හිටපු ජෙනරාල් ඉස්සර අපට වීරයෙකි. ඔහු වෙනුවෙන් අපි ලීවෙමු. පෙනී සිටියෙමු. එහෙත් අවසන ජෙනරාල්ට ජනපති වීමට උවමනා විය. ඒ ගමන ආරම්භයේ ම සුදු කොඩි ඔස්සේ වීරයා මරාගෙන ද්‍රෝහියෙක් උපන්නේ ය. වීරයා මැරුවේ ජවිපෙය. වීරයාට පිහියෙන් ඇන්නේ ජවිපෙය. ද්‍රෝහියාගේ පියා ජවිපෙ ය. මව එජාපයයි.
එදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ඇමරිකාවට ගිය හිටපු ජෙනරාල් තමන්ගෙන් උපදෙස් ගත්තේ යැයි උජාරුවෙන් කී ටින් ටින් සිල්වා මේ ඉරිදා දිවයිනට කීවේ එය අසත්‍යයක් බව ය. එදා කතා කළේ සිල්වා ය. මෙදා කතා කරන්නේ ද සිල්වාම ය. ඔහුට එදා කී දේ අමතක වුව ද අපට අමතක නැත. ඔහු කියන සියල්ල ඇතැමුන්ට ඇත්ත වුව ද අපට නම් එසේ නැත.

අද The Island පත්තරේ එන මේ කාටුනය ජෙනරාල්ට වෙච්චි දේ අපට මැනවින් සිහිපත් කරදෙයි. යන එන මං නැතිව දේශපාලන කනත්ත බලා යමින් සිටින මළ පෙරහැරක මහ බඹා චරිතයට පණ දෙන්නට ජෙනරාල් වීරයා දිවි දුන්නේ ය. දුෂ්ටයා උපන්නේ ය. දැන් ඒ අගාධය වටේ සිට ජවිපෙ ජෙනරාල් විකුණති. ජෙනරාල් කෙසේ හෝ සිරගෙට යවා තම පක්ෂ දේශලාන මතවාදය ක්‍රියාවට නැගීමට ඇති එකම බාධකයෙන් නිදහස් වීම දැන් ජවිපෙ පැතුමයි. මේ උර චක්කර මාලයෙන් නිදහස් වී දඹුලු ගොහින් තලගොයි මරාගෙන එන්නට ජවිපෙ බලා සිටියි. තම මතවාදය වෙනුවෙන් රටේ සිය දහස් ගණනක් මරා දැමූ ජවිපෙට අවසානයේ ජෙනරාල් ද හපා විසි කරන උක් හපයක් පමණි.