Friday, June 24, 2022

රැලි..

රැල්ලට යන්න එපා, රැල්ල භයානකයි කියලා දැන් කතාවක් යනවා. නමුත් සමාජයේ රැලි හැදෙන එක මාධ්‍ය ඒවා උස්සන එක කාටවත් නතර කරන්න බෑ. 

යහපාලන රැල්ල, ගෝඨා රැල්ල විතරක් නෙමෙයි, කොටි පරදන සටනත් සමාජ රැල්ලක ප්‍රතිඵලයක් තමයි. ඒකට අපි වෙනුවෙන් අපි වගේ ලොකු කැම්පේන් ගියා.

මෑතක ආව ණය නොගෙවන රැල්ල, ගෝහෝම්ගෝඨා රැල්ල වගේ රැලිවලින් රට බංකොලොත් වෙලා ගෙවල් ගිනි තියල විනාශයක් වුණා.

හැම රැල්ලම රටට ජනතාවට හිතකර නෑ. රට අහිතකර රැලි පරදන්න, ඒ රැලි හඳුන ගන්න ජනතාව අවදි කළ යුතුයි. ඒ වගේ ම රටට හිතකර රැල්ලට ජනතාව එකතු කරගත යුතුයි. කහ සිකුරාදාවත් එහෙමයි.

එහෙම නොකර රැල්ලට බැනලා වැඩක් නෑ. රටට අහිතකර රැල්ල ගහද්දි පෞද්ගලික දේශපාලන අමනාපකම් නිසා ඒ රැල්ලට අනියමින් සහ නියමින් ආධාර කරල මූණේ වැරැද්දට නාහේ කපා ගෙන පස්සේ රැල්ලට වරද පටවලත් වැඩක් නෑ.

එහෙම කළා කියල රැලි හැදෙන එක, හදන එක නතර වෙන්නේ නෑ. අපට කරන්න පුළුවන් රැල්ල හඳුනා ගෙන ඒ රැල්ලට මුහුණ දෙන එක. ඒකට මුහුණ දෙන්න ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් හදන එක හරි වැදගත්. 

එදා යුද විරෝධී රැල්ල සහ යුද අපරාධ රැල්ල පරාජය කරන්න ලක්ෂ්මන් හුළුගල්ලගේ මූලිකත්වයෙන් තිබුණු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය වගේ ආයතනයක් රටට ඕන. මොකද අද සියල්ලට ම වැඩිය මාධ්‍ය සහ සන්නිවේදනය වැදගත්.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !