Wednesday, June 15, 2022

ධම්මිකට බය ඇයි?

ධම්මික පෙරේරා පසුගිය මැතිවරණයේ ඡන්ද අපේක්ෂකයෙක් නොවූ නිසාත් ජාතික ලැයිස්තුවක ඔහුගේ නම නොමැති නිසාත් ධම්මික පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධියි කියල පාක්‍යසෝති සර්වනමුත්තු අධිකරණයට ගිහින්. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඉහත කොන්දේසි සම්පූර්ණ කළ යුතු බවට ව්‍යවස්ථාවේ තියෙන බවක් මම දන්නේ නෑ. එහෙම කොන්දේසියක් ව්‍යවස්ථාවේ නැත්නම් ඒක ව්‍යවස්ථාව උල්ලංඝනයක් වෙන්නේ කොහොමද කියලත් මම දන්නෑ.

නමුත් මේ කොන්දේසි දෙකම සම්පූර්ණ නොකළ අය පාර්ලිමේන්තුවට ආවා. සමහරු ඇමැතිකම් පවා දැරුවා. ආසන්නතම උදාහරණය බැසිල්. ඔහු 2020 මැතිවරණයට තරඟ කළේ නෑ. ජාතික ලැයිස්තුවේ හිටියෙත් නෑ. 

නමුත් ඔහු පාර්ලිමෙින්තුවට ඇවිත් ඇමැතිකමකුත් දැරුවා. යහපාලනාණ්ඩුව කාලේ අර කිසිම කොන්දේසියක් සපුරා නැති සමන් රත්නප්‍රිය දවස් 08ක් පාර්ලිමේන්තු ගිහින් කෝටි 600ක ඩියුටිෆ්‍රී වාහනයකුත් අරන් ගෙදර ගියා. මේ වගේ උදාහරණ තව ඇති.

පසුගිය මහා මැතිවරණයේ දී පරාජිත රනිල්ට නැවත අගමැති වෙන්න පුළුවන් නම් ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල්ට අගමැති වෙන්ව බාධාවක් නැති ව්‍යවස්ථාවෙන් එලෙස ප්‍රතික්ෂේප නොවූ අයකුට පාර්ලිමේන්තුවට එන්න බැරිනම් ඒක අවුලක්. 

2015 මහා මැතිවරණයේ දී තනිව තරඟ කර පරාජය වුණ සරත් ෆොන්සේකාට ඊට පස්සේ එජාපයට බැඳිලා පාර්ලිමේන්තු ඇවිත් ඇමැතිකමක් ගන්නත් ව්‍යවස්ථා බාධාවක් නම් වුණේ නෑ.

ඒ වගේ ම අර කිසිම අවස්ථාවක අද වගේ පාක්‍යසෝතිලා අධිකරණයට ගියෙත් නෑ. ඒකට හේතුව තමයි, ධම්මික මේ අර්බුදය සමනය කරයි කියල බයක් බොහෝ දෙනෙක් තුළ තිබීම. අනුන්ගේ ආනයනිත කසළ කන්ටේනර් ධම්මිකගේ කියන්නේ, තව තව හේතු හදා ගෙන ධම්මිකට මඩ ගහන්නේ ඒකයි. 

එක රැයින් මේ රට ගොඩගන්න ධම්මික එහෙම විශ්මකර්මයෙක් කියල මම නම් හිතන්නේ නෑ. නමුත් අභියෝගය දැකලා සජිත්ලා හර්ෂලා පැනලා දුවද්දි ඒ සඳහා උත්සාහයක් දරන මිනිහෙකුට උදව් කරනවා මිස මඩ ගහන්න නරකයි. අර්බුදය ඉල්ලමක් කරගෙන කිරුළු පළඳින්න හීන දකින අය නෙමෙයි, මේක අපේ රට කියල හිතන මිනිස්සු තමයි අද ඕන.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !