Sunday, June 26, 2022

ඉන්දීය ප්‍රාන්තයක සිට...

පහුගිය දවසක ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියනවා ලංකාවේ ක්රීඩකයින් පිරිසක් ඉන්දීය ප්රාන්ත ක්රීඩා තරඟාවලියකට ගිහින් ඒ අනුව ලංකාව දැන් ඉන්දියාවේ ප්රාන්තයක් බව තහවුරුයි කියලා.

ඒක සනාථ කරන්න ඉන්දීය ව්යවස්ථාවේ වගන්තියකුත් ඉංගිරිසියෙන් දේශනා කළා. ඊට පස්සේ කීවා ජනාධිපති මහ රෑ ලංකාව ඉන්දීය ප්රාන්තයක් කරන්න ගිවිසුමක් ගහල ද දන්නෑ වගේ ඇඟ වෙන කතාවක්.
ඉතින් අපේ හාමුදුරුවෝ කවදාවත් බොරු නොකියන නිසාත් කවදාවත් සල් ගහ යට නිදා ගත් හාවා වගේ ආවට ගියාට ප්රකාශ නිකුත් නොකරන නිසාත් මම හිත හදාගෙන ගෙදර මුදුන් වහලේ ඉන්දීය ජාතික කොඩිය ගහලා යූටියුබ් එකෙන් බලාගෙන වන්දේ මාතරම් ජාතික ගීයත් පුරුදු වුණා.
ඊට පස්සේ ගිහින් බැලුවා අර ක්රීඩා තරඟාවලිය ගැන. 62nd Indian Inter State Athletic Championship තමයි ඒක. මේක 61ක් වතාවක් පැවැති තරඟාවලියක්. ඒකට පහුගිය අවුරුද්දේ ලංකා, බංගලිදේශ, චීන තායිපේ, මැලේසියා සහ කසකස්තාන ක්රීඩකයින්⁣ට ආරාධනා කළ බව ඉන්ටර්නෙට් එකේ තීනවා.ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි, තව රටවල් ගාණක් ඉන්දියාව අල්ලලා ඉවරයි.
ඉතින් මේ විදිහට ඉන්දියාව IPLවලිනුත් රටවල් භාර ගාණක් දැන් එයාලගේ ප්රාන්ත කරගෙන නේද කියල දැන ගත්තා ම මට හිඃ ගෑවුණා. සමහර විට IPL ගහන්න ක්රීඩකයෝ ආව රටවල් තවම උන් ඉන්දියාවේ ප්රාන්ත වෙලා ඉවර බව දන්නේ නැතිව ඇති. අපට වගේ දැන උගත් සෝභිත හාමුදුරුවෝ වගේ කෙනෙක් උන්ට නෑ. උන් පව් උන්. හාමුදුරුවෝ අපි දැනුම්වත් කළ නිසා අපි වාසනාවන්තයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !