Wednesday, October 14, 2009

ඇල්ෆ්‍රඩ් නොබෙල් නැවතත් දුකින්!

මේ මොහොතේ අප ඉදිරිපිට ප්‍රවෘත්ති දෙකක්‌ තිබේ. ආසියාව කෙරේ කුහක ආකල්පයකින් පසුවන බටහිර ලෝකයේ ජනමාධ්‍ය කඩමාලු විසින් නිසි අගැයීමකට ලක්‌ නො කරන ලද, නිසි ප්‍රචාරයක්‌ ලබා නො දෙන ලද පළමු වැනි පුවත වූ කලී හඳේ වතුර ඇති බව ඉන්දියාව විසින් සොයා ගනු ලැබීම ය. මීට සති කිහිපයකට පෙර චJද්‍රයා ආසන්නයට ගමන් කළ චJද්‍රයාන් නමැති ඉන්දියානු අභ්‍යවකාශ යානය සඳේ ඇති පාෂාණ කොටස්‌ මිලියනයක්‌ තුළ ජලය කොටස්‌ 700 ක්‌ ඇති බව හෙළිකර ගත්තේ ය. මේ සොයා ගැනීම සඳහා යොදා ගත් විශේෂ කැමරාව 100% ක්‌ ම ඉන්දියානු නිෂ්පාදනයකි. අපගේ වැඩිමහලු සහෝදරයාගේ මෙම සොයා ගැනීම මේ මොහොතේ අප ඉදිරිපිට ඇති හොඳම ප්‍රවෘත්තිය බව නො බියව කියමු. අප ඉදිරිපිට ඇති අනෙක්‌ ප්‍රවෘත්තිය නොහොත් නරකම ප්‍රවෘත්තිය ඇමෙරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය දීම ය. කළු හමක්‌ ඇති ධෛර්ය සම්පන්න මනුෂ්‍යයකු වන බරක්‌ ඔබාමා කෙරෙහි කිසිදු විරෝධයක්‌ අප තුළ නැත. ඔහු ගතානුගතික ඇමෙරිකානු ව්‍යාප්තවාදී සුදු හමට පයින් ගැසූ නිර්භීත මනුෂ්‍යයෙකි. එහෙත් ඔහුට ලෝක සාම ත්‍යාගය ලබා දීමට තරම් ඔහු ලෝක සාමය වෙනුවෙන් කුමක්‌ කළේ ද යන ප්‍රශ්නය අප තුළ තිබේ. අද අප සාකච්ඡා කරන්නට යන්නේ එම කාරණය යි.

දිගින් දිගටම යදමින් බැඳී සිටින වහලා කාලයක්‌ ගත වන විට තම යදම්වලට පෙම් කරන්නට පටන් ගනී. එපරිද්දෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයත් ඇමෙරිකානු ව්‍යාප්තවාදයත්, යටතේ සිටි බටහිර ලෝකයේ සහ ස්‌කැන්ඩිනේවියානු රටවල මානසික වහල්ලු එකී පීඩනයන්ට සහ සූරාකෑම්වලට ආදරය කරන්නට පටන් ගනිති. නොබෙල් තෑගි කමිටුවේ සාමාජිකයන් ද මෙවැනිම පිරිසක්‌ බව අපට හැඟී ගොස්‌ තිබේ. ස්‌වීඩනයේදී රැස්‌වන මෙම කමිටුවට අවශ්‍යව තිබුණේ යටත් විජිතවාදයට සහ ව්‍යාප්තවාදයට ආදරය කරන ගමන් ජනාධිපති ඔබාමාට දේශපාලන හා මානසික අල්ලසක්‌ ලබා දීම ය. නොබෙල් කමිටුවේ සාම ත්‍යාගය සඳහා මෙවර නම් 205 ක්‌ නිර්දේශ වී තිබිණ. කමිටුව ත්‍යාගය දුන්නේ බලයට පැමිණ වසරක්‌වත් නැති, ලෝක සාමයට තබා තමන්ගේ රටේ සාමයටවත් යමක්‌ කර ගැනීමට කාල වේලාවක්‌ නො තිබූ ඔබාමාට ය. නිහතමානී මිනිසකු වූ ඔබාමා මේ ත්‍යාගය ලැබීමෙන් තමා තුළ හටගත් පුදුමය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට තරම් අවංක විය. ඒ අතර නොබෙල් සාම කමිටුව බරපතල අමාරුවක වැටුණේ ලොව දස දෙසින්ම විරෝධය ගලා එන්නට වූ නිසා ය. ඔබාමාගේ ඉදිරි සාම ක්‍රියාවලියට ධෛර්යය දීම සඳහා ඔහුට සාම ත්‍යාගය දුන් බව ඔවුහු එවිට කීය. එසේ නම් ගිය අවුරුද්දේ සාම ත්‍යාගය ප්‍රභාකරන්ට නුදුන්නේ ඇයි? මිනී නො මැරීමට ධෛර්යය දීම සඳහා ඔහුට එය දිය යුතුව තිබිණි. මේ අනුව පහත සඳහන් පුද්ගලයන් පහත සඳහන් උසස්‌ ත්‍යාග සහ සම්මාන සඳහා සුදුසු බව අපගේ වැටහීම ය.

* ඔසාමා බින් ලාදින්, අහිංසාව සඳහා වූ මහත්මා ගාන්ධි ත්‍යාගයට සුදුසු ය.

* ජෝර්- බුෂ් රැමෝන් මැග්සේසේ ත්‍යාගය සඳහා සුදුසු ය.

* නැසීගිය ඉඩි අමීන් පුලිට්‌සර් ත්‍යාගය සඳහා සුදුසු ය. (මෙය ඇමෙරිකානු පත්‍ර කලාවේදියකුගේ නමින් දෙන ප්‍රදානයකි. ඉඩි අමීන් සිය පාලන කාලය තුළ පත්‍රකලාවේදීන් සිය ගණනක්‌ මැරීය.)

* හිට්‌ලර්ගේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ලෙස කටයුතු කරමින් දෙවන ලෝක යුද සමයේදී බොරු වපුරුවා හළ ගොබෙල්ස්‌ට ගෝල්ඩන් පෙන් (රන් පෑන) සම්මානය දිය යුතු ය.

නොබෙල් ත්‍යාගය පවත්වාගෙන යන්නේ ඩයිනමයිට්‌ සොයාගත් ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉපැයූ මහා ධනස්‌කන්ධය බැංකුවක තැන්පත් කර එහි පොලියෙනි. තමා සොයාගත් පුපුරණ ද්‍රව්‍යය මනුෂ්‍යයන් සංහාරය කිරීමට යොදවන ආකාරය දුටු නොබෙල් පසු කාලයේදී තම සොයා ගැනීම ගැන දුක්‌ විය. දැනට ජීවතුන් අතර නැති මේ මහා විද්‍යාඥයා අද ජීවතුන් අතර වී නම් මෙවර දුක්‌වනු ඇත්තේ නොබෙල් තෑග්ගට ගිය කල දසාව ගැන ය. තමා නිවැරැදි අවංක මිනිසකු බව තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ ත්‍යාගය ලබා ගැනීමෙන් බරක්‌ ඔබාමා වැළකිය යුතු ය.
(දිවයින - 09/10/15)

ටිප්පණිය - ඔබාමා බලයට පත් වෙද්දී වෙනිසියුලියානු ජනාධිපති හියුගෝ චාවේස් කීවේ ඔබාමා හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වන්නේ හමේ පාටින් පමණක් බව ය. එකල අපට සිතුණේ චාවේස් සර්ව අශුභවාදීයෙකු බව ය. එහෙත් ඔබාමා බලයට පත්ව වසරක් තුළ චාවේස් අනාගත වක්තෘ කෙනෙක් බව ඔප්පු කළේ ය. ඔහු බලයට පත් වූ පසු ඇමරිකන් හමුදාව ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ අහිංසක වැසියන් 4000ක් පමණ මරා දැමුවේ ය. අහිංසක මිනිසුන් 160ක් මරා දැමුවේ යයි සදාම් හුසේන්ට මරණ දඬුවම ලබා දුන් යුගයේ ම එවන් 20 ගුණයක් මරා දැමූ කෙනෙකුට ලෝක සාම ත්‍යාගය පුදා තිබේ. ඉන් කර තිබෙන හානිය සුළුපටු නැත. එක් අතකින් එය මෙතෙක් එම ත්‍යාගය ලද ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කරන ලද අපහසයකි. අනෙක් අතට නොබෙල් ත්‍යාගය බිහි කළ උතුම් අදහස ද කරන ලද නින්දාවකි.

Monday, October 12, 2009

ප්‍රේමචන්ද්‍රගේ එදා වේල

වන්නියේ දෙමළ ජන ඝනත්ත්වය වෙනස්‌ කිරීමේ අරමුණින් කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල 30% ක සිංහල ජනගහනයක්‌ පදිංචි කිරීමට ආණ්‌ඩුව කටයුතු කරන්නේ යෑයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මන්ත්‍රී කණ්‌ඩායමක්‌ සමඟ ය. ආණ්‌ඩුව මේ ප්‍රදේශවල බෞද්ධ ස්‌ථූප ඉදිකරගෙන යන බව ද ප්‍රේමචන්ද්‍රන් කියා තිබේ. ප්‍රේමචන්ද්‍රන් මේ ප්‍රකාශ මගින් සමාජයේ ඉතා සංවේදී ස්‌ථාන දෙකක්‌ ස්‌පර්ශ කර ඇත. පළමුවන ස්‌ථානය වූ කලී ජාතිවාදයයි. දෙවැනි තැන, ආගම් වාදයයි. මේ දෙකම ගිනි ඇවිලෙනසුළු ආධ්‍යාත්මික මර්මස්‌ථානයන් ය. දෙමළ ජනයා වාසය කරන ප්‍රදේශවල සිංහල ජනපද අලුතින් පිහිටුවන විට දෙමළ ජනයාගේ හිත් රිදෙයි. මේ ප්‍රකාශවල අරමුණ උතුරු නැගෙනහිර දෙපළාත් නැවත වරක්‌ ගිනි තැබීම බව අපගේ අදහස ය. අපගේ අදහස තවදුරටත් විස්‌තර කිරීමට පෙර සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගැන සහ ඔහු අයත් දේශපාලන මතවාදය ගැන පිරික්‌සා බැලීම වැදගත් ය.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සාමාජිකත්ත්වය දරන දෙමළ ජාතික සන්ධානය වූ කලී ප්‍රභාකරන්ගේ සහ කොටි සංවිධානයේ දේශපාලන අංශය ලෙස කටයුතු කළ දේශපාලන පක්‍ෂයයි. ප්‍රභාකරන් වන්නියට වී මිනී මරණ විට කොළඹ සිටි දෙමළ ජාතික සන්ධානය කළේ එම සංහාර සහ මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කිරීම ය. රට කැඩීම සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්‌ථානයේ තබාගත් දෙමළ ජාතික සන්ධානය සිය අරමුණ ඉටුකර ගැනීම සඳහා ස්‌වදේශික මෙන්ම විදේශික මට්‌ටමින් ද ක්‍රයාත්මක විය. වන්නිය යනු එදා සිටම සිංහල බෞද්ධයන් පදිංචිව සිටි, එකී සිංහල බෞද්ධයන්ට වන්දනාමාන කිරීම සඳහා වෙහෙර විහාර සහ ස්‌ථූප පිහිටුවා තිබූ ප්‍රදේශයකි. එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය ආරම්භ වීමත් සමඟ වන්නියේ සිංහල ජනයා සංහාරය කිරීම ඇරඹිණ. ඊළඟට වන්නියේ සිටි සිංහලයෝ පණ බේරාගැනීම සඳහා වන්නිය අත්හැර දමා ආරක්‍ෂිත ප්‍රදේශවලට පැන එන්නට පටන් ගත්හ. මෙසේ පැමිණීමේදී ගෙවල් සහ විහාරස්‌ථාන කරතබාගෙන පැමිණීමට නොහැකි බැවින් ඒවා අත්හැර දමා එන ලදී.

