අපගේ ගරු කටයුතු පේෂකර්ම ඇමැතිතුමා වන මහින්ද රත්නතිලක මැතිතුමා කල්තොට පොලිසියට කඩා පැන එහි රඳවාගෙන සිටි සැකකරුවකු සහ පොලිසිය භාරයේ තිබූ යතුරුපැදියක් පැහැරගෙන යැම පිළිබඳව මේ වන විට රටම දනී. සැකකරු, රත්නතිලකයන්ගේ ආධාරකරුවකු බවත් රත්නතිලකයන් පොලිසියට කඩා පැන ඇත්තේ ඇඳ සිටි සරම ද ඔසවාගෙන කුණුහරුප කියමින් බවත් දැනගන්නට තිබේ. මේ හැසිරීම ගැන අප තුළ එක්‌වනම කනගාටුවකුත් දෙවනුව හාස්‍යයකුත් ඇති වූ බව කියමු. හාස්‍යයට හේතුව ඇමැතිතුමා සරම ඔසවාගෙන සිටින විට ඇති වී යෑයි අප උපකල්පනය කරන දර්ශනයකි.
මහින්ද රත්නතිලකයෝ මැදිවියද ඉක්‌මවා මහලු විය කරා ප්‍රවිශ්ඨ වෙමින් සිටින මහතෙකි. එබැවින් එතුමන්ගේ දෙපා යුග්මය පෘෂ්ටිමත්ව පැවැතීමට හේතුවක් නැත. එවැනි පෞරාණික කකුල් සහිත මහලු මනුෂ්‍යයකු ඇඳිවත එසවූ විට, සිටුවූ ඉරටු දෙකක් මතට පොල්කට්‌ටක් නැමුවාක් වැනි දර්ශනයක් ඇති වීමට ඉඩ තිබේ. සමාවෙන්නෘ මෙය අප උපකල්පනය කළ දර්ශනයයි. මෙය කර්තෘ වාක්‍යයට අදාළ නැති පෘථග්ජන සිතිවිල්ලකි.
නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේදී සුසන්ත පුංචිනිලමේ ගරු ඇමැතිතුමා ද සමඟ විත්තිකරුවකුව සිටි මහින්ද රත්නතිලක මැතිතුමා තම ආධාරකරුවා වෙනුවෙන් පෙනී සිටි ආකාරය ප්‍රශංසනීය ය. සිය ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයන් ගණන අද ඉතා සීමිත ය. අප දන්නා ඉතිහාසයේ මෙවැනි ආධාරකරුවකු ලෙස පෙනී සිටි පළමු උතුමා ඡේ. ආර්. ජයවර්ධන උතුමා ය. එතුමා, අංක එකේ මිනීමරුවකු සහ ස්‌ත්‍රී දූෂකයකු වූ ගෝනවල සුනිල් නමැති සිරකරු (1980) ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරවාගෙන ඔහුට සාමවිනිසුරු පදවියක් පවා දුන්නේ ය. අන්තිමේදී සුනිල් වෙඩි කා මළේය. සුනිල් මෙන්ම ඡේ. ආර්. ද ජීවතුන් අතර නැති නිසා ඒ අය ගැන කතා නොකරමු. එහෙත් ඒ පරම්පරාවේ මන්ත්‍රීවරුන් මැරයන් ලෙස හැසිරුණු ආකාරය අමතක කළ නො හැකිය.
සිවිල් ත්‍රස්‌තවාදියාට මහජන ඡන්දවලින් හෝ පත් කළ මන්ත්‍රී කෙනකු ලෙස රාජ්‍ය බලය ලැබුණු විට ඔහු යකකු බවට පත්වෙයි. ජනමාධ්‍යකරුවන්ට පහර දෙන්නේත්, මැර කල්ලි සමඟ හිතවත්කම් පවත්වන්නේත් මෙසේ සිවිල් බලයට රාජ්‍ය බලය එක්‌වීමේ පල විපාකයක් ලෙස ය.
මහින්ද රත්නතිලකලා ප්‍රචණ්‌ඩත්වයට අමතරව සමාජය වෙත මුදාහළ සේවයක් ගැන නම් අපට ආරංචියක් නැත. සමහර විට පසුව ආරංචි වනු ඇති. මහින්ද රත්නතිලක මැතිතුමා ආණ්‌ඩුවට හේත්තු වූයේ එ.ජා.ප.යෙනි. තම ප්‍රචණ්‌ඩ හැසිරීම මගින් ඔහු පළමු කොට තම මුල් පිහිටි එ.ජා.ප.යට අපහාස කරයි. දෙවනුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට විරුද්ධව කැරැල්ලක් ගැසූ අවස්‌ථාවේදී යනෙන මං නැතිව සිටින විට තමන්ට සෙවණ දුන් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට අපහාස කරයි.
අපට කනගාටු කල්තොට පොලිසිය ගැන ය. නරුම දේශපාලනඥයන් ඉදිරිපිට කොන්ද කෙළින් කරගෙන සිටින පොලිස් නිලධාරීහු සිටිති. එහෙත් කල්තොට පොලිසියට එවැනි නිලධාරීන් නැති බව පෙනේ. ඇමැතිතුමා ඇතුළු මැර කල්ලිය පොලිසියට කඩාවැදුණු විට බලය පාවිච්චි කිරීමට පොලිසිය අසමත් වූයේ ඇයි? පොලිසියේ ඇති තුවක්‌කු, පිස්‌තෝල, වෙඩි උණ්‌ඩ සහ බැටන් පොලුවලට කුමක් වීද? මේ පොලිසිය සතු අවි ආයුධ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් වහා ආපසු ගෙන්වා ගත යුතු ය. ඊළඟට අපරාධකරුවන්ට පවන් සැලීම සඳහා වටාපත් යනාදියත් ඔවුන් නෑවීම සඳහා උණුවතුර සහ සුවඳ සබන් යනාදියත් පොලිසියට ලබා දිය යුතු ය.
(දිවයින - 09/08/28)
ටිප්පණිය - ලංකා පොලිසිය ත්‍රස්තවාදය පාතාලය මර්දනය කිරීම සදහා කළ කාර්යභාරය අපට අමතක නැත. එහෙත් ඒ නිසා ඔවුන්ට රටේ නීතිය කඩන්නට අවසර නැත. නීතිය සැමට සාධාරණ විය යුතුය. බලවතාට එක නීතියකුත් දුබලයාට තව නීතියකුත් දැනට මෙරට ක්‍රියාත්මක වෙයි. ඔවුන් ඇතැම් විට හැසිරෙන්නේ ඉතා ම පරස්පර ලෙස ය. සැබෑ යුක්තිගරුක පොලිසියක් නම් ඔවුන්ට අඟුලානේ හැසිරීම කල්තොටට භාවිත කරන්නට තිබිණි. එසේ වී නම් අඟුලානේ ජනතාව ගැසූ ගල් කල්තොට දී මල් වැසසක් වන්නට ඉඩ තිබිණි. මේ පරස්පරය මකා ගත් දාට ජනතාව පොලිසියට ගරු කරනු ඇත. දැන් පොලිසිය ගැන ජනතාව තුළ ඇත්තේ පිළිකුළකි. ඒ පිළිකුළ මුසු බිය නිසා දක්වන බය පක්ෂපාතීත්වය ගරු බුහුමනක් ලෙස වරදවා තේරුම් ගත යුතු නැත..
Thursday, August 27, 2009
Tuesday, August 25, 2009
"පැවැරුම්" තවමත් අවසන් නැත
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි සමයේදී ඔහු ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයන් සමඟ කිට්‌ටු සම්බන්ධකම් පැවැත්වූ ලක්‍ෂ්මන් කුරේ නමැති පොලිස් මුලාදෑනි මහතකු ගැන මේ දිනවල ඉතා උනන්දුවෙන් කතා බහ කෙරේ. රජයේ විවිධ ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා මේ මුලාදෑනියා කොටි සංවිධානයට සහය දී ඉතා විශාල මුදලක් උපයා ගත් බව දැනගන්නට ඇත. අප මහත් පුදුමයෙන් කතා කළ ද මෙවැනි මුලාදෑනීහු පෙරත් සිටියහ. අදත් සිටිති. හෙටත් සිටිනු ඇති. යුද හමුදාව පොලිසිය යන ආයතනවල සිටි මෙබඳු සිංහල කොටි ගැන කාලයෙන් කාලයට වාර්තා විය.
සමහරු කොටින්ට ඉන්ධන අලෙවි කර මන්දිර තැනූහ. තවත් සමහරු කොටින්ට ඔත්තු දී මුදල් උපයා ගත්හ. ආයුධ ජාවාරම්කාරයන් සමඟ සම්බන්ධ වී තුවක්‌කුවලට නොගැලපෙන උණ්‌ඩත්, උණ්‌ඩවලට නොගැලපෙන තුවක්‌කුත් මෙරටට ගෙන්වා පසුව ඒවා පරණ යකඩවලට විකුණා ලාභ ගත්හ. ආරක්‍ෂක අංශවලට අයත් ආයුධ සතුරන්ට විකිණූ අවස්‌ථා පවා අපගේ ඉතිහාසයේ තිබේ. ඒ ඉතිහාසය වූ කලී 1977 න් පසු ලියන ලද ඉතිහාසයයි.
ප්‍රභාකරන් මියගියේ රට පුරා සිටින මරාගෙන මැරෙන බෝම්බකාරයන් එහෙමම ඉතිරි කරමිනි. ප්‍රභාකරන් මියගිය බව අසා මේ බෝම්බකාරයන් එකකුවත් සියදිවි නසා ගත්තේ නැත. ඔවුහු, මැරීම පිණිස තමන්ට භාර කළ බෝම්බකරුවන් එනතුරු අදටත් රැක සිටිති. අපගේ ජනාධිපතිතුමා ඡන්ද රැස්‌වීම් ඇමැතීම සඳහා ඌව පළාත් වේදිකාවලට නැංගේත්, බැසිල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා පාරවල් දිගේ පයින් යන්නේත් මේ බෝම්බකරුවන් ඔවුන් එනතුරු බලාගෙන සිටින අවස්‌ථාවකදී ය.
කොටි සංවිධානය ජනාධිපතිතුමා ඇතුළු රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් ගැනත් රජයේ මැති ඇමැතිවරුන් ගැනත් වඩාත්ම වෛරයෙන් පසුවන කාලය මෙයයි. පිටරටවල සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව හෙවත් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට ආධාර දෙන විදේශික දෙමළ ප්‍රජාව වැඩිම වෛරයකින් පසුවන වකවානුව මෙය වන්නේ ය.
නෝර්වේ රාජ්‍යයට හා බෙදුම්වාදයට හිතවත් නායකයකු බලයට පත්වුවහොත් මිස කිසි කලෙකත් තමන්ට හිස එසැවීමට නොහැකි බව කොටි දනිති. ඒ නිසා මරාගෙන මැරෙන්නට ඔවුන් සූදානම් ය. ඊළම බිහිකිරීම පිළිබඳ "පැවැරුම" ප්‍රභාකරන්ගෙන් අවසන් වුවද රටේ දේශපාලන ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා ප්‍රභාකරන් කළ "පැවැරුම" තවමත් එසේම පවතී. මරාගෙන මැරෙන කොටියා පුහුණු කර ඇත්තේ එවැනි මානසික මට්‌ටමක් සහිතව ය. මේ ලෝකයේ අවසානයට ඉතිරි වන්නේ තමාත්, තමාට මැරීම පිණිස පවරන ලද මිනිසාත් පමණක් නම් ඔහු මරාගෙන මැරීමට ඒ කොටියා සූදානම් ය.
අපගේ වැටහීම නම් මේ කාරණය නිසි ලෙස තේරුම් කරගෙන ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පමණි. දේශපාලනඥයකු නොවන නිසාදෝ ඔහු කසිකබල් රැස්‌වීම්වලට යන්නේ නැත. බෝම්බයට ඇස් නැති බව ඔහු දනී. මේ සිටින්නේ රට බේරාගත් ජනාධිපති බව බෝම්බය දන්නේ නැත. අපට පෙනෙන පරිදි මේ රටේ ප්‍රභූවරුන් ද සිතන්නේ බෝම්බය සිතන පරිදි ය.
(දිවයින - 09/08/26)
ටිප්පණිය - තම ආරක්ෂාව තමන් සලසා ගත යුතු යුතු යයි කීවෝ ගරු ජේ. ආර්. උතුමෝ ය. ඒ කතාව නිසා එතුමා අද වන තුරු බැනුම් අයසයි. එහෙත් එතුමා කී පරිදි ම සිය ආරක්ෂාව සලසා ගත් නිසා නිසි ආයු වැළඳුවේ ය. එහෙත් ඉන් පසු අපේ නායකයෝ සිය ආරක්ෂාව ගැන සිතුවේ නැත.ඒ වරදට බොහෝ දෙනා ජීවිතයෙන් වන්දි ගෙවූහ. ඒ එතුමා ලංකාවට බෝ කළ බොහෝ දේවල් උග්‍ර විෂ සහිත නිසා ඉවක් බවක් නැතිව සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ වරද ය.
අපේ නායකයෝ ඒ ගැන නැවත නැවත සිතිය යුතු ය. ප්‍රසිද්ධ රැස්වීම් පෙළපාළිවලින් ටික කලකට හෝ ඈත්ව සිටීම සතුරාට කල හැකි දැවැන්ත අභියෝගයකි. ඉන්දියාවේ රන් දෙවොල ග්‍රහනයට ගත් බින්දර්වාලා ප්‍රමුඛ සික් ත්‍රස්‌ත කණ්ඩායම විනාශ කළ ජනරාල් අරුන් විද්‍යාව ත්‍රස්තයින් විසින් ඝාතනය කළේ ඊට බොහෝ කලකට පසු ය.

මහජන සේවය නමැති තඩි බොරුව
උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙයි. ඉකුත් 22 වැනිදා පැවැතියේ ඉංගිරිසි විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රයයි. එදා කොටිකාවත්තේ රාජසිංහ මහ විදුහලේ ශාලා අංක 2 විභාගාපේක්‍ෂකයන්ට උදේ ලැබීමට නියමිත ප්‍රශ්න පත්‍රය වෙනුවට ලැබුණේ සවස් වරුවට නියමිත ප්‍රශ්න පත්‍රය බව අපට දැන ගන්නට ලැබී ඇත. මෙය මේ රටේ අධ්‍යාපනය තවත් ඉදිරියට යැමකි. සවසට නියමිත ප්‍රශ්න පත්‍රය උදේ දීම තවදුරටත් වර්ධනය කළොත් ඊ ළඟ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාගය පැවැත්වීමටත් කලින් ම නිකුත් කළ හැකි ය. තවත්දුරට යන්නේ නම් සිසුන් පාසල් නොයවා ම විභාග පාස් කරවිය හැකි ය. එවිට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ඉතිරි කර ඒ මුදල් රෝහිත බෝගොල්ලාගම ඇමැතිතුමාගේ විදේශ ගමන් සඳහා වැය කළ හැකි ය.
රෝහිත බෝගොල්ලාගම මැතිතුමා ගැන අපට මතක් වූයේ හොඳ වෙලාවටයි. රජයේ වියදමින් එතුමා සහ එම පවුලේ උදවිය කෙන්යාවේ සංචාරයක් කළ බවත් වැය වූ මුදල ඉතා විශාල බවත් ඊයේ (24 දා) දිවයිනේ මුල් පිටුවේ ම පළ විය. බෝගොල්ලාගම මැතිතුමාගේ බිරිය එතුමාගේ පෞද්ගලික ලේකම්වරිය යි. එ බැවින් එතුමිය ඒ ගමන යා යුතුම ය. අම්මා තාත්තා සමඟ දූ දරුවන් ද නොයන ගමනක් වෙතොත් එය සිංහල සංස්‌කෘතිය උල්ලංඝනය කිරීමකි. ඒ නිසා එතුමාගේ ගමනට දූ දරුවනුත් එකතු වන්නට ඇති. මේ පිරිස කෙන්යාවේ වනාන්තරවල සෆාරියක් ගිය බව ද වාර්තා වේ. එයත් සාධාරණ ය. කෙන්යාවේ ගොස් එහි වනාන්තර මැද සිටින බෙල්ල දිග ජිරාෆ්ලා සහ කොට මහත රයිනෝසිරස්‌ලා බැලීමට සෆාරියක් නො යන්නා මෝඩයෙකි. ඇමැතිතුමා තමා ගත් සියලු පියවරවලින් පෙන්නුම් කර ඇත්තේ තමන් මෝඩයකු නො වන බව ය. එහෙත් තමා නොම්මර එකේ නාස්‌තිකාරයකු බව එතුමා ඉතාම අවංක ලෙසත්, සත්‍යවාදී ලෙසත්, හෘදයාංගම ලෙසත්, සෘජු ලෙසත් මේ රටේ බදු ගෙවන ජනතාවට පෙන්වා දී ඇත. පසුගියදා එතුමාගේ දියණියගේ උපන් දින උළෙල ඇමරිකාවේ පැවැති අතර එතුමා ඒ සඳහා රුපියල් ලක්‍ෂ 45 ක් වැය කළේ ලූෘ ඒ අතින් ද එතුමා ඉතාම හොඳ පියෙකි. අද රටේ සිදුවන දේවල හැටියට දෙමාපියන් විදේශගතව සිටියදී ගැහැනු ළමයකුගේ උපන් දින සාදයක් හුදෙකලාව පැවැත්වීම සුදුසු නැත. එ බැවින් යුතුකම් දත් පියකු ලෙස බෝගොල්ලාගම ඇමැතිතුමා සිය දියණියගේ උපන් දින උත්සවය ඇමරිකාවේ පැවැත්වීමට තීරණය කරන්නට ඇති. එකම වරද එම සාදයේ බිල එතුමා විසින් ආණ්‌ඩුවට ඉදිරිපත් කරනු ලැබීම ය.
දැන් අපි මෙතෙක් සාකච්ඡා කළ ප්‍රශ්නයේ යථා ස්‌වරූපය දෙස බලමු. අද මේ රටේ රාජ්‍ය සේවය යනු තඩි බොරුවකි. බොහෝ ඇමැතිවරුත්, මන්ත්‍රීවරුත් කිසිදු හිරිකිතයක් නැතිව තම බිරිය තම පෞද්ගලික ලේකම් ලෙස පත් කර ගනිති. එවිට පෞද්ගලික ලේකම්ට හිමි රජයේ වැටුප වැඩි කලබලයක් නැතිව ම මන්ත්‍රීතුමාගේ ගෙදරට යයි. ඊළඟට පිටරට යන විට තම බිරියත්, දූ දරුවනුත්, මස්‌සිනාත්, බෑණාත්, දියණිය සමඟ විවාහ ගිවිස ගෙන සිටින තරුණයාත් එම තරුණයාගේ පියා සහ මවත් රජයේ වියදමින් ගෙන යැමට මන්ත්‍රීතුමා හෝ ඇමැතිතුමා වගබලා ගනී. මෙවැනි කාරණා සම්බන්ධයෙන් කුසලාන දිනූ ඇමැතිවරයා රෝහිත බෝගොල්ලාගම මැතිතුමා බව (අ) ගෞවරයෙන් සඳහන් කරමු. මේ විදියට ගියොත් මේ රටේ ජාතික ආදයමෙන් කාලක් ම මැති ඇමැතිවරුන්ගේ පිස්‌සු විකාර සඳහා වැය විය හැකි ය. (එසේ නොකරන යහපත් උදවියට අපි හිසනාමා ආචාර කරමු) ජනපතිතුමනි මේ කර්තෘ වාක්‍යය ඔබතුමාගේ අවධානය පිණිසයි.
(දිවයින-09/08/25)
ටිප්පණිය - මේ රටේ මොන ප්‍රශ්න තිබුණ ද අධ්‍යාපන ක්ෂේත්‍රය මෙතරම් පිරිහුණු අවධියක් අපට මතක නැත. රටේ වාසනාවට ඒ වගකීම සිය උර මතට ගෙන ඉල්ලා අස්වී ගෙදර යන ඇමතිවරු අපට නැත. එසේ වුයේ නම් දියවන්නාව මැද පිහිටි සුවිසල් මැදුර විවිධ සම්මන්ත්‍රණ ආදියට බදුදීමට තිබිණි.
ජාතියේ පිනට ලැබුණු මේ ඇමතිවරුන් ලබන භවයේ සුගතියක ම ඉපදේවායි ජනතාව උදේ හවා පතන්නේ සිය පැතුම් කිසිදා ඉටු නොවන බවත් එහි අනෙක් පැත්ත ම සිදුවන බවත් ඔවුන් ටක්කෙට ම දන්නා හෙයිනි. විශේෂයෙන් ගරු බෝගොල්ලාගම ඇමතිතුමා වැනි උතුමන්ගේ හතර වරිගය ම සදෙව්ලොව ඉපදේවායි ජනතාව නිතර ප්‍රාර්ථනා කරනු ඇත. ඒ වෙනුවෙන් එතුමා නිතර පිං දහම් කරමින් ජනතා ආශීර්වාදය ලබා ගනියි. ජනාධිපතිතුමාගෙන් ජනතාව කරන එක ම ඉල්ලීම මෙවන් ඇමතිවරු තව දුසිමක් රටට ලබා දෙන්න යන්න පමණි.

Subscribe to:
Posts (Atom)