පල්හොරුන්, මංකොල්ලකරුවන්, අපරාධකරුවන් මෙන්ම ත්‍රස්‌තවාදීහු ද පිසූ ආහාර අනුභව කරති. කෑමට පෙර අත් සේදීම් ආදිය ද කරති. එසේම ඇතැම් විටෙක යම් යම් සංස්‌කෘතික ක්‍රියාකාරකම්වල ද නිරත වෙති. එහෙත් ඔවුන් විශිෂ්ට සංස්‌කෘතික මිනිසුන් යෑයි ඉන් අදහස් නො කෙරෙයි.
හොර තක්‌කඩියාගේ සාදය උගේ ඉදිරි තක්‌කඩි වැඩවල ප්‍රයෝජනය පිණිස ම යෙදවෙන්නකි. මංකොල්ලකරුවාගේ රාත්‍රි භෝජන සංග්‍රහය ඔහුට උදව් උපකාර කරන සියලුම වර්ගවල නපුරන්ගේ සතුට උදෙසා ය. අපරාධකරුවාගේ ප්‍රේමය ගොදුර ඔහු වෙත ළඟා වනතුරු පමණ ය. ත්‍රස්‌තවාදියාගේ සංස්‌කෘතික උළෙල ඔහුට අවශ්‍ය බෝම්බ ටික අටවා ගැනීමේ මුවාවක් පමණකි.
පොංගුතමිල් යනු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ සංස්‌කෘතික උළෙල විය. අප කලින් පැහැදිලි කළා සේ පෙනුමෙන් එය සංස්‌කෘතික උළෙලක් වුව ද, උපයෝගිතාවෙන් එය නිසැකවම ත්‍රස්‌තවාදීන්ගේ පපර බෑන්ඩ් පාටියක්‌ම විය. මේ සත්‍යය නො දන්නා බබාලා ඇමරිකා එක්‌සත් ජනපද බබාලන්තයේ, බ්‍රිතාන්‍ය නමැති බබා උක්‌කුංලන්තයේ හෝ නෝර්වේ නමැති අයියබබා - මල්ලිබබා ලන්තයේ හෝ සිටිය හැකි ය. එහෙත් එල්.ටී.ටී.ඊ.යේ කෙරුවාව දන්නා මේ රටේ සිටින මොනම දේශපාලන බබෙකුටවත් පොංගුතමිල් යනු කුමක් ද යන්න අමුතුවෙන් වටහා දීම අවශ්‍ය නැත.
එහෙයින් එල්.ටී.ටී.ඊ.ය යනු බිහිසුණු දෙයක් වුව ද, පොංගුතමිල් නම් හරිෂෝක් යෑයි කීම, තමිල් සෙල්වම් භයානක මිනිසෙක් වූවාට ඔහුගේ සිනාව නම් හරිම අහිංසකයි කීම වැනි ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දැක්‌වීමේ අරමුණින් පසුගිය වසරවලදී පැවැති පොංගුතමිල් උත්සවයන්ට රජයේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් ද සහභාගිවී ඇතැයි දැන් හෙළි වී තිබේ.
ජාතිද්‍රෝහීන්ගේ සහ දේශද්‍රෝහීන්ගේ රංචු ගැසීමකට රෙදිත් ඇඳගෙන සහභාගි වීම මගින් මෙම කැබිනට් අමාත්‍යවරු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කොට සිටිති.
පිළිගත් දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කොට ඇත්නම් ඒ පිළිබඳ විභාග කළ යුත්තේ ශ්‍රේෂඨාධිකරණය යෑයි කියනු ලැබේ.
ඒ කෙසේ වුවත් 2006 ජුනි මස 28 දා ජර්මනියේ පැවැති පොංගුතමිල් උත්සවයට එක්‌වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනකුට එරෙහිව දැන් කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබේ.
එහෙත්, මෙරට පැවැති පොංගුතමිල් උත්සව කීපයකටම සහභාගි වූ ශ්‍රී ලංකා රජයේ කැබිනට් අමාත්‍යවරුන් කීපදෙනකුම ඇතත් ඒ කිසිවෙකුට විරුද්ධව චෝදනාවක් ගොනුකරනු තබා ඔවුනට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වෙන බවක්‌වත් දැන ගන්නට නැත.
මේ කරුණු අනාවරණය වූයේ පසුගිය 06 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී ය.
2002 දී එල්.ටී.ටී.ඊයත් ශ්‍රී ලංකා රජයත් (මෙහිදී රජය යනු එවකට සිටි ජනාධිපතිවරිය හැර ශ්‍රී ලංකා රජයය) අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වයේ ඉහළ නිලධාරීන්ට අෙන්‍යාන්‍ය වශයෙන් අනෙක් පාර්ශ්වයේ උත්සවවලට සහභාගි වීම අනිවාර්ය කොට තිබුණා දැයි අපි නො දනිමු.
බැරි වෙලාවත් එය එසේ වී තිබුණා නම් ඒ පැත්තේ හාදයෝ මේ පැත්තට ආවේ උත්සව මුවාවෙන් වේවා වෙන මොන මඟුල මුවාවෙන් වේවා මේ පැත්තට බෝම්බ අටවන්නට ය. නැතහොත් බෝම්බ අටවන උන් බස්‌සවා යන්නට ය.
අපේ අයියලා ඒ පැත්තේ උත්සවවලට ගියේ එක්‌කෝ තමන්ගේ දේශපාලන මුග්ධ භාවයට ය. නැතහොත් දේශපාලන ද්‍රෝහීකමට ය.
ඒ කුමක් ද යන්න පහදා ස්‌වයං විවේචනයක යෙදී හෝ පාපොච්ඡාරණයක යෙදී මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීම වරද කළ කැබිනට් අමාත්‍යවරුන්ගේ යුතුකම ය.
නැත්නම් කැබිනට් එක ගැන ප්‍රවේසම් වෙන්නැයි රජයට අනතුරු ඇඟවීමට අපට සිදුවේ.
(දිවයින - 09/10/09)
ටිප්පණිය - පොංගුතමිල් උළෙලට ගිය එකා කොටියෙකි. නැත්නම් කොටියාගේ ඉඳුල් කා තරවන හිවලෙකි. ඌ කැබිනට් ඇමති නොව ශක්‍රයා වුවත් පවතින නීතිය යටතේ නඩු අසා දඩුවම් කළ යුතු ය. එසේ නො කර ටීඑන්ඒ මන්ත්‍රීවරු පමණක් දඟගෙයි ලා පලක් නැත. එය නීතිය ද දූෂණය කිරීමකි. කැකිල්ලේ තීන්දුවකි. දකුණේ ඡන්දයේ දී සන්ධාන මැරයින් ජේවිපී සාමාජිකයින්ට පහර දුන්නැයි පැමිණිලි කරන්නට, පොලිසියට ගිය කල, පැමිණිල්ල විත්තිය කොට කූඩුවට දැමීමටත් වඩා තකතීරු කැකිල්ලේ තීන්දුවකි.
Thursday, October 8, 2009
Tuesday, October 6, 2009
සේනක බිබිලේට එය මහත් සතුටක් වනු ඇත
අවුරුද්දකට වතාවක් ලෝක ළමා දිනයක් එන්නේ යම් සේ ද, අවුරුද්දකට වතාවක් සත්ත්ව හිංසන විරෝධී දිනයක් එන්නේ යම් සේ ද, හැම අවුරුද්දකම වතාවකම ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ගැන කතා කිරීමේ පුරුද්ද මේ රටේ ආණ්‌ඩුවලට තිබේ. මේ රටට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍ය බව මුල්වරට යෝජනා කරන ලද්දේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ සභාපති මහාචාර්ය සේනක බිබිලේ විසිනි. එම යෝජනාවෙන් සති කිහිපයකට පසු පිටරටකදී පැවැති සාදයකට සහභාගි වූ බිබිලේ මහතා අබිරහස් ලෙස මළේ ය. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක මූලික කටයුත්ත වන්නේ රෝගීන්ට අඩු මිලට බෙහෙත් ලබා දීම ය. මේ කාරණය සාක්‍ෂාත් කර ගැනීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළ මහාචාර්ය බිබිලේට පෙර කී සාදයේදී වස දුන් බවට ද කට කතාවක් ඇත. බිබිලේ මහතාගේ මරණයෙන් පසු ජාතික ඖෂධ ප්‍රතිපත්ති කතාව යට ගියේ ය. වෙළෙඳපොළේ ඉතා අධික මිලකට ඖෂධ විකිණීම දිගටම සිදු විය. එසේ වුව ද බිබිලේ මහතාගේ මරණ සංවත්සරය ළඟ එන විට ඖෂධ ප්‍රතිපත්තිය එළියට අදින හැම ආණ්‌ඩුවක්‌ම නත්තලට රතිCඳ්C¹ පත්තු කරන්නාක් මෙන් ද, අවුරුද්ද පුරාම සතුන් සංහාර කොට එක දවසකදී පමණක් සත්ත්ව සංහාර දිනය ලෙස ප්‍රකාශයට පත් කර හෘද සාක්‍ෂියෙන් ගැලවෙන්නාක් මෙන් ද සේනක බිබිලේ පිළිබඳ මතකයෙන් ගැලවී ගත්හ. එහෙත් බිබිලේ මහතාගේ මරණයෙන් දශක තුනකට කිට්‌ටු කාලයකට පසු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හෙට (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අප විසින් මෙහි පෙර ද සඳහන් කරන ලද පරිදි ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ මූලික කටයුත්ත වන්නේ අඩු මිලට, ජනතාවට ඖෂධ ලබා දීම ය. ඒ සඳහා වෛද්‍යවරුන් විසින් බෙහෙත් වට්‌ටෝරු නියම කරන විට අදාළ ඖෂධවල වෙළෙඳ නාමය නොව, ඖෂධීය නාමය සඳහන් කළ යුතු ය. ඖෂධීය නාමයෙන් එන බෙහෙත් ඉතා ලාභදායක ය. උදාහරණයක් වශයෙන් පැරසිටමෝල් වේදනා නාශකය දැක්‌විය හැකි ය. මෙය එහි ඖෂධීය නාමය වන පැරසිටමෝල් නමින් එන විට එක බෙහෙත් පෙත්තක් ශත 10 කට පමණ මිලට ගත හැකි ය. එහෙත් ඒ පෙත්තම කදිමට මුද්‍රණය කළ දවටන තුළ බහා විශාල ප්‍රචාරයක් දී වෙළෙඳපොළට එන විට එක පෙත්තක් රුපියල් දෙකක් පමණ වෙයි. ඇමොක්‌සිසිලිස් නමැති ප්‍රතිජීවක ඖෂධය අසාත්මිකතාව සඳහා නියම කරන ඖෂධ යනාදී වශයෙන් වූ සකල විධ ඖෂධ ඖෂධීය නාමයෙන් නොව, වෙළෙඳ නාමයෙන් එන විට ඒවා මිලට ගෙන රෝගීන්ට දීම සඳහා ගේ දොර පවා උකස් තැබීමට සිදුවෙයි. මේ විපතින් ජනයා ගලවා ගැනීමට ජාතික ඖෂධ ප්‍රතිපත්තියකට පුළුවන.
ලෝකයේ වැඩිම ලාභ ගෙන දෙන ව්‍යාපාරය වන්නේ යුද අවි ව්‍යාපාරයයි. ඊළඟට ලාභ ගෙන දෙන ව්‍යාපාරය වන්නේ අවි ජාවාරමයි. ඖෂධ ව්‍යාපාරය යනු ලෝකය වෙලාගත් විශාල ජාවාරමකි. විවිධ ඖෂධ සමාගම් දහස් ගණනක් මගින් මෙලොව රෝගාබාධ, රෝග නිධාන සහ වෛද්‍යවරුන් පාලනය කරනු ලැබේ. ආණ්‌ඩුවේ දොස්‌තර පවා ඖෂධීය නාමයෙන් නොව, වෙළෙඳ නාමයෙන් ඖෂධ නිකුත් කරයි. අපගේ වැටහීම නම් මේ දොස්‌තරවරුන් බටහිර වෛද්‍ය සමාගම්වල ඉත්තන් බවත්, ඒ ඒ සමාගම් මගින් ඔවුනට මුදල් සහ පිටරට ගමන් සපයා දෙන බවත් ය. ඒ නිසා සත දහයේ පැරසිටමෝල් පෙත්ත රුපියල් 2 ට රෝගියා අතට යැම ගැන දොස්‌තර දුක්‌වන්නේ නැත.
කොහේ හෝ මුල්ලක සඟවා තබා පෙබරවාරි 4 වැනිදාට එළියට ගෙන වැට ඉන්නක ගසා වහලයට ඔබන සිංහ කොඩිය මෙන් සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ද කාලයෙන් කාලයට පිටතට ගෙන ආපසු අකුලා තැබිය යුතු ය යන මතය වෙනස් කිරීම ගැන නිතර බැණුම් අසන සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට අපි ස්‌තුතිවන්ත වෙමු. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ විට ඔහු මේ රටේ සෞඛ්‍ය සේවයට ඉහළම සේවය ඉටුකළ සෞඛ්‍ය ඇමැතිවරයා බවට පත්වන්නේ ය.
(දිවයින - 09/10/07)
ටිප්පණිය - සේනක බිබිලේ සමරුවට හමස් පෙට්ටියෙන් ඇද මකුළු දැල් කඩා සතර අතට වනන ඖෂධ ප්‍රතිපත්තිය, මෙතෙක් කල් කටින් බතල සිටුවීමට සීමා විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වුව ද ලංකාවේ ඩෙංගු මදුරුවාටත් පරාජය වූ ඇමතිතුමා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යථාවක් බවට පත් කොට සිය නම ඉතිහාසයේ රන් අකුරින් ලියා ගනු ඇතැයි අපි සිතමු. එය උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ වර්ගයේ මහා පුණ්‍ය කර්මයක් බව ද එතුමාට සිහිපත් කර සිටිමු.

Monday, October 5, 2009
හිලරි ක්‌ලින්ටන්ගේ වැරදීම හා රටට වූ අවමානය!
මොනිකා ලෙව්න්ස්‌කි බිල් ක්‌ලින්ටන් සහ හිලරි
සෙනෙට් සභික හිලරි ක්‌ලින්ටන් හා ඇගේ සැමියා වූ බිල් ක්‌ලින්ටන් කළ ප්‍රකාශ නිවැරදි නැහැ. - බරක් ඔබාමා (2008 ජනවාරි 1දා)
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් පසුගියදා ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ප්‍රකාශයක් කරමින් ද්‍රවිඩ කාන්තාවන්ට ලිංගික හිංසා සිදු කළ බවට චෝදනා කරනු ලැබීය. මේ චෝදනාව සනාථ කරන්නැයි ආරක්‍ෂක බලධාරීන් පැවසූ විට ඇයගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ අත්වැරැද්දක් සිදුවූ බවයි. ප්‍රභාකරන් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඩොලර් කෝටි 100 ක පගාවක් දීමට උත්සාහ කළ බව මෙයට කලකට පෙර වාර්තා විය.
මේ නිසා පැහැදිලි වන්නේ ඇමරිකාවේ කොටි හිතවාදීන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඇතුළු වී ඇති බවයි. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව හිලරි ක්‌ලින්ටන් මෙකී අභූත චෝදනාව නැඟුවේ ජර්මනියේ ජේ.ඩී.එස්. නමැති කොටි හිතවාදීන් සහ ඔවුන්ගේ සහයකයා වූ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් හා එක්‌ව චැනල් ෆෝ සාවද්‍ය වීඩියෝ පටය බෙදාහැරීමේ ක්‍රියාදාමයෙන් සති තුනකට පසු වය.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිවේ. මෙයට පෙර 2008 ජනවාරි 01 වැනිදා ජනාධිපති අපේක්‍ෂක බරක් ඔබාමාට එරෙහිව බිල් ක්‌ලින්ටන් හා හිලරි ක්‌ලින්ටන් බොරු චෝදනා නැඟීය. මේ චෝදනා ඔප්පු කරන්නැයි ඔබාමා එම යුවළට අභියෝග කරනු ලැබීය. එහෙත් ඔවුන්ට ඔබාමාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි විය. එහෙත් අද ඔබාමා රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස ලජ්ජා නැතිව ක්‍රියා කරන්නේ හිලරි ක්‌ලින්ටන්ය. හිලරි ක්‌ලින්ටන් මේ ප්‍රකාශය කිරීමට පෙර තම සැමියා වූ බිල් ක්‌ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්‌කි අතර පැවැති සබඳතාව ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැත. බිල් ක්‌ලින්ටන් අති විශාල මුදලක් ගෙවා මොනිකා සමග පැවැති අයථා සබඳතාව වසන් කරගත් බව වාර්තා විය. ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී කාන්තාවන්ට ලිංගික හිංසනය කිරීමට ආයුධයක් ලෙස යොදාගත් බවට කෙරුණු චෝදනාවත් සමගම හිලරි ක්‌ලින්ටන්ව බේරාගැනීමට ඉදිරිපත් වූයේ මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය සිය ප්‍රකාශයේදී කිසිම පාර්ශ්වයක් නම් කළේ නැතැයි ඇය මාධ්‍ය අමතමින් පවසා ඇත. හිලරි ක්‌ලින්ටන් කිසිම පාර්ශ්වයක් නම් නොකළේ නම් ඇය ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමේදී ශ්‍රී ලංකාව ගැන සඳහන් කළේ මන්ද?
දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ජර්මන් වධ කඳවුරුවල සිටි කාන්තාවක් රැසක් ඇමරිකානු සෙබළුන්ගේ අතවරවලට ගොදුරු විය. මේ වධ කඳවුරුවල සිටි කාන්තාවන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින එක් කාන්තාවක් අපට ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රිඩර්න් නගරයේදී හමුවිය.
"මිත්‍ර ජාති" හමුදා ජර්මන් වධ කඳවුරුවල සිටි කාන්තාවන් බේරාගත් බව පැවසුවත් එම හමුදාවලින් කාන්තා සිරකාරියන්ව බේරාගැනීමට නොහැකි වුණා යෑයි ඇය හෙළි කළාය.
ඇමරිකානු හමුදා වියට්‌නාමයේදීත්, ජපානයේ ඔකිනාවා දූපතේදීත් කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වී තිබිණි.
ඇමරිකානු හමුදා භටයන් ගුවන්තනාමෝ බේ සිරකඳවුරේ සිටි පිරිමි සිරකරුවන් පවා ලිංගික හිංසනයට ලක් කිරීමේ සිද්ධින් සාක්‍ෂි සහිතව මුළු ලොවටම හෙළිවෙද්දී හිලරි ක්‌ලින්ටන් නිහඬ විය. 2008 පෙබරවාරි 6 වැනිදා ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවා ප්‍රධානියකු වූ ජනරාල් මයිකල් හෙන්ස් පැවසුවේ අල්කයිදා සිරකරුවන් තිදෙනකුගෙන් තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන්ව ජලයේ බස්‌සවා වධහිංසා කළ බවයි.
රොබට් ජේ. ලිලී නමැති ඇමරිකානු විමර්ශකයා හෙළි කරන අන්දමට දෙවැනි ජගත් සංග්‍රාමයෙන් පසු එංගලන්තය ජර්මනිය සහ ප්‍රංශය යන රටවල කාන්තාවන් 14000 කට අධික සංඛ්‍යාවක් ඇමරිකානු හමුදා භටයන්ගේ අතවරවලට ලක්‌වී ඇති බවය.
මෙම පසුබිම යටතේ හිලරි ක්‌ලින්ටන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා නැඟීම පුදුමයක් නොවේ. ඇය මෙකී ප්‍රකාශය කිරීමට සති දෙකකට පෙර ටැමිල්ස් ෆෝ ඔබාමා නමැති නමැති කොටි සංවිධානය එකී චෝදනාව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මේ නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සාවද්‍ය තොරතුරු යොමු කරන්නේ කවුද යන්න සනාථවේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය මෙකී ප්‍රකාශය කිරීමටර පෙර ඇය ඒ ගැන මෙරට රජයෙන් විමසුවේද? හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් ද මේ අන්දමට එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉරාකය විනාශකාරී අවි ආයුධ සඟවාගෙන ඇතැයි කියා සිටියේය.
එහෙත් ඇමරිකානු හමුදාවලට ඉරාකයේ එවන් අවි ගැන සොයා ගැනීමට නොහැකි විය.
මින් සනාථ වූයේ කොලින් පවල් සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කර මුළු ආරක්‍ෂක මණ්‌ඩලයම නොමඟ යෑවූ බවයි.
මෙහිදී ඉතාමත්ම හාස්‍යජනක සිද්ධිය නම් හිලරි ක්‌ලින්ටන්ගේ එකී චෝදනාව ශ්‍රී ලංකා හමුදාවට හෝ කොටි සංවිධානයට එරෙහිව කියා නොසිටි බවයි. එසේනම් ඇය සිය චෝදනාව නැඟුවේ අවතාරවලටද? වසර 26 ක් තිස්‌සේ යුද්ධය පැවතියේ ශ්‍රී ලංකා හමුදාව හා කොටි සංවිධානය අතරය. මේ නිසා ඇගේ මෙකී සාවද්‍ය ප්‍රකාශය යුරෝපා ප්‍රජාව අතර ව්‍යාප්ත වී ඇත. කොටි වෙබ් අඩවි කීපයක්‌ම හිලරි ක්‌ලින්ටන්ගේ ප්‍රකාශයට මුල් තැන දීමෙන් සනාථ වන්නේ ඇගේ චෝදනාව එල්ල වූයේ ආරක්‍ෂක හමුදාව වෙත බවයි.
ඇය මේ ප්‍රකාශය කිරීමට පෙර ඇමරිකාවේ වසරකට කාන්තාවන් කීදෙනෙක් ලිංගික හිංසනයට ලක්‌වන්නේ ද යන්න ගැන සොයා නොබැලුවේද?.
මෑතකදී එක් හමුදා නිලධාරියෙක්‌ට එල්ලවූ බරපතල චෝදනා නිසා ඔහුම ඉල්ලා අස්‌විය. එහෙත් ඇමරිකානු පුවත්පත් එකී සිද්ධිය යට ගැසීය.
හිලරි ක්‌ලින්ටන්ට පෙර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මෙරට හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා වාර්තාවක් සකස් කළේය.
මේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම කල්දමා තිබේ. කොටි සංවිධානය පරාජයවීම නිසා සන්තාපයට පත්ව සිටින ඇමරිකානු බලධාරීහු ශ්‍රී ලංකාවට එරෙහිව මෙවන් ප්‍රකාශ කිරීම පුදුමයක් නොවේ.
එහෙත් යුද මහාචාර්යවරයකු යැයි හඳුන්වා ගන්නා අයෙක් දැන් සිංගප්පූරුවේ ඇමරිකාවට සුදුහුණු ගෑමට ඉදිරිපත් වී ඇත. කොටි ජාත්‍යන්තර අවි ජාලය බිඳ දැමුවේ ඇමරිකාව යෑයි මේ තැනැත්තා පවසා තිබේ.
එහෙත් කොටින්ගේ ජාත්‍යන්තර අවි ජාලයට අයත් නැව් විනාශ කර එකී ආයුධ ජාලය විනාශ කළේ නාවික හමුදාවයි.
මේ අතර එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ දී ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ප්‍රකාශයක් කළ හිලරි ක්‌ලින්ටන් ඇමරිකානු හමුදා සිදු කළ අපරාධ ගැන වචනයක්‌වත් නොකියන්නේ මන්ද? ඒ ඇමරිකානු සෙබළුන්ව රකින දේශප්‍රේමී පනත නිසාය. මේ පනත යටතේ ඕනෑම වරදක් කළ ඇමරිකානු සෙබළුන්ට කිසිම රටකදී දඬුවම් කිරීම තහනම්ය.
(දිවයින - 09/10/06)
ටිප්පණිය - තම ඇහේ ඇති පොල් පරාල හිලරිටට නොපෙනේ. අන් ඇස්වල පොල් කෙඳි ම පෙනේ. බීල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවින්ස්කි අතර පැවති පළහිලව්ව ගැන මුණිවත රැකි හිලරිට ඇමරිකා හමුදා සිදු කළ ස්ත්‍රී දූෂණ ගැන කතා කළ නො හැකි ය. එසේ කතා කළොත් උඹ අපි හදන්න එන්නේ උඹේ මිනිහා හදා ගනින්කෝ යැයි ඔවුන් අතර සිටින මුඛරියකු කීමට බැරි නැත. අපේ හමුදාවට චෝදනා කරන හිලරිට මට කීමට ඇත්තේ ද එපමණකි. ශ්‍රී ලංකා හමුදාවේ කිසි දිනක බීල් ක්ලින්ටන්ලා කුලී හේවායන් ලෙස වැඩ නො කළ නිසා අපේ හමුදා අතින් එවන් දේ සිදු විණැයි සිතිය නොහැකි ය.

Subscribe to:
Posts (Atom)