Monday, February 14, 2022

චමුදිත නාටකයේ පිටපත කාගේ ද?

වරෙක ගානියා බැරිස්ටර් නම් කාන්තාවක් තමන් විසින් තමන් ම පැහැර ගෙන ස්විස් එම්බසි නාඩගම රඟපෑවාය. 

තවත් වරෙක රාජිත සේනාරත්න ලක්ෂ 15 බැගින් ගෙවා කුළියට ගත් සුදු වෑන් කිඹුලන් දෙදෙනෙකු යොදා ගෙන තවත් නාඩගමක් රඟපෑවේ ය.

තවත් අවස්ථාවක විපක්ෂ ක්‍රියාධරයෙකු දොස්තර පියා පන්සල් පල්ලි රෝහල්වල බෝම්බ තබමින් රටේ ජාතික ආරක්ෂාව දුර්වල බවට සමාජ මතයක් නිර්මාණය කිරීමට රඟපෑමක් කළේ ය.

තවත් අවස්ථාවක බැඳුම්කර සමාගමේ හාදයෙකු උගේ වාහනේට ඌම වෙඩි තබා ගෙන අමුතු නාටකයක් කළේ ය.

මේ සියලු අවස්ථාවල චෝදනා එල්ල කළේ ආණ්ඩුවටය. බැනුම් ඇසුවේ ආණ්ඩුවය. බිත්තියට හේත්තු වූයේ ආණ්ඩුවය.

එහෙත් මේ සියලු කුමන්ත්‍රණ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට අපකීර්තියට පත් කිරීමට විපක්ෂය සහ විපක්ෂයට සහාය ලබා දෙන කණ්ඩායම් විසින් ඉතා ම ම්ලේච්ඡ ලෙස සිදුකළ කුමන්ත්‍රණ බව අද සනාථ වී තිබේ.

චමුදිත සමරවික්‍රම සිද්ධිය ද එවැන්නක් වීමට ඇති ඉඩකඩ ඉතා ම වැඩිය. මා මුලින් සඳහන් කළ අවස්ථා තුනට අයත් නොවන්නේ නම් එය සිව්වන අවස්ථාව සමග සමපාත විය හැකි ය. 

නොඑසේ නම් චමුදිත සහ ඔහුගේ ප්‍රතිවාදී කණ්ඩායමක් අතර ගැටුමක ප්‍රතිඵලයක් විය යුතුමය. මෙය ආණ්ඩුව මත පටවන්නේ හුදු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මිස සැබෑ වරදකරු සොයා ගැනීමට නම් නොවේ.

2 comments:

Thattayagekolama said...

ලසන්ත, තාජුඩීන් එහෙමත් සිය දිවි හානි කර ගැනීම්ද?

Me තුමා said...

මේක කින්ඩාඕ බයෝටෙක් කොම්පැණියෙන් එවපු අලුත් කාබනික පොර සාම්පල් එකක් වෙන්න බැරිද?
ඔය පින්තුරේ තිබෙන පැළෑටිය බෝම්බයක් ගැහුවා වගේ වර්ධනය වුනොත්... සජබයන්ට සියේට තුනේ ජවිපාවුන්ට මොකද වෙන්නේ.

 
සිය රට දේ සිරි සැප දේ !