Tuesday, March 22, 2022

මිල්කො ආයතනය පිටිකිරි ගහන්නේ කාගේ උවමනාවට ද?

මේ අවස්ථාවේ මිල්කො ආයතනය පිටිකිරි නිෂ්පාදනය වෙනුවෙන් දියර කිරි, කල්කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම් නිෂ්පාදනය නතර කිරීම හෝ අඩු කිරීම විශාල වරදකි. මේ නිසා පාරිභෝගික ජනතාව අතර මහත් ජනප්‍රිය හයිලන්ඩ් අයිස්ක්‍රීම් වෙළඳපොළ වෙනත් පිරිසක් අතට පත් වනු ඇත. ආයතනයට ලාභ ගෙනා අයිස්ක්‍රීම් නිෂ්පාදනය මේ උත්සව සමයේ අතහැර දැමීම ආයතනයේ විනාශයට මිස යහපතට හේතු වන්නේ නැත.

අනෙක් අතට ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ දියර කිරි ප්‍රවර්ධනය සඳහා පොරොන්දු වී ඇති පසුබිමක දශක ගණනාවක් තිස්සේ බහුජාතික සමාගම් විසින් පිටිකිරි පානයට ඇබ්බැහි කළ ජනතාව ඉන් මිදි නැවතත් සියවස් ගණනාවක් හුරුව පැවැති දියර කිරී පානයට යොමු වන පසුබිමක නැවත පිටිකිරි ප්‍රවර්ධනය විශාල අපරාධයකි. 

පිටිකිරි නිෂ්පාදනයට වැයකළ යුතු දියර කිරි ප්‍රමාණය අධික නිසා කිරි නිෂ්පාදනය වැඩි නොකර පිටිකිරි නිෂ්පාදනයට යොමු වන විට සෙසු නිෂ්පාදන අඩු කිරීමට සිදුවන අතර එය මිල්කො ආයතනයේ මූල්‍ය තත්ත්වයට ද අහිතකර ලෙස බලපානු ඇත. මේ නිසා නැවතත් ජනතාව දියර කිරි පානයෙන් පිටිකිරි පානයට ඇබ්බැහි වනු ඇති අතර එමගින් අවසානයේ බහුජාතික සමාගම්වල උවමනාව ඉටු වනු ඇත. ජනතාවගේ නීරෝගීභාවය ද අහිමි වනු ඇත.



සැබවින් ම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නේ නම් දැන් කළ යුතුව ඇත්තේ දියර කිරි තව තවත් ප්‍රවර්ධනය කරන අතර අමාත්‍යංශය සමග එක්ව කිරි නිෂ්පාදන ප්‍රවර්ධනයට කටයුතු කිරීමය. ඒ කිසිවක් නොකර මෙතෙක් වෙළඳපොළේ පැවැති දියරකිරි, රසකළ කිරි, අයිස්ක්‍රීම්, කල්කිරි, යෝගට් ආදී සියල්ල සීමා කර කිරිපිටි ප්‍රවර්ධනය කරන්නේ කාගේ උවමනාවට ද? ඒ මේ රට වෙනුවෙන් ද? නැත්නම් නවසීලන්තය වෙනුවෙන් ද? 

හිටපු සභාපතිවරයාට කිරිපිටි නිෂ්පාදනය කළ නොහැකි වුව ද තමන් කිරිපිටි නිෂ්පාදනය කළේ ය යන ස්වයං තෘප්තිය ලැබීම හැර එමගින් මේ රටට අත්වන වාසිය කුමක් ද? කිරිපිටි වෙනුවෙන් සමස්ත මිල්කො නිෂ්පාදන බිලි දීම අවසානයේ ලෙඩා මළත් බඩ සුද්දයි කීමට වඩා වැඩි දෙයක් ඉතිරි කරනු ඇද්ද? නිෂ්පාදන ජනතා ඉල්ලුමට අනුව ලබා දෙමින් බහුජාතික සමාගම් ග්‍රහනයෙන් මේ රටේ ජනතාව මුදා ගැනීමටත් අනාගතයේ නිරෝගී පරපුරක් උරුම කර දීමටත් නව සභාපතිවරයාට විශාල වගකීමක් ඇත. මිල්කො දියර කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම්, යෝගට් ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කර ඉන් අනතුරුව කිරිපිටි නිෂ්පාදනයට යොමු වන්නේ නම් එහි කිසිදු වරදක් නැත. එහෙත් අවාසනාවට සිදුවන්නේ අටුව කඩා පුටුව හැදීමකි.

එසේ ම යහපාලනාණ්ඩුව සමයේ අවසාන අවුරුදු දෙක තුන ඇතුළත මිලියන 2000ක් පාඩු ලැබූ ආයතනය, ඉතා ම දුෂ්කර කාල වකවානුවක වුව ද නැවත වාර්ෂිකව මිලියන 400ක් පමණ ලාභ ලබන තැනට ගෙන ඒමට හිටපු සභාපතිවරයා කටයුතු කළේ ය. එම සියලු ජයග්‍රහණ කෙහෙල්මල් පිටිකිරි වෙනුවෙන් බිලිදීමේ ප්‍රතිවිපාක දෝර ගලා යනු ඇත්තේ වර්තමාන සභාපතිවරයා මතින් නොව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මතිනි. 

ඒ නිසා මිල්කො වර්තමාන සභාපතිවරයා මීට වඩා වගකීමෙන් සහ අනාගත දැක්මකින් කටයුතු කර මිල්කො ආයතනය ද සෞභාග්‍ය දැක්මෙහි අරමුණු ද මුදුන්පමුණුවා ගැනීමට කටයුතු කරනු දැකීම අපේ අපේක්ෂාවයි.

නාමල් උඩලමත්ත

1 comment:

Mohammed Razik said...

“ලා ඉලාහ ඉල්ලල්ලාහ්” (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත). " අල්ලාහු අක්බර්” (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි). තහ්මීද් “අල්හම්දු ලිල්ලාහ්” (සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය)

ප‍්‍රශ්නය: මම වැඩකරන්නේ රෙස්ටූරන් එකක. මම ත්‍රුබජය ක‍්‍රමයට උයන්නට ඉගෙනගන්නවා. ඌරු මස් එහෙම හදන්න ඉස්ලාම් තුළ අනුමැතිය තිබෙනවාද?

සහෝදරයෙකු පැරිසයේ සිට ….

පිළිතුර: එයට කොහෙත්ම අවසරයක් ඉස්ලාම් තුළ නොමැත. අප වෙබ් අඩවිය තුළ ”ඉස්ලාම් ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇත්තේ ඇයි?” යන මාතෘකාව යටතේ පළවී ඇති ලිපිය ද කියවන්න.
ඉස්ලාම් දහම යමක් තහනම් කරන විට එයට වක‍්‍ර ආකාරයකින් අනුබල දීම හෝ අනුමත නොකරයි. ඌරු මස් සම්බන්ධයෙන් ද මෙම නීතිය අදාළය.
”ඔබලා එකිනෙකා අතර යහපත හා බියබැතිකම වෙනුවෙන් උපකාරිවන්න, පාපය හා එදිරිවාදිකම් වෙනුවෙන් එකිනෙකා අතර උපකාරි නොවන්න. තවද අල්ලාහ්ට බියවන්න සැබවින්ම ඔහුගේ දඬුවම ඉතා දරුණුය” (ශුද්ධවූ අල්කුර්ආනය 5: 2*.

ඉස්ලාම් දහම යමක් තහනම් කළ විට එයට මොනයම් අයුරකින් හෝ උදව් කිරීම ද මහත් පාපයකි. පාපය වෙනුවෙන් කෙනෙකු තවත් කෙනෙකුට පිහිට වීම ඉහත ශුද්ධූ අල්කුර්ආන් පාඨය තුළින් තහනම් කෙරේ.
”යුදෙව්වරුන්ට අල්ලාහ්ගේ ශාපය ඇතිවේවා!. මන්ද! ඔවුන්ට මේද තහනම් කෙරිනි, නමුත් ඔවුන් එය විකුණා එයින් ලැබුනු ලාභය අනුභව කළහ. අල්ලාහ් යමක් අනුභවය සඳහා තහනම් කළ විට එයින් ලාභ ලැබීමද ඔහු තහනම් කරන්නේය.” (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි*, මූලාශ‍්‍රය: අහ්මද්*.
”පොළියට දෙන්නා, පොළියට ගන්නා එයට සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් වන්නා, එය සටහන් කරන්නා යන සියල්ලන්ට නබි (සල්* තුමන් ශාප කළහ” (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි*, මූලාශ‍්‍රය: අබූදාවුද්*.

”මත්පැන් තහනමට ලක්වූ විට නබි (සල්* තුමන් වෙත පැමිණ පිරිසක් එය විකුණා අපි ලාභ ලබන්නද? යනුවෙන් විමසූ විට (එම භාජණ සියල්ල* කඩා බිඳ දමන ලෙස නියෝග කළහ” (විස්තර කරන්නේ: බක්ර් ඉබ්නු අබ්දුල්ලාහ් (රලි*, මූලාශ‍්‍රය: මුසන්නෆ් ඉබ්නු අබී ෂෙයිබා*.

”මත් පැන් පානය කරන්නා, එය වක්කරන්නා, එය විකුණන්නා, මිළදී ගන්නා, පෙරන්නා, ඔසවාගෙන යන්නා යන සියල්ලන් අල්ලාහ්ගේ ශාපයට ලක්විය” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි*, මූලාශ‍්‍රය: අබූදාවුද්*.

ඉහත ප‍්‍රකාශවලින් ගම්‍යමාන වන කරුණ නම් ඉස්ලාම් යමක් තහනම් කරන විට එම වරද කිරීම, එම වරදට මොනයම් අයුරකින් හෝ සම්බන්ධවීම ද පාපයකි.

අනුභවය සඳහා තහනම්ව පවතින ඌරු මස් උයන්නට ද කිසිදු අවසරයක් නැත. එය සපුරා තහනම්ය.
ඔබ ඉතා අසීරුවෙන් සොයාගත් රැුකියාවක්වූවද ඉස්ලාම් අනුමත නොකළ මාර්ගයේ යමක් එහි වේ නම් එය ඔබේ ජීවිතයෙන් බැහැර කළ යුතුය.

පහත ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් හොඳින් කියවන්න!

”කවුරුන් අල්ලාහ්ට බියව කටයුතු කරයිද ඔහුට අල්ලාහ් (ගැලවුම්* මගක් ඇතිකරන්නේය. අනපේක්‍ෂිත අයුරින් අල්ලාහ් ඔහුට ආහාර සපයන්නේය, කවුරුන් අල්ලාහ් වෙත තිරසාර විශ්වාසයක් තබා සියල්ල භාර කරයිද ඔහුට අල්ලාහ් ප‍්‍රමාණවත්ය.” (ශුද්ධවූ අල්කුර්ආනය 65: 2,3*.

”තවද අල්ලාහ් ආහාර පිරිනොමන කිසිම ජීවියක් මෙම පොළොවේ නොමැත, තවද ඔවුන් ජීවත්වන ස්ථානය, ඔවුන් නැසී අවසන් වන ස්ථානය ද ඔහු දන්නේය. මෙම සියල්ල (ලව්හුල් මහ්ෆුල් නම්* සුපැහැදිළි පොතෙහි (සටහන්ව* පවතී.” (ශුද්ධවූ අල්කුර්ආනය 11: 6*.

”(මහ පොළොවේ* කොතෙකුත් සතුන් තම ආහාරය ඔසවාගෙන ගමන් කරන්නේ නැත, එයට හා ඔබලාට ආහාර පිරිනමන්නේ අල්ලාහ්ය. තවද ඔහු (සියල්ල* ශ‍්‍රවණය කරන්නෙය් සියල්ල දන්නේය” (ශුද්ධවූ අල්කුර්ආනය 29: 60*.

අපි අල්ලාහ් කෙරෙහි අචල විශ්වාසයක් තබමින් ඔහු අනුමත කළ මාර්ගයේ අපගේ ජීවනෝපාය පවත්වාගත යුතුය. අපි අල්ලාහ් වෙනුවෙන් යමක් කැප කරන විට ඔහු ඒ වෙනුවට අපට විවිධ මාර්ගයන් විවෘත කරන්නේය..

සර්වබලධාරී අල්ලාහ් ඉතා ඥානාන්විතය!

 
සිය රට දේ සිරි සැප දේ !