Saturday, November 20, 2021

ආනන්දගේ තෙල් හිඟය සහ රූපවාහිනී පුවත්...

තෙල් සංස්ථාවේ සේවය කර විශ්‍රාම ගිය ආනන්ද පාලිත පසුගිය මාස කිහිපයේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු කියා ජනතාව හතර වරක් පිරවුම්හල් අසල පෝලිම් ගැස්සවූයේය.

ජනතාව ආණ්ඩුවට කුනු බැනුම් බනිමින් වාහනවලට තෙල් ෆුල් ටෑන්ක් ගසා ගෙන ගැලුම්වල ද පුරවා ගෙන ගෙදර ගියේ සියලු වැඩ අතහැර පැය ගණන් පෝලිම්වල තපිමිණි. 

මෙලෙස එකවර තෙල් අසාමාන්‍ය ලෙස මිලට ගැනීම නිසා මතු වන කෘත්‍රිම හිඟයක් මිස රටේ මෙි කිසිදු අවස්ථාවක තෙල් හිඟයක් ඇති නොවිණි. රට පුරා සුපුරුදු ලෙස තෙල් බෙදා හැරිණි. 



ජනතාව අපහසුතාවට පත් කරමින් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම පිළිබඳ ආනන්ද පාලිත වරක් අත්අඩංගුවට ද පත් වුව ද පසුව නිදහස් විය. 

මෙලෙස බොරු කියා ජනතාව රැවටීම ඔස්සේ ආණ්ඩුව අපහසුතාවට පත්කළ හැකි බව දැනගත් සජිත්, ආනන්ද පාලිත සජබෙ වෘත්තීය සමිති ප්‍රධානී සහ මාධ්‍ය ප්‍රකාශක කළේය.

තව දින කිහිපයකින් ආනන්ද පාලිත සජබෙට උවමනා ආකාරයේ ජනතාව කුපිත කරන තවත් තෙල් බොරුවක් දෙසනු ඇත. ජනතාව නැවත පෝලීම්වලට පෙළ ගැසෙනු ඇත.

ජනතාව ද මෙම තත්ත්වය පිළිබඳ මීට වඩා සවිඥානික විය යුතුය. එසේ ම ආනන්ද පාලිතගේ තෙල් හිඟයට සිය ප්‍රවෘත්තිවල ඉඩක් දෙන රූපවාහිනී නාළිකා ඒ කරුණු බලශක්ති ඇමැතිවරයා හෝ තෙල් සංස්ථාව ලවා තහවුරු කර ගැනීමට තරම් වගකීම් සහගතවිය යුතුය.

මන්ද  ආනන්ද පාලිතට වඩා ජනතාව විශ්වාස කරන්නේ තමා ප්‍රවෘත්ති බලන නාළිකාවය. ආනන්ද පාලිත යනු කවුද කියා මේ රටේ ජනතාව දන්නේ ද නැත. එහෙත් රූපවාහිනීය ඇත්ත කියන්නේ යැයි ජනතාව සිතති. ඒ ජනතාව අසරණ නොකිරීම රූපවාහිනී නාළිකාවල වගකීමය.

2 comments:

sandhakadapahana said...

ඔබගේ බ්ලොගය මේ වන විට අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

සෙන්නා said...

අපේ පරහිතකාමී, දෑහිතකාමි ජනතාව තෙල් හිඟයක් එනවා කියූ පමණින් අනිකාට කෙලවුනත් මගේ ටැංකිය පුරවා ගත යුතුයි කියන මානසිකට්වයේ ඉන්නකම් ඔය වෘත්තීය සමිති කලකන්නින්ට ජනතාව උන්ට ඕනා විදිහට නටවන්න පුළුවන් තමා..පෝලිමේ ඉඳලා අන්න අවුරුද්දකටවත් ඇති වෙන්න තෙල් ගහ ගන්න පුළුවන්නම් අන්න කාලකන්නිනෙ බොරු අහලා පෝලිම්වල රස්තියාඅදු වුනාට කමක් නෑ..

 
සිය රට දේ සිරි සැප දේ !