ත්‍රස්‌තවාදීහු මේ වෙහෙර විහාර පොළවට සමතලා කළහ. වන්නියේ නැවත සිංහලයන් පදිංචි කරනවා නම් එය ස්‌ථිර වශයෙන්ම කළ යුතු දෙයක්‌ වන්නේ ඒ භූමියට ඇති අයිතිය සිංහලයන් සතුව තවමත් ඇති නිසා ය. බිමට සමතලා කෙරුණ වෙහෙර විහාර ද නැවත ඉදි කළ යුතුම ය. ඒවා ඉදිකිරීමට හෝ සිංහලයන් තම මුල් බිම්වල පදිංචි කිරීමට හෝ විරුද්ධ වීමට කාටවත් නොහැකි බව තරයේ කියමු. එසේම දෙමළ ජනයා ද එහි පදිංචි කළ යුතුය. කොළඹ, නුවර හා මාතර සිටින දෙමළ ජනයා මෙන් නිදහස්‌ ජීවිත ගතකිරීමට වන්නියේ සිටින දෙමළ ජනයාට ද හැකිවිය යුතු ය. ඒ අතර ඒ අයිතිය රටේ හැම තැනකම සිංහලයන්ටත්, මුස්‌ලිම් හා බර්ගර් ජාතිකයන්ටත් තිබිය යුතුය.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ සූදානම් වන්නේ කේළාම් කියා නැති කරදර ඇති කිරීමටයි. කොටි සංවිධානයේ බළල් අතක්‌ වන ඔහු නැවතත් මේ රට තුළ බෙදුම්වාදය ඉස්‌මතු වනු දැක්‌මේ ආශාවෙන් පෙළෙන බව පැහැදිලි ය. කොටි සංවිධානය විනාශ වීමෙන් බොහෝ දෙනකුට ආදායම් මාර්ග අහිමි විය. එසේ ආදායම් අහිමි වූ අය ඒ ආදායම් නැවත උපදවා ගැනීමට තැත් කරති. ප්‍රේමචන්ද්‍රන් තමිල්නාඩු මන්ත්‍රීවරුන්ට කියූ කතාව ගැන අපට කීමට ඇත්තේ එපමණ ය. මිනිසුන් එදා වේල සඳහා මෙපමණ බොරු කිව යුතු නැත.
(දිවයින - 09/10/13)

ටිප්පණිය - සුරේශ් ප්‍රේමචන්ද්‍ර කියු කතාවෙහි වරදක් මට නම් නොපෙනෙ. එදා සිට ම කොටියා සමග එක්ව බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි ඔහු මෙන් ම බොහෝ ඊලාම්වාදීන් සිතා සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම බව ය. එහෙත් සැබෑව නම් මේ සියලු ඊලාම්වාදීන් අසල්වැසි 'දෙමළ රාජ්‍යය' හෙවත් තමිල්නාඩුවෙන් ලංකාවට පැමිණි අය බව ය. එය ශත වර්ෂ ගණනක් තිස්සේ සිදු වූවකි. අප කියන්නේ ඔවුන්ට උතුරු නැගෙනහිර ජීවත්වීමට අයිතියක් නැති බව නම් නොවේ. එහෙත් මේ කො‍ටසේ අපේ පමණ යයි කීමට බිම් අඟලක් මේ රටේ ඔවුන්ට නැත. කොටියා විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පළවා හැරි සිංහල මුස්ලිම් දෙමළ ආදී සියලු වැසියන් සිය මුල් ගම්බිම්වල නැවත පදිංචි කළ යුතු ය. එවිට එම ජනතාව සුපුරුදු ලෙස සමගියෙන් ජීවත් වනු ඇත.

Sunday, October 11, 2009

පුරවැසියාගේ යුතුකම, එ.ජා.ප.ය සහ ජ.වි.පෙ.

නැවත වරක්‌ ආණ්‌ඩුව ජයග්‍රහණය කර තිබේ. ඒ දකුණු පළාත් සභා ඡන්දයේදී තුනෙන් දෙකක බලයක්‌ ලබා ගැනීමෙනි. මේ ආණ්‌ඩුව යටතේ මේ දක්‌වා පවත්වන ලද සියලුම පළාත් සභා ඡන්දවලින් ආණ්‌ඩුව ජයග්‍රහණය කළේය. එකෙනෙහිම ඇසුවහොත් ගණන් කර කීමට බැරි තරම් ජයග්‍රහණයෙන් මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සතුව තිබේ. එහෙත් මැතිවරණය වැඩි නිසාදෝ, දේශපාලනය සහ දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසයක්‌ නැති නිසාදෝ ඉතා නරක ප්‍රවණතාවක්‌ ගොඩනැඟෙමින් පවතී. ඒ වූ කලී මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන පිරිසගේ ප්‍රමාණය අනුක්‍රමයෙන් අඩු වීමය. උදාහරණයක්‌ වශයෙන් සති අන්තයේදී පැවැති පළාත් සභා ඡන්දයේදී ඡන්දය පාවිච්චි කළ සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 65% ක්‌ පමණ විය. මෙයට පෙර පැවැති ඌව පළාත් සභා ඡන්දයේදී 70% ක්‌ ද, බස්‌නාහිර ඡන්දයේදී 63.2% ක්‌ද, මධ්‍යම ඡන්දයේදී 66.4% ක්‌ද, වයඹ පළාත් ඡන්දයේදී 60.7 ක්‌ ද, සබරගමුවේ දී 68.4% ක්‌ද, උතුරුමැද පළාතේදී 67.7% ක්‌ද, නැගෙනහිර පළාතේදී 65.7% ක්‌ද ඡන්දය පාවිaච්චි කර තිබිණ. මේ කොතැනදිත් ඡන්ද හිමි නාම ලේඛනයේ සිටි 30% ක්‌ හෝ ඊට ආසන්න ගණනක්‌ ඡන්ද කොළඹ පැමිණියේ නැත. ඡන්දය යනු පුරවැසියා සතු ආයුධයයි. එම ආයුධය පාවිච්චි කිරීම පුරවැසියා සතු යුතුකමයි. පුරවැසියා මේ ආයුධය පාවිච්චි නොකළොත් වෙනත් වංචනිකයින් විසින් එය සොරාගෙන තමන්ට අභිමත පරිදි උණ්‌ඩ පුරවා වෙඩි තබනු ලැබේ. ඒ වෙඩි පහරවලින් විය නැති හානිය ඉමහත්ය.

දකුණු පළාත් සභා ඡන්දය මේ අයුරින් නිමාවට පත්වීම වාසනාවකි. පූර්ව මැතිවරණ සමයේ පැවැති ගැටුම්, පහත් ලෙස වචන හුවමාරු කර ගැනීම් සහ වෙනත් ගිණි කෙළි සංදර්ශන ගැන සලකා බැලූ බොහෝ දෙනා සිතුවේ මැතිවරණ දිනය විශාල සංග්‍රාමික මෙහෙයුමක්‌ වනු ඇති බවය. එහෙත් සාමාන්‍ය සිදුවීම් කිහිපයක්‌ හැර ප්‍රධාන පෙළේ ප්‍රචණ්‌ඩ ක්‍රියා එහිදී සිදුවූයේ නැත. මේ ලෝකයේ සිදුවිය නොහැකි කිසිම දෙයක්‌ නැත. ලෝක සාමය වෙනුවෙන් කිසිවක්‌ කළ බවට කිසිදු ආරංචියක්‌ නැති බරක්‌ ඔබාමාත් නොබෙල් ත්‍යාගය ලද්දේනම් හෙට උදාවන දවසේදී ඔසාමා බින් ලාදින්ට හෝ ප්‍රභාකරන්ට අහිංසාව පිළිබඳ ගාන්ධි සම්මානය ලැබුණත් අප පුදුම විය යුතු නැත. ඒ අනුව ගිය සුමානයේ ගහ මරාගත් නිශාන්ත මුතුහෙට්‌ටිගම, තම ප්‍රමුඛ සතුරු තරුණිය වන අනර්කලී ආකාර්ශා සමග සමගි සම්පන්නව පළාත් සභාවේ අසුන් ගන්නවා ඇත. දකුණු පළාත් සභාවේ මීළඟ මහ ඇමැති තමා බව ප්‍රකාශ කළ සියලු අපේක්‍ෂකයන් තමන් නොවන මහ ඇමැති කෙනකු යටතේ සේවය කරනු ඇත.


(ලක්බිම -09/10/12)

අපගේ ප්‍රධානතම ගැටලුව වන්නේ මේ රටේ විපක්‍ෂයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය ක්‍රමයෙන් මූලෝත්පාටනය වන ලකුණ පෙන්වීමය. එ.ජා.ප.ය කෙසේ වෙතත් ජනතා විමුක්‌ති පෙරමුණ මේ රටේ දේශපාලනයේ ක්‍රියාකාරීව පැවැතිය යුතු පක්‍ෂයකි. දකුණ වූ කලී ඔවුන්ගේ නිජ බිමය. දකුණින් ඔවුන් ඉවත් කරනු ලැබ ඇත්නම් මීළඟ මහ මැතිවරණයේදී ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසනවලට කවර ඉරණමක්‌ අත්විය හැකිද යන්න ගැන අපට සිතා ගැනීමටත් නොහැක. කිසිදු අපහසුවකින් සහ වංචාවකින් තොර තරුණයන් විසින් සද්භාවයෙන් පිහිටුවන ලදුව දෙවරක්‌ මර්දනය කිරීමෙන් පසු යළිත් හිස එසවූ ජ.වි.පෙ. මීළඟට මර්දනය වනු ඇත්තේ ජනතාව අතින්ම නම් එය ඉතා භයානක තත්ත්වයකි. එජාපයට සහ එහි නායකයන්ට මැතිවරණ ජයග්‍රහණය ඉමහත් කම්මැලි ක්‍රියාවක්‌ වී ඇති නිසා ඔවුන් දිගින් දිගටම පරදිනවා යයි සිතමු. එහෙත් ජ.වි.පෙ.ත් එසේ විය යුතුද?

(දිවයින -09/10/12)

ටිප්පණිය - තවත් මැතිවරණයක් නිමා විය. සති ගණනාවක් මැතිවරණ උෂ්ණය අනුභව කරමින් තම දෛනික කටයුතු අතපසු කරමින් සිය අපේක්ෂකයා පලාත් සභාවට යැවීමට දත කෑ අය නැවත සිය පවුල දරුවන් වෙනුවෙන් ජීවිකාව සොයන්නට යති. මන්ද පලාත් සභාවට කවුරු පත් වුව ද ජනතාවට ඉන් ලැබෙන දෙයක් නැත.

මෙහිදී මා ලැබූ විශාල ම භාග්‍ය සන්ධාන එජාප ජවිපෙ ඇතැම් මිනිසුන්ගේ කුහක අධ්‍යාත්මය හඳුනා ගත හැකි වීමයි. මේ අශික්ෂිත වානරයින් මැතිවරණ ව්‍යාපාරය තුළ වේදිකා මත නැග සිය හෙළුව කිසිදු විළියකින් තොරව ප්‍රදර්ශනය කළේ ය. ඒ අනර්කලි ආකර්ෂාට නොහොබිනා කුණු හරුපවලින් බැණ වැදීමෙනි. ඒ සියලු තකතීරුකම්වලින් ඔවුන් සුසන්තා චන්ද්‍රමාලි මෙන් කැපී යන්නට සිටි අනර්කලීට මන්ත්‍රි අසුනක් ලබා දුන්නේ ය. මේ කිසිදු තක්කඩියෙකු රන්බණ්ඩා සෙනවිරත්නයන්ගේ ළඳුනේ ගීතය අසා තිබුණා නම් මෙවන් තුප්පහි කතා නොකියනු ඇත.
 
සිය රට දේ සිරි සැප දේ !