Friday, March 26, 2010
ගොනාට ඇඳීම
කටින් බතල සිටවීමට මේ යුගයේ සිටින සුපිරි දක්ෂයා රනිල් වික්‍රමසංහය. ඔහු රටට සාමය ගේන්නට සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ අතර එය කොටින්ගේ අරමුණු ඉටු කළා මිස රට ලද සාමයක් නැත. පඩි වැඩි කරන බව පවසා වසර 2ට ඉලයට ආ වික්‍රමසිංහ උන්නැහේ 2 වන අවුරුද්දේ රු.1000න් පඩි වැඩි කළේ ය. එහෙත් ඡන්ද පොරොන්දුවල නොතිබු පෞද්ගලීකරණය විසින් රට ගිල ගත්තේය. රජයේ සේවය කප්පාදු කළ අතර සේවකයින් බඳවා ගැනීම නතර කළේය. දැන් ඔහු ආණ්ඩුවට බනින්නේ ළමයි ගඟට විසි කරන්න ආණ්ඩුව පාලම් හදනවා කියාය. රටට වරායවල් හදන්නේ ළමයින්ට පෙන්නන්නලු. රටේ සිදුවන සංවර්ධනයේ ඇතැම් දුර්විපාක ගැන අපට ද විවේචන තිබුණ ද වික්‍රමසිංහ උන්නැහේ හදන්නේ ජනතාවට ටොෆි චුවිම්ගම් බේස්ලට් පෙන්වා බලය ඩැහැ ගැනීමටය. රටේ සංවර්ධනය වෙනුවට ජනතාවට මාලු පාන් පෙන්වා රටේ ඉදිරි ගමන අඩාල කිරීමටය. කොටින් ම ජනතාව ගොනාට ඇන්දවීමටය. එහෙත් මෙවරත් ගොනාට අදින්න වෙන්නේ වික්‍රමසිංහ උන්නැහේට ම බව අප්‍රේල් 9 වන දින වෙද්දි සනාථ වනු ඇත. ඒ නිසා දිවයින කතුවරයා මතු කරන සැකය සාධාරණය.
Tuesday, March 23, 2010
බල්ලා හැපූ කල පෙරලා හැපීම
සිරස මාධ්‍ය ජංජාලයට පහරදීම පිටුපස ඇත්තේ අකෝන් නැමැති සෙනිගාල් ඇමරිකානු ගායකයෙකු මෙරටට ගෙන්වීමට එකී මාධ්‍ය ජංජාලය උත්සාහ කිරීම යැයි දැනගන්නට තිබේ. අකෝන් නම ගිය අපරාධකරුවෙකු පමණක් නොව බුදුදහමට නිගාදෙන ආකාරයේ ගීත වීඩියෝවක්ද එළිදක්වා ඇති පරයෙකි. මෙවන් හාල්කෑලි අපේ රටට ගෙනැවිත් වීරයින් කරන්න වළිකන්නේ අපේ රටට අපේ සංස්කෘතියට එරෙහිව මේ මාධ්‍යජාල හිමිකරුවන් තුළ ඇති වෛරය පිරිමසා ගැනීමට බැව් අප අවබෝධ කරගත යුතුය. සාතන්ගේ කිවි ලියූ සල්මන් රුෂ්ඩිට මෙන් ම ලැජ්ජා කෘතිය ලියු තස්ලිමා නස්ලින්ට ද ඒ ඒ ජන කොටස්වලින් එල්ල වූ විරෝධය ලොව පුරා ප්‍රසිද්ධ වූ බව පැහැදිළිය.
ඔබට, ඔබ කැමති කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා නැතනම්, කැපී පෙනෙන්නට ආශාව ඇතත් ඊට ඉඩ හසරක් නැත්නම් ඔබ කළ යුත්තේ එකී කලාවට මුවා වී කිසියම් ආගමකට පහර ගැසීමය. එවිට ඒ ආගම අදහන්නන් ඔබට විරුද්ධ වන නිසා ඔබ වහා ලොව පුරා ප්‍රසිද්ධ වෙයි. එවිට එකී සංස්කෘතියට විරුද්ධ, අන් සංස්කෘති නොරිස්සනවුන් අතර ඔබ වීරයෙක් වනු ඇත.
මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂිත හර පද්ධති වටිනාකම් සහිත රටක් බැව් ඇතැම් බහු සංස්කෘතික කෝලම්කාරයින් පිළිනොගත්ත ද සත්‍ය එයයි. ඉන්දියාවේ හින්දු සංස්කෘතිය මෙන් ම පකිස්ථානයේ මුස්ලිම් සංස්කෘතිය මෙන් ම ලංකාවේ ඇත්තේ බෞද්ධ සංස්කෘතියේ ආධිපත්‍යයයි. එහෙයින් සිය ආගමට අවමන් කළ අයෙකු මෙරටට ගෙන්වීමට රටේ ජනතාව විරෝධය පෑමේ පුදුමයක් නැත. මෙරට සංස්කෘතිය සදාචාරය විනාශ කොට එය නරුමයින්ගේ රටක් කිරීමේ දුෂ්ට ක්‍රියාදාමයක සිරස මාධ්‍ය ජංජාලය නිරත වන බව සත්‍යයකි. එහෙයින් අප පෙරද පැවසු පරිදි ඔවුන්ගේ හැසිරීම දෙස සුපරික්ෂාකාරීව බලා සිටීම සැමගේ යුතුකමය. වගකීමය. ඔවුන් රටට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීම ද අත්‍යවශ්‍යය.
එහෙත් ගැටළුව ඇත්තේ විරෝධය පෑ ආකාරයේ ය. බල්ලෙකු අපේ පය හැපූ කල පෙරලා බල්ලා හපා කන සිරිතක් අපට නැත. එහෙයින් බල්ලාගේ හපා කෑමට දක්වන ප්‍රතික්‍රියාව මිනිසාට තරම් විය යුතුය. ඉරාක ඇෆ්ගන් වැසියන්ට නැති එහෙත් කොටින්ට පමණක් ඇති ඊනියා මානව හිමිකම් සොයමින් බටහිර දඩ බල්ලන් මෙරටට ඉව කරන සමයක, කලක් තිස්සේ මෙරට ප්‍රබුද්ධයින් විසින් සිරස ගෙන යන සංස්කෘතික සංහාරය රටට අනාවරණය කිරීමේ ප්‍රතිඵලය ලෙස ජනතාව වේගයෙන් මේ කසිකබල් නාලිකාව ප්‍රතික්ෂේප කරන යුගයක මෙවන් තකතීරු ප්‍රහාරවලින් වාසි අත්වන්නේ කාටදැයි සොයා බැලිය යුතුය. පළමුවෙන් ම ඊනියා මානව හිමිකම් මුදලාලිලාට කොටි වැනසීමේ වාඩුව ගන්නට අපේ රටට අත පෙවීමට මේ කදිම විවරයකි. අපේ රටේ මානව හිමිකම් ජනමාධ්‍ය නිදහස නැතැයි කියා විවිධ විදෙස් අතපෙවීම් හරහා රට නැවත අඳුරු අගාධයකට ඇද දැමීමට මෙවන් සිද්ධි දඩමීමා කරගැනීමට මේ නූල් සූත්තකාරයින් හරි දක්ෂය. අනෙක් අතට ජනතාව අතරින් වියැකි යන සිරසට නැවත මහජන අනුකම්පාව ලබා ගැනීමට එය මගකි. ඒ හරහා සිය සුපුරුදු සංකෘතික සංහාරය නිදහසේ කරගෙන යා හැකි වෙයි.
එහෙයින් මෙවන් හැලි වඳුරන් අතට හසුවන්නට පිහි නොතැබීමට ආණ්ඩුව වග බලා ගත යුතුය. රටට එරෙහිව එවන් පිහිකාරයින්ට ජල්ලිපැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. සිරසට පහර දුන් හෝ සිරසට පහර දීගෙන රටේ ප්‍රතිරූපය වනසන ඕනෑ ම ජඩයෙකුට දැඩි දඬුවම් කළ යුතුය. අද දිවයින කතුවැකිය ඒ ගැනය.

Sunday, March 14, 2010
පොලිස් ත්‍රස්තවාදයට තිත...
තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදයේ අනිටු ඵල ලෙස මෙරට සමාජ සංස්කෘතික දේහය තුවාල විය. මහින්ද රාජපක්ෂ මහතාගේ අභීත නායකත්වය සහ ජාතික බලවේගවල ධෛර්යය පෙරදැරිව විරෝදාර හමුදාව එකී ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේය. සැරව දමා ඕජස් ගලමින් පැවති සමාජ දේහය කෙමෙන් සුව අතට හැරෙන අතර ඇතැම් සිවිල් ආයතන මළ ගිය කොටි අවතාර මෙන් හැසිරෙන්නට පටන් ගෙන ඇත. ඒ අතර ඉහළින් සිටින්නේ පොලිසියයි. අද වන විට පොලිසිය කුණු වී ගඳ ගසයි. ඉන් මුළු සමාජය ම ගඳ ගස්වයි. ස්ත්‍රී දූෂකයෝ, කසිප්පුකාරයෝ, කැලෑ පාළුවෝ, හොර වැලි ගොඩදමන්නෝ, ගංජා වවන්නෝ, හෙරොයින්කාරයෝ, හොර හරක්කාරයෝ ආදි මෙකී නොකී සියලු සමාජදූෂකයෝ පොලිසියේ ගජ මිතුරෝය. උන්ට පොලිසිය සලකන්නේ කල්‍යාණ මිත්‍රයින්ට ලෙසය.
එහෙත් එදාවේල හොයාගෙන කන අහිංසකයින් පොලිසියට පෙනෙන්නේ විනෝදයට දඩයම් කළ හැකි සතුන් ලෙසය. කොටි ත්‍රස්තවාදයට තිත තැබූ ජනපතිතුමා දැන් පොලිස් ත්‍රස්තවාදයට ද තිත තැබීමට ද පෙරමුණගත යුතුය. නැතහොත් කොටි ත්‍රස්තවාදය අවසන් වුවද මේ රටේ ජනතාවට නිදහසේ මර බියෙන් තොරව ජීවත් වීමට නොහැකි වනු ඇත. තව ම මැතිවරණයට දුර වැඩිය. නැත්නම් හතේ හත වැදී මළ මිනි විකුණා ගෙන කා ජීවත් වන මෙරට විපක්ෂය මේ මළමිනී ද ආණ්ඩුවට සිය පහත් දේශපාලන අරමුණු වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවනු ඇත. එවිට ඔවුන්ට තම ආණ්ඩුවේ අනුදැනුම මත 1988-1989 සමයේ කළ නින්දිත ඝාතන අමතක වෙයි. එවිට ජනතා විමුක්ති පෙරමුණ මෙරට තරුණයින් අමු සොහොනට දැක්වූ අයුරුද අමතක වෙයි.
මේ කාරණා ටික ලීවේ දිවයින කතුවැකිය කියවීමෙන් පසු ය.
Subscribe to:
Posts (Atom)