Saturday, June 18, 2022

අර්බුද හදන්නෝ....

කොවිඩ් වසංගතය පාලනය කර ගනිමින් රට නොවසා ආර්ථික ක්රියාවලිය කෙසේ හෝ ඉදිරියට ගෙන යා යුතු බව අප අවධාරණය කළ සමයේ ආචර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඊට එරෙහිව පෙනී සිටියේය.

එදා රට වසා දමා ආර්ථිකය අකර්මන්ය කිරීම වෙනුවෙන් පෙනී සිටි ඔහු පමණක් නොව අනුර දිසානායක හෝ සජිත් ප්රේමදාස හෝ ස්වයං ලොක්ඩවුන් එකකට යන බවට තර්ජනය කළ පිරිස හෝ අද තමන් එදා සමාජගත කළ මතය නිසා ආර්ථිකය වසා දැමීමෙන් සිදු වූ විනාශයට වගකියන්නේ නැත.
සැබවින් ම ඔවුන්ගේ අවශ්යතාව වූයේ ම කොවිඩ් වසංගතයට මුවා වී රටේ නිෂ්පාදන කර්මාන්තය ද සංචාරක කර්මාන්තය ද වනසා ආර්ථිකය අකර්මන්ය කර දමා රට අගාධයට ඇද දමා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමටය. ඒ වෙනුවෙන් ජනතාවට රටට ගෙවන්නට සිදුවන වන්දිය ඔවුන්ට අදාළ නැත.
අනෙක් අතට රට වසා දැමීමේ අනිටු ප්රතිඵල ජනතාවට නිවැරදි ආකාරයට සන්නිවේදනය කර එම මතවාද පරාජය නොකර තමන්ට හිතැති සියලු මාධ්ය ද තරහ කරගෙන කිංග්ස්ලි රත්නායක, සුදේව හෙට්ටිආරච්චි වැනි තක්කඩි මාධ්ය ප්රධානීන් කරගෙන අර මතයට හිස නමා රට වසා දැමූ ජනාධිපතිවරයා ප්රමුඛ රජය ද සිදුකර ඇත්තේ රටේ සතුරන්ගේ අවශ්යතාව ඉටුකර දීමය.


No comments:

 
සිය රට දේ සිරි සැප දේ !