Tuesday, June 14, 2022

ගාලු මුවදොර මුඩුක්කුව...

දශක ගණනාවක් තිස්සේ ආණ්ඩු ගණනාවක් මහජන මුදලින් සුන්දර කළ අපේ රටේ ඉතා ම වටිනා සහ සුන්දර බිම් කඩක මෙලෙස මුඩුක්කු ඇටවීමට ඉඩදීම පිළිබඳ මම බලවත් ලෙස කනගාටු වෙමි.

මෙය කිසිසේත් ප්රජාතන්ත්රවාදය නොව ඉන් ඔබ්බෙහි පවතින නරුමත්වයකි. අවනීතියට රට වන්නට ඉඩ දී බලා සිටීමකි. මෙය දැක සතුටු වන්නට හැක්කේ මේ රට ම මෙවැනි මුඩුක්කුවක් වනු දකිනට කැමැති මනසකට ම පමණි.

නියපොත්තෙන් කඩා දැමිය හැකිව තිබූ දෙය දැන් පොරවෙන් කපා දැමීමට ද බැරි තැනට උස් මහත් වී ඇත. ඊනියා ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ලොව කිසිදු ශිෂ්ට රටක් මෙවැනි විනාශයකට ඉඩ නොතබනු ඇත.
විදෙස් සංචාරකයින් අතර මහත් ජනප්රිය ගාලු මුවදොර අධි සුඛෝපභෝගී හොටෙල් සමූහයට එහි දර්ශන තලයට මෙමගින් සිදුවන විනාශය කියා නිම කළ හැකි ද?
මෙය අවසානයේ රටට ඩොලර් උනන උල්පත් මරා දමන භයානක වසංගතයකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !