Saturday, June 25, 2022

රට දිනන තුරු බලා සිටින පරපුරක්...!

 අපට සමාජයේ රැලි හදන එක රැලි හැදෙන එක නවත්තන්න බෑ. හැබැයි අපට එකතු වුණොත් රටට හිතකර රැලි හදන්න, ඒවා උස්සන්න වගේ ම රටට එරෙහි රැලි පරාද කරන්නත් පුළුවන්.

ඒකට හොඳ උදාමරණයක් මේ පින්තූරය.
"මැච් බලන්න කළු ඇඳගෙන කළු පටි බැඳගෙන ගිහින් ගෝඨාගෝහෝම් කියපල්ලා" කියල කුහක දේශපාලනය ක්රිකට් පිටියට ගෙනැත් රැල්ලක් හදන්න ගිය අය රට වෙනුවෙන් හැදුණු මහා රැල්ලට පරාද වුණා.
අනුර දිසානායකටත් හතර වෙනි තරඟයේ දී ලංකාවට සුබ පතන්න වුණා වගේ ම මේ අයටත් පරාජය භාර ගන්න විතරක් නෙමෙයි, ඕස්ට්රේලියාවට සුබ නොපතා ඉන්නත් බැරි වුණා, රට වෙනුවෙන් හැදුණ රැල්ලට එකතු වෙන්න වුණා.
ඒක අවසානයේ රටේ ම විජයග්රහණයක් බව ජාත්යන්තර මාධ්යවල වාර්තා වගේ ම ඒ සඳහා වැටෙන කමෙන්ට්ස්වලින් පැහැදිලියි. තමන්ගේ රට පරාජය වන තුරු නෙමෙයි, රට දිනන තුරු බලා ඉන්න පරපුරක් රටට ඕන.



No comments:

 
සිය රට දේ සිරි සැප දේ !