Sunday, September 13, 2020

දිවුලපිටියේ අශූචි වැඩේ...

දිවුලපිටියේ බුදු පිළිමෙට අසූචි ගැහුවේ බුදු දහමට වඩා පක්ෂය අදහන ටොයියෙක් වීමට ඇති ඉඩකඩ වැඩිය. මෙවැනි අශික්ෂිත වැඩ කළ හැක්කේ අන්තවාදියෙකු නොව පෙර කී ආකාරයේ නරුමයෙකුට ම ය. මේ පිළිබඳ අවට cctv දර්ශන සහ වෙනත් සාක්ෂි ඇසුරින් සැබෑ තොරතුරු හෙළි කිරීමට කටයුතු කළ යුතුය.

එසේ ම මුස්ලිම් අයකු මෙය කළේ යැයි ගෙන යන විරෝධයට සැබෑ තොරතුරු හෙළිදරව් කරගන්නා තුරු ප්රතිචාර නොදැක්වීමම ඇඟට ගුණය. මට නම් හිතෙන්නේ ම මෙය ටොයියන්ගේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමේ උපායක් බවමය.

මේ අසූචි වැඩේ 'සර්ගේ කයිය විතරයි. ස' ජනාධිපති වුණා නම් බලාගන්න තිබ්බා' ආදී උපහාස ඔස්සේ ගෝඨාභය සිරිසේනට සමාන කිරීමට කැම්පේන් කරන අයගේ වැඩක් වීමට ඇති ඉඩකඩ වැඩිය.
ජනාධිපතිවරයාගේ ප්රතිරූපය කෙළෙසන අතර සිංහල මුස්ලිම් ආරවුලක් ඇති කර නැවත අලුත්ගම යාම ඔවුන්ගේ බලාපොරොත්තුව විය හැකිය. එ් සඳහා සම්මාදම් වී රටට කෙළවීම අපේ වගකීම ද?
©නාමල් උඩලමත්ත

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !