Sunday, May 8, 2022

රාජ්‍ය ත්‍රස්තවාදය කැලෑ නීතිය සහ රනිල්

 එජාප නායක රනිල් රට පාලනය කිරීමේ දී අනුගමනය කළ බොහෝ ප්රතිපත්ති සමග මම එකඟ නැත. කෙසේ වුව ද ඉවක් බවක් නැතිව කල්ලි පිටින් රාජ්ය සේවයට බඳවා ගැනිම් නතර කිරීම අගය කරමි.

ලංකාවෙි පස් වරක් අගමැති වූ රනිල් අද බලය අහිමි නිකන් ම මන්ත්රීවරයෙකි. ඒ මන්ත්රීකම ද රටෙන් ම එජාපයට ලැබුණු ඡන්ද ටිකට ලැබුණු ජාතික ලැයිස්තු අසුනය.
එලෙස බලය අහිමි වීම නිසා ම අනාගත දේශපාලන සිහිනවලින් ඈත් වීම නිසා දෝ රනිල් අද රට මුහුණ දෙන අර්බුදයෙන් තමා ගොඩ යන ආකාරය ගැන නොව රට ගොඩගන්නා ආකාරය පිළිබඳ සිතා කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය.

එපමණක් නොව කෙතරම් දුර්වලව සිටිය ද තම නිවස ඉදිරිපිටට විරෝධතාකරුවන් එන විට ඊට එරෙහිව සිය ආධාරකරුවන් කැඳවීමට තරම් රනිල් දේශපාලන උපක්රම තේරිමෙහිලා කෙළ පැමිණියෙකි.
රනිල් පහුගිය කාලයේ අගමැති ධුරය දැරූ යහපාලනාණ්ඩුව සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විරෝධතාවක් සඳහා පැමිණි පිරිසට නැවත පිටකොටුවට දුවන්නට පහර දුන්නේය.
ඔහු කිසි විටක ජනාධිපති කාර්යාලය ඉදිරියේ කිසිවෙකුට වාඩි අටවා ගෙන ඩෙඟා නටන්නට ඉඩදුන්නේ නැත. පාරවල් වසා ගෙන පිස්සු කෙළින්නට ඉඩ දුන්නේ ද නැත.
පොලිසියේ අත්පා බැඳ මැර කල්ලි ඉදිරියේ පොලිසියේ ආත්ම ගෞරවය පමණක් නොව රාජ්යයේ ශක්තිය ද දියවන්නට ඉඩ දුන්නේ නැත. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වන්නේ මහජන සාමය රකින පොලිසිය දුර්වල කොට මැර කල්ලිවලට කැලෑ නීතිය අනුව රට පාලනය කිරීමට ඉඩ දී බලා සිටීමෙන් යැයි සිතීම සියවසේ විහිළුවකි.
මේ නිසා සියවස් ගණනක් තිස්සේ වැඩුණු අපේ රාජ්යය ද දශක ගණනක් තිස්සේ වැඩුණු එහි ප්රජාතන්ත්රවාදී පදනම ද දුර්වල වීම ඉතා ම කනගාටුදායක තත්ත්වයකි. මෙහි දුර්විපාක එන්නේ අද නොව හෙටය.

1 comment:

Me තුමා said...

හපෝ උඹේ අඬෝවැඩියාව!
දේවාලෙකට ගිහිං වස්කවි කියන්ඩ සෙට් වෙයං.
උඹ මේක ලිව්වා විතරයි, හතර පස් පාරක් අගමැති වෙලා දෙපාරක් විධායක ජනාධිපති වෙච්ච නාකි මෛනට අගමැති කම අහිමි උනා.
ලිව්වේ රනිලට වැදුනේ මෛනට!

 
සිය රට දේ සිරි සැප දේ !