Tuesday, June 2, 2009

බෙදුම්වාදී දේශපාලන පෙරමුණද පරදවමු

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ජාතිවාදී බීජ වපුරා 1948 පෙබරවාරි 4 වැනි දින දේශීය නායකයන්ට භාරදුන් ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ දෙපාර්ශ්වයේම දේශපාලනඥයන්ගෙන් "පොහොර හා ජලය" ලැබ වැඩෙන්නට පටන් ගත් "දමිළ ජාතිවාදය" දෙමළ දේශපාලනඥයන් බලයට පත්වීමේ පහසුම "උපකරණය" ලෙස තෝරා ගත්හ. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක රාජ්‍ය සමයන්හි විවිධ බලපෑම් හරහා "උතුරට වෙනම පාලනයක්" ලබා ගැනීමේ අරගලයක යෙදුනද ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. එහෙත් මෙම උත්සාහයන් තුළ පැවැති අනතුර තේරුම් ගෙන ක්‍රියා නොකළ හේතුවෙන් දිනෙන් දින "දමිළ ස්වරාජ්‍ය" සංකල්පය වැඩෙන්නට විය. බලය ලබා ගැනීමේ අරමුණෙන් දකුණෙන් වෙන්වු "ස්වරාජ්‍යක්" ගැන කතා කළ දමිළ දේශපාලනඥයන්ට එරෙහිව 1950 දශකයේ මුල් භාගයේ කළු කොඩි එසවු දමිළ තරුණයන් 1970 දශකය තුළ "ඊළාම් රාජ්‍යයක්" දිනා ගැනීම පිණිස සන්නද්ධ වුයේ මුල් අවස්ථාවේම දමිළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ සුදානම් තේරුම් නොගැනීමේ වරද නිසාය.

කොටි සංවිධානයේ බිහිවීම

1970 දශකයේ මුල් අවධියේදී පැමිණි දමිළ දේශපාලන පකෂ නායකයන් ඊළාම් සංකල්පයට උචිත ලෙස තම පකෂවල නම්පවා වෙනස් කරමින් ක්‍රිය කළද ඉන් සෑහීමට පත් නොවු උතුරේ තරුණ කැළ පැරුණි නායකයන් මෙන්ම විවිධ නම්වලින් සන්නද්ධ සංවිධාන පිහිටුවා ගත්හ. පද්මනාභ, ශ්‍රී සභාරත්නම්, උමා මහේෂ්වරන් එසේ සංවිධාන පිහිටුවාගත් නායකයන් කීප දෙනෙකි. මොවුන්ගේ නායකත්වය පිළිනොගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් පුරා තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකාව ලෙයින් තෙත් කළ ම්ලේච්ඡතම සංවිධානය හෙවත් ඊළාම් විමුක්ති කොටි සංවිධානය 1975 මැයි 5 දා පිහිටුවීය. දෑඩි ජාතිවාදී මතවාදයෙන් සන්නද්ධ වු ප්‍රභාකරන් කැපී පෙනෙන ආකර්ශනීය චරිතයක් වු අතර ඔහුගේ සන්නද්ධ ව්‍යාපාරය සෙසු සංවිධාන අභිබවා ගිය ක්‍රියාශීලීත්වයක් පෙන්නුම් කළේය. 1970 මුල් අවදියේ වැල්වැටිතුරේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ගිනිබත් කර ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්වයට අත්පොත් තබා 1975 ජුලි 27 වැනිදා එවකට යාපනේ පුරපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය කර වේලුපිල්ලේ ප්‍රභාකරන් එහි වගකීමද භාර ගත්තේය. ඒ ප්‍රභාකරන්ගේ ප්‍රථම මිනිස් බිල්ලය. ප්‍රභාකරන් "දෙමළ ඊළමක් උදෙසා මෙලෙස තුවක්කුව අතට ගනිද්දී දෙමළ එක්සත් පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" නමින් "නැගෙනහිරු" ලාංඡනය යටතේ ප්‍රතිසංවිධානය වෙමින් "ඊළමට" උත්තේජනය සපයමින් ක්‍රියාකළද පසුව එහි නායකයන්ද ප්‍රභාකරන් සිය තුවක්කුවෙන් සදහටම නිහඬ කළේ ඔහුට අවශ්‍ය අයුරින් අවනත නොවීම හේතුවෙනි. කෝපායි මහජන බැංකුව කොල්ලකෑමට පැමිණි සිවකුමාරන් සයිනයිඩ් සංස්කෘතියට ගොදුරුවු ප්‍රථම තරුණයා බවට පත්වෙද්දී 1980 දශකය තුළ ප්‍රභාකරන් විසින් දමිළ තරුණයා "මිනිස් බෝම්බයක්" බවට පරිවර්තනය කරනු ලැබීය. ප්‍රභාකරන් සිය සන්නද්ධ ව්‍යාපාරය මෙලෙස ශක්තිමත් කර ගනිද්දී එය වඩාත් පහසුකර ගැනීම පිණිස උපාය මාර්ගයක් ලෙස තම සගයන් සාකච්ඡා මේසයටද වාඩි කරවීය. 1984 න් ආරම්භ වු සාකච්ඡා 2006 දක්වාම වරින්වර විවිධ හැඩයන්ගෙන් පැවැත් වුවද ප්‍රභාකරන් තම නියෝජිතයන් ඊට සහභාගි කරවුයේ සාමකාමී දේශපාලන විසඳුමක් ලබා ගැනීමට නොව තම සන්නද්ධ කටයුතු වඩාත් හොඳින් කරගෙන යෑමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමටය. ඒ අනුව කොටි සංවිධානය එදා මෙදා තුර හැම සාකච්ඡා මණ්ඩපයකින්ම බැස ගියේ යුද්ධයෙන් දිනාගත් දැට වඩා වැඩි ජයග්‍රහණ රුසක් සාකච්ඡා මේසයේදී අත්පත් කර ගනිමිනි.

රට පාවාදුන් සටන් විරාම ගිවිසුම

1994 බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය තුළ ඇමැතිකම් දෑරු බෙදුම්වාදීන්ගේ අතකොලු බවට පත් පිරිසක් දේශපාලන විසඳුමක් ලෙස බෞතීස්ම කරමින් බෙදුම්වාදයට පාර කපන "පැකේජයක්" 1998 ඉදිරිපත් කළද ඊට එරෙහි නැඟුණ දෑවැන්ත උද්ඝෝෂණ හමුවේ එය හකුලා ගැනීමට සිදුවිය. අනතුරුව 2001 බලයට පත් රනිල් වික්‍රමසිංහ රජය 2002 පෙබරවාරි 22 දින තම ඇමැති මණ්ඩලයට පවා හොරෙන් කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එය ප්‍රභාකරන්ට දෑවැන්ත ජයග්‍රහණ රුසක් ලබාදුන් ගිවිසුමක් වු අතර රනිල් වික්‍රමසිංහ රජය එතෙක් පැවැති "ඒකීය රාජ්‍ය තත්ත්වය" සිය කැමැත්තෙන්ම අත්හිරිනු ලැබීය. මෙම ගිවිසුම මගින් මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් වු කොටි සංවිධානයට ජාත්‍යන්තර පිළිගැනීමක් හා නිත්‍යානුකුල භාවයක් අත්කරදුන් අතර කොටි පාලන ප්‍රදේශ දමිළ නිජබිම ලෙස පිළිගනු ලැබීය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත් දෙක කොටි සංවිධානයේ පාලන ප්‍රදේශ ලෙස පිළිගැනුණි. කොටි හමුදාව ආයුධ දෑරීමට අයිතිය ඇති නිල හමුදාවක් ලෙස පිළිගත් අතර ඔවුන් ලාංකේය හමුදාව හා සම තත්ත්වයෙහිලා පිළිගන්නා ලදී. අනතුරුව කොටි උසාවි, අධිකරණ ඔවුන්ගේ නීතියේ ආදිපත්‍ය පිහිටවු ආයතන බවට පත්විය.

මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමගම මාර්ග බාධක ඉවත්වී ආරකෂණ ක්‍රියාවලිය මුලුමණින්ම ලිහිල් වු අතර මුළු රටම "සාම සැණකෙලියක්" බවට පත්විය. රනිල් වික්‍රමසිංහ රජය මෙය රටට සාමය ගෙන ඒමේ අවංක වුවමනාවෙන් ගෙන ආ ගිවිසුමක් විය හැකි වුවත් ප්‍රභාකරන් කිසිදාක සාමකාමී මාවත් හරහා ඊළම අපේකෂා කළ අයෙක් නොවීය. කෙසේ වුවද ගිවිසුම අත්සන් කිරීමත් සමග උතුරේ දකුණේ මාර්ග බාධක ඉවත්වීම තුළ දකුණේ ජනතාවට උතුරටත් උතුරේ ජනතාවට දකුණටත් යන්නට එන්නට අවකාශ ඇතිවිය. එසේ වුවද උතුරට යන හැම වැසියෙකුගෙන්ම බදු අය කරන්නට කොටි සංවිධානය අමතක නොකළේ උතුර හා නැගෙනහිර තම නිජබිම් බව තහවුරු කිරීම පිණිසය. මෙම ගිවිසුම හරහා ඇතිවු "නිදහස" රනිල් වික්‍රමසිංහ රජයේ හා බෙදුම්වාදයේ මතවාදී පෙරමුණේ නොමඳ ඇගයීමට ලක් වුවද ගිවිසුම අත්සන් කළදා පටන්ම ජනතා විමුක්ති පෙරමුණ මෙය රට පාවාදුන් ගිවිසුමක් ලෙස අර්ථ කථනය කර ඊට එරෙහි ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීය. අද වන විට බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී ඇති පැරුණි වමේ පකෂත් වික්‍රමබාහු, වාසුදේව වැනි "ත්‍රිවිල් පකෂ" නායකයන්ද ගිවිසුම ගෙන ආ එජාපය සමග එක පෙළක හිඳ ජවිපෙට පහර දුන්නද ජවිපෙ තම විරෝධතාවය ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ඉදිරියටම ගෙන යනු ලැබීය. ජාතික හෙළ උරුමය ජාතිවාදී පදනමක් මත පිහිටා වුවද මෙම ගිවිසුමේ භයානක කම අර්ථ දක්වනු ලැබීය. ජවිපෙ හා හෙළ උරුමය ගිවිසුම පිළිබඳව ගෙනගිය මතය සමාජ ගතකරන්නට ඉඩ හසර ලබාදෙනු ලැබු විද්‍යුත් මාධ්‍යක් එදා නොවුණද ගිවිසුමෙන් මවු බිමට එන හානිය පිළිබඳව නිසි අධ්‍යයනයක යෙදී "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් ජවිපෙ මතය හා අනුගත වෙමින් කළ මෙහෙවර අති ප්‍රබලය. 2002 මාර්තු 20 දින පැවැති පළාත් පාලන මැතිවරණය ජවිපෙ මෙම ගිවිසුමට එරෙහි මතය ප්‍රකාශ කරන්නට වේදිකාවක් කරගත්තද එයින් ජවිපෙ ඡන්ද පදනම තුනෙන් එකක් දක්වා පහත වැටුණි.

රනිල් වික්‍රමසිංහ රජය ගිවිසුම අකුරටම රකිමින් දිනෙන් දින හැකිලෙද්දී කොටි සංවිධානය සියලු අංශවලින් තරවන්නට විය. කොටි කඳවුරු ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවන්නට පටන් ගත් අතරම මනිරාසකුලම් කොටි කඳවුර සටන් විරාම සමයේ ඉදිකළ කඳවුරු අතර ප්‍රධාන තැනක් ගනු ලැබීය. සටන් විරාම ගිවිසුමට මුවාවී එල්ටීටීඊය නැව් පිටින් ආයුද ගෙන ආ අතර මේ සියල්ල සිදුවුයේ සටන් විරාම ගිවිසුමේ සිටි ප්‍රධාන නිරීකෂකයා වු නෝර්වේ රජය දෑනුවත්ව බව ඒ අවස්ථාවලදීම අනාවරණය කළද මේ පිළිබඳව ආරකෂක අංශ රජයට අවස්ථා කීපයකම දෑන් වුවද රනිල් වික්‍රමසිංහ රජය ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධාන හා නෝර්වේ ප්‍රමුඛ ස්කැන්ඩිනේවිජියානු රටවල උපකාරයෙන් නවීන තාකෂණයෙන් යුත් උපකරණ කොළඹ වරාය හරහාම උතුරට යැවුනි. කොටින්ගේ භාණ්ඩ රුගත් කන්ටෙිනර් හමුදා ආරකෂාව යටතේ කිලිනොච්චියට ගෙන ගොස් භාරදුන් අවස්ථාද විය. ප්‍රභාකරන්ට උපන් දින තෑගි ලෙස අධිතාකෂණයෙන් යුත් සංනිවේදන උපකරණ උතුරට යැවුයේද මෙම වකවානුවේදීය. ලාංකේය හමුදාව සටන් විරාම ගිවිසුම අකුරටම රකිද්දී කොටි සංවිධානය සටන් විරාම ගිවිසුම තඹ දොයිතුවකට මායිම් නොකර දස දහස් වාරයක් උල්ලංඝනය කරනු ලැබීය. වරෙක කොටින්ගේ මායිම පැන්න වරදට ලාංකේය හමුදාවේ සෙබළු අත්අඩංගුවට ගෙන කොටි අධිකරණයේ දඬුවම්වලටද යටත් කරනු ලැබීය. මේ සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් නොදුටු නොඇසුන අයුරින් ක්‍රියා කළ රජය කොටි විසින් සිදුකළ මිනිස් ඝාතන "නාඳුනන තුවක්කුකරුවන්ගේ" ඝාතන ලෙස හුවා දක්වා "කොටි බේරා ගනු ලැබීය."

"දිවයින" පුවත්පත් ආයතනයේද සහාය ඇතිව ජවිපෙ හා සිංහල උරුමය වෙන් වෙන් වුවද රජයේ මේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම්වලට එරෙහිව විවිධ උද්ඝෝෂණ ගෙන ගියද රනිල් වික්‍රමසිංහ රජය සිය කොටි හිතවාදී ගමන වෙනස් කළේ නැත. ඒ නිසාම අවසන් විසඳුම ලෙස රනිල් වික්‍රමසිංහ රජය පෙරළා දෑමීම සඳහා ජවිපෙ ගාල්ලේ සිට කොළඹටත්, නුවර සිට කොළඹටත් පා ගමන් සංවිධානය කෙරුණි. ශ්‍රීලනිපයේ සැලකියයුතු පිරිසක් මෙම විරෝධතාවයන්ට එක්වු අතර මේ සඳහා දෑවැන්ත ජන සහභාගීත්වයක් ලැබුණි. මෙමගින් කළ බලපෑම නිසාම 2004 පෙබරවාරි 7 වැනි දින ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. මෙය ජවිපෙ බලපෑම මත තමා කළ මෝඩ වැඩක් ලෙස ජනාධිපතිනිය පසු කලෙක පවසා තිබුණද එදා එසේ නොකළේ නම් රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඊළම දිනාගැනීමට ද ඉඩ තිබුණි.

රනිල් වික්‍රමසිංහ රජය රටට කරනු ලබන ද්‍රෝහීකම වළක්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් දේශපාලනිකව පරාජය කරනු පිණිස ජවිපෙ 2004.01.20 දින ඓතිහාසික ගිවිසුමකට එළඹුණි. ඒ නිසාම 2004.04.02 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය පරාජය කර එජනිස සන්ධානය බලයට පත්විය. ඒ අනුව අමාත්‍යධුර 4 ක් හා උප අමාත්‍ය ධුර 4 ක් භාර ගනිමින් ජවිපෙ රජයට එක් වුවද සටන් විරාම ගිවිසුම අහෝසි කරන ලෙසත් උතුරු නැගෙනහිර දෙපළාත යළි වෙන්කරන ලෙසත් ගෙනිගය අරගලය අත්හළේ නැත. චන්ද්‍රිකා රජය ඊට එකඟ වුයේ නැත. මේ අතර 2004.12.26 දින සුනාමි ව්‍යසනය රටට දෑවැන්ත විනාශයක් සිදුකළ අතර ජීවිත 40,ත00 ක් පමණ අහිමිවිය. උතුර මෙන්ම දකුණද එකසේ විනාශ වුවද බටහිර ජාතීන්ගේ "මානව දයාව වැඩිපුර යොමු වුයේ උතුරේ ජනතාව වෙතයි. ඒ අනුව අතිවිශාල ආධාර ප්‍රමාණයක් ප්‍රභාකරන්ට අතට පත්කෙරුණි. එයින් සෑහීමකට පත්නොවී උතුරු ප්‍රදේශයේ ජනතාව නඟා සිටුවීමට සුනාමි සහන මණ්ඩලයක් පිහිටුවීමටද බටහිර ජාතීන් යෝජනා කළේය. ඒ අනුව කොටි සංවිධානයට බලය හිමිවන සංයුතියක් සහිතව සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමටත්, රුපියල් කෝටි විසිඅටදහසක් එම මණ්ඩලයට ලබාදීමටත්, උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අටක සහන කටයුතු එමගින් සිදුකිරීමටත් යෝජනා කෙරුණි. චන්ද්‍රිකා රජය මෙය ක්‍රියාත්මක කරන්නට සුදානම් වීම හේතුවෙන් ජවිපෙ ඊට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් ගෙන ගියද එය නොසලකා "රටට වඩා සුනාමි සහන මණ්ඩලය වටිනවා" කියමින් සන්ධාන රජයේ ප්‍රබල ඇමැතිවරු සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කරන්නට සුදානම් විය. මේ නිසාම ඊට විරෝධය පා 2005 ජුනි 16 වැනි දින ජවිපෙ සන්ධාන රජයෙන් ඉවත්විය. පසුව අධිකරණ ක්‍රියා මාර්ගයක් මගින් සුනාමි සහන මණ්ඩලයත් උතුරු නැගෙනහිර එක් කළ ගැසටි නිවේදනයක් අහෝසි කිරීමට ජවිපෙ සමත් විය.

මහින්ද දිනවීමේ බර ජවිපෙ කරට ගනී

මේ වන විට සන්ධාන රජය සමග ජවිපෙ උරණවී තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වුවහොත් රටට විය හැකි හානිය සැලකිල්ලට ගෙන තම පකෂයට වන හානිය නොසලකා මහින්ද රාජපකෂ මහතා දිනවීම පිණිස කටයුතු කරන්නට ජවිපෙ තීරණය කරනු ලැබීය. ඒ අනුව 2005.11.17 දින පැවැති ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ දිනවන තොණ්ඩමන්-හකීම් සාධකයද පරාජය කරමින් සන්ධානයේ අපේකෂකයා වු මහින්ද රාජපකෂ මහතා ජයගනු ලැබීය. ජවිපෙ තම ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ නොවන අපේකෂකයකු දිනවීමට ක්‍රියා කළේ මෙම මැතිවරණයේදීය. ශ්‍රීලනිප මුලස්ථානය පවා වසා දමා මහින්ද රාජපකෂ මහතා පරාජය කිරීමට ඔහුගේ පකෂයේම අය ක්‍රියා කරද්දී ජවිපෙ දෑවැන්ත කැපවීමක් කර මහින්ද රාජපකෂ මහතා බලයට පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් නියත වශයෙන්ම ඊළාම් රාජ්‍ය ලබාදීමට ක්‍රියාකරන බව දෑන සිටි නිසාය.

බෙදුම්වාදයේ මතවාදී පෙරමුණෙන්ද ඉට බේරා ගත යුතුයි

2009.05.19 දින එතෙක් රටටම මහත් පිලිලයක් වුද මිනිස් ජීවිත ලකෂයක් පමණ බිළිගත්තා වුද කොටි සංවිධානය මුළුමනින්ම පරාජය කර බෙදුම්වාදයේ "යුද පෙරමුණ" පරාජය කරනු ලැබීය. ඒ නිසාම මේ වන විට මනුෂ්‍යත්වයේ සීමා මායිම් ඉක්මවා යමින්ද එම ජයග්‍රහණය සමරමින් සිටියි. ඒ ආනන්ද ජනක මොහොත තුළට මෙතෙක් යුද්ධයෙන් බෙදා වෙන් කළ නොහැකි වු රට සාමකාමීව බෙදා වෙන් කිරීමට දේශීය හා විදේශීය බෙදුම්වාදයේ "මතවාදී පෙරමුණ" ක්‍රියාත්මක වෙමින් සිටී. ආණ්ඩුව තුළ සිටින අද වනවිට බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී සිටින පකෂ නායකයන් සහ රට බෙදා වෙන් කිරීමේ මතවාදී පෙරමුණේ දේශීය නියෝජිතයන් දේශීය වශයෙන්ද තතවද ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ඉතාලිය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් කීපයක් විදේශීය පෙරමුණ ලෙස ක්‍රියාත්මක වෙමින් සිටී. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ඔහුගේ නායකත්වයෙන් ඊළම ලබාදීමට කළ හැකි හැම සතුරුකමක්ම කළ මොවුන් වර්තමානයේ කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් නම්වු වත්මන් කොටි නායකයාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන කොටි සංවිධානය ශක්තිමත් කරන අතරම දේශපාලන විසඳුමක් නමින් ඊළම ලබාදීමට ක්‍රියාකරමින් සිටිති. එජා මහලේකම් හතළිහක පිරිසක් සමග ලංකාවට එන්නේද ඒ වුවමනාවටය. ඒ බලපෑම ඔහු රට බෙදා වෙන් කිරීමට පදනම දෑමු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන රට බෙදා වෙන් කිරීමට පාර කපන දේශපාලන විසඳුමක් ගෙන ඒමට රජය උත්සාහ කරන බව වාර්තාවේ.

වෙනම පාලනයක් ලබාදීමෙන් පමණක් විසඳිය හැකි ප්‍රශ්න හෝ ආර්ථික ගැටලු උතුරු නැගෙනහිරට නැත. එහි ජනතාව මුහුණ දෙන්නේද අප මුහුණ දෙන ආර්ථික අර්බුදයටමය. මධ්‍යම රජයට විසඳිය නොහැකි ගැටලු එහි නැත. රජය දෑන් කළ යුත්තේ උතුරු නැගෙනහිර ජනතාවට, ආහාර පාන, නිවාස, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සපයා රුකියාද ලබාදී දකුණේ අප මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසාදීමය. ඒ හැර සුවහසක් දුක් දෝමනස්සයන්ගෙන් වේදනා විඳි ඒ ජනතාවට දෑන් අවශ්‍ය වන්නේ දේශපාලන විසඳුම් නොවේ. අවශ්‍ය වන්නේ කුසට අහරකි. ඉනට වැරහැල්ලකි. හිසට සෙවනකි. ලංකා ඉතිහාසය අලුතින් ලියු මහින්ද රාජපකෂ ජනාධිපතිවරයා බෙදුම්වාදයේ යුද පෙරමුණ වු කොටි සංවිධානය විනාශකර බෙදුම්වාදයේ මතවාදී පෙරමුණ හෙවත් දේශපාලන පෙරමුණද පරාජයට පත් කරමින් සිටී. බංකොලොත් දේශපාලන පකෂ නායකයන් ගෙන එන ඊළමට පාර කපන දේශපාලන විසඳුම් ලබා නොදීමටත් රණවිරුවන් ලේ හලා දිවිපුදා බේරාගත් රට දේශපාලන ලියවිල්ලකින් යළි බෙදුම්වාදීන් අතට පත් නොකිරීමටත් ආණ්ඩුව වගබලා ගත යුතුය.

ගුණවර්ධන ගල්ගමුවගේ
(දිවයින_09/06/03)

පසුවදන_බෙදුම්වාදයේ අතිදරුණු ත්‍රස්තවාදී පෙරමුණ පරාජය කළ විරෝධාර ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආණ්ඩුව හමුවේ දැන් ඇති අභියෝගය බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරාජය කිරීමයි. අප ජයගත් අභියෝලයේ තරමට එය නොකළ හැක්කක් නොවේ. එහෙත් එහි ඇති දුෂ්කරතාව නම් රටේ සතුරන් අප අතර මිතුරු වෙසින් ගැවසීමයි. ත්‍රිවීල් මාක්ස්වාදී සමාජවාදී දේශපාලන පක්ෂ ඇනිය, ෆෙඩරල් උණ අසාධිත සරසවි ඇදුරන්, ජඩ-මාධ්‍යවේදීන් සහ ජාතික සාම මණ්ඩලය, සහජීවන ව්‍යාපාරය ආදී තුප්පහි NGO කාරයින් මේ පෙරමුණ නියෝජනය කරති.

අප වහාම මේ සතුරන් හදුනා ගත යුතු ය. ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු ය. ජනමතයට පිටුපෑමට කිසිවෙකුට නොහැකි ය. අද බංකොලොත් දේශපාලනයේ එරී දඟලන ජවිපෙ විසින් මව් බිමේ විජයග්‍රහනය වෙනුවෙන් කරනු ලැබූ කාර්යභාරය මේ ලිපියෙන් සිහිපත් කිරීම වටියි. ඔවුන් අද කොතැන හිටිය ද කළ හොඳ අප අමතක කළ යුතු නැත. ඒ පිළිබඳ මම මීට පෙර සංහිඳේ ලීවෙමි. (යන්න_http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html)

බටහිර මාධ්‍ය කුමන්ත්‍රණය බිඳ වැටීම

ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් හැටියට ළඨඨු පරාජය කිරීමේ අවස්ථාව සැලකිය හැකිය. එමෙන්ම මාධ්‍ය ඉතිහාසයේදී මෙය ඉතා වැදගත් වන අවස්ථාවකි. හිටිලර්ටත් වඩා කුරිරුතර ජනඝාතකයා හැටියට සැලකිය හැකි වේලුපිල්ලේ ප්‍රභාකරන් ට ඒ සඳහා අනුබලයක් ලැබුණේ බටහිර මාධ්‍යන් මගිනි.

කෙසේ නමුදු එම ජනඝාතකයා මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමට ද කටයුතු කළ අයකු වශයෙන් බටහිර මාධ්‍ය නොදැන සිටීම පුදුමයට කරුණකි. මෙම ජයග්‍රාහී අවස්ථාව මාධ්‍යමය කුමන්ත්‍රණ බිඳවැටුණු අවස්ථාවක් හැටියට ද සැලකිල්ලට ගත යුතුව ඇත. ප්‍රභාකරන් මාධ්‍යකරුවෝ රුසක් අමු අමුවේ ඝාතනය කළ පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය.

මෙහිදී 1987 දී පමණ ශ්‍රී ලංකා රුපවාහිනියේ සේවකයන් 4 දෙනකු පණ පිටින් පුළුස්සා මරා දමන ලද අවස්ථාව අපගේ මතකයට නැඟෙයි.

මෙම සිව් දෙනා යාපනයේදී පැහැරගෙන ගොස් අවසානයේ මරා දැමුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සෘජු අණදීම මත බව පැහැදිලිය. විග්නේෂ්වරම් නමැති තම සහෝදර දමිළ නිලධාරියා වාහනයකින් ගෙදරට ඇරලවා ආපසු එන ගමනේදී මෙම සිව් දෙනා සුසාන භුමියකට ගෙන ගොස් ටයර් දමා පුළුස්සා අමු අමුවේ මරා දමන ලදී. මෙම නිලධාරීන් සිහිපත් කිරීම මෙම අවස්ථාවේදී අප හැම යුතුකම වේ. මෙයට අමතරව මාධ්‍යවේදීන් රුසක් වරින් වර මරා දැමීමේ චෝදනාවට ද වගකිව යුත්තේ එල්ටීටීඊයම බව කිවයුතුව ඇත. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අයත් වැදගත් චරිත හා පුද්ගලයන් මරා දමා එය අන්‍යයන් පිට පැටවීම ද එල්ටීටීඊ ය සුක්ෂම ලෙස කරන ලද්දකි.

ත්‍රස්තවාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ කුරිරු ක්‍රියාවට බටහිර ජනමාධ්‍ය ඡණණ හා අල් ජසීරා රුපවාහිනී සේවාවන් සෘජු ලෙසම වගකිව යුතුය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් හඳුන්වාදෙන ලද මිනිස් බෝම්බ, මරාගෙන මැරෙන කබා, හෙල්මටි, සයිනයිඩ්, ගැබ්බර කාන්තාවෝ මිනිස් බෝම්බ ලෙස යොදා ගැනීම වැනි විධික්‍රම හා එහි මුහුණුවර ලෝක ත්‍රස්තවාදීන්ට අස්වාදනයක් ගෙනදෙන අයුරින් ලොවට දායාද කිරීමේ පාපයෙන් මිදීමට මෙම බටහිර මාධ්‍යයන්ට පුළුවන්කමක් නැත. එල්ටීටීඊ ත්‍රස්තවාදයට අනුබද්ධ මාධ්‍ය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වු බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මාධ්‍ය ඉතිහාසයේ මෙය වැදගත් අවස්ථාවක් ලෙස සටහන් වන්නේ ත්‍රස්තවාදීන් පරාජය කරන අතරම, මෙම ත්‍රස්තවාදයට අනුබලයක් වු මාධ්‍ය කුමන්ත්‍රණ ද ලෝක ප්‍රජාව අවබෝධ කර ගැනීමට සමත් වීම නිසාය. කුමන්ත්‍රණකාරී ස්වභාවය වඩාත් හොඳින් ප්‍රදර්ශනය වුයේ පශ්චාත් යුද සමයේදීය. එය ඔවුන්ගේ ක්‍රියා කලාප තුළින්ම ඔප්පුවුවකි.

එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ සෙසු නායකයන් අවසාන මොහොතේ පවා සියලු උපක්‍රම යොදා බේරා ගැනීමට බටහිර මාධ්‍ය නොගත් උත්සාහයක් නැත. ඔවුන් යුද මුක්ත කලාපයේ කොටුවු අවස්ථාවේදී අල් ජසීරා BBC CNN මාධ්‍ය ආයතන අඛණ්ඩව හුවා දැක්වුයේ සිවිල් වැසියන් මරාදැමීම හා යුද අපරාධ ශ්‍රී ලංකා හමුදාව විසින් දහස් ගණනින් සිදු කරන බවයි. පසුගිය මැයි 10 දින සිට මෙම සේවා ඔස්සේ පළවු පුවත් හා විචිත්‍රාංග මෙයට කදිම නිදසුන් වේ.

ඔවුන් මෙම පුවත් ගොඩ නැඟීමට සෘජුවම උපුටා ගත්තේ ඨඅමඉල නඑට වෙබ් අඩවියයි. බීබීසිය ප්‍රචාරය කළ ඩේටි ලයින් වැඩසටහනින් මාර්ක් නමැති සම්පත් දායකයා පුන පුනා සඳහන් කළේ යුධ අපරාධ පිළිබඳවයි. එසේම අල් ජසීරා රුපවාහිනි සේවාව සිය පුවත් ප්‍රචාරය මගින් විනෝ කනපතිපිල්ලේ නමැති එල්ටීටීඊ ප්‍රකාශිකාවක් ලවා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වන අසාධාරණය පිළිබඳ යළි පුන පුනා සඳහන් කරන ලදී. මෙම ප්‍රවෘත්තියටම අනුබද්ධව යුද ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති වින්ද ජන කොටස්වල රුප රාමු පෙන්වන අතරම තවත් ජන කොටසක් ඉතා දුක්බරිත තත්ත්වයකින් මුදාගත් ප්‍රදේශවල වෙසෙන බවටත්, එහි ලෙඩ රෝග පැතිර තිබෙන බවටත් කරුණු අවධාරණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කිමෝන් මහතාගේ සංචාරයෙන් පසු මෙම තත්ත්වය කිසියම් දුරකට මඟහැරී ගිය බවක් පෙනුණි. අල්ජසීරා රුපවාහිනි සේවාව පිළිබඳ පාඨකයා දැනුවත් වීමද වැදගත් වේ. එය ඹඹඡ ආකෘතියට අනුගත එම සම්ප්‍රදායම අනුගමනය කරන ආයතනයක් බවට සඳහන් කළ හැකිය.

අල් ජසීරා රුපවාහිනිය ආරම්භ කර ඇත්තේ 1999 වර්ෂයේදී දෝහා කටාර් රාජ්‍යයේදීය. එය ආරම්භ කිරීමේ දී ප්‍රාග්ධනය වශයෙන් ඇ.ඩො. මිලියන 150 ක් දෝහා කටාර් රාජ්‍ය නායක එමීර්වරයා විසින් ලබා දෙන ලදී. ඉංග්‍රීසි හා අරාබි භාෂාවන්ගෙන් මෙම වැඩ සටහන් ප්‍රචාරය වෙයි. ලන්ඩන්, ක්වාලාලාම්පුර්, දෝහා හා වොෂින්ටන් හි මෙහි මධ්‍යස්ථාන පිහිටා ඇත. එය ආරම්භයේදීම 2001 වසර වන විට එහි පැවැත්මට අවශ්‍ය මුදල එම ආයතනය විසින්ම උපයා ගතයුතු බවට සැලැස්මක් තිබුණද, 2004 අවුරුද්දේ සිට යළි ඒ සඳහා ඩොලර් මිලියන 30 බැගින් ලබාදීමට දෝහා රාජ්‍ය නායකයා විසින් ආරම්භ කරන ලදී. මේ අනුව අල් ජසීරා සේවය පවත්වා ගෙනයා මේ ආර්ථික අරගලයක් තිබෙන බවද අප තේරුම් ගත යුත්තකි. අල්ජසීරා රුපවාහිනිය බොහෝ අවස්ථාවල බීබීසී ද අභිබවා එල්ටීටීඊ යට පක්ෂව මාධ්‍ය මෙහෙයුම දියත් කළේය.

එල්ටීටීඊ ය ආයුධ මිලදී ගැනීමට සමාන උනන්දුවක් මාධ්‍ය සඳහා මුදල් වැය කිරීමට දරා ඇති බව අපගේ අවධානයට යොමු විය යුතු කරුණකි. කෙසේ වුවද ප්‍රභාකරන් මියගිය පුවත අල් ජසීරා රුපවාහිනි සේවය හා ඹඹඡ ඡණණ සේවා ප්‍රචාරය කරන ලද්දේ මැයි මස 25 වැනි දින වන විටය. අප ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී ඔවුන් දක්වන උද්‍යොගය හා විධානයේ විධික්‍රියා ස්වරය මෙහිදී දක්නට නොලැබුණු අතර, ඉතා මෘදු ස්වරයකින් මෙම පුවත ඉදිරිපත් කරන්නට යෙදුනි. මෙම පුවත ඉදිරිපත් කිරීමේදී සෙල්වරාසා පද්මනාදන් නොහොත් ඛඵ යනුවෙන් හඳුන්වන ඊනටඑරපඔඔල පොලිසියට ද අවශ්‍ය වී ඇති ත්‍රස්තවාදියා යොදාගැනීමට ද අල් ජසීරා රුපවාහිනි සේවය කටයුතු කර ඇති බවක් දක්නට ලැබිණි.. සෙල්වරාසා පද්මනාදන් එල්ටීටීඊ ජත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානියා වශයෙන් හඳුන්වාදීමට බටහිර මාධ්‍ය මේ දිනවල අසාර්ථක උත්සාහයක නිරතව සිටී. මේ අතර ශ්‍රී ලංකා රජය ද ඛඵ අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මාර්ගයෙන් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

රජයට අහිතකර පුවත් පළකිරීම නිසා, 2002 නොවැම්බර් මාසයේ සිට අල් ජසීරා රුපවාහිනි සේවය කුවේටි භුමිය උපයෝගි කර ගනිමින් කරන කටයුතු, කුවේටි රජය මගින් තහනම් කර ඇති බවක් ද මෙහිදී සඳහන් කළ යුතුය. කුවේටි භුමියෙන් 1.3 ඇමරිකානු හමුදා අභ්‍යාස සඳහා ලබාදුන් බවට දැක්වණු වැරදි ප්‍රවෘත්තියක් පළකිරීම මෙයට මුල් වු හේතුවයි. මේ අනුව අල්ජසීරා රුපවාහිනි සේවයේ කුවේටි කාර්යාලය වසා දමා එහි නිලධාරීන් රටින් පිටුවහල් කිරීමට කුවේටි රජය පියවර ගනු ලැබීය. එතැන් පටන් අද දක්වා ජසීරා රුපවාහිනි සේවය කුවේටි රාජ්‍ය තුළ ක්‍රියාත්මක වන්නේද නැත.

ප්‍රභාකරන් යන්න හිරුට පර්යාය නාමයකි. ප්‍රභාකරන් යන්න සංස්කෘත භාෂාවෙන් ප්‍රභාව ඇති කරන තැනැත්තාට යෙදෙන්නකි. හිරු දෙවියා යන පර්යාය නාමයෙන් බොහෝ බටහිර මාධ්‍යයෝ ප්‍රභාකරන් හැඳින්වීමට පෙළඹුණහ. ඔහු දේවත්වයට නංවාලීමට කටයුතු කළේ හිතාමතාමය. තවත් වරෙක ක්‍රිෂ්ණ දෙවියන්ගේ අවතාරය වශයෙන් ද ඔහු පෙනී සිටී. මෙම මහා ප්‍රතිරුපය පැරදවිය නොහැකි බලවේගයක් වශයෙන් නිතර නිතර හුවා දක්වන ලද්දේ බටහිර මාධ්‍ය මගිනි. මාධ්‍ය මගින් මවා පෑ කාල්පනික ලෝකයේම ඇලී ගැලී ජීවත් වීමට ප්‍රභාකරන්ද පෙළඹුණේ මෙම මනෝ මුලික හේතුව නිසාය. මනසින් දෙවි කෙනෙක් බවට ඔහු පත්විය. ක්‍රිෂ්ණ දෙවියන් පැරදවිය නොහැකි බව ඔහුම හඬ නඟා කීවේ මෙම මානසික තත්ත්වයම නිසාය. මනසින් මනෝරාජ්‍යක රජවීමට තරම් ප්‍රභාකරන් උන්මන්තකයකු කළේ මෙවන් ඊනියා මාධ්‍යයන් විසිනි.

ප්‍රභාකරන් මෙම විකාරරුපී තත්ත්වයට ඇද දැමුවේද ඔහුට ආවැඬු මාධ්‍යමය. හමුදාවට කොටුවී සිටින අවසන් අවස්ථාවේ පවා ඔහු සිතුවේ ක්‍රිෂ්ණ දෙවියන් මෙන්ම හිරු දෙවියන්ද පරාජය කළ නොහැක යන මතයම විය හැකිය. ප්‍රභාකරන් සිහින ලෝකයක තනි කර ඔහු පාවා දෙනු ලැබුවේ බටහිර මාධ්‍ය බවට මේ අනුව තර්ක කළ හැකිය. ප්‍රභාකරන්ට ආත්මාවබෝධයක් තිබුණේ නම් මෙම මාධ්‍ය ලෝකය විසින් මවන ලද ස්වප්න රාජ්‍යයේ ජීවත්ව නොසිටිනු ඇත. මාධ්‍යමය වශයෙන් වැදගත් වන මෙම අවස්ථාව සියලුම මාධ්‍යවේදීන් විසින් ගැඹුරින් ගවේෂණය කළ යුත්තකි. මානව ශිෂ්ටාචාරය ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් විනාශ කිරීමට බටහිර මාධ්‍ය කටයුතු කළ ආකාරය ලෝක ඉතිහාසයේ සටහන් වනු නියතය.

එල්ටීටීඊයෙන් යැපුණු මාධ්‍යකරුවා නිතර සංකතනයට භාජන කරන ලද්දේ සිවිල් සමාජය මානව හිමිකම් වැනි ත්‍රස්තවාදයට රුකවරණය සලසා දුන් උද්‍යොගි පාඨ කීපයකි. මෙම එල්ටීටීඊ පරාජයත් සමගම බටහිර මාධ්‍යයේ සත්‍යාන්විත භාවය හා මධ්‍යස්ථභාවය පිළිබඳ ලෝකයටම පැහැදිලි යථාවබෝධයක් ලැබී ඇත. බටහිර රටවල දේශපාලනයේදී වෙනස් වීමේ ප්‍රවණතාවක්ද මේ අනුව ගොඩනැඟෙමින් තිබේ. එල්ටීටීඊයේ සවරුපය ලොවට හෙළි වනවාත් සමගම මාධ්‍ය ත්‍රස්තවාදයේ නග්නත්වය ලොවට හෙළිදරව් වෙමින් පවතී. ද්වේශ සහගත ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මිලිබෑන්ඩ් වැන්නවුන් කළ ප්‍රකාශ ඔහුට මෙන්ම බටහිර මාධ්‍යන්ට පාරාවලල්ලක් වී ඇති බව සඳහන් කළ යුතු වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී (2009.5.26) බ්‍රිතාන්‍ය විදේශ ඇමති මිලිබෑන්ඩ් විසින් යුද අපරාධ සෙවීමේ ස්වාධීන කොමිසමක් පත්කර ගැනීමේ උත්සාහයක යෙදුනි. බීබීසීය 26 වැනි දින තම ප්‍රවෘත්ති ප්‍රචාරය මගින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමේ කුට මෙහෙයුමක සුපුරුදු පරිදි යෙදෙනු දක්නට ලැබිණි. ත්‍රස්තවාදී එල්ටීටීඊය නිසාම සරණාගතයන් බවට පත් ජනතාවගේ කඳවුරු ජීවිතයේ අඳුරු පැතිකඩක් මෙහිදී අන්වීක්ෂණය කොට දර්ශනය කෙරිණි. බීබීසීය ලෝකයා හමුවේ සිය නග්නත්වය යළි වසා ගැනීමට තැතක් වශයෙන් මෙම නිරර්තක උත්සාහයන් හැඳින්විය හැකිය.

