Monday, December 22, 2014

ආණ්ඩුව 2/3 නැති කර ගත් හැටි.


නොවැම්බර් 25 ආණ්ඩුවේ මහින්ද හිතවාදියෙකු වන ඒ. එච්. එම්. අස්වර් ඉල්ලා අස් වුණා.

දෙසැම්බර් 12 නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමීර් අලී එම හිස් වූ අසුන සඳහා දිවුරුම් දුන්නා.
මේ මන්ත්‍රී හුවමාරුව සමස්ත ලංකා මුස්ලිම් සහාය ලබා ගැනීම සඳහා ලබා දෙන ලද කප්පමකි.
දෙසැම්බර් 25 මේ දින 10 මන්ත්‍රී ළදරුවා ඇමති රිෂාද් බදුර්දීන් එක්ක මෛත්‍රීපාලගේ පැත්තට ගියා. 
දැන් ආණ්ඩුවට ආසන 148යි. 
බලන්නකෝ මහින්ද 2/3 නැති කර ගන්න ගහපු ප්ලෑන....
මේවා තමා ප්ලෑන් නේද?
තව මේ වගේ සුපිරි ප්ලෑනක් ගැහුවා නම් 3/2 නෙමේ, 3ම නැති කර ගන්න පුළුවන්... 

මේවාට කියන්නේ ඉල්ල ගෙන කනවා කියලා ද නැත්නම් උදුර ගෙන කනවාද කියලා නම් මට තේරෙන්නේ නෑ. 
දැන් මහින්ද දෙන කප්පනුත් මෛත්‍රීපාල ළඟ නතර වන කාලයක්. 
අයියෝ සල්ලි... !

දැන් අපිට සන්තෝෂයි!!!

ඊයේ ආරංචියක් ආවා ඔලුවිල් වරාය අසල නාවික හමුදා කඳවුර හකීම්ගේ ඡන්ද ටික අරගන්න ජනාධිපතිතුමා ඉවත් කරලා කියලා. නමුත් මේ වෙනකම් ඒ ගැන කිසිම පක්ෂ විපක්ෂ දේශපාලකයෙක් කට ඇරලා නෑ. ආණ්ඩුව ඒක බොරුයි කියන්නෙත් නෑ. විපක්ෂය ඒක ඇත්තෙයි කියන්නෙත් නෑ. දෙපැත්තෙ ම ඉන්නවා රට දැය සමය වෙනුවෙන් දිවි දෙන්න සුදානම් ඈයෝ. ඇයි මේ දෙපැත්ත ම නිහඬ? මුන් දෙගෛාල්ලන් ම මේ වෙලාවේ රටට හෙන ගැහුවත් කට අරින්නේ නෑ, ඒක තමන්ගේ ඡන්ද මල්ලට අවාසි නම්. අනෙක මුන් තමන්ගේ බලය වෙනුවෙන් ඕන ම සක්කිලි වැඩක් කරන්න සුදානම් කිසිම ප්‍රතිපත්තියක් නෑති කල්ලි දෙකක්. දැන් අපි හිත හදා ගන්න ඕන ඔලුවිල් වරාය මිස කෑම්ප් එකක් නෑ. හකීම් එහෙම ඉල්ලීමක් කළේ නෑ. හකීම් එහෙම ඉල්ලීමක් කරන්න නම් කෑම්ප් එකක් තියෙන්න එපායැ.. නේද? හරි දැන් අපිට සන්තෝෂයි! ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාව, පකිස්ථානය ලබපු මිහිරි අත්දැකීම් ළඟඳිම භුක්ති විඳින්න ලැබෙන කල් උණු දිය හැලියේ නටපල්ලා...
 
සිය රට දේ සිරි සැප දේ !