Sunday, May 18, 2014

ඉල් විරුවන් සැමරිය හැකි නම් වෙසක් විරුවන් ඇයි බැරි?

ඉල් මහ සැමරුම ජවිපේය. වෙසක් විරු සැමරුමක් කොටින්ට ද ලබා දිය යුතු බව ඇතැමුන්ගේ අදහසයි. ඒ නන්දිකඩාල්හි මහ කොටියා ඇතුළු ත්‍රස්ත කල්ලි විනාශ කළ දිනයයි. මේ අදහස් දරන අය මාක්ස්වාදි සහ බෙදුම්වාදී ආස්ථානයක සිටියි. එමෙන්ම මේ දෙපිරසම කරන ලද්දේ එකම වරදක් බවත්, දෙමළ ජනතාවට මේ රටේ දෙවන පුරවැසියන් ලෙස සලකන නිසා ඔවුන්ට සිය විරුවන් සැමරීමට ඉඩ නොදෙන බවත් පවසා කෙප්පයක් නිර්මාණය කර පොරවල් වීම ඔවුන්ගේ අහිංසක ආශාවයි. 
මම මේ සැමරුම් දෙකට ම විරුද්ධය. නමුත් ඉල් මහ සැමරුම කළ හැකි නම් කොටි සමරන්න බැරි ඇයි කියා අහන අයට මට කීමට ඇත්තේ රාජ්‍යය සහ ආණ්ඩුව යනු දෙකක් බවය. ආණ්ඩුව යනු රාජ්‍යයක එක් අංගයක් පමණි. ජවිපෙ මදාවිකාරයෝ හැදුවේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පත් කළ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නොවන සන්නද්ධ ක්‍රම ඔස්සේ වෙනස් කිරීමටය. ඒක ජයග්‍රහණය කළා නම් රෝහණ විජේවීරත් අර ෆිදෙල් කැස්ත්‍රෝ වගේ අමරණීය නායකයෙක් වන්නේය. කෙසේ වුවත් සිංහල බෞද්ධයාගේ වාසනාවට එසේ වූයේ නැත.

 ප්‍රභාකරන් ඇතුළු කොටි කල්ලිය යුද්ධ ප්‍රකාශ කළේ ආණ්ඩුවට විරුද්ධව නොව, ලංකා රාජ්‍යයට විරුද්ධවය. එවුන් උත්සාහ කළේ ආණ්ඩුව වෙනස් කරන්න නෙමේ, රටේ භූමියෙන් 3/1 සහ මුහුදින් 3/2 සහිතව වෙනත් රටක් එහෙම නැත්නම් ඊළම කියලා ක්‍රිස්තියානි රාජ්‍යයක් තැනීමටය. ඒ සඳහා බටහිර රටවල් NGO සහ පල්ලිය උදව් කළහ. අය කුමන ක්‍රියාමාර්ග ඔස්සේ වුව ආණ්ඩු පෙරළීමේ ක්‍රියාදාමයකට එහා ගිය දැඩි බව පුනපුනා කිව යුතු නැත.

බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය විනාශ කළද, තවමත් ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදී ඊළාම් කල්ලි ලොව පුරා ක්‍රියාත්මක වෙයි. ඊළම වෙනුවෙන් නැවත සන්නද්ධ වූ ගෝපි ඇතුළු හිටපු කොටි තිදෙනෙක් මෑතකදී මැරුම් කෑහ.

ජවිපෙ මේ වන විට සන්නද්ධ ක්‍රියා මාර්ගවලින් ආණ්ඩු මාරු කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගෙන ඇත. ඔවුන්ගේ අරමුණ ජය ගැනීමේ ක්‍රමය වැරදි වුව ද අරමුණ වැරදි යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ ඉල් මහ සැමරුමට අවසර දීම ප්‍රශ්නයක් නොවේ. බහුතර ජනතා කැමැත්ත දිනාගත හැකි නම් ඔවුන්ට ආණ්ඩු බලය ලබාගත හැකිය.

එහෙත් බෙදුම්වාදී කල්ලිවල සන්නද්ධ අංශය විනාශ කළ ද ප්‍රජාතන්ත්‍රවාදී කල්ලි නැවත ලොව පුරා සන්නද්ධ වෙයි. ඔවුහු නැවත යුද්ධයකට ආයුධ රැස් කරමින් සිටිති. ඔවුන්ගේ අරමුණ ජයගැනීමේ ක්‍රමය මෙන් ම අරමුණ ද භයානකය. වැරදිය. එහෙයින් නැවත ද්‍රවිඩ තරුණයින් ඊළම වෙත දක්කන කිසිදු ක්‍රියා මාර්ගයකට නැඹුරු වීමට ඉඩ නොදීම ආණ්ඩුවේ මෙන් ම ආරක්ෂක අංශවල ද වගකීමයි. තවත් වසර 5ට කොටි තහනම් කිරීමට ඉන්දිය රජය ගත් පියවර කොටින් තවමත් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන බව සනාථ කරයි.

ලොව මෙතෙක් ජර්මනියේ හිට්ලර් හෝ සෞදියේ බින් ලාඩන් සැමරීමට ඉඩදී නැත. එසේ නම් මෙතෙක් ලොව බිහිවූ භයානකම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන කොටි සංවිධානය හෝ එහි නායකයා කිසිසේත් සැමරීමට ඉඩදිය යුතු නැත.  දේපළ රාජ සන්තක කළ යුතුය. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බෙදුම්වාදයට කත් ඇදීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන්ට සම්බන්ධ සියලු කල්ලි කණ්ඩායම් තහනම් කළ යුතුය. තරමට වඩා දඟලන එවුන් මහජන ජීවිත, මව්බිමේ ආරක්ෂාව සහ රටේ ඒකීයභාවය වඩා වැදගත් හෙයින් සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යා යුතුය. 

Wednesday, May 7, 2014

උමාරියා එක්ක හැරෙන්නත් බැරි නන්දා...! - ලහිරු පෙරේරා

ලහිරු පෙරේරා පවසන පරිදි නන්දා මාලනීට උමාරියා සමඟ හැරෙන්නත් බැරිය. මව්බිම පුවත්පතේ එක් ලිපියක හෙඩිම එසේය. මේ තකතීරු කතාව ඇසූ විගස සිංහල ගීත ශ්‍රාවකයින් තුළ සාධාරණ කෝපයක් ඇති වීම යුක්ති සහගතය. 

නන්දා මාලනී සිංහල ගීත ක‍්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ නිර්මාණකාරියකි. ඇය ගැයූ ගීත ප්‍රමාණය අතිවිශාලය. අප හුදෙකලාව සිටින විට නිතැතින් සිතට නැඟෙන තරමට ඇගේ ගීත ජන විඥානයට බද්ධ වී ඇත. ඒ ගීත පිළිබඳ කතා කිරීමට මේ අවස්ථාව නොවේ. ඒ සඳහා අවශ්‍ය සියලු සම්මාන කිත් පැසසුම්වලින් ඈ පුද ලබා තිබේ. 

පෙර සඳහන් කළ හෙඩිම දුටු නලින් සුබසිංහ මිතුරා පළ කළ අදහසක් මෙසේය.
"නන්දා මාලනියට උමාරියා එක්ක හැරෙන්නවත් බැරි බව අලුත් පරපුරේ ගායක හිපාටුවෙක් පවසා ඇති බවයි කියැවෙන්නේ. උන්ගේ අප්පලාට සල්ලි තිබීම හේතුවෙන් මීඩියාවල පිහිටෙන් ගායක ගයිකාවන් බවට අද පත් වෙලා ඉන්න මේ හිපාටුවො හිතන් ඉන්නවා ඇති උන් මහ ලොකු ගායක ගායිකාවන් කියලා. අනේ මගේ කට...
නන්දා මාලනී කියන්නේ අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම ගායිකාවක්. ඊට පස්සෙ ගායිකාවො කී දෙනෙක් බිහි වුනාද? මාලනී බුලත්සිංහල, නීලා වික්‍රමසිංහ, ඉන්ද්‍රාණි පෙරේරා, දීපිකා ප්‍රියදර්ශනී... මේ එක්කෙනෙක්ටවත් වඩා හොඳට හැරෙන්න පුළුවන් උමාරියාටද එතකොට?" 

පෙර සඳහන් කළ ලිපිය නොකිය වූ මම නලින්ගේ අදහසට මගේ ප්‍රතිචාරය මෙසේ පළ කළෙමි.
"ඇත්තට ම උමාරියා දක්ෂ ගායිකාවක්. නමුත් එයා නන්දා මාලනී සමඟ සැසඳීම නිසා ලොකුම හානිය වෙන්නේ උමාරියට. මේ කතාව අහලා එයා මුරුංගා අත්තේ නැග්ගොත් විනාසේ තමා. ලහිරු කියන්නේ තාත්තා නිසා මෙතනට රිංගපු හාදයෙක්. මේ වගේ ගොං කතාවක් නොකීවොත් ඇත්තට ම මෙහෙම එකෙක් ඉන්නවා කියලා අපට මතක් වෙන්නෙත් නෑ. ඒ නිසා ඉඳලා හිටලා මේ විදිහට උම්බෑ කියලා අපිට තමන් සිටින බව මතක් කර දීමත් නරක නෑ."

කෙසේ වුව ද පුවතේ හෙඩිම "නන්දා මාලනීට උමාරියා එක්ක හැරෙන්නවත් බෑ" යනුවෙන් තිබුණ ද එහි ලහිරු සඳහන් කර ඇත්තේ වෙනත් කතාවකි. 

"ප්‍රශ්නය - නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?

ලහිරුගේ පිළිතුර - නෑ නෑ මම කියන්නේ, Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. Singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා Sing කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට Sing කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට Sing කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ."

ලහිරු නන්දාට මෙන් ම අමරදේවට සිය කෘතඥතාව ප්‍රකාශ කර තිබේ. ඔහු උලුප්පා දක්වන තරුණ තරුණයින් ද දක්ෂයින් බව සැකයක් නැත. එහෙත් දැනට ඔවුන් යන මාවතේ ගොස් මෙරට සංගීත ක්‍ෂේත්‍රයට කිසිදු වටිනා වැඩක් කළ නොහැකිය. එහෙයින් ඔවුන් ලද සහජ හැකියාවන් සමඟ සිය ජ්‍යේෂ්ඨයින් ගිය මග යමින් එහි අඩුපාඩු ඇත්නම් සකසා ගෙන ඉදිරියට යා යුතුය.

එම ලිපිය නොකියවා ප්‍රතිචාර දැක්වීමත් නිසා මේ සංවාදය වැරදි මඟක ගිය බව මගේ හැඟීමයි. අවසානයේ සල් ගහ යට නිදා සිට ගෙඩියක් වැටුණු කල ලෝකය පෙරළෙන බව කියා දිව ගිය සාවා සහ සතුන්ගේ තත්ත්වයට අප පත්ව ඇත. 

සැබවින් ම ලහිරු කියන මේ කතාවේ ඇත්තක් තිබේ. කිසියම් ගායක ගායිකාවකගේ දක්ෂතාව ඔහු හෝ ඈ විසින් ගයන ලද ගීත ප්‍රමාණය මත නොව ඔහුට හෝ ඇයට ගායනා කළ හැකි ස්වර පරාස මත තීරණය විය යුතු යැයි මම සිතමි. 

ඒ අර්ථයෙන් ගත් කළ නන්දාට වඩා ඉදිරියෙන් සිටින එකිනෙකට වෙනස් විවිධ ස්වර පරාසයන්හි ගායනා කළ හැකි ගායිකාවන් මෙරට පහළ වූ බව මගේ අවංක අදහසයි. එහෙත් නන්දාට ලැබුණු අවස්ථා ඔවුන්ට නොලැබිණි. ඒ නිසා ම නන්දා සිංහල ගීත ක‍්ෂේත්‍රයෙහි අධිතක්සේරුවට ලක්ව ඇතැයි මට සිතෙයි. දැන් මගේ අදහස කියවූ ඔබ කළ යුත්තේ මට බැණ වැදීම නොව ඒ ගැන මොහොතක් නිදහසේ කල්පනා කර බැලීමය. ලහිරු කියන කතාවේ ඇති සත්‍ය තේරුම් ගැනීමට උත්සාහ ගැනීමය.

Saturday, May 3, 2014

ටැටූ ලිය හෙවත් නයෝමි කෝල්මන් ගැන කතා බහක්

(පසුගිය ද සිය බාහුවේ බුද්ධ රූපයක් කොටා ගෙන මෙරටට පැමිණි නයෝමි කෝල්මන් පිටුවහල් කිරීම මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඒ පිලිබඳ Chandana J. Hewawasam මිතුරා සහ මා අතර ෆේස් බුකියේ ඇති වූ කතා බහකට බහු ජන හිතසුව පිණිස මෙසේ කසාපබ්බතයෙහි පළ කරමු.)

Chandana J. Hewawasam Sandun , Udalamatta , Nalinda , Asitha : Read this article first, then have a look the photograph that she has taken on her previous visit..(?) ., Then give your independent thoughts about the right or wrong of the action taken by the Officers at Sri Lankan Airport ... මුලින් මෙම ලිපිය කියවලා ... පසුව පහතින් දැක්වෙන කොමෙන්ටුවත් බැති සිතින් නරබා මේ උපාසක අම්මා රටින් පිටුවල්හල් කල ගුවන්තොටුපල බලධාරීන් ගත් තීරණය සම්ම්බන්දයෙන් මල් මිටක් හෝ ගල් මිටක් පුද කරන්න



Chandana J. Hewawasam එකම කතාවක දෙපැත්ත. දැන් බලනකොට පිටුවහල් නොකළානම් .මේ වාගේ පින්තුර කීයක් මෙයා මේ පාර වන්දනාවේ ඇවිල්ල අරන් යයිද මන්දා.......? ෂීට්

Namal Udalamatta මම මේ පින්තූරය නයෝමිට යවලා ඇහුවා මේක ඇත්තට ම ඔයා කළා ද? නැත්නම් පරිගණකය ඇසුරින් නිර්මාණය කළ එකක් ද කියලා. නමුත් ඇය ඒකට ප්‍රතිචාර දැක්වූයේ නෑ. ඇය බුදු රුව බාහුවේ කෙටීම පිළිබඳ මට ලොකු ගැටලුවක් නෑ. මොකද සමහරු චේගුවේරා, බොබ් මාලේ, මයික් ටයිසන් වගේ අයගේ පින්තූරත් කොටා ගෙන ඉන්නවානේ. නමුත් අගෞරවය පිණිස එහොම කොටනවා කියලා හිතන්න අමාරුයි. අපේ ලොකු තාත්තා පිටේ කොටලා තියෙනවා "මව්පිය බුදු වේවා!" කියලා. මම හිතන්නේ ඒක ගෞරවය පිණිස කළ දෙයක් විදිහට. වෙනත් සංස්කෘතියක් තුළ ජීවත් වන යමෙක් ආගමින් බෞද්ධ වුණත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අපි හිතන පතන විදිහට ඔවුන් නොහිතන බව තේරුම් ගැනීම වැදගත්. ඔවුන්ගේ ඇගයුම්, හර පද්ධති සහ අපේ ඇගයුම්, හර පද්ධති වෙනස්. කොහොම වුණත් බුදු රුවක් ඉදිරියේ වාඩිවී සිටින ආකාරයේ පින්තූර ගැනීම ඒ සන්දර්භය තුළවත් සාධාරණ වෙන්නේ නෑ. පෞද්ගලිකව මම අපේ ආගමික ස්ථානයකට වඩා අන්‍ය ආගමික ස්ථානයකට ගියාම පරිස්සම් වෙනවා. මොකද අපි නොහිතාම ඒවාට යම් අගෞරවයක් විය හැකි නිසා. මොකද අපි තුළ අවිඥානික දැනුමක් නැහැ ඒ ස්ථාවල හැසිරිය යුතු විදිහ ගැන. කොහොම වුණත් නයෝමි මේ විදිහේ පින්තූරයක් ගත්තා නම් ඒක වැරදියි. සංස්කෘතික පසුබිම නිසා එයාට ඒ ගැන ලොකු හැඟීමක් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒක වැරදියි. නමුත් ඇය පිටුවහල් කළේ මේවා දැකලා හෝ තහවුරු කරගෙන නෙමේ. ඒ නිසා ඒ ගැන මගේ විරෝධය තියෙනවා. බුදුන් මිනී මස් කෑවා, තෙරුවන කියන්නේ මැණික් ගල් තුනක් කියපු මෝඩයින්ට විරුද්ධව තවමත් ක්‍රියාත්මක නොවූ නීතියක් නොතැකිය යුතු අවස්ථාවක ක්‍රියාත්මක වීම විහිළුවක්.



Chandana J. Hewawasam I agree with you. නමුත් ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හා ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර ආගමික උපදේශක වල්පොළ පියනන්ද හිමි යන්ගේ ලිපියේ මම පහත උපුටා දක්වා ගත් පරිච්චේදයට මට එකග විය නොහැකියි එනම් "නඕමි කොලෙමන් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක්. මේ වන විටත් ඇය තායිලන්තය, ඉන්දියාව, කාම්බෝජය, නේපාලය ආදී රටවල භාවනා වැඩසටහන්වලට සහභාගි වී ඇති තැනැත්තියක්. ඇයට ඇයගේ බාහුවේ කොටා ඇති බුද්ධ රූපය ගෞරවය දැක්වීමේ සලකුණක්. ඇය ඉන් කිසිදු වරදක් අපේක්‍ෂා කර නැහැ. ඇය අදහස් කර ඇත්තේ එමගින් ඇයගේ ගුරුරවරයා ලෙස සලකා බුදු හිමියන්ට ගෞරවය පිදීමයි. එය ඇයගේ විශ්වාසය වුණා. මක්නිසාද ඇය එසේ වර්නවට ලක්වීමට තරම් ඇගේ අතීත ක්‍රියාව බුදුදහමට හා බෞධ රටක ඇය හැසිරිය යුතුව තිබූ අනුභූතියට ගලපෙන්නේම නැතිනිසා.......;/