බොහෝ අවස්ථාවල දී බීබීසී හා අල් ජසීරා වැනි රුපවාහිනි මාධ්‍ය හිටිලර්ගේ සන්නිවේදන අංශ ප්‍රධානියා වු ගොබල්ස්ගේ සන්නිවේදන න්‍යාය ශිල්ප ක්‍රම උපයෝගි කරගනු දක්නට ලැබිණි. යමක් පුළුවන් තරම් පුන පුනා කීම හා ඒ මගින් පුද්ගල මනසට කා වැද්දීම ගොබල්ස් සන්නිවේදන න්‍යායේ එක් ලක්ෂණයකි. යුද අපරාධ මානව හිමිකම් බිද දැමීම වැනි ඔවුන් පුන පුනා මතුකිරීමට උත්සාහ ගත් ප්‍රවෘත්තිද අද වන විට බිඳ වැටෙමින් පවතී. ඔවුන්ගේ මෙම මාධ්‍යමය උපක්‍රමවලින් අමාරුවේ වැටුනේ හිරු දෙවියන්ගේ තත්ත්වය ආරුඩ කරගත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත්වීමත් සමගම වඩාත් ලජ්ජාවට පත්විය යුත්තේ බටහිර මාධ්‍ය බව ඉඳුරාම කිව හැක. එල්ටීටීඊයට වඩා පරාජයක් අද සත්‍යයේ ජයග්‍රහණ හමුවේ බටහිර මාධ්‍යන් ලබා ඇත.

මෙවැනි තීරණාත්මක අවස්ථාවක මාධ්‍ය තුළ පෙනී සිටිමින් කළ ප්‍රචාරාත්මක ප්‍රකාශ පිළිබඳව එක්සත් ජාතීන්ටද පැමිණිලි කිරීම මෙම අවස්ථාවේ ඉතා වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක කටයුතු කරන පිල්ලේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාටත් වඩා ඉහළින් පෙනී සිට මේ පිළිබඳ දක්වන උනන්දුව ලෝකයාට ද පැහැදිලි කළ යුත්තකි.

ශ්‍රී ලංකා රජයට විරුද්ධව මානව හිමිකම් කොමිෂම ඉදිරියේ පැවැති යෝජනාව ජයගනු ලැබු දිනට පසුදින අල්ජසීරා ප්‍රවෘත්ති මගින් එම ජයග්‍රහණය විවරණය නොකොට අත් වු පරාජය වසාගැනීම සඳහා නින්දිත උත්සාහයක යෙදිණි. උතුරේ කඳවුරුවල වෙසෙන ද්‍රවිඩ ජනතාව විඳින දුක නිරුපණය කළේ අවධානය වෙනතක යැවීම සඳහාය.

අල් ජසීරා රුපවාහිනි සේවය මැයි 28 වැනි දින තම ප්‍රවෘත්ති මඟින් සිරස්තල පුර්වකම හුවා දැක්වීමට උත්සාහ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ බලපෑමක් ඇති බවයි. කෙසේ වුවද ඊට හාත්පසින්ම විරුද්ධ ප්‍රවෘත්ති සිරස් තලයක් මෙහිදී බීබීසී ය 2009.05.28 දින යොදා ගැනීමද මෙහිදී සැලකිල්ලට ගත යුත්තකි. බීබීසී ප්‍රවෘත්තියෙහි මේ පිළිබඳව සඳහන්ව ඇත්තේ (UN Supports Sri Lanka aid effort. The united Nations Human Rights Council has offered support to Sri Lanka's humanitarian efforts as it recovers from its war with Tamil Tiger rebels) යනුවෙනි.

අල් ජසීරා රුපවාහිනිය තවදුරටත් උත්සාහ කරන්නේ ඔවුන් මවා පෑ තත්ත්වය ඉතා කුට ලෙස වසා ගැනීමටය. අසත්‍යයෙන් සත්‍ය යටපත් කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු කාලය එළඹ ඇත. භාෂාව මිනිස් සිතේ පිළිබිඹුවකි. අල් ජසීරා රුපවාහිනිය මෙම අවස්ථාවේ යොදා ගන්නා භාෂාත්මක යෙදුම් ඥානාන්විත ලෝකයාට ඔවුන් පිළිබඳ යථාවබෝධයක් ලබාගැනීමද හේතුවන්නකි. මෙම භාෂාත්මක ක්‍රීඩාව වැඩිදුර අල් ජසීරාවට පවත්වාගෙන යෑම කළ නොහැක්කකි. බොහෝ දෙනෙක් අල් ජසීරාව අරාබි ලෝකයේ හඬ ලෙස වරදවා තේරුම් ගෙන ඇත. අල් ජසීරාව වෙනත් මුහුණුවරකින් පෙනී සිටින සුද්දන්ගේම හඬකි. එය මාධ්‍යමය ජාවාරමක් ලෙසද හැඳින්විය හැක.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඩේවිඩ් මිලිබෑන්ඩ් අතර වු සංවාදයේදී මාධ්‍ය තුළින්ම ඩේවිඩ් මිලිබෑන්ගේ කුදු බව වෙසෙසින් ප්‍රදර්ශනය විය. එංගලන්තයේ පළවන පුවත්පත් හා මාධ්‍ය මගින්ම මිලිබෑන්ඩ් රට මෝඩයකු බවට මේ වන විට හුවා දක්වයි. වොල්ස්ට්‍රීටි ජර්නල්, ලොස් ඇන්ජලීස් ටයිම්ස් වැනි පුවත්පත්, හමුදාවේ මෙම විජයග්‍රහණය දක්වා ඇත්තේ ප්‍රසංශනාත්මකවය. එය යථාර්ථයේ ජයග්‍රහණයක් වශයෙන් හුවා දැක්වේ. මාධ්‍ය ඉතිහාසය ලිවීමේදී ද මෙය යථාර්ථයේ ජයග්‍රහණයක් හා බටහිර ත්‍රස්තවාදය හා මාධ්‍ය කුමන්ත්‍රණ පැරද වු වෙසෙසි අවස්ථාවක් හැටියට රන් අකුරින් ලියවෙනු නියතය.

සුනිල් සරත් පෙරේරා

(දිවයින_09/06/02)

පසුවදන_මේ ලිපියේ වැදගත්කම් කිහිපයකි. පළමුවැන්න අප යුද්ධ කළේ හුදු කොටි ත්‍රස්තවාදය සමග පමණක් නොව කොටි යොදාගෙන බළලුන් ලවා කොස් ඇට බෑවීමට පෙළ ගැසුණු බටහිර බලවේග සමග බව ය. එක් අතකින් මේ ජයග්‍රහණය ඒ සියලු සතුරු පෙරමුණු පරදා ලද ජයෙකි. බටහිර විසින් ලොව බිහිසුණු ම ත්‍රස්ත සංවිධානය යයි බෞතීස්ම කරන ලද කොටි ද කොටින්ට වඩා බිහිසුණු බටහිර මාධ්‍ය ත්‍රස්තවාදය ද අපි පරාජය කළෙමු. අප රටක් ලෙස කුඩා වුව ද එකට එකතු වූ විට කළ නොහැක්කක් අපට නැත.

Monday, June 1, 2009

රාජද්‍රෝහීත්වයට දඬුවම මරණයයි !

සෑම කිල්ලෝටයකම හුණු ස්වල්පයක් තිබේය යන පැරුණි නම ගිය කියමනට සමානව, ප්‍රභාකරන්ගේ සෑම බංකරයකින්ම හමුවු සෑම හමස් පෙටිටියක් තුළම කුමක් හෝ වැදගත් යමක් තිබිණි. සමහර හමස් පෙටිටි තුළ මරණ දණ්ඩනයට නියම කෙරුණු පුද්ගලයන්ගේ ලැයිස්තු විය. සමහර හමස් පෙටිටි තුළ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය වෙනුවෙන් විවෘත කෙරුණු ලිපි ගොනු තිබිණ. තවත් සමහර හමස් පෙටිටි තුළ කොටි සංවිධානයෙන් මුදල් ගත් පුවත්පත් කලාවේදීන්ගේ නම්ද, එබඳුම සල්ලි මිටි ලබාගත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විද්වත් වෘත්තිකයන්ගේ නම්ද තිබිණි. මේ සියලු දෙනාගේ නම් මේ මොහොතේදී අප අත තිබේ. එහෙත් චර්යාත්මක හේතුන් මත ඒවා පල කිරීමෙන් දෑනට වැළකී සිටිමු.

මේ රට දෙකට කඩා ඊළමක් සෑදීමේ ව්‍යාපෘතියේදී සිංහල ජනතාවගේ මොළය සෝදා එම ව්‍යාපෘතිය සාධාරණීකරණය සඳහා වැඩ භාර ගත් කණ්ඩායම් වෙත පැවැරුණු කාර්ය භාරය මෙසේය: දෙමළ ජනතාවට අසාධාරණයක් වන බවත්, ඒ නිසා ඔවුනට නිදහසේ ජීවත් වීම සඳහා වෙනම රාජ්‍යයක් ලබාදිය යුතු බවත් කියැවෙන ලිපි ලිවීම පුවත්පත් කලාවේදීන්ට භාර විය. ඒ සඳහා ඒ පුවත්පත් කලාවේදීන්ට මුදල් ගෙවන ලදී. සමහර ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ප්‍රසිද්ධියේම ආණ්ඩුවට පහර දෙමින් කොටින්ගේ මතය ප්‍රවර්ධනය කළහ. ඒ අතර ඊළම නොලැබෙන ආකාරයක් වෙතොත් අඩුම ගණනේ ෆෙඩරල් රාජ්‍යයක් ලබාදී එහි ඊළඟ පියවර ලෙස ඊළමට යෑමේ වැඩපිළිවෙළ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්වත් වෘත්තිකයන්ට භාරවිය. ඔවුහු තරුපහේ හෝටල්වල රුස්ව උපරිම බලතල යටතේ ෆෙඩරල් රාජ්‍යයක් සකස් විය යුත්තේ කෙසේද යන්න සාකච්ඡා කළහ. අවසානයේදී ආණ්ඩුව නැගෙනහිර පළාත ජයග්‍රහණය කළ විට කොළඹ පදනම් ආයතනයට රුස්වු විශ්වවිද්‍යාල ඇදුරන් සහ දේශපාලනඥයන් පිරිසක් යුද ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මහින්ද රාජපකෂ ඒකාධිපතියකු වීමට ඉඩ ඇති බව කියමින් එය වළක්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට රැස්වීම් පවා පැවැත්වුහ.

අද මේ ලෝකයේ ප්‍රධාන තීරකයා මුදල් බවට පත්වී තිබේ. පුවත්පත් කලාවේදීන් රුපවාහිනි නාලිකාවල සිටින කොටි හිතවාදීන්, විද්වත් වෘත්තිකයන් යනාදීන් මිලට ගැනීමට ඒ නිසා හැකිය. එල්ටීටීඊය කෙළින්ම හෝ කොළඹ තිබෙන තමන්ගෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල මාර්ගයෙන් එම පුවත්පත් කලාවේදීන්ට හා විද්වත් වෘත්තිකයන්ට මුදල් ගෙවීය. මෙසේ මුදල් ගත් සමහර මාධ්‍යවේදී මහත්වරුන් රටින් පැනගත් අතර තව පිරිසක් නිසි කලට යා ගත නොහැකිව ඉතිරි වුහ. මේ සියලු දෙනා රාජද්‍රෝහී වුවෝ වෙති. රාජද්‍රෝහීත්වයට දඬුවම මරණයයි. චීනය වැනි රටක් නම් මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු අසා එක පෙළට හිටවා වෙඩි තබා මරයි. එහෙත් අපගේ කරුමයට මේ රටෙි එල්ලුම් ගස පවා වැඩ කරන්නේ නැත. මිනිස්සු ඕනෑම කුපාඩි වැඩක් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ හොඳ කල්ක්‍රියාවෙන් කටයුතු කළ බවට සහතික ලැබ වසර කිහිපයකින් නිදහස් වී ගෙවල් බලා යති.

1980 න් පසු මේ රට පාලනය කළ කවර ආණ්ඩුවක් වේවා ඊළමට හා බෙදුම්වාදයට එරෙහි වු විට දිවයිනවහා ඒ ආණ්ඩුවට පකෂ විය. රාජ්‍ය බලය යොදවා දිවයිනේ ස්ථාවරය වෙනස් කිරීමට අවස්ථා දෙකකදී කටයුතු කෙරුණු නමුදු අදටත් දිවයින සෘජුව සිටින අතර එසේ රාජ්‍ය බලය යෙදවු දේශපාලනඥයන් ආගිය අතක් නැත. මේ රටෙි උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් පවත්නා විෂමතාවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අපි අදටත් කියමු. එහෙත් එය එක කොඩියක් යට එකම රටක් තුළ දිය යුතු දේශපාලන විසඳුමක් මිස ඊළමක් නොවේ.

(දිවයින_09/06/02)

පසුවදන_මේ රටට එරෙහිව කුමන්ත්‍රණ කළ කුප්‍රකට ජඩ මාධ්‍ය සංගම් 5 ඇතැම් තක්කඩි දේශ_අප්‍රියලා දැන් පිට රට ය. ඇතැම් ජඩයෝ මේ රටේ තරු 5 ප්‍රජාතන්ත්‍රවාදයට පිං සිදුවන්නට තවමත් මෙරට ම යහතින් ජීවත් වෙති. අනාගත පරම්පරාවට ආදර්ශයක් ගැනීමට මේ නිවටයින්ට වහා දඬුවම් කළ යුතු ය. රටට දේශද්‍රොහීන් බිහි කරන සියලු උල්පත් වසා දැමිය යුතු ය. හෙට දවසේ රට කරවන්නට රටට ආදරය කරන පරපුරක් බිහි කළ යුතු ය.
 
සිය රට දේ සිරි සැප දේ !