Sunday, May 8, 2022

රටේ පාලන ව්‍යුහය තීරණය කළ යුත්තේ ජනතාව ද? වෘත්තීය සමිතියක් ද?

 ශ්රී ලංකා නීතීඥ සංගමය යනු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, පෞද්ගලික ඉන්ධන බෙදා හරින්නන්ගේ සංගමය වැනි වෘත්තීය සමිතියකි.

වර්තමාන ආර්ථික අර්බුදය සහ එය පදනම් කරගෙන මතුව ඇති දේශපාලන අර්බුදය විසඳීමට යැයි කියා මෙම පිරිස උත්සාහ කරන්නේ ව්යවස්ථා අර්බුදයක් ද නිර්මාණ කරන්නය.


රටේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුත්තේ ජනතා කැමැත්ත විමසා මිස එම වෘත්තීය සමිතිය නොවේ. ජනාධිපති ධූරය අහෝසි කළ පසු මතු වන ගැටලුවලට වගකීමට මෙම පිරිස ඉදිරිපත් වන්නේ ද නැත.
පළාත් සභා ක්රියාත්මක වන අතර සුවිශේෂ තත්ත්වයක මිස එක පක්ෂයකට බහුතරයක් දිනා ගැනීම අසීරු සමානුපාතික නියෝජන ක්රමය කුියාත්මක වන පසුබිමක විධායක ජනාධිපති ක්රමය අහෝසි කරමින් බෙදුම්වාදී අපේක්ෂා ඉටුකර ගන්නට කිසිසේත් ඉඩදිය යුතු නැත.
මුහුණත් එක්ක තරහ වී නහය කපා නොගැනීමට ජනතාව ප්රඥාවන්ත විය යුතුය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !