අතීතයේ සිට අපේ මව් බිම සතුරු උපද්‍රවයකට ගොදුරු වූ කල ඉදිරියට පැන ජනතාව අවදි කළෝ දේශයේ මුර දේවතාවුන් වන් මහා සංඝ රත්නයයි.අප සමඟ එකට කොළඹ සරසවියට පිවිස වසරක් ඇවෑමෙන් විශේෂ උපාධිය පිණිස පේරාදෙනිය සරසවියට නික්ම ගොස් අද එහි කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන මා සුමිතුරු කිරින්දේ චන්ද්‍රානන්ද හිමියන් ද ඒ අතීත බුදු පුතුන් මඟ යන අභීත සඟ රුවනෙකි. රටේ වර්තමාන දේශපාලනය අළලා උන්වහන්සේ ලියූ මෙම ලිපිය ඊයේ දිවයිනේ පළ විය. මේ රටට ආදරය කරන පුරවැසියන් ලෙස අප වහා අවධානයට යොමු කළ යුතු විවිධ පැතිකඩ සැකෙවින් විස්තර කෙරෙන එම ලිපිය ඔබ සැමගේ අවධානය පිණිස මෙසේ පළ කරමු.
ඇරිස්ටෝටල්ට අනුව අදේශපාලනික එක ද සත්වයකුවත් මෙලොව නැත්නම් එම සත්වයන් අතර අදේශපාලනික යුද්ධ අමුතුවෙන් තිබිය හැකිද? අද පවතින යුද්ධය (මානුෂික මෙහෙයුම) යැයි ඊට කීමට සිදුව ඇත්තේ විජාතික ඔලමොටිටලයන් හා දේශද්‍රෝහී ද්වේශපාලකයන් මෙමගින් අයුතු වාසි ලබාගන්නා බැවිනි. පවතින ප්‍රශ්නයට දේශපාලන විසඳුම නොවන බව කට පුරා කියන, දෙසන මැටි පඬුවන්ගෙන් මේ "පවතින ප්‍රශ්නය" කුමක්දැයි අසනු කැමැත්තෙමු. දෙවනුව, "පවතින ප්‍රශ්නය" වන්නේ ත්‍රස්තවාදය නම් ඊට ගත යුතු දේශපාලන විසඳුම කුමක්දැයි ප්‍රශ්න කරනු කැමැත්තෙමු. මොවුන් මේ අනියමින් කියන්නේ දෙසන්නේ අන් කිසිවක් නොව බෙදුම්වාදයට පෙඩරලයට අර ඇඳිය හැකි ඊනියා විසඳුමක් වහා ගෙන එන ලෙසයි. වෙන්දේසි නොකරම බන්දේසියක තබාම ඊළම දිය යුතු බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙසේ කියන දෙසනවුන් අතර පරමාදර්ශී බෞද්ධ සදාචාරයක පිහිටා යුද්ධය අනුමත කළ නොහැකි බවට තොල් මතුරන්නෝ ද වෙති. ඔවුන් තේරුම් ගත යුතු සත්‍යයක් ඇත. එනම් රාජ්‍යත්වයේ බෞද්ධ පරමාදර්ශය වන සක්විති රජු චතුරංගනී සේනාව තබාගෙන සිටින්නේ (2001 දී මෙන්) මල් සිටුවන්න වල් ගලවන්න නොවන බවයි. බෞද්ධ සභ්‍යත්වයේ එන හැටියට පළමු මහාසම්මත රජු පත් කර ගන්නේ අන් කිසිවක් නිසා නොව ආරකෂාව පිණිස පමණි. ඔහුගේ රාජකාරිය නිවැරුදිව ඉටුවෙද්දී ජනයා රංජනය වු නිසාය ඔහු "රජ" වුවේ. සිරිසඟබෝ රජවරුද රජවරුය. එහෙත් අපි ඔහු අගයන්නේ එක්තරා සන්දර්භයකදී පමණි. සිරිසඟබෝ යනු බෞද්ධ රාජ්‍යයේ පරමාදර්ශය නොවේ. අපට අවශ්‍ය වන්නේ දුටුගැමුණුලා මිස සිරිසඟබෝලා නොවේ. සිරිසඟබෝලා රජ වු විට අපට රටද රජුට බෙල්ලද අහිමි වනු ඇත. එහෙව් පාලනයේ උපයෝගිතාව කුමක්ද?
ඉතා සීමිත කාලයක් තුළ දී ත්‍රස්තවාදය අවසන් අදියර දක්වා පරාජය කරන්නට මෙවර හැකි වුයේ කුමක් නිසාද? මේ සඳහා බලපෑ විවිධ හේතු තිබිය හැකිය. එහෙත් මෙහි ප්‍රබලම හේතුව කුමක්ද? යුද ශක්තියද? සත්‍ය වශයෙන්ම නැත. ත්‍රස්තවාදය පරාජයට බලපෑ ප්‍රබලම හේතුව වුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින්නේ ත්‍රස්තවාදය බව හඳුනා ගැනීමයි. මේ පැවතුණේ ත්‍රස්තවාදය බව තේරුම් ගැනීමට එදා සමත් වුයේ නම් ත්‍රස්තවාදය ලත් තැනම ලොප් කිරීමට කිසිදු පාලකයකුට අපහසු නොවනු ඇත. මේ ප්‍රශ්නය එසේ තේරුම් නොගැනීමට මඟ පෑදුවෝ කවරහුද? ඒ අන් කිසිවෙක් නොව බලලෝභී හා අවස්ථාවාදී දේශපාලන අඥයන්ය. මොවුන් හා කඳවුරු බැඳගත් විජාතික බලවේග හා බටහිරයෝ මේ පවතින්නේ ජනවාර්ගික අර්බුදයක් යැයි කියමින් ඊළාම් බබාට අලුත් නමක් දුන්හ.
පොළඟා ඇතුළු වු ගෙදර වළහෙකු සොයමින් දශක තුනකට ආසන්නව පීඩා විඳි අප දැන් පොළඟා වෙතම ප්‍රහාර දියත් කරමින් සිටී. එහෙත් අපි තවදුරටත් ප්‍රවේශම් විය යුතුය. ඒ ත්‍රස්තවාදියාගෙන් නොව ඌට අලුත් නම් දෙන විශේෂ නියෝජිතයන්ගෙනි. මොවුන්ගේ ඇති විශේෂයක් නොවේ. මොවුන් පරණ නියෝජිතයන්මය. දෙසන්නේ පරණ කතාවමය. ත්‍රස්තවාදය අවසන් වුවද ප්‍රශ්නය අවසන් නොවු බව පවසා එයට වහාම දේශපාලන විසඳුමක් ගෙන ආ යුතු යැයි මේ පරණ නියෝජිතයෝ නැවත කියා සිටිති. සැබවින්ම යුද්ධයෙන් පසු විසඳිය යුතු කොතෙකුත් ප්‍රශ්න තිබේ. එහෙත් ඒවා ත්‍රස්තවාදීන්ගේ අවශිෂ්ට වු ප්‍රශ්න නොවේ. ඒ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනය ස්ථාපිත කිරීමේ පරිපාලන ප්‍රශ්නය පමණි. මේ පරණ නියෝජිතයන්ට ඉතුරුවන ප්‍රශ්නය එය නොවේ. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම බලපා ඇති අමුතු ප්‍රශ්නයක් ඉතිරිව ඇති බව පරණ නියෝජිතයෝ කියා සිටිති. සැබවින්ම මෙහි යථාර්ථය කුමක්ද?
දෙමළ ජනගහනයෙන් උතුර නැගෙනහිර වසන්නේ පහෙන් දෙකක් පමණි. පහෙන් තුනක් ඇත්තේ දකුණේය. දැන් දෙමළ වීම නිසා හටගෙන ඇති ප්‍රශ්නය ඇත්තේ කොහිද? උතුරෙහි ද දකුණෙහිද? විසඳුම දෙන්නේ හෝ ඊනියා ඊළම දෙන්නේ කාටද? අනෙක දෙමළ වීම යනු භාෂාවෙන් ද නොඑසේ නම් සංස්කෘතියෙන්ද? මන්ද යත් දෙමළ භාෂාව කතා කරන තවද ජනවර්ග (මුස්ලිම්) මෙහි සිටින බැවිනි. මේ ඊනියා ප්‍රශ්නයේ අසංස්ථිතික බව මොවුනට සැඟවිය නොහැක. මෙවර ජාත්‍යන්තරය හමුවේ ඔවුන්ගේ ප්‍රශ්නයේ නිරුවත ප්‍රකට වුයේ එම ඊළාම් මුසාවේ පවතින මෙම අසංස්ථිතිකභාවය නිසාමය.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දේශපාලනික විසඳුමක් නොවන බවට මැසිවිලි නඟන පරණ නියෝජිතයන් අල්කයිඩාවට එරෙහිව සටන් කරන ජෝර්ජ් බුෂ්ලාට මෙම පඬි දේශනාව දේශනා කරන්නට යන්නේ නැත. ත්‍රස්තවාදීන්, ත්‍රස්තවාදීන් වන්නේ බටහිරයන්ට පමණක්ද? අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් ඔප කළ දහදියෙන් සරු කළ මේ දේශය බටහිරයන්ගේ කොදෙව්වක් නොවනවා සේම මන්මෝහන්ලාගේ ටෙරිටරියක් නොවන බවද අවබෝධ කරගත යුතුය. අනෙක පරණ නියෝජිතයන් කියන ඊනියා ජනමාධ්‍ය නිදහස තම රටවල ජනමාධ්‍යයන්ට මෙන්ම ජඩමාධ්‍යවලට ලබාදී ඇත්ද? තුවක්කු අත දරා සිටින කොටියන් සේම පෑන අත දරා සිටින කොටි හා හොරණෑ පිඹින කොටිද සිටින බව අපි අමතක නොකළ යුතුය. ඇතැම්විට තුවක්කුවෙන් ගිනි පිඹින කොටියාට වඩා තෙළිතුඩින් කාබන් විදින කොටියා භයානක විය හැකිය. ත්‍රස්තවාදය ඇත්තේ රණබිමේ පමණක් යැයි නොසිතිය යුතුය. රණබිමෙන් පිට සිටින ත්‍රස්තවාදීන් සමග යුද්ධය ද අපහසුය. මන්ද ඔවුන් අවස්ථාවාදී දේශපාලන පලිහ විසින් හා ජාත්‍යන්තර පලිහ විසින් ආවරණය කරගෙන සිටින බැවිනි. මේ නිසා අවි දරා සිටින උතුරේ පරමේශ්වරීලාට මල්වඩම හිමිවන විට දකුණේදී කාබන් පෑනේ ත්‍රස්තවාදය කරන ඇතැම් පරමේශ්වරීලාට හිමිවන්නේ මල්මාලය. දකුණේ දේශද්‍රෝහීන් හා විජාතික ඊනියා මාධ්‍ය එකතුව ඇයට පැළඳුවේ මලින් ගෙතු මාලයක් නොවේ. ඇයට පැළඳුවේ පෑන් ගෙතු මාලයකි. මෙය බරපතල සංකේතයකි. ඔවුන් නියමින් හා අනියමින් කියා සිටින්නේ පෑනෙන් සටන් කරන ත්‍රස්තවාදියා තවදුරටත් සුරකෂිත බවය. ඊනියා මාධ්‍ය නිදහස පිළිබඳ පුරසාරම් දොඩවන පරණ නියෝජිතයන් මාධ්‍යයේ නිදහස ත්‍රස්තවාදයේ සීමාව ඉක්මවා නොයා යුතු බවක් මඳකුදු පවසන්නේ නැත. එකී ඊනියා මාධ්‍ය නිදහස බෙදුම්වාදය, දේශද්‍රෝහීත්වය ඉක්මවා නොයා යුතු බවට කෙළ පිඬක් සොලවන්නේ නැත. දැන් සිදුව ඇත්තේ කුමක්ද? අන් කිසිවක් නොව මීට පෙර නොයෙක් වෙසින් පෙනී සිටි ජඩමාධ්‍ය කොටින්ගේ පුල්ලි දැන් ප්‍රකට වෙමින් පැවතීමයි. තම සිරසට ගිනි තබාගැනීම හැර අන් විකල්පයක් ඔවුනට ඉතිරි වී ඇත්ද?
දේශපාලන විසඳුමකට වහා සුදානම් විය යුතු බවට පරණ නියෝජිතයන් කියන කතන්දරයේ යථාර්ථය කුමක්ද? ඔවුන් අපේකෂා කරන දේශපාලන විසඳුම කුමක්ද? බෙදුම්වාදයට කැසකවන විසඳුමකින් හැර මේ පරණ නියෝජිතයන් සතුටු කළ හැකි වෙනත් දේශපාලනික විසඳුමක් නැත. සැබවින්ම දෙමළ ජනයා දෙමළවීම නිසා පීඩා වින්දේ ප්‍රභාකරන්ගෙනි. ඒ ඔහුගේ ඊනියා ඊළාම් සිහින පාලම ද්‍රවිඩ කර මත ඉදිකිරීමට කටයුතු කළ නිසාය. එබැවින් පරණ නියෝජිතයන්ට අදේශපාලනික විසඳුමක් වුවද මෙම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ වැඩිම ප්‍රතිලාභ හිමිවන්නේ ප්‍රභාකරන්ගේ සිහින පාලමේ බරට යටවී සිටි අහිංසක දෙමළ ජනතාවට බව ඔවුන් මතක තබාගත යුතුය.
පුදුම එළවන සුලු කාරණය නම් එය නොවේ. ත්‍රස්තවාදයට විසඳුම යුද්ධය යන්න දේශපාලන න්‍යාය පත්‍රයේ උඩින්ම දමාගෙන සිටි ඊනියා මාක්ස්වාදීන්ට ද මේ දිනවල ආරකෂක හමුදාව ලබන යුදමය ජයග්‍රහණයන් දිරවාගත නොහැකිව තිබීමයි. ඔවුන් අමාරුවේ වැටී තිබෙන අනෙක් කාරණය වන්නේ දිරවිය නොහැකි වුවත් ජනතාව ඉදිරියේ හෘද සාකෂියට එකඟව වමෑරිය ද නොහැකිවීමයි. ඔවුනගේ මේ දෙබිඩි පිළිවෙත අවස්ථා කිහිපයකදීම මතු විය. ඔවුන්ට ජාතික ප්‍රශ්න පිළිබඳ රටට ගැලපෙන ආකාරයේ වෙනත් විසඳුමක් තිබුණේ නම් සර්ව පාකෂික කමිටුවට එය ඉදිරිපත් නොකරේ මන්ද? මෙහිදී ඔවුනගේ සැබෑ දේශපාලන ප්‍රතිපත්තිය කුමක්දැයි යන්න අවංකවම ප්‍රකාශ කළ යුතුව තිබිණි. එහෙත් සිංහල බෞද්ධ සමාජය ඉදිරියේ ඔවුනගේ අනාගමික රාජ්‍ය ප්‍රතිපත්තිය එළියට දැමීම ගැටලුවකි. එසේම මාක්ස්වාදීන් නොවන ප්‍රතිපත්තියක් එළියට දැමුවහොත් මාක්ස්වාදී වරපටින් සිර කරගෙන සිටින විශ්වවිද්‍යාල තරුණ දේශපාලනය තවදුරටත් එහි රඳවාගෙන සිටිය නොහැකිය. ජාති හිතෛෂීන් සේ ජාතිය ඉදිරියේ පුරසාරම් දොඩවන මේ මාක්ස්වාදීන් ජාතියේ ඉරණම විසඳෙන මෙවන් තීරණාත්මක මොහොතක කොන්දේසි විරහිතව ඊට සහයෝගය පළ කළ යුතුව ඇත. එහෙත් මේ මොහොතෙහි කැඩුණු වක්කඩ හැදීම හෝ කක්කුටු බෙණ වැසීම ඔවුන් තුටිටුවකට මායිම් කරන්නේ නැත. ඒවා සැකසීම තමන් සතු වගකීමක් සේ ඔවුන් නොසලකන්නේ තමන් මේ භුක්ති විඳින්නේ අඳ ගොවිතැනක්ය යන හැඟීම ඔවුන් තුළ ඇති නිසාය. සින්නක්කරම බලය තහවුරු කරගැනීමකින් තොරව එවැන්නකට දක්වන සහයෝගය ඔවුන් සලකන්නේ ගඟකට කපන ඉනි සේය. එසේ නොවන්නට පහර දෙන්නට අවි ආයුධ නොමැති නම් තියන ලබ්බෙන් හරි පහර දිය යුතු යැයි පුරසාරම් දෙඩු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ලබු ප්‍රහාර නොව ගුවන් ප්‍රහාර ඉදිරියේ ද තුටු නොවන්නේ මන්ද?
සැබවින්ම ලබ්බෙන් පහර දෙනවාට ඔවුන් කැමතිය. ත්‍රස්තවාදය මර්දනය කෙසේ වෙතත් ලබු ප්‍රහාරවලට සාපේකෂව තම දේශපාලනය වර්ධනය කරගත හැකි බව ඔවුහු ප්‍රත්‍යකෂයෙන්ම දනිති. පිළිවෙළින් ජේ. ආර්., ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආණ්ඩු ත්‍රස්තවාදයට එල්ල කළ ලබු ප්‍රහාර ඉදිරියේ තමන්ට නොවැරුදුණු බව දන්නා ජනතා විමුක්ති පෙරමුණ 2001 දී රනිල් වික්‍රමසිංහ ත්‍රස්තවාදයට එල්ල කළ මල්වෙඩි (ෂෙල්වෙඩි වෙනුවට) ප්‍රහාරය හමුවේ තවදුරටත් ශක්තිමත් විය. එනිසා සැබවින්ම මොවුන් වඩා කැමැති වන්නේ ත්‍රස්තවාදයට එරෙහි ෂෙල්වෙඩි වලට ද මල්වෙඩි වලට ද යනු අවබෝධ කරගැනීම අපහසු නොවේ. රණවිරුවන් එල්ල කරන දරුණු ප්‍රහාර ඉදිරියේ ත්‍රස්තවාදීන් දැවැන්ත අවි ආයුධ හිඟයකට මුහුණපාන විට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දකුණේ අවස්ථාවාදී දේශපාලනයට ඊට නොදෙවැනි ස්ලෝගන් (සටන්පාඨ) හිඟයකට මුහුණපෑමට සිදුව ඇත. මේ නිසා දැන් ඔවුනට ඇත්තේ පරණ නියෝජිතයන්ගේ පිහිට පමණි. මොවුහු සියල්ලෝම දැන් සීතල යුද්ධයක පැටලී සිටී. මෙහි ඇතැම් ජවනිකා අලුත් කඩවල ද රඟ දක්වනු පෙනේ. අලුත් කඩය ද මේ පරණ නියෝජිතයන්ටම කඩේ යන කල පරණ නියෝජිතයන්ගේ කතන්දර සැබවින්ම අරුමයක් ද නොවේ.
මේ මොහොත තීරණාත්මකය. දේශීය හා විදේශීය විජාතික බලවේග එකට අත්වැල් බැඳ කඳවුරු බඳිමින් සිටී. බෙදුම්වාදය, ත්‍රස්තවාදය හා ජාතිවාදය පෝෂණය කළ හැකි හා නැවත මතු කරවිය හැකි මුලාශ්‍ර තිබේදැයි ඔවුහු තවදුරටත් සොයනු ඇත. අපි අවදියෙන් සිටිමු.
කථිකාචාර්ය
කිරින්දේ චන්දානන්ද හිමි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(දිවයින-09/01/31)
Saturday, January 31, 2009
Friday, January 30, 2009
ලිප්ටන් රවුම අද පාළුයි සුවාමිනේ !!!
උතුරේ ත්‍රස්තවාදය පෝෂණය කළ ජඩයින් මෙරටට හදුන්වා දුන්නකි: කුප්‍රකට මානව හිමිකම් ජාවාරම. මෝඩ ගුරෙක් ළමයෙකුට තැලූ කල අධිකරණයට දුවන මොවුහු පත්තර විකුණන කොල්ලෙකුගේ ඇඟේ මැස්සෙක් හැපුණු විට එම මැස්සා ආණ්ඩුවේ මැරයෙක් බවට බටහිරට පැමිණිලි කරති. එවිට මෙරට මානව හිමිකම්, ජන මාධ්‍ය නිදහස කිරාමැන බලන උන්ගේ ස්වාමිවරුන් ඩොලර් කිහිපයක් මේ නිවටයින්ට විසි කොට ලංකාව අසමත් රාජ්‍යයක් බව ද ජවමාධ්‍ය නිදහස අන්තිමට නරක් වී ඇති බව ද පවසා ලිපි වාර්තා නිකුත් කරනු ලැබේ. එහෙත් කොටි ත්‍රස්තවාදීන් මේ රටේ අමු අමුවේ මිනී මරමින් කරන මානව හිමිකම් සමූල ඝාතන කරනු උන් කවදාවත් දුටුවේ නැත. දකින්නේත ද නැත.මෙවන් දේශද්‍රොහී ජඩයින්ට චීනය වැනි රටක නම් යළි හුස්ම ගැනීමට ඉඩ නොතබන බැව් සහතික ය. එහෙත් අපේ රටේ නම් මේ ව්‍යාපාර විසින් ම අවස්ථානුකූලව උන්ගේ එකෙක් මරා යම් ආන්දෝලනයක් ඇති කරනු තුරු උන්ට කිසිවෙකුගෙන් හිරිහැරයක් නැත. අද දිවයිනේ කතුවැකිය උන් ගැන ය.
මත්ද්‍රව්‍ය ජාවාරමත් රජයේ ඉඩම් ගොඩකර විකිණීමේ ජාවාරමත් හැරුණු කොට ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ලාභදායි ව්‍යාපාරය මානව හිමිකම් ව්‍යාපාරය විය යුතුය.
මානව හිමිකම් ව්‍යාපාර යනුවෙන් වු යථාර්ථයක් ලෝකයේ කොහේවත් නැතැයි යනුවෙන් මින් අදහස් නොකෙරෙයි. එහෙත්, ලෝකයේ තිබෙන එබඳු මානව හිමිකම් ව්‍යාපාර වුවත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ අන්තිම ජඩ ආවේශයකිනි. මේ ජඩකමට, වෙන අන් කවර කරුණකටත් වඩා හේතු වී ඇත්තේ මුදල් බව දැන් දැන් අනාවරණය වන හෙයින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ "මානව හිමිකම් ව්‍යාපාර" යන්න ජාවාරම් වශයෙන් මිස අන් කවර නමකින් නම් හැඳින්විය හැකිද?
එල්. ටී. ටී. ඊ. අත්අඩංගුවේ පසුවන අතිවිශාල සිවිල් වැසියන් සංඛ්‍යාව කොන්දේසි විරහිතව නිදහස් කොට යුද මුක්ත කලාපයට එවන්නැයි එල්. ටී. ටී. ඊ. යට නොකියා රජයත්, එල්. ටී. ටී. ඊ. යත් යන දෙපාර්ශ්වයම මේ මොහොතේ උතුරේ අහිංසක ජනතාවගේ මානව හිමිකම් බිඳින්නේ යැයි ඇම්නැස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියන විට ඉන් හැඟවෙන්නේ එහි බබා උක්කුං බව නොවේ.
තම මාලය රුකගැනීමට තැත් කළ පුද්ගලයාත් එය මංකොල්ලකෑමට තැත් කළ සොරාත් එකම වරදක දෙපාර්ශ්වයක් වශයෙන් සලකන්නෝ අන්‍යාලාපයකින් සොරා ආරකෂා කරන්නෝ නොවේද?
අහිංසක ජනතාව නිදහස් කොට ඉන්පසු තමන්ගේ "සුපුරුදු වැඩකිඩ" ශ්‍රී ලංකා හමුදාවලට පෙන්වන්නැයි "එල්. ටී. ටී. ඊ. වීරයාට" නොකියා, එක්සත් ජාතීන්ගේ අධීකෂණය යටතේ අන්තර්ජාතික නිරීකෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන්නදැයි අසන එරික් සෝල්හයිම් වැනි දේශපාලන වනචරයකු (වනචරයා යනු වනයෙහි සරන්නා යන්නය) මේ කරන භුමිකාව කුමක්ද?
සත්‍යය නම් එල්. ටී. ටී. ඊ. ග්‍රහණයේ පසුවන අහිංසක දෙමළ ජනතාව පිළිබඳව මේ අයට හෝ සංවිධානවලට හෝ රුදාවක් නැති බවය. ඇඟ එළියේ දමාගෙන මුත් පැස්බරෙකු මෙන් මුලතිව් වැල්ලේ හිස සඟවාගෙන සිටින වේළුපිල්ලේ ප්‍රභාකරන් බේරාගැනීම මේ සියල්ලන්ගේ සිහිනයයි.
දැනට එල්. ටී. ටී. ඊ. ග්‍රහණයේ පසුවන දෙමළ ජනතාව යනු පැරණි ඊජිප්තුවේ පාරාවෝ රජකු මියගිය කල්හි ඔහු සමග සදාකාලිකව වැළලීමට ගාල්කරන ලද වහලුන් පිරිසක් නොවේ.
හිටිලර් සමග සංසන්දනය කරන කල්හි වුවද වේළුපිල්ලේ යනු විලිලජ්ජා නැති නායකයකු බව පෙනේ.
හිටිලර්, බර්ලින් බංකරය තුළ ගතකළ තම අවසාන දින කීපයේදී වුව මහත්මයකු මෙන් කටයුතු කළේය. තම ප්‍රධාන සෙනෙවිවරුන් ඇතැමෙක් තමන්ට නොදන්වා පලායන අතරේදී සහ විශිෂ්ට රතු හමුදාවේ ප්‍රහාරවලින් මියයන අතරේදී වුව ඔහු බර්ලිනයේ ඉතිරි වු සාමාන්‍ය ජනතාව කැඳවා තමා වටා පවුරක් බැඳගත්තේ නැත. "අනේ දැන් ඔයගොල්ලෝ මාව බේරාගන්නැයි" හඬාවැටුණේද නැත. තමා විසින්ම නිර්මාණය කරන ලද අයහපත් බවේ ශාපයට දුෂ්ටයකු ලෙසම මුත් නිවටයකු මෙන් මුහුණ නොදුන් ඔහු සිය දිවි නසාගත්තේය.
ඇත්තවශයෙන්ම දැන් පෙනෙන්නේ දිවිනසාගැනීම දේශපාලන අවියක් වශයෙන් සහ තම පරමාර්ථ සාධනයේ ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් කළ මිනිසාම එයට බියෙන් පැකිළෙන බවකි.
සිවිල් මිනිසුන්ගේ, දරුවන්ගේ රෝගීන්ගේ ඇඟේ එල්ලී පණ බේරාගැනීමට තැත් කිරීම අඩුම තරමේ ත්‍රස්තවාදීන්ගේ වැඩක්වත් නොවේ. එය වු කලී කිනිතුල්ලන්ගේ සහ මැක්කන්ගේ වැඩක් පමණි.
අතිබිහිසුණු මහා ත්‍රස්තවාදියකු මෙන් හඳුන්වනු ලැබු මිනිසා, මැක්කකු මෙන් ඉතිහාසයට එක්වීම පිළිබඳව අපට ඇති කනගාටුවක් නැත.
එහෙත්, ඔහුගේ ග්‍රහණයට නතුව අපා දුක් විඳින සාමාන්‍ය ජනතාව පිළිබඳව අපට කනගාටුය. පොලිසියෙන් ගුටිකෑ හරක් හොරුන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව පවා ලිප්ටන් වටරවුම දෙවනත් කළ මානව හිමිකම් සංවිධාන කිසිවක් ඒ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටියි. ඔවුන් නිදහස් කරන්නැයි අර මැක්කාගෙන් නොඅයදියි. පොල් ගසනු තබා ඒ වෙනුවෙන් පිටි කළ පොල් කුඩු පැකටිටුවක්වත් පොළොවේ නොගසයි.

Thursday, January 29, 2009
සොල්හයිම්ගේ කිළිනොච්චි සාංකාව!
සොල්හයිම් මෙන් ම පිරපාහරන් ගැන වීර කාව්‍ය ලියන්න බලා සිටින උන් අද ද මෙරට සිටිති. මේ අතර සිටින එක්තරා පුඟුලෙක් සිය බ්ලොග් අඩවියේ නිතර පවසන්නේ තමා සෙසු අයට වඩා වෙනස්, ගලා යන දියේ උඩු ගං බලා පිහිනන අපේ කාලයේ නියම වීරයෙක් බව ය. තමා වැල යන අතට මැස්ස ගහන්නේ නැත. එහෙයින් රට ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට එකග වුව ද තමා එකඟ වන්නේ නැත. ඒ තමා වෙනස් නිසා ය. මේ කතාව අසන අපට සිහි වන්නේ නිල් බාල්දියකින් නැහැවුණු නරියාගේ කතාව ය. ඌ සෙසු නරින්ගේ පාට නොවන නිසා රජකමට සුදුසු යයි සිතූ බවත් ඒ සිතුම් උගේ විනාශය ඉක්මන් කළ බවත් එහි පැවසේ.
අප එරෙහි විය යුත්තේ සමාජයට විනාශකාරී දේවලට ය. පවතින සමාජයේ හැම දේට ම එරෙහි වීම වඳ වී යාමේ ලක්ෂණයකි. අද යුද්ධයට එරෙහි වෙමියි ඊනියා ප්‍රබුද්ධත්වයක් ආරෝපණය කර ගන්ට වළි කන මේ නාම්බන් රැළ පෙර රජයන් ගෙන ගිය ඊනියා සාම ප්‍රෝඩාවට එරෙහි වූවන් නොව ඊට ආ වැඩු නිවටුන් ය. අද උන්ගේ සාම ව්‍යාපාරය අසාර්ථක වී ඇත. ලෝක ත්‍රස්තවාදයේ ඉතිහාසය නැවත ලියන්නට අප වීරෝදාර රණ විරුවන් සමත් වී ඇත. අප ඒ ගමන ශක්තිමත් කරනු විනා මතවාදී වශයෙන් පැරදී සටන් පාඨ සොයන කොටි හොරිකඩයින්ට කන් දිය යුතු නැත.දැන් අපි කතුවැකියට යොමු වෙමු.
සතුරකුට වුවද විපතක් සිදු වු විට එයින් සතුටු වීමේ කුරිරු මානසිකත්වයක් අපට නැත. එහෙත් රටක් බියගැන්වු ජනඝාතක, ජන පීඩක නරුමයකුට අත්වන විනාශය ගැන නම් අප තුළ කවර හෝ කම්පාවක්, සංවේගයක් ඇති නොවන බව ද කිව යුතුය.
දැන් මුලතිව් වනය තුළ සැඟවී, සිය බිහිසුණු විනාශයේ මරණීය අස්වනු නෙළා ගැනීමට සුදානම්ව සිටින ප්‍රභාකරන්ට හෝ ඔහුගේ මෘග රුළට අත්වන කවර විපතක් වුවද රටට ශාන්තියක් ලෙස මේ රටේ බහුතර ජනතාව කල්පනා කරති. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් මිනී කඳු ගැසු ෆැසිස්ටිවාදී කොටි සංවිධානය සමුල ඝාතනය වනු දැකීම ඒ ජනතාවගේ පරම පැතුම වී තිබේ. එහෙත් ප්‍රභාකරන් බේරා ගැනීමට සෘජුවම ඉදිරිපත් වීමට තරම් විලිලැ:ජා නැති ධෛර්යවන්ත භාවයක් නෝර්වේ රජය ප්‍රදර්ශනය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ අධීකෂණය යටතේ අන්තර් ජාතික නිරීකෂක කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට එරික් සොල්හයිම් උත්සාහ කරයි. එහෙත් රජය ඔහුගේ ඉල්ලීම ප්‍රතිකෙෂ්ප කර තිබේ. ප්‍රභාකරන් හුරතල් කිරීමේ නෝර්වේ පිළිවෙත ගැන අපි මෙයට පෙර ද ලියා ඇත්තෙමු.
නෝර්වේ ඇතුළු බටහිර රටවල සෙවණැලි යටින් නැඟී සිටි බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය භාරය කුමක්දැයි හමුදාව විසින් අල්ලා ගන්නා ලද කිළිනොච්චිය ඇතුළු මුලතිව් ප්‍රදේශ වලින් ද දැන් හොඳටම තහවුරු වී තිබේ. මේ සියල්ලෝම නිරුවත් වානර රුළක් බව සැඟවිය නොහැකිය.
මුලතිව් හි කොටු වී සිටින දෙමළ වැසියන් ගැන කතා කිරීමට සොල්හයිම් මහත්තයලාට තිබෙන අයිතිය කුමක්ද? තමිල්නාඩුවේ සිට බොරුවට තප්පුලන කරුණානිධි ඇමැතිවරයා මෙන් සොල්හයිම් මහත්තයා ද තවමත් කොටි වලිගය අතහැරීමට සුදානම් නැති බව පෙනේ.
ඉන්දියාවේ විදේශ ඇමැති ප්‍රනාබ් මුකර්ජි මහතා නම් අද මේ රටේ සිදු වන්නේ කුමක් දැයි නිශ්චිතවම දැනගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපකෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම අර්බුදය විසඳීම සඳහා අපට සහාය දෙන බවට ප්‍රකාශයක් ද ඔහු කර තිබිණි.
සොල්හයිම් මහත්මයාණනි, අන්න නියම මහත්වරු. කවුරු කෙසේ කීවත් සිහි බුද්ධියෙන් සියල්ල බලා තේරුම් ගැනීම මහත්වරුන්ගේ ගුණයකි. සොල්හයිම් මහත්තයාට කිළිනොච්චිය ගෙදර වාගේ විය හැකිය. ඒ කාලයේ කොළඹට පැමිණ කිළිනොච්චි ගිය ගමන් බිමන් ගැන ද උන්නැහේට මතක් වනු විය හැකිය. බාගවෙලාවට උන්නැහේට කිළිනොච්චිය ගැන සාංකාවක් ද ඇති වී තිබෙනු විය හැකිය.
කිළිනොච්චියට ගොස් එහි තතු දැක බලා ගැනීමේ ස්වාභාවික කුතුහලයක් ඔබට තිබේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විශේෂ අවසරයක් ඔබට ලබාගැනීම අසීරු නැත. දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔබ සැබැවින්ම ක්‍රියා කරන්නේ නම් ඊට වඩා කාර්යභාරයක් ඔබට තවමත් කළ හැකි යැයි අපි සිතමු. ඔබ කළ යුත්තේ එකම එක දෙයකි. එනම් මුලතිව්වල හිරවී සිටින දෙමළ ජනතාවට එයින් පිටවී යෑමට ඉඩ දෙන්නැයි ඔබේ සන්මිත්‍ර වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටීමයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රභාකරන්ගෙන් ඒ ඉල්ලීම කළ බව සමහර විට ඔබ දැන සිටිනු ද විය හැකිය. අනේ මහත්මයාණනි, ඔබේ මිත්‍රයා ප්‍රභාකරන් තවමත් ඒ ඉල්ලීමට එකඟ වී නම් නැත. ඔහුගේ ෆැසිස්ටිවාදී සගයෝ තවමත් මුලතිව් වලින් පිටවී එන දෙමළ ජනතාවට වෙඩි තබති.
මුලතිව් ජනතාව කොටි අත්අඩංගුවට පත්ව සිටින බව වසන් කිරීම සඳහා කෙරෙන ව්‍යාජ ප්‍රචාර ද බොහෝය. ආරකෂක හමුදා සිවිල් ජනතාවට මෙන්ම ගිලන් රථවලටද වෙඩි තබන බව සඳහන් පුවත් ද අන්තර්ජාලයට එක්කර තිබෙන බවද ඇත්තය. එහෙත් ඒ ප්‍රභාකරන්ගේ ගජ මිතුරන්ගේ අමුලික බොරු බව ඉන්දියාව ද තේරුම් ගෙන ඇත.
කෙසේ වුවද ප්‍රභාකරන් ගැන වීර කාව්‍යයක් ලිවීමට බලා සිටි අයට දැන් ඉතිරිව ඇත්තේ සිය මහා වීරයා ගැන ඛෙදාන්ත රචනාවක් ලිවීමටය. තවම වීරයා මැරිලා නැති බව ඇත්තය. එහෙත් මරණයේ සෙවණැල්ල යට වීරයාත් වීරයාගේ මාරයෝත් සිය ඉරණමට මුහුණ දීමට සුදානම්ව සිටිති.
(දිවයින-09/01/30)

Subscribe to:
Comments (Atom)