල මුස්ලිම්වරුන්ට මුස්ලිම් රටක මෙන් කුරාණය 100%ක් ක්‍රියාත්මක කළ නොහැකි බව අවබෝධ කර ගත යුතුය. සිංහලයින් සමඟ සමගියෙන් ඔවුන්ට තර්ජනයක් නොවන ලෙස ජීවත් වන තුරු අන්තවාදී මුස්ලිම් රටක නොමැති නිදහසක් ද භුක්ති විඳීමට මෙරට මුස්ලිම්වරුන්ට අවස්ථාව තිබේ.

කෙසේ වුවද රටේ දෝර ගලන ආගමික අන්තවාදය හමුවේ බෞද්ධ අන්තවාදයට ගමන් කොට අප බුදුන් දෙසු දහම අනුව සියල්ල අනිත්‍යයයි. එහෙයින්  ජාතියෙන් පලක් නොමැත. අප නිවන් සොයා යා යුතුයැයි සිතා නිහඩව බවුන් වැඩුවහොත් සිය ජාතිය ආගම වහා නිවන් දකිනු ඇති අතර මුස්ලිම් අන්තවාදයට බිලි වූ පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංගලිදේශය, මාලදිවයින මෙන් ලංකාව ද මුස්ලිම් රටක් වනු ඇත. අපේ අනාගත දරු මුනුබුරන්ට ෂාරියා නීතිය යටතේ කළු ලෝගුවලට මුවා වී අපායක ජීවත් වීමට සිදුවනු ඇත. බෞද්ධයින් අන්තවාදී ලෙස ලොව්තුරු සුව සොයා යෑම නිසා සිදුව ඇත්තේ ඒ රටවලින් බුදු දහම අතුරුදන් වීම පමණි. මුස්ලිම් අන්තවාදය විසින් ගිලගත් අතිබහුතරයක් රටවල් බෞද්ධ බව අමතක නොකළ යුතුය. එසේ වූයේ බෞද්ධයින් අන්තවාදය කරා ගමන් කළ හෙයිනි. බෞද්ධ අන්තවාදය නිශ්ක්‍රීය අන්තරාවර්ති වූවකි. සෙසු සියලු ප්‍රධාන ආගම්වල අන්තවාදය ව්‍යාප්තවාදී ද ආක්‍රමණකාරී ද වේ.





  

12 comments:

යෝධයා said...

http://apennews.com/godakanda-about-halal/

හලාල් සහතිකය නොමැතිකමෙන් කෝටි එකහමාරක පාඩුවක් අපට සිදුවෙලා තිබෙනවා

මේ නිව්ස් එක අනාගත කාල අතීත කාල වර්තමාන කාල ඔක්කොම පටලවගෙන.

මේ යකා එක තැනක කියනවානම් කෝටි 1 මාරක් පාඩු උනා කියලා දැන්ටමත් හලාල් හලලද? ඒ කියන්නෙ හලාල් එපා කියපු දවසෙ ඉදන් පොර හලාල් හලලා???? බොරු නෙ.... නත්තං මේ ඊයෙනෙ අර උලමලා සෙට් එක කිව්වෙ හලාල් වලින් අයින් වෙනව කියල ඒ ටිකට මූට ‍ඔය ගාන ලොස්ට් ද??

මේ වගේ අමනයන්ව උල තියන්න ඕනා.

///. හලාල් ඉවත් කරන්නත් බැහැ. අපි එය ඉවත් කරන්නෙත් නැහැ. ළිං වැඩියො වගේ ජීවත් වන්න අපිට පුළුවන්කමක් නැහැ.///

මේ යකාට කීයක් හරි දීලා කියනව කතා.

නාමල් උඩලමත්ත said...

ඇත්ත කතාව ගොඩකන්දගේ හලාල් බඩු ගන්න එක හලාල් විරෝධි ජනතාව අතහැරලා. ඉතින් මිනිහට පාඩුයි කෝටි ගණනක්. ඒක තේරුම් ගන්න තරම් අවබෝධයක් එයාට නැහැ. මුස්ලිම් ජනතාවට හලාල් කන්න එපා කියලා කවුරුවත් කීවේ නහැ. එහෙම කියනවා නම් ඊට මුලින්ම විරුද්ධ වෙන්නේ අපි. මොකද ඒ අයගේ අයිතීන්ට අපි ගරු කරනවා.එයාට බඩු පිට රට යවන්න ඕන නම් ඒවාට හලාල් ගහලා ඒ මුදල ඒ නිෂ්පාදනවලින් අයකර ගත්තාට අපට කමක් නැහැ. හැබැයි අපි සුදානම් නැහැ හලාල් කන්න. අපි සුදානම් නැහැ හලාල් කප්පම් ගෙවන්න. උලමා වගේම ගොඩකන්දත් විකාර දොඩවනවා.සැබෑ ප්‍රශ්නය අවබෝධ කර නොගෙන විකාර දොඩවනවා.

මාතලන් said...

සිහල උරුමය හා බොදු බල සේනාවේ තලේබාන්කරණයට විරුද්ධ වූවද, අති භයානක තලෙයිබාන්කරණයට ඔවුන් ගෙනයන විරෝධය ලංකිකයින් ලෙස අගය කල යුතුය. කළු ළෝගූ ව්‍යාප්තවන වේගය ආන්ඩුවට නොපෙනීම. ඉතාම කනගාටුදායක් තත්වයක්....

ස්තූතියි හඬක් නැගුවාට

නාමල් උඩලමත්ත said...

අන්තවාදයට විරුද්ධ වීම අන්තවාදයක් නෙමේ. එසේ විරුද්ධ නොවී ඊට ව්‍යාප්ත වන්න ඉඩ දීමයි අන්තවාදය. ඒක අක් අතකින් අන්තවාදය පිළිගැනීමක් අනුමත කිරීමක් වගේම අනුබල දීමක් වෙනවා. බොදුබල සේනා කළේ විය යුතු ලෙසම ඒ අන්තවාදයට විරුද්ධ වීම විතරයි. ඒක අන්තවාදයක් නම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන ප්‍රශය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ගනිපු තීරණ අනුව ඔවුන් කෙතරම් අන්තවාදී ද?

එහෙම නොකර ඔවුන් කීවේ නෑ බෞද්ධයින්ට ධර්ම චක්‍ර මුද්‍රාව සහිත යෝගට්, බිස්කට් ඕන කියලා. මුස්ලිම් අයට හලාල් කන්න එපා කීවෙත් නැහැ. එහෙම කළා නම් ඒක අන්තවාදයක් සහ අපි විරුද්ධ විය යුතු දෙයක්. ඒත් ඒ අය එහෙම කීවේ නෑ. කීවේ ආක්‍රමණය නතර කරන්න කියලා විතරයි. ඒ නිසා මට ඔබේ අදහස සමග එකඟ වෙන්න බැහැ.

ඔබේ අනෙක් අදහස්වලට මම එකඟ වන අතර ප්‍රතිචාරයට ස්තූතියි.

Kenji @ Japan said...

ගොඩකන්ද උන්නැහේ කියල තිබුන ඌරු තෙල් නැති නිසා හලාල් කෑම ස්වාමින් වහන්සේලාට පවා සුදුසුයි කියල?.

නාමල් උඩලමත්ත said...

එයා නම් කීවා එයා සෝවාන් කියලා. එයා පැටලිලා ඉන්න මත්‍යාදෘෂ්ටිය එයින් පේනවානේ. එයා මේ රටේ සිංහල ජනතාවට බඩු විකුණලා දියුණු වුණා කියලා දැන් මතක නෑ. මම නම් එයාගේ බඩු ගන්නේ නෑ.

සෙන්නා said...

දැන් සමාගම් වේගයෙන් හලාල් අතෑරගන යනවා කියලා ඊ මේල් මගින් දැන ගන්න ලැබුනා.. ඒක සත්‍යක්ද ?

මම ඉන්දියන් මුස්ලිම් පොරකට මේ සිද්දිය සැකෙවින් විස්තර කළා, ඌ අහනවා ලංකාවෙ මුස්ලිම් උන්ට පිස්සුද කියලා.. කෝටි ගානම් මුස්ලිම් වරු ඉන්න උන්ගෙ රටේවත් නැති විකාර ලංකාවෙ තියෙන්නෙ..

බොදු බල සේනාවෙ කාර්යය අගය කළ යුතු එකක්.

නාමල් උඩලමත්ත said...

ඇත්තට ම සමාගම්වලට හලාල් අත නෑර බැරි තැනට ඇවිත් තියෙන්නේ. ජනතාව දිගින් දිගට ම හලාල් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තමා උලමා සංවිධානය දැන් මල්වතු අස්ගිරි දුවන්නේ. අරලිය ගහ මන්දිරේට දුවන්නේ. ගොඩකන්ද උන්නැහේට වෙන්නෙත් එක්කෝ සෞදි අරාබියට යන්න නැත්නම් හලාල් අයින් කරලා ජාතියෙන් සමාව ගන්න.

උලමා කීවාට තමන් හලාල් ගන්න බල කළේ නෑ කියලා ඔවුන් බොහෝ ආයතනවලට ගොස් ඒ සඳහා අනියම් ලෙස බලපෑම් කළ බව බොහෝ ව්‍යාපාරිකයෝ කියලා තියෙනවා.

ඇත්තටම මේක හුදු හලාල් විරෝධයක් නෙමේ. මුස්ලිම් පිරිස් කාලයක් තිස්සේ බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන විනාශ කරමින් ගෙන ගිය ක්‍රියාවලිය ඉවසන්න බැරි වුණු තැන නැගුණු විරෝධයක්.

ඒ නිසා අද හලාල් විතරක් නෙමේ. සිංහලයින් අතර ඉතාම ජනප්‍රිය වී පැවති සිංහලයින් නිසාම අධික ලාභ ලැබූ No Limit, Fashion Bug ඇතුලු සියලු මුස්ලිම් ව්‍යාපාරවලටත් හත වැදිලා.

ඇත්තටම මුස්ලිම් අන්තවාදයට විරුද්ධව සිංහලයින් ගෙන යන්නේ අවිහිංසාවාදී සටනක්. ඒක රුසියාවේ සාර් රජුට විරුද්ධව ටෝල්ස්ටෝයි කළා. භාරතයේ ගාන්ධි සුද්දාට විරුද්ධව කළා. ඒ තමා භාණ්ඩ වර්ජනය.

ඒ වගේම මේ අන්තවාදීන්ගේ ප්‍රශ්නය නිසා සමස්ත මුස්ලිම් ජනතාවට පරිභව කිරීම අනුමත කරන්න නම් කිසිසේත් බැහැ. ඔවුන් අතර පිරිසක් සිටිනවා සිංහලයින් සමග ඉතාම සමගියෙන් ජීවත් වන. අපි ඔවුන්ගේ සිත් නොරිදෙන ලෙස කටයුතු කළ යුතුයි. ඒ සහෝදර ජනතාව අන්තවාදයට නොවැටෙන ලෙස කටයුතු කළ යුතුයි. මේ සටන අන්තවාදයට විරුද්ධව මිස අන්තවාදය බෝ කිරීම සඳහා නොවිය යුතුමය.

මුස්ලිම් ජනතාව තේරුම් ගන්න ඕන සිංහලයින් ඔවුන්ගේ සංස්කෘතිය ආක්‍රමණය නොකරන බව. බටහිර රටවල් වගේ අපි ඔවුන්ට අභියෝග කළේ නැහැ. බෞද්ධ සංස්කෘතිය තුළ ඔවුන්ට හැමදාම අපි නිදහස ආරක්ෂාව ලබා දුන්නා.

සෙන්නා said...

>>ඒ වගේම මේ අන්තවාදීන්ගේ ප්‍රශ්නය නිසා සමස්ත මුස්ලිම් ජනතාවට පරිභව කිරීම අනුමත කරන්න නම් කිසිසේත් බැහැ. ඔවුන් අතර පිරිසක් සිටිනවා සිංහලයින් සමග ඉතාම සමගියෙන් ජීවත් වන. අපි ඔවුන්ගේ සිත් නොරිදෙන ලෙස කටයුතු කළ යුතුයි. ඒ සහෝදර ජනතාව අන්තවාදයට නොවැටෙන ලෙස කටයුතු කළ යුතුයි. මේ සටන අන්තවාදයට විරුද්ධව මිස අන්තවාදය බෝ කිරීම සඳහා නොවිය යුතුමය. <<

අනිවාර්යයෙන්ම.

මමත් සියළු මුස්ලිම් සොයුරන්/සොයුරියන් අපේ හතුරන් හැටියට දකින්නෑ.. හැබැයි අන්තවාදය ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ ඔළුගෙඩිවලට විෂබීජ වක්කරමින් ඉන්න බවක් තමා පේන්නෙ. ඔවුන් අන්තවාදය දෙසට තල්ලු නොවී යන විදිහට කටයුතු කිරීමත් ඉතා වැදගත්..

ජිවිත ගවේශකයා said...


"අටපිරිකරත් හලාල් වීමට පෙර" අපේ මිනිස්සු ඔහේ දගලනවා විතරඉ නෙ.... මෙචර කලයක් අපෙ මිනිස්සු කවෙ බිව්වෙ ඔය සහතික බලලාද? නහෑනෙ . මෙතුවක් කලෙකට ලන්කාවෙ මුස්ලිම් මිනිස්සු කෑවෙ නද්ද? මුන්ට එක පාරටම මෙ හාලාල් එකක් ඔන උනෙ මොකද? අපෙ සමහර දෙශපාලන අය්යල නම් කියන්නෙ මෙවා කුමන්ත්‍රන කියල . එත් මෙව මෙහෙම වෙන්නෙ අපෙම තියන හරක් කමට.වෙන මුස්ලිම් රටක බුද්දාගමෙ ඔහොම මොනවා හරි උනානම් එක දවසක් තියෙයිද? අපිත් ඉතින් හෑම මගුලකටම රෙද්ද උස්සන ජතියක් නෙ. හොදම දෙ මෙක බවුද්ද රටක් කියල කෑගහනවට වඩා ක්‍රියවෙන් පෙන්වන එක. එ කිව්වෙ ගහගෙන මරාගෙන නෙවෙ.බුද්දදෙශනවෙ තියන විදියට.

නාමල් උඩලමත්ත said...

මේකනේ මේ රටේ ඉගෙන ගත් මිනිස්සු තමන්ගේ රට ජාතියට හිනා වෙනවා. ඒ ගැන ඇල්මක් තිබීම උගත්කමට නින්දාවක්. උගත් මිනිස්සු නම් තමන්ගේ ආගමට රටට ජාතියට ගරහන්න ඕන.
සිංහල උගත්තු ඕල්කට් බෞද්ධයෝ. ඇත්තටම ඔවුන් බෞද්ධ දර්ශනය ගැන ඇල්මක් ඇති සංස්කෘතියෙන් කතෝලික අය. අධ්‍යාපනයේ ඉහළට යන්න යන්න ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වෙනවා.

ඉතින් වැඩිය උගත්මක් නැති සිංහල බෞද්ධ එවුන්ට තේරෙනවා තමන්ගේ එවුන් පවා අන්තිමට සතුරාගේ පැත්ත කියලා. උන් පිස්සු වැටිලා අයාලේ සටන් කරනවා. කිසි දැක්මක් නැහැ. අන්‍ය ජාතිවල හැමෝටම බනිනවා. ගරහනවා. ඒක අවසානයේ කරන්නේ හානියක් බව තේරුම් ගන්න තරම් දැක්මක් නැහැ එවුන්ට.

මුස්ලිම් රටවල ආගමික නිදහසක් නැහැ. සෞදි අරාබියේ මුස්ලිම් ආගම මාරු කළොත් මරනවා. මාලදිවයිනේ පුරවැසියෙක් නම් ඔහු මුස්ලිම් විය යුතුයි. ඔවුන් බහුතරය වෙච්චි සියලු රටවල අන්‍ය ආගමිකයින්ට හිරිහැර කරනවා. බංගලිදේශයේ බෞද්ධ හින්දු සුළුතර කොටස් දිගටම මරා දමනවා.

සිය රට ජාතිය ආගම රැක ගන්න හැටි බුදු හාමුදුරුවෝ කීවේ නෑ. හැබැයි මේ රටේ ඉතිහාසය පුරා අපට ඒ සඳහා ක්‍රියා කළ චරිත හමු වෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා. කුඩාපොල හිමි, බැදිගම රතනපාල හිමි, වාරියපොල සුමංගල හිමි, එස්. මහින්ද හිමි ඒ සඳහා නිදසුන්. වල්පොල රාහුල හිමිගේ භික්ෂුවගේ උරුමය කෘතිය සියලු බෞද්ධයින් කියවා අවබෝධ කරගත යුතුයි. ඒත් මේ රටේ පුස්සෝ උඩ දාන්නේ, උන් වහන්සේ ප්‍රංශ බසින් බටහිරට බුදුදහම කියා දෙන්න ලියපු පොතක්. ඒක වැදගත් බටහිරට මිස සිංහල අපට නෙමේ. සිංහලයා බෞද්ධයාට සිංහල බසින් උන් වහන්සේ ලියපු පොත තමා භික්ෂුවගේ උරුමය.


නාමල් උඩලමත්ත said...
This comment has been removed by the author.
 
සිය රට දේ සිරි සැප දේ !