Monday, June 27, 2022

අනුරට රට දෙනු..!

මුලින් ම රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ උත්තර නෑ, මහ පාරේ ප්‍රශ්නේ විසඳගන්න ඕන, මිනිස්සු ලෑස්ති නම් අපි ලෑස්තියි කිව්වා. ඊට පස්සේ විප්ලවකාරයෝ හනුමට ඇඳලා රට ගිනි තිබ්බා.

දෙවනුව ජනාධිපති කැමති කෙකෙකුට රට භාර ගන්න කිව්ව ම "උඹත් එක්ක අපට බෑ, උඹ ගෙදර පලයන්, ඊට පස්සේ අපි රට හදන්නම්" කිව්වා.  ඒ අදට හරියට ම මාසෙකට කලින්. ඊට පස්සේ සජිත් හැංගුණා:රනිල් අගමැති කළා.

තෙවනුව ඊයේ අනුරාධපුරේ දී කියනවා, කැබිනට් එකයි අගමැතිකමයි දෙනවා නම් මාස හයෙන් රට ගොඩදානවා කියලා. දැන් අර කලින් මාසෙකට දෙකකට කලින් කී කතා කිසිවක් අදාළ නෑ. ඒ කොන්දේසිත් නෑ. ගෝ්‍ඨා එක්කත් පුළුවන් වෙලා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පුළුවන් වෙලා.

ඒ මොනා වුණත් මම නම් හිතන්නේ මේ හොඳ ම වෙලාව අනුර අගමැති කරල කැබිනට් එකට තමන් කැමති කෙනෙක් දා ගෙන ජවිපෙට හය මාසෙන් රට හදන්න දෙන්න. මේ චෑන්ස් එක ආණ්ඩුව මග අරින්න නාකයි.

හැබැයි තව මාසෙකින් අනුර කට උල් කරල ඇඟිලි බොකුටු කරල මයික් එක දෙදරන්න කියන ඊළඟ කතාවට අපට වගකියන්න බෑ.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !