ඊශ්‍රායල් පලස්තීන ගැටුම පිළිබඳ ගලා එන පුවත් බහුතරය සත්‍යය නොවේ. සත්‍යය ලෙස නිර්මාණය කළ ඒවා ය. ඊශ්‍රායලයට බටහිර ඉවුරේ සිට හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කරන බව මේ ප්‍රවෘත්තිවලට විෂය නොවේ. එහෙත් ඊශ්‍රායලය ප්‍රති-ප්‍රහාර එල්ල කළ වහා ඊශ්‍රායලය ළමයින් මරා දමන බවට ඡායාරූප සමඟ පුවත් පළ වේ. එවිට අපි අහිංසක මුස්ලිම් දරුවන් මරා දමන ඊශ්‍රායල් අගමැති ඇතුළු යුදෙව්වන්ගේ දෙමාපියන් සිහිපත් කර බැන වදිමු. එහෙත් මේ මිය ගිය ළමුන්ගේ එක ම ඡායාරූපය විවිධ සිද්ධිවලට අමුණමින් වසර කිහිපයක් තිස්සේ දෙතුන් වර පළ වෙයි. හමාස් අයිසිස් ඇතුළු 90%ක් වන සුන්නි ඉස්ලාමිකයින් 10%ක් වන ෂියා ඉස්ලාමිකයින්ට සහ සෙසු ලෝකයට කරන අපරාධ මෙවැනි ව්‍යාජ පුවත් ඔස්සේ වසා දමනු ලැබේ.
ලෝකයේ සුන්නි මුස්ලිමුන් බහුතරය වීමත් ඔවුන් සතු ආර්ථික ශක්තියත් බොහෝ සුන්නි මුස්ලිමුන් ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාති වීමත් නිසා බටහිර මාධ්‍ය ද සුන්නි මාධ්‍ය සමඟ මේ කටයුත්ත සඳහා හරි හරියට දායක වෙයි. මේ තත්ත්වය සමාන කළ හැක්කේ 2009 අවසන් වූ කොටි ත්‍රස්තවාදය හමුවේ අල් ජසීරා බීබීසි සීඑන්එන් ඇතුළු මාධ්‍ය ගෙන ගිය රංගනයටයි. කොටි සංවිධාන අහිංසක හා පැටවුන් ලෙස ද රජයේ හමුදා ම්ලේච්ඡ මිනීමරුවන් ලෙස ද හැඟෙන පරිදි එකල පුවත් නිර්මාණය කෙරිණි. අලුත්ගම සිද්ධියේදී ද මුස්ලිමුන් පොසොන් පෝදා භික්ෂුන් වහන්සේට පහර දීම හෝ පෙළපාලි ගිය බෞද්ධයින්ට පල්ලියේ සිට පහර දීම පිළිබඳ කතා නොකර ඊට ප්‍රතිචාර දැක්වූ සිංහලයින් නිසා මුස්ලිමුන්ට වූ හානිය පිළිබඳ පමණක් විග්‍රහ කෙරිණි.
අද ඊශ්‍රායල් පලස්තීන ගැටුම පදනම් කරගෙන නිර්මාණය කරන ප්‍රවෘත්ති ද එවැනි ය. එදා ලංකා ආණ්ඩුවට යුද කලාපවල සිටින්නන් නඩත්තු කළා සේ ම බටහිර ඉවුරට ආහාර විදුලිය ජලය බෙහෙත් සපයන්නේ ඊශ්‍රායලයයි. ඒ සඳහා හමාස්ලා පෙරළා කෘතගුණ දක්වන්නේ රොකට්වලිනි. ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන විට බටහිර ඉවුරට බැලුම් බෝල එවීමට තරම් යුදෙව්වන් දීන සිංහලයින් මෙන් නිවට නැත. එහෙයින් සාමය අවශ්‍ය නම් මුස්ලිමුන් කළ යුත්තේ බටහිර ඉවුරේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන හමාස් සංවිධානය නිහඬ කිරීම ය. පට්ටපල් කෙප්ප ඔස්සේ සිංහලයින් යටපත් කළ හැකි වුව ද යුදෙව්වන් නම් කිසි දිනක යටපත් කළ නො හැකි ය. රජයේ මාධ්‍ය ඔස්සේ පලස්තීන නායකයාට දුරකතනයෙන් අමතා සුවදුක් විමසන බව පැවසෙන අපේ මහ උන්දෑ ද කළ යුත්තේ එපමණි.