Namal Udalamatta Chandana J. Hewawasam ඔව් ඒ ගැන මගේ කිසිම විරුද්ධතාවක් නෑ. මම එකඟයි ඊට. එයා අතීතයේ එහෙම හැසිරුණා නම් වැරදියි. ඒ අතීත හැසිරීමට මම විරුද්ධයි. ඒ ගැන මම පැහැදිලි කළානේ. අපිට මෙහෙම හිතන්න බැරිද? ඈ මේ පින්තූරය ගනිද්දී බුදු දහම ගැන අවබෝධයක් හෝ ඇල්මක් තිබුණේ නෑ. පසුව කිසියම් පිනකට ඇය ඊට නැඹුරු වෙනවා. ඇය පසුකාලීනව අපේ හාමුදුරුවෝ කීවා වගේ බෞද්ධ රටවලට ගෙහුන් බණ භාවනා කරමින් ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඇය නැවත ලංකාවට එද්දී නම් මේ අකරතැබ්බයට මුහුණ දෙන්නේ අපි මේ ගැන නැවත සිතා බැලිය යුතුයි නේද? නිදසුනක් ගත්තොත් නොමග යවන ලද අංගුලිමාල වැරදි කළා කියලා අපි අංගුලිමාල රහතන්වහන්සේට කරන ගෞරවයේ කිසි අඩුවක් නෑනේ. අපි අතීතයේ කළ වරදක් නිසා ඇගේ වර්තමානය සමඟ ගැටුමක් ඇති කරගත යුතු ද? නමුත් මම දන්නේ නෑ නයෝමිගේ හිත කියවන්න. එයා එදා කළේ වරදක් බව අපි දන්නවා. එදා නොදැන හිටියත් අද නයෝමි ඒක වරදක් විදිහට දකිනවා නම්... නමුත් ඒ ගැනත් මම දන්නේ නෑ. මම මගේ හිතට ආ අදහස් ටික ලීවේ.

Chandana J. Hewawasam වරදකරයව ගල්ගසා මරා දැමීම බෞධ ක්‍රමය නොවේ. ඔබ කියන කරුණෙහි වලංගුබව පිළිබද තර්කයක් නෑ. ලංකාව තුල ඉන්නකන් ඒ උපාසිකාවගේ බුදුරුව සහිත පච්චය ප්‍රදර්ශනය නොවන ලෙස ඇදුමක් අද්දින්න එකගනම් , ලංකාවට එතුලු වෙන්න අවසර දෙන්න තිබුණා...මේ වගේ කේසස් වලදී රටේ සහ ආගමේ ගොවුරවයත් රැකගෙන රාජකාරී කිරිමට ගුවන්තොටුපල නිලදාරීන් දැනුවත් කෙරීම දැන්වත් කල යුතුයි

Namal Udalamatta ඔව් ඒක ඇත්ත. අපේ බලධාරීන්ගේ වගකීම තමා ඒ ඒ රටවල සංචාරකයින් දැනුවත් කිරීමට ක්‍රමවේදයක් සකසන එක. විශේෂයෙන් ඔවුන්ගේ සංචාරක උපදේශන සේවා සපයන වෙබ් අඩවිවල මේ ගැන සඳහන් කරන්න පුළුවන්. මේ උගත් යැයි කියන ඇතැම් උප්පැන්නේ බෞද්ධයෝ සර්වාගමික වෙච්චි අපි සිංහල බෞද්ධ නෙමේ අපි ශ්‍රී ලාංකික කියන රටකට ඇය එනවා නිර්භවය ඇගේ බාහුවේ කොටනවා බුදු රුවක්. ඒ නිසා ඇගේ බාහුවේ තිබුණු බුදු රුව ආවරණය කරගත යුතුය කියන තැනට අප යා යුතුච කියන එක මට තාම ගැටලුවක්. ඒක ඇය ඇගේ ආගමික ශාස්තෘවරයාට ගෞරව කරන විදිහක් නම් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ඒක අනුගත නොවූ පමණින් බුදුන්ට අගෞරව කළා කියන තැනට යා යුතුද කියලා අපි සිතා බැලිය යුතුයි. නමුත් බුදු රුවට සැබවින්ම අගෞරව වන විදිහට වැසිකිලි පෝච්චි, බිකිනි, සපත්තු අඩි ආදියෙහි යෙදීමට අපි කොන්දේසී විරහිතව විරුද්ධ විය යුතුයි. මොකද ඒවා දුෂ්ට චේතනාවෙන් කරන බව ඉතාම පැහැදිලි නිසා.

Chandana J. Hewawasam Namal "ඒක ඇය ඇගේ ආගමික ශාස්තෘවරයාට ගෞරව කරන විදිහක් නම් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ඒක අනුගත නොවූ පමණින් බුදුන්ට අගෞරව කළා කියන තැනට යා යුතුද කියලා අපි සිතා බැලිය යුතුයි. " ලෙස ඔබ ප්‍රකාශ කරන අදහස සම්ම්බන්දයෙන්නම් මම දරන්නේ වෙනස් මතයක්. දබුලුගල නැගිත්දී, දළදා මාළිගාවට යත්දී කොටට ඇදගෙන හෝ අඩ නිරුවතින් එන සුද්දෝ සුද්දියන්ට රෙදි ඇදගන්න කියන්නේ අපේ රටේ බෞධ ආගමික ස්ථානයකොට යන්න ඕනෑ විධිය කෙසේ වියුතුද යන්න තීරණය වී තීබෙන්නේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතවන ලෙස නිසයි. අනික. එතනදී අපී පෙනීසිටින්නේ අපේ රටේ ක්‍රමයට අනුව බුදුන්න්ට අපහාසයක් නොවෙන ලෙස විදේශිකයන්ට අපේ පූජනීය බෞධ ස්ථාන නරබන්නට අවස්ථාව දෙන එකයි. එතනදී, "විදේශිකයෝ අපේ සිධස්ථානයකට යනවිට නිරුවත ආවරණය කරගත යුතුය" යන නියමය සම්ම්බන්දයෙන් අපිට ගැටළුවක් ඇතිඋනේ නැහැ නේද ? මෙතනදීත් අපී ක්‍රියාකළ යුතුවතිබුණේ එම ස්ථාවරයේ සිට බවයි මගේ අදහස.

Namal Udalamatta Chandana අයියේ, ඔව්, ඔබට වෙනස් අදහස් දැරීමට ඇති අයිතියට මම ගරු කරනවා. අනෙක් අතට මම මේ සර්වාගමික පූට්ටුවලට කොහොමත් විරුද්ධයි. ඒක බෞද්ධයින්ගේ උරුමය හෑල්ලු කරන අටව ගත් කෙමනක් මිස කිසි පදනමක් ඇති අදහසක් නෙමේ. බහු සංස්කෘතියත් ඒ වගේම කුණුහරුපයක්.

බෞද්ධ සිද්ධස්ථානයකට යන විට සංවරව හැසිරිය යුතු බවටත් කිසිදු විවාදයක් නෑ. මම දැකලා තියෙනවා සුද්දියන්ට වගේ ම සමහර සිංහල බෞද්ධ තරණියන්ටත් දළඳා මාළිගය අබියස දී එහි ආරක්ෂක නිලධාරීන්ට විළි වහගන්න රෙදි සපයන්න සිද්ධ වුණු අවස්ථා. 

පහුවෙලා හරි ඔවුන් දැනුවත් කළ එක හොඳයි බුද්ධ රූපවලට අගෞරව වන විදිහට හැසිරෙන්න එපා කියලා. ඒකත් මම අගය කරනවා.

මගේ අදහස මේ බුදු දහමට අපහාස කිරීම කියන කාරණය අපි සියුම් ලෙස අර්ථ කතනය කරගත යුතු බව. ඒ සඳහා බුදු දහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ දෙකක් බව අවබෝධ කරගත යුතුයි. 

මිනිසුන්ගේ චර්යා රට බොහෝ දුරට තීරණය කරන්නේ ආගම නෙමේ සංස්කෘතිය. ඒ නිසා ආගමින් බෞද්ධ වුණත් බටහිර රටවල මිනිස්සු සංස්කෘතියෙන් යුදෙව් ක්‍රිස්තියානි. ඒ අයගේ හර පද්ධති පදනම් වන්නේ ඒ සංස්කෘතිය මත මිස බුදු දහම මත නෙමේ. ඔවුන් අඳින්නේ පළඳින්නේ ඒ අනුව. මං හිතන්නේ ඔවුන් අපේ රටට එන කොට විශේෂයෙන් නිරුවත් වෙනවා නෙමේ, ඒක එයාලගේ ක්‍රමය. 

අපි අපේ සංස්කෘතිය අනුව ආගමික ස්ථානවලට යන්නේ සුදු ඉතා චාම් ඇඳුමක් ඇඳලා. ඒ වුණාට අපි විනෝද චාරිකාවක් යද්දී, මංගල අවස්ථාවකට යද්දී වෙන ඊට වඩා විලාසිතා සහිත ඇඳුම් අඳින්නේ. අපි පන්සල් යනවා වගේ මඟුල් ගෙවල්වල යන්නේ නෑ. මල ගෙදර යද්දී වගේ මඟුල් ගෙදර යන්නේ නෑ. ඒ අපේ සංස්කෘතිය. 

ඒ අනුව අපි මේ රටට සංචාරයකට පැමිණි අන්‍ය සංස්කෘතියකට අයත් විදේශිකයෙකුට සිංහල බෞද්ධ අපි දළඳා මාළිගයට යන විට සැරසෙන විදිහට සැරසිලා මේ රට පුරා සංචාරය කළ යුතුය කියලා කියන්න පුළුවන් ද? මොකද සිංහල බෞද්ධ අපි වුණත් චාරිකාවක් යද්දී අඳින්නේ ඒ විදිහට නෙමේනේ. එවැනි විටක අන්‍ය සංස්කෘතියක ජීවත් වන අයගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වීම සාධාරණ ද? මට නම් හිතෙන්නේ නෑ කියලා.

සිංහල බෞද්ධ අපි යුරෝපයට ගියාම උඹලා සාරි ඔසරි අඳින්න එපා කියලා ඔවුන් කියන්නේ නෑනේ. හාමුදුරුවරුන්ට සිවුරු අඳින්න එපා කියන්නෙත් නෑනේ. මම හිතන්නේ අපි ඒ නම්‍යශීලි බව ආරක්ෂා කරගත යුතුයි. ඔවුනොවුන්ගේ අනන්‍යතාවලට ගරු කළ යුතුයි. 

ඇත්තට ම මම කැමති නෑ මුස්ලිම් රටවල තියෙන දැඩි සංස්කෘතික නීති රීතිවලට. ගුවන් යානයෙන් බහින විට ම ඉස්ලාම් නොවන අන්‍ය සංස්කෘතීන්වල ස්ත්‍රීන් පවා හිසේ සිට ආවරණය කරගත යුතුය වැනි නීති මට අනුව නම් හිංසාකාරී සහ අන්‍ය සංස්කෘතීන් නො ඉවසන නිසා හටගත් විකෘතීන්. ඒ විදිහට විදේශිකයින්ට අපේ සංස්කෘතිය දැනෙන්න ඉඩදිය යුතු නෑ කියලයි මට හිතෙන්නේ. 

කොහොම වුණත් මේක බොහොම බැරෑරුම් ලෙස විවිධ පැති ඔස්සේ සිතා බැලිය යුතු හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. මම හිතන්නේ නෑ, මම සියල්ල පිළිසිඳ දත් කෙනෙක් කියලා. මගේ අදහස්වල විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වගේ හරවත් සාකච්ඡා නිසා අපි ගැඹුරින් හිතන්න යොමු වෙනවා. මේ ලියන ඒවා බලන අයටත් යමක් ලැබෙයි කියලා මට හිතෙනවා. 

Chandana J. Hewawasam Namal මලයෝ ඔයා අසන මේ ප්‍රශ්නයට එනම් "අපි මේ රටට සංචාරයකට පැමිණි අන්‍ය සංස්කෘතියකට අයත් විදේශිකයෙකුට සිංහල බෞද්ධ අපි දළඳා මාළිගයට යන විට සැරසෙන විදිහට සැරසිලා මේ රට පුරා සංචාරය කළ යුතුය කියලා කියන්න පුළුවන් ද? " මගේ ස්වාදීන මතයට අනුව මෙහෙම පිළිතුරු දෙන්නම්  විදේශිකයෝ රට පුරා සංචාරය කරත්දී කැමති විදිහකට ගියාවේ,  නමුත්, දළදා මාලිගාව වගේ බෞධ පන්සල් වලට ඇතුළු වෙනකොටනම් සීමාවන් තිබිය යුතුයි .මම යාපනේ ගිය වතාවකදී අත්දැකපු දේ තමයි දේශීය , විදේශීය පිරිමි පක්ෂයට බේදයකින් තොරව නල්ලුර් කෝවිල ඇතුලට එන්න දුන්නේ උඩුකය නිරුවතිනුයි. අර කාන්තාව බෞධ ආගමික පසුබිමක හික්මුණු කෙනෙක්නම් , අපේ අය ගුවන්තොටුපලේදී නිසි කරුණු නිසි ලෙස පහදා දුන්නානම් ඇය පච්ච උරහිස ආවරණය කරගෙන , කිසිම අර්බුදයකින් තොරව ඇගේ සංචාරය හෝ වන්දනා ගමන නිමකරආපසු යන්න හොදටම ඉඩ තිබුණා. අපේ අය කෙන්ද කන්ද කරගෙන "වර්චස්" හත් පොලේ ගා නොගත්තානම් කියලයි මට හිතෙන්නෙම මලයෝ 

Namal Udalamatta  ඔව් අයියේ, ඔයා කියනවා "විදේශිකයෝ රට පුරා සංචාරය කරත්දී කැමති විදිහකට ගියාවේ, නමුත්, දළදා මාලිගාව වගේ බෞධ පන්සල් වලට ඇතුළු වෙනකොටනම් සීමාවන් තිබිය යුතුයි ." කියලා. ඉතින් මම කියන්නෙත් ඒකම තමා. ඒකනේ කලින් කමෙන්ටුවේ මම කීවේ "බෞද්ධ සිද්ධස්ථානයකට යන විට සංවරව හැසිරිය යුතු බවටත් කිසිදු විවාදයක් නෑ." කියලා. නිලධාරීන් ඇගේ බාහුවේ පච්චය දැක්කා කියලා බෞද්ධයෝ ප්‍රකෝප වෙයි කියලා හිතපු එක නම් මෝඩකමක්. ඇය මේ රටේ ඇවිදින විට එය වසාගෙන යා යුතු යැයි මං හිතන්නේ නෑ. නමුත් දළඳා මාළිගාවට ඈ ගියා නම් අනීවාර්යෙන් ම නිසි ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. නල්ලූර් කෝවිලේ කතාව වුණත් සනාථ කරන්නේ ඒ් අදහසනේ. මමත් නල්ලූර් ගියේ එහෙම තමා. මගේ සංස්කෘතිය හැරුණු විට හින්දු සංස්කෘතිය තමා මම ඉතාම කැමති සංස්කෘතිය. අපි නල්ලූර් ගියේ උඩුකය නිරුවත්නේ. නමුත් අපි යාපනේ ටවුන් එකේ එමෙ ගියේ නෑනේ. ඒ නිසා අපි සංචාරකයින්ට කියන්න ඕන නුඹලා බෞද්ධ සහ හින්දු සිද්ධස්ථානවල ඒවාට අගෞරවයක් නොවන විදිහට හැසිරිය යුතුයි කියලා. රටේ සංචාරය කරද්දි වුණත් ඒ අයට වල්බූරු නිදහසක් නෑ. මේ රටේ සංස්කෘතියට අනුගතව ඔවුන්ගේ නිදහස භුක්ති විඳිය හැකියි. එතකොට කිසිම ගැටලුවක් නෑ අයියේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට චීවරධාරියා කියලා කතා කරන අගමැති කෙනෙක් ඉන්න රටක, බෞද්ධ සිද්ධස්ථාන සර්වාගමික කෝලම් මඩු කරන අගමැති කෙනෙක් ඉන්න රටක, නයෝමිගේ පච්චය මහා අපහාසයක් වුණේ පහත් තැනින් වතුර ගැලීමේ තියරිය අනුව විය යුතුයි. මේ ආයතනවල නිධාරීන්ට උගත්කමට අමතරව මොලෙත් ඇබින්ඳක් තිබුණා නම් වටිනාකම කියා නිම කරන්න බෑ අයියේ.

Chandana J. Hewawasam මේ ආයතනවල සමහර නිධාරීන්ගේ "උගත්කම" පිලිබදවත් විශාල ප්‍රස්නයක් තියෙනවානේ  අපී දෙන්නනම් මේ ගැන දැන් හුගක් අදහස් බෙදා හදා ගත්ත. අපේ Asitha වචනයකුදු නොතෙපලා සිටීමට විශේෂිත වු හේතුවක් නැතුව ඇතී මගේ හිතේ

Namal Udalamatta අසිත අයියා ප්‍රකෝපවෙලාද මන්දා.  බයේ බෑ

Chandana J. Hewawasam I think the summary of the things we discussed so far with Namal is not against the content of this article. as a reply for some messages of my foreign friends about the real ground of this incident i like to share this to have an idea about the incident which lead series of deplomatic (  ) conversations between friends of different view points......:(Y)

 
සිය රට දේ සිරි සැප දේ !